~~~~දෙව්දූ ~~~~~~31 කොටස

පුළුවන් තරම් විකුම්ගේ මග ඇරලා ඉන්න හැදුවත් එයාගේ ඇස් හැමතැනදීම මාව ලුහු බදිනවා .. තේමිය අයියා දැක්කොත් වෙන්නේ මහා ජංජාලයක් …. පුළුවන් තරම් එයාට මුහුණ නොදීම ඉන්න තමා මම ට්‍රයි කලේ
‘දේව් , පැත්තකට වෙලා ඉන්නේ නැතිව විකුම් අයියාට තේ එකක් හදලා දෙන්න …’ අම්මි මට නිදහසේ ඉන්න දෙන්නෙම නැහැ විකුම් ලගටමයි තල්ලු කරලා යවන්නේ ..
විකුම් අයියාට තේ එකකුත් හදාගෙන මම ඉස්සරහට යද්දී .. කට්ටිය තැනින් තැන එකතු වෙලා කතා කර කර ඉන්නවා .. තේමිය අයියා සදෙව් මල්ලි එක්ක එකතු වෙලා කැරම් ප්ලේ කරනවා…. විකුම් අයියා පැත්තකට වෙලා තනියම කල්පනා කරකර ඉන්නවා …
‘තේ බොන්න …’ තේ එක දීලා මම එතනින් එන්න ලැහැස්ති වුනා
‘රසයි …තේ එක ..’ විකුම් මාව කතාවට අල්ලගන්නමයි ට්‍රයි එක …..මම එයාගේ මුහුණ දිහා බලන්නේ නැතිව ඉන්න පරිස්සම් වුනා
‘හ්ම්ම්ම් …’
‘කතා කරන්න බැරිද .. ඇයි ඔය තරමට ආඩම්බර …’
‘මම ආඩම්බර නැහැ ..’
‘මට විතරද එතකොට ආඩම්බරකම් පෙන්නන්නේ …’ ගෙදරට ආපු අමුත්තෙක් නොවෙන්න මට එයත් එක්ක එන කේන්තියට හොද දෙකක් කියලයි නවතින්නේ …..
‘ ඔයාට මනස්ගාත මම යනවා …’ මම අඩියට දෙකට එතනින් යන්න ගියා …
‘දේව් , දේව් ….’ අම්මි නම් මට ඉන්න දෙන්නේම නැහැ ..දේව් දේව් විතරයි එයාට කටේ තියෙන්නේ … අම්මි ගැන හීන් අමනාපයක් හිතට එබෙද්දි මම ආයෙම ගිහින් සාලෙට ඔළුව දැම්මා
‘ ඇයි අම්මි මට කතා කලේ ..’
‘ දුවලා ගිහින් ජනනි ඇන්ටිලාගේ ගෙදරට මේ කෑම ටික දීලා එනවාද ’ දුවලා ගිහින් දෙන්න කීවාට දුවලා ගිහින් දෙන්න පුළුවන් දුරක නෙවෙයි ජනනි ඇන්ටිලා හිටියේ නුගේගොඩ ටවුන් එකේ….ජනනි ඇන්ටි කියන්නේ අම්මි ගේ හොදම යාළුවා… ගිහිනුත් බෑ නොගිහිනුත් බෑ…
‘තනියම ….’ මම ඇස් ලොකු කරලා අම්මි දිහා බැලුවේ …
‘ විකුම් පුතා එක්ක ගිහින් එන්න … ව්කුම් පුතේ …පුතේ .’ ඊලග විනාඩියේ අම්මි විකුම් අයියට කතා කරලත් ඉවරයි
‘ඇයි ඇන්ටි …මට කතා කලේ .. ‘’ කතා කරපු පමාවට විකුම් අයියා අම්මි ලග
‘පුතේ , නංගි එක්ක ගිහින් මේ කෑම පාර්සල් එක දීලා එන්න පුලුවන්ද ..’
‘සුළු දෙයක්නේ ඇන්ටි …’
ඉබ්බා දියට දැම්මාම ඇන්නෑවේ කිව්වාලු එයා ඉහටත් උඩින් කැමති උනා වැඩේට … අම්මි දුන්න ලොකු බාස්කට් එක අරන් විකුම් අයියාගේ කාර් එක නවත්තලා තිබ්බ තැනට යනගමන් මම නිකමට වගේ තේමිය අයියා හිටිය පැත්ත බැලුවා … එයා මුහුණ රතු කරන් යක්ෂාවේශ වෙලා වගේ තමා බලාගෙන හිටියේ … කරන්න දෙයක් නැති කමට මිසක් මම මේ ගමන යන්නේ නැහැ කියලා එයා ලගට දුවගෙන ගිහින් මට කියන්න ඕන උනත් කට්ටියම බලාගෙන හිටපු නිසා මම ගොඩක් අසරණ වෙලා හිටියේ .. තේමිය අයියා මන් ගැන මොනවා හිතනවා ඇතිද ඒ තප්පරයට දහස් වතාවක් විතර මට හිතුනා …
මම කාර් එකේ පිටිපස්සේ දොර ඇරගෙන ගොඩවුනේ හීනෙන් වගේ ….ගොඩක් දුර යනකන් මම විකුම් දිහා බැලුවේවත් නැහැ … මගේ හිතට එයා ගැන පුංචි තරහකුත් ආවා . ..
‘දේව් ..නංගි … ඔයා මන් ගැන මොනවාද හිතන්නේ …’ ගොඩක් දුර ගියාට පස්සේ එයා එහෙම ඇහුවා … මම කිසි උත්තරයක් දෙන්නේ නැතිව ශටර් එකෙන් එපිට ඇස් තියාගෙන පහුවෙලා යන ගොඩනැගිලි දිහා බලාගෙන හිටියා ….
‘දේව් … මට ඔයාව තේරුම් ගන්න ගොඩක් අමාරුයි ….. ප්ලීස් මට කියන්න ඔයා මට කැමති නැතිද කියලා … මම ඔයා ගැන බලාපොරොත්තු තියාගන්නවා වැඩිද මන්දා ….’
සයිඩ් කන්නාඩියෙන් මගේ දිහා බැලුව එයාගේ ඇස් වල මගේ ඇස් ටික වෙලාවක් නැවතිලා තිබ්බා ..ඒ ඇස් වල තිබ්බ අවංක කම දැක්කාම මගේ හිත කිව්වේ දේව් උබ වැරදි ගොඩක් වැරදි කියලා ..කෙනෙක්ට බලාපොරොත්තු තියාගන්න අනුබල දෙනවාට වඩා ඇත්ත කියලා හිත රිද්දන එක හොදයි කියලා ඒ වෙලාවේ මට හිතුනේ ….. තවත් දෙපාරක් මම හිතන්න ගියේ නැහැ …
‘විකුම් අයියා … ඔයා ගොඩක් හොදයි …ඒ වුනාට …මට ඔයාට කැමති වෙන්න බෑ .. මගේ හිතේ ඇදිච්චි කෙනෙක් ඉන්නවා … හැබැයි ඒ ඔයා නෙවෙයි ’
මම එහෙම කිව්වේ ඒ ඇස් වලින් ඇස් අයින් කරන්නේ නැතිවමයි ….ඒ දීප්තිමත් ආකර්ශනිය ඇස් වේදනාවෙන් රතු වෙද්දී තවත් ඒ ඇස් දිහා බලාගෙන ඉන්න බැරිව මම අහක බැලුවා ..
‘ ඒ කෙනා වෙන්න මට බැරිද දේව් ..’ ඒ වේදනාත්මක හඩ වේව්‍ලනවා …
‘මට සමාවෙන්න අයියා …’ මම වෙන කිසිම දෙයක් නොකියා එහෙම කියද්දී එයා තේරුම් ගන්න ඇති මගේ හිතට එයා ගැන ආදරයක් ඇති කරන්න බැරි බව …
‘දන්නවද දේව් … අපේ ඇල්බම් බලද්දී මට පරණ පොටෝ වාගයක් හම්බවුනා … ඒ පොටෝස් වල ඔයා හිටියේ මගේ අතක එල්ලිලා .. ඔයා ඒ දවස් වල හරිම හුරතල් …. මම ඒ පොටෝ එක දිහා කොච්චර වෙලා බලාගෙන ඉන්නවාද …අම්මි නම් කියන්නේ ඒ පොටෝ එක දවසක මගේ බැල්මටම දියවෙලා යයි කියලා …’
එයා ලොකු වේදනාවකින් කතා කරේ …
‘ ඉස්සර අපි ලංකාවේ ඉද්දි අපේ තාත්තා වර්ක් කරපු පොලිස් ස්ටේෂන් එකෙමයි ඔයාගේ තාත්ති වර්ක් කරලා තියෙන්නේ …. අපේ තාත්තිගේ හොද යාලුවෙක් ඔයාගේ තාත්තා ..ඒ දවස් වල වැල්ලවත්තේ අපේ ගෙදරට ඔයාලාගේ තාත්ති එක්ක ඔයා එනවලු …. අපේ අම්මි කියනවා ඒ ආවාම තෙරුණි නංගියි මායි එක්ක ඔයා සෙල්ලම් ගෙවල් හදනවලු …. ගෙදර අම්මි වෙන්න ඔයයි නංගියි රණ්ඩු කරලා …අන්තිමේට ඔයාලු සෙල්ලම් ගෙදර අම්මි වෙන්නේ … ඔයා මාව ඉල්ලලා අඩලා කොහොම හරි ජය ගත්තලු .. ….ඒ තරම් ඔයාට මාව ඕන වෙලා … ඒ වගේම මටත් …… අපි රට යද්දී … ඔයාලාගේ ගෙදර ගියාම ඔයා මහා හයියෙන් කෑ ගහලා ඇඩුවලු මාව ඕනේ කියලා …. මම රට යන්න බැහැ කීවාම තාත්ති මාව නින්දෙන් උස්සගෙන ගිහින් තියෙන්නේ ….මම ඇහැරෙද්දි හිටියේ ප්ලේන් එක ඇතුලේ ඒ වෙලාවේ මම ගොඩක් ඇඩුවලු අම්මට නලවගන්න බැරි තරමට ….. ඔයාව මට නැති වුනා කියලා මට හිතෙන්න ඇති ……. ඔයාට නම් ඒ දවස් වලම මාව අමතක වෙලා යන්න ඇති …ඒත් මට ලේසි වුනේ නැහැලු …. කාලෙත් එක්ක ඔයාව පොඩ්ඩ පොඩ්ඩ මතකෙන් ඈත්වෙලා යන්න ඇති … අපි ලොකු වුනා …තෙරුණි නංගි සදහටම ඇස් පියාගත්තේ මගේ මේ අත් දෙක උඩ …එයා මගේ ඉස්සරහම වාහනයකට යට වෙද්දී මට මොකුත්ම කරගන්න බැරි වුනා ..මම මානසිකව හොදටම වැටුනා …. ඊට පස්සේ තමා අපි ඇමරිකා වල තිබ්බ හැම දෙයක්ම ව්කුනලා දාලා ලංකාවට ආවේ .. මම කවදාවත් හිතුවේ නැති විදිහට ඔයා ආපහු හම්බවුනා … ඔයා පුංචි කාලේ දැක්ක කෙල්ලට වැඩිය හුගක් වෙනස් වෙලා …. හරියට සුරංගනාවියක් වගේ ….. අළු යට තිබ්බ ගිනි පුපුරක් වගේ මගේ හිතේ තිබ්බ ආදරේ එලියට ආවා … මම කියන්නත් කලින් අම්මලා ඔයාට මාව ප්‍රපොස් කළා දන්නවාද මට කොච්චර සතුටක් දැනුනද කියලා .. ඒත් මගේ සතුට අද සදහටම නැති වුනා නංගි ..’

මේ තරම් දුකක් විකුම්ට දැනෙනවා කියලා දැනගෙන හිටියා නම් මට මොන තරම් වේදනාවක් දැනුනත් මගේ හිත ඇතුලෙම ඒ හැගීම් හංග ගන්නවා …. දෙවියනේ එයාගේ වේදනවා …එයා මට කොයි තරම් ආදරේ කරනවද ..ඒත් මට දැන් ආපස්සට හැරෙන්න බෑ ….මෙට තේමිය අයියාව ඕන …. විකුම් පව් ඒත් මගේ තේමිය අයියා නැති කරගෙන මට මොන දෙයක් ලැබුනත් වැඩක් නැහැ …
‘විකුම් අයියා ….ප්ලීස් ඔය කතාව නවතන්න …’ තවත් අහගෙන ඉන්න බැරි නිසා මම කෑ ගැහුවා … මගේ ඇස් වලින් නවතින්නේ නැතිව ගලන කදුළු නවත්ත ගන්න මට ඕන උනේ නැහැ ….
‘ඔයාගේ හිතට වේදනාවක් දෙන්න හිතුවේ නැහැ නංගි ….මට සමාවෙන්න ..’
‘මට ඒ පුංචි කාලේ දවස් මතක නැහැ අයියා…. .මට මතක් කරන්න ඕනත් නැහැ …. ’
මම බොහොම සංයමයෙන් ඒ වචන ටික පිට කලේ ….. ඊට පස්සේ එයා මොකුත්ම කියන්න ආවේ නැහැ …කෑම පාර්සල් එක දීලා එන ගමන් අපි අතර බැල්මක්වත් හුවමාරු වුනේ නැහැ .. ඒ තරම් අපි මානසිකව වැටිලා හිටියේ
‘ විකුම් අයියා එකම එක ඉල්ලීමක් කරන්නද …’ ගේට්ටුවෙන් කාර් එක ඇතුලට දාන්න හදපු තේමිය අයියා මගේ දිහා බැලුවා …
‘කියන්න ඕන දෙයක් කියන්න … ඔයා වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැහැ මට ..’
‘මම ඔයාට ඔයාට කිව්ව කාරණේ කාටවත් කියන්න එපා දැන්ම … අපේ තාත්ති ලොකු බලාපොරොත්තුවෙන් ඉන්නේ මන් ගැන එයාට ලොකු දුකක් දැනෙයි මේ දේ දැනගත්තාම …මම හෙමිහිට එයාට තේරුම් කරලා දෙන්නම් ..’
‘ෂුවර් නංගි …මම කියන්නේ නැහැ …. . තව එක ඉල්ලීමක් කරන්නම් මම ..’
එයා එහෙම කියලා මගේ දිහා ආයාචනාත්මක ඇස් වලින් බැලුවේ
‘මොකක්ද ..’ ඒ තරම් කාරුණික එයාගේ ඒ ඉල්ලීම අහන්නේ නැතිව යන්න මට හිතුනේ නැහැ ..
‘ඔයාට මාව ඕන කියලා හිතුනොත් එදාට මගේ ලගට එන්න … මම ඔයා වෙනුවෙන් හැමදාම බලන් ඉන්නවා ’
එයා එහෙම කියවාගෙන ගිහින් ටික වෙලාවක් මගේ දිහා බලාගෙන හිටියා .. හීන් වේදනාවක් හිතට එබෙද්දි මම අමාරුවෙන් හිනාවෙලා කාර් එකෙන් එලියට අඩියක් තිබ්බා ….මිදුලේ අඹ ගහ හිටගෙන කාර් එක දිහා බලාගෙන හිටිය තේමිය අයියා දැක්කාම මගේ කකුල් දෙක වෙව්ලන්න ගත්තා …
‘අපි එහෙනම් යනවා රාධා …. වික්‍රමට ෆැක්ටරි එකට යන්නත් තියෙනවා නේ …. දූ අපි යනවා ..’
දුලි ඇන්ටි අන්කල් එක්ක කාර් එක දිහාවට ඇවිත් මගේ ලග නැවතිලා කම්මුලට කිස් එකක් දුන්නා
‘පරිස්සමින් යන්න ඇන්ටි ..බායි ..’
එයාලා යන දිහාව බලාගෙන හිටපු අම්මිලා ගේ දිහාවට යද්දී මම තේමිය අයියා හිටපු පැත්තට ඇවිදගෙන ගියා
‘අයියා කෑම කෑවාද ..’ මම එහෙම අහලා හිනාවෙන්න ට්‍රයි කරද්දී එයා නපුරු විදිහට මගේ දිහා බැලුවේ
‘මට ….කෑම නෙවෙයි වහ කන්න හිතිලා තියෙන්නේ …’
තේමිය අයියා තරහෙන් වගේ එහෙම කියද්දී මගේ හිත දෙකට කැඩිලා යනවා වගේ මට දැනුනේ …
‘ ඇයි අයියා ඔහොම කතා කරන්නේ ’
‘මොකා එක්කද අර ඇවිදින්න ගියේ ….’ එයා මගේ දිහා විමසිල්ලෙන් බැලුවේ …මාව සැක කරනවා වගේ
‘ඒ …ඒ ..අර ..අර ..’ මගේ දිව පැටලිලා උගුර වේලිලා ගියේ හිතාගන්නවත් බැරි විදිහට
‘මොකද ගොත ගහන්නේ හොරයක් තියෙනවාද ..මොකාද ඒකා …ඌගේ බැල්මත් මට ඇල්ලුවේ නැහැ ’
‘ ඒ විකුම් අයියා …’ ඕන දෙයක් වෙද්දෙන් කියලා මම කියලා දැම්මා …මොකද මම තේමිය අයියාට වැරද්දක් කරලා නැහැ නේ
‘ආ ….මේකයි හොරෙ ….ඒකා තමුසෙගෙ මහා ලොකු කසින්ද ….නැති නම් හොර පෙම්වතාද …’ තේමිය අයියා වචනවලින් අතුල් පහර දෙනවා වගේ එහෙම කිව්වාම ….හාර්ට් එකෙන් පටන් ගත්ත දැවිල්ලක් මොලේ වෙනකන් පැතිරිලා ගිහින් එකපාරම කදුළු ඇස් වලින් ගලන්න ගත්තේ හිතුවෙවත් නැති වෙලාවක….
‘අයියා ඔයා මාව තේරුම් අරන් තියන්නේ වැරදියට … එහෙම දෙයක් නැහැ ..එයා ..එයා..’ මට කියාගන්න ඕන උනා සම්පුර්න ඇත්ත තේමිය අයියාට
‘නවත්තා ගන්නවා …ඔය කතා මට විශ්වාස නැහැ …මට මොකුත්ම අහන්නත් ඕන නැහැ ..’ තේමිය අයියා එහෙම කියලා ගේ දිහාවට යන්න ගියා … මම අබ ගහ ලග බංකුවේ එහෙම්ම වාඩිවුණේ තව ටිකක් හිටගෙන හියොත් මාව මෙතනම වැටෙයි කියලා හිතුන නිසා …. තවත් ටික වෙලාවකින් තේමිය අයියා ඩෙනිමකුයි ටි ෂර්ට් එකකුයි ඇදගෙන එලියට බැස්සා …
‘කොහෙද ඔයා යන්නේ ..’ මම ඉදගෙන හිටිය තැනින් නැගිටලා දුවගෙන ගිහින් එයා ලග නැවතුනා
‘මක බෑ වෙන්න යනවා ….මන් ගැන හොයන්න එපා ..’ තේමිය අයියා තරහෙන් පිපිරී පිපිරී එහෙම කියලා ගේට්ටුවෙන් එලියට බහිද්දී මම කදුළු ඇස් වලින් බලාගෙන හිටියේ මොකුත්ම කරගන්න බැරිව

.
ඇස් රිදෙනකන් බලාගෙන හිටියත් තේමිය අයියා එන පාටක් නැහැ .. හිත ලෙඩ වෙලා වගේ මගේ හිතට කිසිම සතුටක් දැනුනේ නැහැ .. එයා කොහේ යන්න ඇතිද …වසන්තා ඇන්ටිගෙන් අහන්නත් බෑ…
‘අක්කි අපි බීච් එකට යනවා …ඔයා එන්නේ නැද්ද …’ හවස් වෙලා කට්ටියම බීච් යන්න ලැහැස්ති වෙලා මිදුලට බහිද්දීත් මම පාර දිහා බලාගෙන ගේට්ටුව ලගට වෙලා හිටියේ

‘මට බෑ ඔයාලා යන්න ..’
මම ගෙදර නවතිද්දී කට්ටියම බීච් එකට යන්න ගියා …

මතු සම්බන්ධයි 

2 Comments

  1. You actually make it seem really easy along with your presentation but I in finding this matter to
    be really one thing which I believe I’d never understand.

    It seems too complicated and extremely extensive for me. I am having a look ahead for your subsequent publish, I will attempt
    to get the grasp of it! Lista escape room

Leave a Reply

Your email address will not be published. Required fields are marked *