~~~~~දෙව්දූ ~~~~~~28 කොටස

ඊට පස්සේ දවස් ගානක් යනකන් තේමිය අයියාව දැක්කේ නැත්තේ එයා ලග එන එක්සෑම් එකට යාලුවොත් එක්ක එකතු වෙලා පාඩම් කරපු නිසා … ඒ දවස් ටිකේ එයා ගෙදර ආවෙවත් නැතිව යාළුවො එක්ක එකතු වෙලා පාඩම් කරේ ..මොන පිස්සු වැඩ කලත් එයා ඉගෙන ගන්න එක නම් පොඩ්ඩක්වත් අතපසු කලේ නැහැ …
එදා සිද්දියෙන් පස්සේ මම කල්පනා කලේ තේමිය අයියාට විකුම් ගැන කියන්නේ කොහොමද කියලා හිතලා හිතලා අන්තිමට මම තීරණය කලේ එක්සෑම් ඉවර වුන ගමන් මේ ගැන කියන එක හොදයි කියලා ….
‘මොනරි ජිම් එක පැත්තේ යමුද …අන්න මලිෂ් එහෙමත් ගියා ’ අමාලි එහෙම කිවුවත් මම අදිමදි කළා
‘කම්මැලි වගේ බන් … උබලා පලයල්ලා ….’ මම එහෙම කිවුවේ නෝට් එකක් දිග අරින ගමන්
‘ මේ හැම වෙලේම පොතේ පොතේ ඇලිලා ඉන්නේ නැතිව වරෙන් යන්න ගේම් එකක් ප්ලේ කරන්න …’
අමාලිගේ බලකිරීම නිසාම මම නෝට් පොත එක බෑග් එකට දාගත්තා ..
කට්ටිය ජිම් එකට යද්දී ළමයි විසි තිස් දෙනෙක් ජිම් එකට වෙලා ගේම්ස් ප්ලේ කරනවා ….
‘වරෙන් ටේබල් ටෙනිස් ප්ලේ කරමු …’ හිමායා යෝජනා කරපුවාම කෙල්ලෝ කට්ටියම ටෙනිස් කෝට් එකට ගියා …
අමාලි ,හිමායා එක පැත්තකට යද්දී මම ගගුලි එක්ක අනිත් පැත්තට ගියා … පැය භාගයක් විතර ප්ලේ කරද්දී කට්ටියටම මහන්සි ….
‘මට මහන්සි අනේ ඇති ..’ මම ටෙනිස් පිත්තත් අරන් පැත්තකට ගියේ හති දාගෙන …
‘අපි තව ටික වෙලාවක් ප්ලේ කරනවා …’
‘මම වතුර ටිකක් බිලා එන්නම් …’
මම බෑග් එකෙන් වතුර බෝතලය අතට අරන් ජිම් එකෙන් එලියට යද්දී තේමිය අයියා යාළුවො ටිකක් මැදට වෙලා එළියේ කතා කර කර ඉන්නවා …
‘හලෝ මොනරි මෙහෙවරෙන් …. ඔයාගේ කොක්ක මෙහෙ …. ’
චමත් අයියා එහෙම කියලා කෑ ගහද්දි මම ඒ පැත්තට ඇවිදගෙන ගියා …. තේමිය අයියා මාව දැකලා ඉස්සරහට ඇවිත් මගේ අතින් තද කරලා අල්ලා ගත්තා …
‘හරියටම දවස් පහකින් ඔයාව දැක්කේ …. සෙල්ලම් කලාද ඔයා …’
එයා මගේ දිහා බලාගෙන හිටියේ ඇස් අහකට ගන්නේ නැතිවමයි ..
‘මචං මොකද ඔය කෙල්ලව ගිලින්න වගේ බලාගෙන ඉන්නේ .. කෙල්ල දැක්ක ගමන් මූට මෙලෝ සිහියක් නැහැ ’ චමත් අයියා එහෙම කිවුවාම තමා තේමිය අයියා මගේ මුහුණේ නතර වෙලා තිබ්බ එයාගේ ඇස් අයින් කරගත්තේ …
‘අඩෝ තෝ මගේ ඇදුම් ඇදලා මට පාර්ට් දානවාද …’
‘මම හිතුවේ මගේ එකක් කියලා ඒකයි යකෝ ඇන්දේ ..’
පැත්තක හිටපු තේමිය අයියාගේ යාළුවො දෙන්නෙක් කියවාගන්නවා ඇහිලා කට්ටියම ඒ දිහාව බැලුවා
‘මොකද යකෝ තොපි දෙන්නා රණ්ඩු කරන්නේ .. ගල් මුසලයෝ ..’
තේමිය අයියා සද්දෙට අහද්දී අර අයියලා දෙන්නා අපි දිහාවට හැරුනා ..
‘මූ අද මගේ ඇදුම් මාරු කරලා ඇදලා තියෙන්නේ .. මම හොයද්දි මගේ ඇදුම් නැහැ …මූ ඇදගෙන ඉන්නේ මගේ කලිසම ….’ නුවන් අයියා මුහුණ රතු කරගෙන කතා කලේ
‘ ඇත්තද ලයියා මූ කියන්නේ ..’
‘මේකයි වෙලා තියෙන්නේ ඊයේ හවස මගේ ඇදුම් ගලවලා පුටුවක් උඩින් දාලා තිබ්බා …මූ ඇවිල්ලා මූගේ ඇදුම් ඒ උඩින් දාලා ..උදේ හදිස්සියට මම උඩින් තිබ්බ ඇදුම් ඇදගෙන ඇවිල්ලා …’
‘අපෝ මූ මගේ හොද ඇදුම ඇදගෙන ඇවිල්ලා මුගේ හඩු ගද ඇදුම් ටික මට ඉතිරි කරලා ..’
‘හරි හරි ලයියා උබ අද හවස මූගේ ඇදුම් ටික හෝදලා දීපන් ..දැන් ගලවන්න යෑ …’
රණ්ඩුව විසදලා තේමිය අයියා මාත් එක්ක එයාලාගෙන් ඈතට ගියා …
‘මොකද අනේ ඒ අයියලා ඔහොම බැන ගන්නේ .. ‘
‘කට්ටිය හොස්ටල් ඉද්දි කාගේ ඇදුම්ද කාගේ සපත්තුද කියලා බලන්නේ නැහැ හැම එකම මාරු කරලා ඇදගෙන යනවා… ඕවා ඔහොම තමා කැම්පස් කොල්ලොන්ගේ හොස්ටල් වල තියෙන බඩුත් නගර ශෝභනියෝ වගේ තමා ..හැම එකාගෙම අතින් අතට යනවා .. ඒවාගේ අයිතිකාරයෝ හොයන්න ඩි එන් ඒ ටෙස්ට් කරන්න වෙනවා … ඉතින් හැම එකාම අහුවෙන එක ඇදගෙන යනවා ’
තේමිය අයියා හිනාවෙවී එහෙම කියන්නේ එයත් ඒ ක්‍රියාදාමයේ කොටස් කාරයෙක් කියලා පේන්න අමුතු විදිහට හිනාවෙන ගමන්
‘ඔයත් රූමාගේ ඇදුමක් ද ඇදගෙන ඉන්නේ ….’ මම නහය හකුළුවා ගෙන කටත් ඇදකර කර එහෙම ඇහුවා
‘ ඔව් …. ඉතින් …’
‘ඒක තමා ගදක් ආවේ ..’ මම හිනාවෙවී පැනලා දුවන්න ලැහැස්ති වුනත් තේමිය අයියා ඉස්සරහට පැනලා මගේ අතින් අල්ලාගත්තා
‘මගෙන් බේරිලා යන්න හිතන්නවත් එපා …’ එයා එහෙම කියලා මාව එයාට තුරුළු කරගත්තේ වට පිටේ ඉන්නේ කවුද කියලවත් බලන්නේ නැතිවයි
‘මාර ගදයි නේ ඔයා ලග … නෑවේ නැහැ නේද මේ දවස් ටිකේ ..’ තේමිය අයියා අවුස්සන්න හිතාගෙන මම විහිළු කරද්දී එයාගේ අතින් මගේ කට තද කරා
‘කට තලනවා ගදයි කිවොත් මේ බලන්න සුවදයි ….. ’ එයා මාව තුරුළු කරගෙන හිටියේ ….
‘මෝඩයෝ අත අරින්න මාව ….’
‘මට බැහැ ..’
‘අන්න දිසානායක සර් එනවා …’ මම ඈත බලාගෙන එහෙම කියද්දී ගැස්සිලා ගිය තේමිය අයියා මාව අත ඇරියා … තේමිය අයියාගෙන් මිදිලා ටිකක් දුරට දුවගෙන ගිහින් තමා මම නතර වුනේ
‘මැන්ටලේ අල්ලා ගන්නම්කෝ මම ආයෙම …’
‘හු හු ඇද්ද ….රැවටුනා නේ හොදටම ….මම යනෝ ’
මම හිනාවෙවීම තේමිය අයියාට අතත් වනාගෙන දුවගෙන ගිහින් ජිම් එකේ ඉදලා එළියට ආව අමාලිලාට එකතු වුනා …
‘උබට දැන් පුදුම විසයක් තියෙන්නේ මොනරි ….’ අමාලි ඇසුත් ලොකු කරගගෙන බලාගෙන හිටියේ මම මහා හයියෙන් හිනාවෙද්දි
‘අමා දන්නේ නැහැ ඉස්කෝලේ යනකාලේ නම් මෙයා හරිම සයිලන්ට් …කොල්ලෙක් විහිළුවක් කරත් බයයි ….ඒකට දැන් .’ හිමා එහෙම කියද්දී මම එයාට රැවුවා
‘එහෙම තමා බන් හැමදාම එකවිදිහට ඉන්න බැහැ නේ …කැම්පස් ජිවිතේ මාව වෙනස් කළා ..’
තේමිය අයියා එදා වුන සිද්දිය මතක් කලේ නැති එක නම් මගේ හිතට ගෙනාවේ සතුටක් ….. විකුම් කවුද කියලා ආයෙම ඇහුවොත් නම් මට එයාට බොරු කියන්න බැරිවේවි ..
*****

‘ආයේ ඉතින් තව මාස දෙකකින් නේ හම්බ වෙන්න වෙන්නේ …’
‘කට්ටිය එක්ක ඉදලා ඉදලා ගෙදර ඉන්න ගියාම පිස්සු වගේ තියෙයි ’
අවුරුද්ද අවසාන නිවාඩුව මාස දෙකක් විතර දිග නිසා කට්ටියම ටිකක් අවුලෙන් හිටියේ ..මට නම් වැඩියෙන්ම දුක තේමිය අයියා දකින්නේ නැතිව ගොඩ දවසක් ඉන්න වෙන එක …
‘දුක් වෙන්න එපා …..මම කොහොම හරි කිරිඅම්මා දානෙට අම්මලා එක්ක එන්නම් .’
තේමිය අයියා පොරොන්දු වුනේ එයාව දකින්නේ නැතිව ඉන්න බෑ කියලා මම කන්කෙදිරි ගාද්දී …..
‘මට පාළුයි අයියා සතියේ දවස් හතම ඔයාව දැක දැක ඉදලා …එකපාරම දවස් ගානක් එක දිගට ඔයා දකින්නේ නැතිව ඉන්න ගියාම මට පිස්සු හැදෙයිද මන්දා ….’
‘ඔයා ඕනෑවට වඩා හිතන්න යනවා නේ …ඒකයි අවුල ……ඔය දවස් ටික නිකන්ම ගෙවිලා යයි ..’
තේමිය අයියා ගෙදර යන්න ඉස්සර වෙලා ගොඩක් කතා කියා කියා මගේ හිත හැදුවා …
‘ඇන්ටි ඔන්න කට්ටියම කිරි අම්මා දානෙට එන්න ඕන හරිද …’ මම ගෙදර යන්න ලැහැස්ති වෙලා ට්‍රැවලින් බෑග් එක අතට ගන්න ගමන් ඇන්ටිට එහෙම කිවුවා
‘එන්නම් එන්නම් …ඔන්න මාත් එනවා …මාව එක්ක යන්න වෙයි හෝ ගාන පොකුණ බලන්න ..’
ටීවී බල බල හිටිය සදෙව් මල්ලි එහෙම කිවුවාම මම හිනාවෙලා කොල්ලාගේ ඔළුව අතගෑවා
‘එක්ක යන්නම් ..එක්ක යන්නම් ….. හෝ ගාන පොකුණ විතරක් නෙවෙයි තව දේවල් බලන්න එක්කන් යන්නම් …ඉස්සරලා එනවකො ‘’
මම එහෙම කිවුවාම කොල්ලා සතුටින් හිනාවුනා
‘දේව් පරිස්සමින් ගෙදර යන්න ….ගිය ගමන් කෝල් එකක් දෙන්න …’
ගේට්ටුව ලගට එනකන් මාත් එක්ක ඇවිදගෙන ආපු වසන්තා ඇන්ටි එහෙම කියද්දී මම එයාගේ කම්මුලට කිස් එකක් දීලා පාරට බැස්සා …
බස් හෝල්ට් එකට යනකන් මම කල්පනා කර කර ගියේ මේ දවස් ටිකේ මම කොහොමද ඉන්නේ කියන එක ….තේමිය අයියා දකින්නේ නැතිව ඉන්න බැරි වෙයි කියන එක නම් මට සහතිකයි
‘මොකද මේ ළමයා බීන්කුන්ඩෝ හොයනවාද …’ කල්පනාවේ ගැබුරටම ගිලිලා කකුලේ මාපටගිල්ලෙන් පොළවේ ඉරි ඇද ඇද බස් හෝල්ට් එකට වෙලා හිටිය මම ගැස්සිලා බැලුවේ තේමිය අයියාගේ කටහඩ ඇහිලා
‘අයියා ඔයා …ආවාද ’ තේමිය අයියා අද එන බව මට කියලා තිබ්බේ නැහැ
‘ඇයි මම එන්න එපාද .. එහෙනම් මම යන්නම්’ එයා යන්න වගේ හදද්දි මම ඒ අතක එල්ලුනා
‘ කවුද එන්න එපා කිවුවේ. …. ම්ම් කොච්චර ආසද ඔයා හැමවෙලේම මාව බලන්න එනවාට …’
මම හැගීම්බර විදිහට එහෙම කිව්වේ …..මගේ හිත රිදුනේ එයා මාව මෙතන දාලා යයි කියලා හිතුන නිසා
‘පිස්සි මම විහිළුවක් කලේ … මම දන්නවා ඔයා එපා කියන්නේ නැහැ කියලා ..’
එයා එහෙම කියද්දී තමා මගේ හිතට සැනසීමක් දැනුනේ
‘අන්න බස් එක එනවා …පරිස්සමට ගිහින් එන්න …’
ඈතින් ආපු බස් එක දැකලා තේමිය අයියා එහෙම කියද්දී මගේ හිතට දැනුනේ වේදනාවක් … තව ටිකක් වෙලා එයා ලගම ඉන්න තිබුනා නම් ….
‘ඔයත් පරිස්සම්න් ඉන්න අයියා ….මාව බලන්න එන්න …බලාගෙන ඉන්නවා හරිද ’
මම එහෙම කියද්දීම කොළඹ දිහාවට යන්න වේගෙන් ආපු බස් එක අපි ඉස්සරහ බ්‍රාස් ගාලා නැවැත්තුවා …
‘දැන් බස් එකට නගින්න …කෝල් එකක් දෙන්න අමතක කරන්න එපා ..’
බස් එකට නගින්න අඩියක් ෆුට් බෝර්ඩ් එක උඩ තියලා මම බෙල්ල හරවලා බලද්දිත් තේමිය අයියා ඇස් අහක් කරන්නේ නැතිවම මගේ දිහා බලාගෙන ඉන්නවා ….. මට හිල්ලුණේ ඒ ඇස් වල මම වෙනුවෙන් තිබ්බ ලෙන්ගතුකම ආදරය දරාගන්න බැරිව ..

මැති සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *