~~~දෙව්දූ ~~~~08 කොටස

වොෂ් එකක් දාගෙන ඇවිත් දණහිස ගාවට දිග අත්කොට ගවුමක් ඇදලා කොන්ඩේ තනි කරලට ගොතාගෙන පොතක් අතට අරන් මම ඇදට ගියා … මට ගෙදර මතක් වුනා …. තාත්ති එයාගේ දුවගේ ඉරණම එයාගේ අතට ගයි කියලා හිනේකින්වත් මට හිතිලා නැහැ .. …. මට ඕන උනේ ගෙදර දී සිද්ද උන හැමදෙයක්ම අමතක කරලා ඉගෙනගන්න ….
‘දේව් ඔයා වැඩක්ද ..’ පොත අතේ තියාගෙන කල්පනා කර කර හිටපු මම වසන්තා ඇන්ටිගේ කටහඩ ඇහිලා එයා දිහා බැලුවා …
‘නැහැ ඇන්ටි මට ටිකක් මහන්සි … ’
‘එහෙනම් ඔයා පොඩ්ඩක් රෙස්ට් කරන්නකෝ ..’ එයා යන්න හැරෙද්දී මම ඇදෙන් නැගිටලා එයා ලගට ගියා ..
‘මට බැහැ අනේ …. ඔයාට උදව්වක් ඕන නම් කියන්න මම කරලා දෙන්නම් ..’
කාමරේට වෙලා ඉන්නකොට විකාර මතක් වෙන නිසා මට එහෙම ඉන්න ඕන උනේ නැහැ ..
‘ එහෙනම් මට කේක් එකක් හදලා දෙන්නකෝ ..’
‘අනේ මට බයයි …රසට තිබ්බේ නැති නම් ..’
‘හදලා බලමු එන්නකෝ ..’
ගෙදරදී අම්මිට කේක් හදන්න උදව් කරලා තිබ්බට මම තනියම කවදාවත් කේක් හදලා තිබ්බේ නැහැ … මේකත් ඉතින් දේව්ට අලුත් අභියෝගයක් තමා … කොහොම හරි අම්මි හැදුව විදිහටම මම කේක් මික්ස්චර් එක හදලා අවන් එකට දැම්මා …
‘ ඇන්ටි මල්ලි කොහෙද …’ සදෙව් මල්ලි පේන්න හිටියේ නැති නිසා මම ඇන්ටිගෙන් ඇහුවා
‘ පැල තවානට ගියා අයියා එක්ක …අලුත් මල්පැල වාගයක් පෙන්නන්න …’
‘අපරාදේ මටත් යන්න තිබ්බා …’ මම ඇන්ටි ගේ මල් පැල තවාන බලන්න හරිම ආශාවෙන් හිටියේ ..
‘ එහෙනම් ඔයත් ගිහින් එන්න ..’
ඇන්ටි එහෙම කිව්වට මට යන්න හිතුනේ නැහැ .. ලොකු අයියත් සදෙව් මල්ලි ලග ඉන්න නිසා තමා ඒ …
‘ එක්කෝ දැන් බැහැ වෙන වෙලාවක යන්නම් …කකුල් දෙක රිදෙනවා ..’
‘එහෙනම් මම ඔයාව හෙට එක්කන් යන්නම් …. මල් පැල බලන්න …’
කේක් එක බේක් වෙනකන් මම ඇන්ටිට කෑම හදන්න උදව් කළා … උදව් කිව්වට මහා ලොකු ඒවා නම් නෙවෙයි … ලුණු සුද්ද කරන එක පොල් ගාන එක වගේ දේවල් තමා මම එයාට කරලා දුන්නේ ….
‘ හෙට මල්ලිගේ බර්ත් ඩේ එකට මොනවාද ඇන්ටි කරන්නේ …’
‘අපි හිතාගෙන ඉන්නේ උදේම ගැටබේ පන්සලට යන්න …ඊට පස්සේ දවල්ට සදෙව් පුතාගේ යාළුවො වාගයක් එනවා එයාලාට ලන්ච් එක ලැහැස්ති කරන්න තියෙනවා .. වැඩිය මොකුත් කරන්නේ නැහැ ලෝකෙට පේන්න මහා ලොකුවට පාර්ටි ගන්න ඕන නැහැ නේ ’
‘ ඒක නම් හොදයි ….. ඇන්ටි කීවාද මල්ලිට මම ආවා කියලා ..’
‘නැහැ මම කිව්වේ නම් නැහැ … ඔයා එයාව පුදුම කරන්නකෝ ’
අපි දෙන්නා විස්තර කතාකර කරම රෑට කෑම ඉවුවා ….
‘අම්මි තේ එකක් ඕනි ..’ සදෙව් මල්ලි ගෙට ගොඩවුනේ කෑ ගහගෙනමයි
‘ඉන්න පොඩ්ඩක් හදලා ගේනකන් …’ ඇන්ටි මල්ලිට එහෙම කියලා තේ හදලා කෝප්ප දෙකකට දාලා මගේ දිහාවට හැරුනා
‘දේව් මේ තේ දෙක ගිහින් දෙනවාද හොද ළමයා වගේ ..’
මම තේ කෝප්ප තිබ්බ ට්‍රේ එක අතට අරන් සාලේ පැත්තට යද්දී අයියයි මල්ලියි ටීවී එකේ යන රගර් මැච් එකක් බලනවා …. ලගට යනකන්ම කවුරුත් දැක්කේ නැහැ මම ආවා කියලා …මම සදෙව් මල්ලි ලගට ගිහින් ට්‍රේ එක දික්කරා ….මාව දැක්ක ගමන් සදෙව් මල්ලිගේ මුහුණ පුරාම ලස්සන හිනාවක් ඇදුනා …
‘දේව් අක්කි ඔයා ආවාද ..’ සදෙව් මල්ලිගේ සද්දෙට එහා පැත්තේ හිටිය අයියා මගේ දිහා බැලුවා …ටික වෙලාවක් යනකන් අපි දෙන්නාගේ ඇස් අපෙන් ඈත් කරගන්න අපිටම අමතක වෙලා තිබ්බේ …. දැකලා මාසයක් විතර උනත් මම ඒ ඇස් අස්සේ දැක්කේ කල්ප ගානක හුරුපුරුදු කමක් …..
‘අක්කි …අක්කි …මොකද තක්බීර් වෙලා වගේ බලාගෙන ඉන්නේ … මේ අපේ ලොකු අයියා තේමිය …’
මට හිනාවෙන්න හරි මතක් වුනේ සදෙව් මල්ලි එහෙම කිව්වට පස්සේ …කට කොනකින් හිනාවෙලා ස්ටුල් එක උඩ ට්‍රේ එක තිබ්බ මම කාමරය ඇතුලට ආවේ කොහොමද කියලා මට මතක තිබ්බේ නැහැ … මම කෙලින්ම නැවතුනේ කන්නාඩිය ඉස්සරහා …කවදාවත් නැතිව මම මගේ දිහාම බලාගෙන ටිකවෙලාවක් යනකන් හිටියා ….
තේමිය අයියා වසන්තා ඇන්ටිගේ ලොකු පුතා සදෙව් මල්ලිගේ ලොකු අයියා …. මම ඊට පස්සේ ගෙවුණු හැම තප්පරේකම හිටියේ හීනෙන් පාවෙනවා වගේ …. සාලේ පැත්තෙන් ගෙදර කට්ටිය හිනාවෙනවා කතා කරනවා ඇහුනත් මම කාමරේ ඇතුලටම වෙලා හිටියා ..
****
පහුවදා උදේ වෙනකන් ඊට පස්සේ මම එයාව දැක්කේ නැහැ … මගේ හිතට එයාව දකින්න ඕන උනත් මම කාමරේ ඇතුලටම වෙලා තමා හිටියේ …
‘දේව් උදේම ඇහැරුනාද .’ මම උදේම ඇහැරිලා කුස්සියට ගියේ කන්නාඩිය ඉස්සරහා පැය භාගයක් විතර හැඩවෙලා ..
‘ ඔව් ඇන්ටි ….. ඔයා කිරිබත් හදනවාද … සුවදයි ..’ කිරිබත් සුවද මුළු කුස්සිය පුරාම පැතිරිලා ගිහින් තිබ්බා ….මම කොහොමත් ඉස්සර ඉදලා කිරිබත් කන්න පේරේතයි …. ඒත් අනුන්ගේ ගෙදරක ඉද්දි ආශාවන් පාලනය කරන්න වෙනවා නේ …
‘ඔව් කිරිබත් හැදුවා ….ඔයාට බඩගිනි නම් කන්න …’
‘එපා ඇන්ටි පස්සේ කන්නම් … මම මිදුල අතුගාන්නම් අද ’ මම මිදුලට බැස්සේ විසල් මිදුල අතුගාන්න ආශාවට ..
ලස්සනට රටා තියලා පිළිවෙලකට මම මිදුල අතුගෑවා … එකපාරටම මගේ ඉස්සරහා හිටගත්ත කෙනෙක් නිසා මම ඔළුව උස්සලා බැලුවා … මගේ ඉස්සරහා හිටියේ තේමිය අයියා .. කොට කලිසමකට ..ස්කිනි එකක් ඇදලා හිටිය එයා ලග තිබ්බේ ඕනෑම කෙල්ලක් ඇදිලා යන විදිහේ කඩවසම් බවක් ….
‘ සුභ උදෑසනක් ජේෂ්ඨ ….’ මම කියන්න ගිය වචනේ නතර කරගත්තේ මේක කැම්පස් එක නෙවෙයි කියලා මතක් වෙලා ….එයා මගේ දිහා බලලා නෝන්ඩි විදිහට හිනාවෙනවා ..
‘මේක කැම්පස් එක කියලා හිතුවාද …’
එයා මගේ දිහා ඇස් කොනින් බලද්දී මගේ මුළු ඇගම හිරිවැටිලා යනවා වගේ දැනුනේ … මම බිම බලාගෙන හිනාවුනා …
‘ ඇයි බිමට හිනාවෙන්නේ ….’ එයා ආපහු මගේ දිහා බලලා අහනවා …
‘අයියා සදෙව් මල්ලිගේ ලොකු අයියා කියලා මම දැනගෙන හිටියේ නැහැ නේ ..’ කතා නොකර ඉන්න එක හරි නැහැ කියලා හිතුන නිසා මම එහෙම ඇහුවා ..
‘මම දැනගෙන හිටියෙත් නැහැ නේ අර ආඩම්බර මොනරි අපේ දිහා නැවතිලා ඉන්නේ කියලා ..’
එහෙම කියලා එයා ගේ දිහාවට ගියේ මගෙන් තවත් මොනවත් දැනගන්න නැහැ වගේ තේමිය අයියා ලගදි මගේ හිත අසාමාන්‍ය විදිහට ගැහෙන්නේ ඇයි කියලා මට දැනගන්න උවමනා වුනේ … කිසිම කෙනෙක් ලගදි මගේ හිත ඒ විදිහට ගැහිලා නැහැ …

‘ හැපී බර්ත්ඩේ මල්ලියෝ …’ සදෙව් මල්ලි හොයාගෙන ගිහිල්ලා මම එයාට විශ් කරේ එයා වෙනුවෙන් මම කොලඹ ඉදලාම ගෙනාපු පුංචි ගිෆ්ට් එකත් අතට දීලා …
‘තෑන්ක් යු අක්කි … ඔයා මොනවාද මට ගෙනාවේ …’ මල්ලි ගිෆ්ට් එක ලිහුවා මගේ ඉස්සරහම ….
‘වාව් හෙඩ් සෙට් එකක් ….මම ගොඩක් කල් ඉදලා ගන්න හිතාගෙන හිටියේ …’’ මල්ලි මගේ තෑග්ග භාරගත්තේ ගොඩක් සතුටින් ..
මල්ලි එයාට ලැබුණු තෑගී එකින් එක මට පෙන්නුවේ හරිම සතුටින් …ඇන්ටියි අංකලුයි ලැප්ටොප් එකක් අරන් දුන්න එකට එයා ගොඩක් සතුටින් හිටියේ …
‘මගේ දහහත්වෙනි බර්ත් ඩේ එක ෂෝක් …. මම ගොඩක් ආශාවෙන් හිටපු ලැප් එකත් ලැබුනා ..’
‘හරි දැන් ලැප් එක ලැබුනා කියලා ඕකේ එල්ලිලා ඉන්නවා එහෙම නෙවෙයි .. එහෙම උනොත් මම ඕක කඩලා දානවා ’
මල්ලිගේ කතාව ඇහිලා සාලේ හිටිය තේමිය අයියා ටිකක් සැරට එහෙම කිව්වේ ….
‘ඔන්න ඉතින් මේ හිට්ලර් එක්ක බැහැනේ …’ මල්ලි කුටු කුටු ගාන්න ගද්දි මම එයාගෙන් ඈත්වෙලා එළියට බැස්සේ පන්සල් යන්න ලැහැස්ති වෙන්න

****
ඉරිදා දවසක් උන නිසා සැදැහැතියන්ගෙන් ගැටබේ පින්බිම පිරිලා ඉතිරිලා ගිහින් තිබ්බා එදා ..මහවැලි නදියට යාබදව තිබ්බ බෝධිය පාමුල ගොඩක් අය පඩුරු ගැට ගැහුවේ ගැටබේ බෝධිය ලග ඉදලා ප්‍රාර්ථනා කලොත් දෙයක් ඉෂ්ට වෙනවා කියන විශ්වාශය උඩ කියලා තමා වසන්තා ඇන්ටි කිව්වේ . …..සුදු පාට රෙදි කෑල්ලක කහවතුරෙන් හෝදලා ගත්ත කාසි ගැටගහලා බෝධියේ අත්තක එල්ලන වසන්තා ඇන්ටි දිහා මම පැත්තකට වෙලා බලාගෙන හිටියා … වසන්තා ඇන්ටි ලගින්ම සදෙව් මල්ලි ඊට මෙහායින් තේමිය අයියා එක්ක අන්කලුත් වැදගෙන හිටියා ..මට කියලා කරන්න ඒ හැටි පාර්ථනාවක් තිබ්බේ නැති නිසා මම පැත්තකට වෙලා ඔහේ හිටියා .. .
‘මොණරිට කරන්න පාර්ථනාවක් නැතිද ..’ තේමිය අයියා මගේ ලගට ඇවිත් එහෙම අහනකන්ම පැත්තකින් ගලාගෙන බහින මහවැලිය දිහා බලාගෙන තමා මම හිටියේ
‘පාර්ථනා කරලා ලබාගන්න විශේෂ දෙයක් මට නැහැ අයියා . …’
‘ඒ කියන්නේ ඔයා සර්ව සම්පුර්ණ කෙනෙක් කියන එකද ..’
‘මම එහෙම කිව්වෙ නැහැ නේ … බෝධියක් ඉස්සරහා පාර්ථනා කරලා ඒක ඉස්ට වෙයි කවදා හරි ලැබෙයි කියලා හිත හිත ජිවත් වෙනවාට වඩා යතාර්ථයට මුහුණ දීලා ඒ දේ ලබාගන්න එක තමා මම කරන්නේ ..’
‘හ්ම්ම් … හරි හරි ඔයා නම් පණ්ඩිත වැඩි … කවදා හරි දවසක ඕවා ඔයාටම තේරෙයි ’ තවත් මොකුත් කියන්නේ නැතිව තේමිය අයියා මගෙන් ඈත්වෙලා ඇන්ටිලා ඉන්න පැත්තට යන්න ගියා ….
දවල් ගෙදර ඇවිත් සදෙව් මල්ලිගේ යාළුවො කීපදෙනෙක් වෙනුවෙන් තිබ් පුංචි පාර්ටි එකෙන් පස්සේ මම කාමරේට ගිහින් නිදා ගත්ත පාර මට ඇහැරුනේ පහුවදා උදේ … මහන්සි ඇති කියලා වසන්තා ඇන්ටි මාව ඇහැරවලා තිබ්බේ නැහැ ….

තේමිය අයියා එදා රෑම හොස්ටල් එකට යන්න කියලා පිටත්වුනා කියලා මම දැනගත්තේ වසන්තා ඇන්ටිගෙන් …. එදා මම කැම්පස් යන්න ලැහැස්ති උනේ වෙනදාට වඩා උනන්දුවෙන් … වෙනදා අදින දිග ගවුම වෙනුවට සැහැල්ලු කලිසමකට අත්කොට බලව්ස් එකක් ඇදලා කොන්ඩේ උඩට කරලා පෝනිටෙල් එකක් දැම්මාම ඉස්සරලා තිබ්බ ගැමි පෙනුම යටවෙලා නාගරික පෙනුමක් තමා මගේ මුහුණට ආවේ … මම වෙනදාට වඩා වැඩි වෙලාවක් කන්නාඩිය ඉස්සරහා හැඩවුනා …

‘ඇන්ටි මම ගිහින් එන්නම් …’
වසන්තා ඇන්ටි පේන්න හිටියේ නැති නිසා සද්දෙට එහෙම කියලා මම කැම්පස් යන්න එලියට බැස්සා …..

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *