~~~දෙව්දූ ~~~~06 කොටස

කොහොම හරි එදා හිමායයි මායි ලෙක්චර්ස් වෙලාවේදී ලෙක්චර් එක අහනගෙන ඉන්නවාට වඩා කරේ ඇස් ඇරගෙන නිදා ගන්න එක …
‘මොකද බන් ඇස් ඇරගෙන නිදිකිරන්නේ …’ අමාලි අතින් අනිනවා හෝ ගාලා ….
‘අනේ බන් මොකක්ද ….නිදාගන්න දීපන්කො වද නොදී …’ මම අමාලිට රවලා ආයේම නිදිකිරන්න ගත්තා
‘ උබලා බදින මිනිහොන්ට දෙවියන්ගේම පිහිටයි …උබලාට පොඩ්ඩක් නිදිමරන්නවත් බැහැ නේ …බලපන්කො පාන්දර වෙනකන් ඇහැරිලා හිටියාට අපි ෆිට් එකේ ඉන්න හැටි ..’
මලිෂ් නෝන්ඩියට වගේ කට ඇදකරනවා ….. අපි ලෙක්චර් එක අහගෙන හිටියත් නැතත් ප්‍රොෆෙසර්ට ගානක් නැහැ එයා එයාගේ පාඩුවේ ලෙක්චර් එක කරගෙන යනවා …
‘මොකද බන් මෙලෝ රහක් නැහැ වගේ ඉන්නේ ….’ ලෙක්චර් ඉවරවෙලා තෙල් බැම්ම පැත්තට යනගමන් කිසිම කතාවක් නැතිව යන මගේ දිහා බලාගෙන අමාලි මගේ අතකින් අල්ලා ගත්තා
‘නිදිමතයි බන් ….’
‘මොකද ඊයේ රෑ නිදිමැරුවාද ..’
‘ඔව් …බන් ඊයේ රෑ මැද අක්කලා ඇවිල්ලා රැග් කරානේ ..’ මම ඉස්සරලා දවසේ උන දේවල් විස්තර කරලා කිව්වා …
‘අපේ අක්කි කිව්වා ඔය රැග් කරන සීනියර් අය මිට ඉස්සරලා අවුරුද්දේ හොදට රැග් වෙච්ච අයලු …උන්ගේ හිතේ තියෙන අසහනේ නැති කරගන්න උන්ට දුන්න විදිහට ජුනියර්ස්ලාට රැග් දෙනවාලු .. ඉස්සර නම් මල් සතිය කියලා කුල් සිසන් එකක් තියලා තමා රැග්කරන්න පටන් ගන්නවා කියන්නේ එක දිගට මාස තුනක් විතර රැග්‍ කරනවාලු …. දැන් රැග්‍ කරන සීසන් එක මාසෙකට අඩු කරලා තියෙන්නේ …ඔය මාසේ ඇතුලත උන්ට කරන්න පුළුවන් උපරිම විදිහට සමහරු රැග් කරනවලු…අපේ අක්කි නම් කියන්නේ ඕකෙන් වෙන හොදකුත් තියෙනවා කියලා ’
‘මොකක්ද බන් හොදේ මට ඇති වෙලා ..’ අමාලිගේ අක්කි මොරටු කැම්පස් එකේ ඉගෙන ගන්න නිසා අමාලි හොදට විස්තර දන්නවා ඔය දේවල් ගැන
‘අමාලි කියන්නේ ඇත්ත බන් …මේකනේ දැන් මේකට එන කොල්ලෝ කෙල්ලෝ ගැන හිතපන් දුප්පත් එවුන් එනවා තව පෝසත් එවුන් එනවා … තව කොල්ලෝ කෙල්ලොන්ට හොද ඇදුමක් ගන්න අතේ පිච්චියක් නැහැ .. ලංකාවේ හතර දිග් භාගේම ළමයි එනවා …කොළඹ නුවර මඩකලපුව අනුරාධපුරය කුරුනෑගල එකී නොකී හැමතැනින්ම …කොළඹ ඉන්න පොෂ් ළමයි අනුරාධපුරේ දුප්පත් ළමයෙකුට සමාන තත්වෙන් සලකයිද නැහැ නේ .. උන් ලොකු කමින් ඉදි අපි තරම් අය නැහැ කියලා අර ළමයි පහත් කරයි උන්ට කොන්වෙලා ඉන්න වෙයි … ඉතින් මේ රැග් එකෙන් වෙන්නේ සමානාත්මතාවය ඇති කරන එක ..දුප්පතා පෝසතා මොකාද කියලා බලන්නේ නැහැ හැමෝටම එක හැන්දෙන් තමා බෙදන්නේ ….රැග් එක නැති උනොත් මේක ඇතුලෙත් උස්මිටිකම ඇති වෙයි …පෝසත් එකා දුප්පතා තලලා පෙළලා දාවි …’
හරිම ආවේගශීලී විදිහට තමා බිනුර එයාගේ කතාව කරගෙන ගියේ ….මගේ මොලේටත් දැන් තමා තේරුනේ ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා කියලා …
‘අනික මැනස් ….කෙනක් ඉස්සරහා තව කෙනෙක් පාවලා නොදී වැඩ කරන හැටි …. තව කොන්ද කෙලින් තියාගෙන ජීවත්වෙන හැටි කියලා දෙන්නේ මේ කැම්පස් රැග් එකෙන් …. කොහොමහරි ඉවසලා විදගත්තොත් ජීවිතේට හොද පාඩමක් රැග් එක කියන්නේ ….’
බිනුරත් හරි පණ්ඩිතයෙක් තමා …එයාගේ කතාව අහගෙන ඉන්න ආස හිතෙනවා … ඒ තරම් පැහැදිලි විදිහට තමා එයා ඒ ටික කියලා දුන්නේ …..
කතාවෙන් කතාවේ අපි සෙට් එක තෙල් බැම්ම ලගටම කිට්ටු උනා …මම ඈත තියාම දැක්කා තේමිය අයියා සෙට් එකක් එක්ක ඉන්නවා …එයා ලගම හිටියේ අර කොන්ඩේ රිබොන්ඩින් අක්කා …තේමිය අයියා දැක්කට පස්සේ මගේ හිත නිකන් ගැහෙනවා හොට් වෝටර් පොට් එකක් වගේ … අපේ සෙට් එකේ කට්ටිය එයාලා දිහා බලලා හිනාවෙද්දි මම බිම බලාගෙන හිටියා … අර රිබොන්ඩින් අක්කා තේමිය අයියාගේ කරේ එල්ලිලා ඉන්නවා මම ඇස් අගින් දැක්කා … මගේ හිත නොදන්න වේදනාවකින් රිදෙන්න ගත්තා …. මේ උර චක්‍ර මාලාව මොකද තේමිය අයියාගේ කරේ එල්ලෙන්න යන්නේ… අනේ මන්දා …
‘ආ මේ මොණරිගේ ආඩම්බරේ බලපන්කො … ’ මම ඔළුව උස්සන්නේ නැතිව ඉද්දි මට ඇහුනා තේමිය අයියාගේ යාලුවෙක් එහෙම කියනවා …
‘මොණරියෝ කොහොමත් උඩගුයි නේ බන් ලස්සන ලස්සන පිහාටු විහිදන්න බය ඇති අපි දකියි කියලා වෙන්න ඇති ….’ චමත් අයියා තමා එහෙම කිව්වේ
‘නිදියා උබත් ඉස්සර මොනරියක් වගේ කියලා අපේ සීනියර්ස්ලා කියනවා …. ‘’ එහෙම කිව්වේ තේමිය අයියා
අනේ මේ තේමි ඕන නැති කතා කියන්න එපා …ඔයාට කවදාවත්මම ආඩම්බර කම් කරලා නැහැ නේ ..’ රිබොන්ඩින් අක්කා නොහොත් නිදියා තේමිය අයියා ඉස්සරහා තොදොල් වෙන එකනම් මට ඇල්ලුවේ නැහැ …
‘හා හා කට්ටියම දැන් පලයල්ලා අක්බාර් හෝල් එක ලගට …’ චමත් අයියා එහෙම කිව්වම අපි කට්ටිය අක්බාර් හෝල් එක පැත්තට පාද යාත්‍රා කරා … අපි පස්සෙන්ම ජේෂ්ඨයෝ ටිකත් ආවා
කෙල්ලෝ කොල්ලෝ ටික බයෙන් ඉන්නේ කියලා ඒ මුහුණු දිහා බැලුවාම හොදට පේනවා .. ඉස්සරලා දවසේ වගේම අදත් අපිට අලුත් දේවල් කියලා දුන්නා ….. කැම්පස් එකේ පාවිච්චි කරන වචන ..සරසවි කුරුටු ගී වගේ ගොඩක් දේවල් කියලා දුන්නා …. රැග් එක කොච්චර දරුණු උනත් අපි ඒ දේවල් නම් හරි ආශාවෙන් තමා අහගෙන ලියාගත්තේ … පහුවදාට අකුරක් නෑර ඒවා කටපාඩම් දෙන්න ඕන කියලා දන්න නිසා අපි පුළුවන් විදිහට ලියා ගත්තා ..
පානුයි පරිප්පුයි මතුවට බුදු වේවා -ගෝවයි අලයි සැරියුත් මුගලන් වේවා
මලකඩ වතුර නේරංජන ගග වේවා -සුප්පයියා මුදලාලි කන්ථක අසු වේවා
හාස්‍ය ගැබිවෙලා තිබ්බ මේ කවිවල තිබ්බේ හොස්ටල් වල ජිවත්වෙන කොල්ලෝ කෙල්ලොන්ගේ දුක වෙන්න ඇති කියලා තමා මට නම් හිතුනේ
සිහිනෙන් පවා මගේ සුඛ විහරණය පැතු – අම්මා දනී නම් සරසවියේ තතු
වර බෝල කොලුවෝ යැයි දෙනෙතින් කදුළු යුතු – ගෙනගොස් බොහෝ කල් මේ දුක් විදින පුතු
දුක් රසයක් තිබ්බ ඒ කවි අපි හරි ආශාවෙන් ලියාගත්තා ….දෙතුන් පාරක් බලනකොට මතක හිටින තරම් රසවත් කමක් ඒ කවිවල තිබ්බේ …
ඔය පාඩම් ඔක්කොම ඉවර වෙලා තිබ්බේ ගීත ගායනා කිරීම … එක එක්කෙනා ඉස්සරහාට ගෙන්නලා මයික් එක විදිහට කොස්සක් අල්ලගෙන ගීත ගායනා කරන්න තමා දීලා තිබ්බේ …සමහර කෙල්ලෝ පැන පැන සින්දු කියද්දී මම කලේ අපේ සෙට් එක අස්සේ හැංගිලා ඉන්න එක …අර මාර පුත්තු වගේ ජේෂ්ඨ තුමන්ලාගෙන් බේරෙනවා බොරු ඉතින් …
‘මොණරි ඉස්සරහට ඇවිල්ලා සින්දුවක් කියපන් ..’ චමත් ගේ ඇහැට නම් මාව පේන්නේ නැති වෙලාවක් නැහැ වගේ ..මාන්දමා …..මම හිතින් බැන බැන ඉස්සරහට ගියා …
‘රෝස මලේ නටුවේ කටු වන බබරෝ ඔහොම හිටු …’
මම කිසිම තාලයක් නැතිව කතන්දරයක් වගේ ඔහේ කියාගෙන ගියා … කොච්චර ලස්සනට සින්දු කියන්න පුළුවන් උනත් සින්දුවක් කියන්න තරම් මගේ හිත සන්සුන් වෙලා තිබ්බේ නැහැ ඒ වෙලාවේ …
‘ඔය ඇති ඔය …දැන් ගිහින් වාඩිවෙයන් ..’ මම සින්දුව කියලා ඉවර කරන්නත් කලින් මට යන්න අවසර ලැබුනේ අහගෙන ඉන්න බැරි තරම් සුමිහිරි ව්දිහට මම මේ සින්දුව කියපු නිසා වෙන්න ඕන …

*****
රැග් එකේ අන්තිම දවසේ රෑ කැම්පස් එකේ නවතින්න බලාගෙන එන්න කියලා ගෙවල් වල ඉදන් එන අයට දැනුම් දීලා තිබ්බේ … මම කලින්ම වසන්තා ඇන්ටිගෙන් අවසර ගත්තා රෑට කැම්පස් එකේ ඉන්න … රැග් එකේ අන්තිම දවස නිසා අපිට කැමති විදිහට ඇදගෙන එන්න අවසර දීලා තිබ්බා වුනත් කෝකටත් කියලා මම විලුබ වෙනකන් දිග ගවුමක් ඇදලා …කොන්ඩේ කරලට ගොතලා තමා කැම්පස් ගියේ ..කට්ටියටම පුදුමයි මාසයක් ගෙවිලා ගියපු හැටි ගැන …කවුරු කවුරුත් ලොකු සතුටකින් හිටියේ … රැග් එක නිසා කොච්චර අමිහිරි අත්දැකීම් ලැබුනත් අපි හැමෝටම කතා කරන්න රසවත් සිදුවීම් ඉතිරි කරලා තමා රැග් එක අවසානයට ඇවිල්ලා තිබ්බේ …

වුස් වලේ තමා ලාස්ට් නයිට් එක තියන්න සැලසුම් කරලා තිබ්බේ … අලුත්ම අත්දැකීම විදගන්න කාගේ කාගේත් හිතේ ලොකු ආශාවක් තිබ්බේ … ඇත්තටම ජිවිතේ ලබන්න බැරි ගොඩක් දේවල් කැම්පස් එකෙන් ලැබුනා කියලා මට හිතුනා .. වුස් වලේ එක රොත්තට වාඩිවෙලා නිදිමරාගෙන ඇහැරගෙන පට්ට් බඩගින්නේ අපි සීනියර්ස්ලාගේ කතා අහගෙන හිටියා …..

‘ පේරාදෙණිය විශ්වවිද්‍යාලය …අපේ ආදරණිය හන්තාන කන්ද පාමුල අන්දර කඩයට ඔයාලා ඇවිත් අදට මාසයක් වෙනවා … විශ්ව විද්‍යාලයට ආවාම ඔයාලා ආදරයෙන් පිළිගත්ත අපි පහුවදා ඉදලාම ඔයාට රැග්‍ කරද්දී …ඔයාට මොනවාද හිතුනේ .. මුන් නම් මාරයෝ ඔයාට එහෙම හිතෙන්න ඇති … ඔව් දවසක් මටත් එහෙම හිතුනා ..නමුත් මම අද මේ ලබාගෙන තියෙන දේවල් ලැබුනේ රැග් එකට මුහුණ දීපු නිසා කිවොත් නංගියේ මල්ලියේ පිළිගන්නවාද … පවා නොදීම …. එකෙකු පහලට දමා ඉහලට නොයෑම …. තවත් බොහෝ දේ අපි ලබාගත්තේ ආදරණීය විශ්ව විද්‍යාල පියසෙන් … අද ඔයා මේ දේවල් වලට වෛර කරත් දවසක ඔයා මෙතනින් පරිපූර්ණ මිනිහෙක් වෙලා එලියට යද්දී ගොඩක් සතුටු වෙන්න පුළුවන් ඔයා හොද මිනිහෙක් විදිහට සමාජයට ගියේ මේ නිසා කියලා ….ඔයාලාට රැග්‍ කරේ අපි ඔයාලා එක්ක තියෙන තරහාකට නොවෙන බව මතක තියා ගන්න … අද ඉදලා හැමෝම සහෝදර සහෝදරියෝ වගේ ඉගෙනීම ඉස්සරහට කරගෙන යන්න ..’
තේමිය අයියාගේ කතාව ඇහුවාම අපිට තේරුණා රැග්‍ එකෙන් අපේ ජීවිතේට ලැබෙන දේවල් ජිවිතේ කවදාවත් ආයෙම ලබා ගන්න බෑ කියලා …..ඉස්සරලා රැග් එක ගැන දැනුන තරහා අතුරුදහන් වෙලා ගිහින් මිහිරියාවක් විතරමයි දැනුනේ

‘ දැන් ඉතින් නංගිලා මල්ලිලා මේ බත් ගුලි කාලා ඉන්න ..’
කතා අහගෙන ඉදලා ඉදලා බඩගින්න උච්චම උනාට පස්සේ ලැබුන බත් ගුලි අපි භාරගත්තේ අවුරුදු ගානකින් හාමත් වෙලා හිටියා වගේ ..එච්චර රසයක් දැනුනේ නැතත් වෙලාවේ හැටියට දේව භෝජන වගේ තමා අපි බත් ගුලි ගිලලා දැම්මේ … බත් ගුලි කාලා …ෂොපින් බෑග් වල දාලා එව්ව වතුර බිවාට පස්සේ ඇගට දැනුනේ මාර ෆිට් එකක් …

කාලා බිලා ඉවර වෙලා තිත්ත කළුවරේ ඉටිපන්දම් එලි මැද්දේ පතාරංගයක් වගේ ප්‍රතිඥාව නිදිමතේම කියවලා ඉවර වෙද්දී පාන්දර යාමයටත් ලගයි …අන්තිමේට කොල්ලෝ කෙල්ලෝ නිදිමතේ තමා වචනය මුමුනන්න ඇත්තේ … කොහොම හරි පාන්දර වෙද්දී අමාලි ගේ අතකට බර වෙලා මටත් නින්ද ගියා… එක පාරම කට්ටියම කෑ ගහගෙන ඇහැරුනේ මහා ජල ප්‍රහාරයක් නිසා ( bucket )
‘වැස්සක් වැස්සක් ‘’’ එකෙක් කෑ ගහනවා .. හීනෙන් වගේ
‘නෑ යකෝ ගංවතුර ගලනවා …මහවැලිය උතුරනවාද කොහෙද …’ තවත් එකෙක් එහෙම කියනවා …කට්ටිය එක රොත්තට ගුලි වෙලා හිටියේ ගැහැණු පිරිමි බේදයක් නැහැ …
‘නෑ යකෝ bucket එකක් වැදුනේ …’ තවත් එකෙක් එහෙම කිවා …
වතුර නිසා තිබ්බ නිදිමත කොහෙද දන්නේ නැහැ …..මහා ජල ප්‍රහාරය නිසා හැමෝගෙම නිදිමත අතුරුදහන් වෙලා ගිහින් …

‘දැන් ඉතින් රැග් ඉවරයි …හම්මේ නිවන් දැක්කා වගේ …’
කට්ටියම ලොකු සතුටකින් තමා ලැබුන නිදහස බුක්ති වින්දේ …මොකද හෙට ඉදලා කැම්පස් එක ඇතුලේ නිදහස් මිනිස්සු විදිහට ජිවත් වෙන්න අයිතිය ලැබෙනවා නේ ..

‘ආයේ නින්ද යන එකක් නැහැ අමා .අපි යමු පාලම පැත්තේ .. උදේ වෙනකන් කට්ටියම කතා කර කර ඉමු ..’
අපි කට්ටියම අක්බාර් පාලම ලගට ඇවිදගෙන ගියා ……..අපි පහලින් ගලාගෙන යන මහා වාලුකා නදිය දිහා ඇසිපිය නොහෙලා ගොඩක් වෙලා බලාගෙන හිටියා …කිසිම කතාවක් නැතිවම ….හෙට ඉදන් අපිත් විශ්ව ව්ද්‍යාලය නම් මහා වාලුකාවට එකතු වෙනවා කියන සතුට අපේ හිත් ඇතුලේ තිබ්බ කලකිරීම දුක අයින් කරලා දාන්න තරම් ප්‍රබල උනා ..

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *