~~~~~දෙව්දූ ~~~~32 කොටස

තේමිය අයියා එදා රෑ ගෙදර එද්දී අටත් පහුවෙලා ඒ වෙද්දීත් එයාගේ මුහුණේ තිබුන නපුරු කම නම් බිංදුවක්වත් අඩුවෙලා නැහැ … තේමිය අයියා එනකන් මිදුල දිහාම බලාගෙන හිටපු මම එයා ගේට්ටුවෙන් ඇතුලට එනවා දැක්ක ගමන් මිදුලට දුවගෙන ගියා …
‘අයියා ඔයා මෙච්ච්ර වෙලා කොහෙද ගියේ ….මම ගොඩක් බය වෙලා හිටියේ …’
පිච්චිලා අලුවෙලා යන තරම් නපුරු බැල්මකින් මගේ දිහා බලපු තේමිය අයියා … කිසිම උත්තරයක් නොදී ගෙට ගොඩ වෙද්දී දරාගන්න බැරි තරම් වේදනාවකින් මගේ හිත ඔත්පල වෙනවා වගේ මට දැනුනේ ..
‘ පුතා ඔයා කොහෙද ගියේ මෙච්චර වෙලා ..’ වසන්තා ඇන්ටි ගේ ඇතුලේ ඉදලා තේමිය අයියාගෙන් අහනවා මිදුලටත් ඇහුනා
‘මම මහරගම ගියා අම්මා යාලුවෙක් හම්බ වෙන්න කියලා ..’
‘පුතා කාලාද ඉන්නේ ..’
‘මට බඩගිනි නැහැ අම්මා … ඔයා කන්න ..’ තේමිය අයියා හරිම මුරණ්ඩුයි දෙයක් කිව්වා නම් කිව්වම තමා ….
‘දේව් ….දේව් …කෝ මේ කෙල්ල ..මෙච්චර වැඩ තියෙද්දී මේ ළමයා කොහෙට උනාද ..’
අම්මි ගේ පුරාම මාව හොයනවා ….
‘ඔන්න මම දැක්කා මිදුලට වෙලා ඉන්නවා …’
ගේ ඇතුලේ කතාව අහගෙන ඇහුනත් එකපාරටම ගේ ඇතුලට ගිහින් ඒ වාතාවරණයට මුහුණ දෙන්න තරම් ශක්තියක් නැහැ ….
‘දේව් මේ ගොම්මන් වෙලාවේ මොනවද ළමයෝ එළියට වෙලා තනියම කරන්නේ .. එන්න එන්න ගෙට ..’
ගේ ඇතුලට ගියේ නැති නම් අම්මිට තරහා යන්න උනත් පුළුවන් …. ඒ නිසා හිතට ෆිට් එක අරන් මම ගේ ඇතුලට ගියා …තේමිය අයියා පේන්න හිටියේ නැත්තේ එයා වොෂ් එකක් ගන්නවා වෙන්න ඇති … හිත අවුල් උනත් මම හිනාවෙලාම ඉන්න ට්‍රයි කළා ..

‘ඇන්ටි අපි හෙට දෙහිවල යමු නේද ..’
මට ඕන වුනේ කට්ටියම එකතුවෙලා විනෝද ගමනක් යන්න …එතකොට කොහොම හරි තේමිය අයියා තනිකරගෙන එයාව යාළුකරගන්න පුළුවන් නේ …
‘ අනේ වස්තුව ..හෙට අපි ගෙදර යනවා ..’ වසන්තා ඇන්ටි දුකෙන් වගේ එහෙම කියලා මාව ලගට අරන් මගේ ඔළුව අතගාන්න ගත්තා ..
‘අයියෝ ඔයා කිව්වානේ දවස් දෙකක් විතර මෙහෙ ඉන්නවා කියලා ..’ මගේ කටහඩ මටවත් නොතේරෙන දුකකින් පිරිලා
‘අපේ ලොකුට යන්න ඕන කියන්නේ … අනික අන්කල්ටත් හෙට වැඩක් තියෙනවාලු ….ආයේම එන්නම්කෝ සතියක් විතර ඉදලාම යන්න …’
තේමිය නපුරා එයා මගෙන් පළිගන්න තමා ඇන්ටිට හෙටම ගෙදර යමු කියලා කියනවා ඇත්තේ …. හිතට ආවේ දුකට වඩා කලකිරීමක් මාව විශ්වාස කරන්න බැරි තරම් මම එයාට කරපු වැරැද්ද මොකක්ද කියලා මට තේරුනේ නැහැ …විකුම් අයියා එක්ක පොඩි ගමනක් යනවා දැකලා එයා ඔය තරම් නපුරු උනා නම් විකුම් මාව බදින්න යන්නේ කියලා දැනගත්තොත් එයා මොන දෙයක් කරයිද කියලා මට හිතාගන්නවත් බැහැ …
***
මම කාමරේ ඇතුලටම වෙලා හිටියා මිසක් පැයක් විතර යනකන් එළියට බැස්සේ නැහැ ….මගේ හිත රිදෙන්න ඕන උපරිමයට රිදිලා තිබ්බේ …ආදරේ කියන්නේ මේ තරම් දුකක් කියලා දැනගෙන හිටියා නම් මේ දේව් කවදාවත් කොල්ලෙක්ට ආදරේ කරන්න යන්නේ නැහැ ….
‘දේව් …අක්කි …..මෙන්න ඔයා ආසම ඇකටර්ගේ වෙඩින් එකක් පෙන්නනවා …’ නංගි සාලේ ඉදන් කෑ ගහද්දි තමා මම කාමරෙන් එළියට බැස්සේ …. අපේ ගෙදර කට්ටියම ටීවී එක ඉස්සරහා …. මාත් ගිහින් තාත්ති ලගින් ඉදගත්තා .. ටීවී එකේ පෙන්නුවේ මම ආසම කරන නළුවෙක් වුන රෝෂන්ගේ වෙඩින් එක ….
‘ආ …මේ ඉලන්දාරියා ඇවිත් ඉන්නේ …. වාඩිවෙන්න පුතා …’ තාත්ති එහෙම කියනකන් අපි කවුරුත් තේමිය අයියා එනවා දැක්කේ නැහැ … එයා හරියටම මගේ ඉස්සරහින් තිබ්බ පුටුවක වාඩිවුණේ ….මම ඔළුව උස්සලා බැලුවොත් හරියමට එයාගේ මුහුණ තමා පේන්නේ ….. ටීවී එක දිහාම බලාගෙන හිටියා මිසක් මම නිකමටවත් එයා දිහා බලන්න ගියේ නැත්තේ මාව ඒ බැල්මෙන් පිච්චිලා යයි කියලා හිතුන නිසා ….
‘කෝටි ගානක් වියදම් කරලා කරන වෙඩින් එකක් නේද …බලන්න කොච්චර ලස්සනද … ‘’ මනමාලි සුරංගනාවියක් තරම් ලස්සනයි …
‘රෝෂන්ටම ගැලපෙන බ්‍රයිඩ් නේද …’ හැමෝම වශීවෙලා වගේ බලාගෙන හිටියේ ….
‘ඔව් සුරංගනාවියක් වගේ …. ඕනෑම කෙල්ලක් මනමාලියක් වෙන දවසට ගොඩක් ලස්සනයි ..මගේ දේව්ත් ඔයිට දෙවෙනි නැතිවෙන්න ඉදියි මනමාලියක් වෙන දවසට ..’
අම්මි එහෙම කියලා මගේ දිහා බැලුවේ ආදරේ පිරුණු බැල්මකින් .. අම්මි බැරිවෙලාවත් මේ ඔක්කොම ඉස්සරහා විකුම් අයියාගෙයි මගෙයි වෙඩින් එක ගැන කියයිද … එහෙම උනොත් නම් තේමිය අයියා ඉවසන එකක් නැහැ … මගේ හිත ගැහෙන වේගේ වැඩිවුණේ ඉබේටමයි …
‘ඔව් ඔව් දේව් නම් කොහොමත් ලස්සනට ඉදිවී එදාට …. දේව් ලබන කොල්ලත් ගොඩක් වාසනාවන්ත වෙයි .. ‘’
වසන්තා ඇන්ටි අම්මිගේ කතාව අනුමත කලේ එහෙම කියලා …අම්මි විකුම් ගැන …. මේ දැන් කියයි ….මේ දැන් කියයි …මගේ හිත එහෙම කිව්වා ….මගේ හොද වෙලාවට කතාව එතැනින් එහාට ගියේ නැහැ …මම හොරෙන් හොරෙන් තේමිය අයියාගේ මුහුණ දිහා බැලුවා එයා ටීවී එක දිහා බලාගෙන හිටියේ කිසිම හැගීමක් නැතිව ..
‘ දේව් … අපිට කට්ටියටම කොෆි හදනවාද ’ තාත්ති කිව්ව පමාවට මම එතැනින් යන්න නැගිට්ටේ එතැන ඉන්න තරම් මගේ හිතේ එකලාසයක් තිබ්බේ නැති නිසා
‘ඔය ළමයාට ඔය ප්‍රෝග්‍රෑම් එක එක බලන්න දෙන්න …. මම හදාගෙන එන්නම් ..’ අම්මි එහෙම කිව්වත් මම එයාට කලින් කුස්සිය පැත්තට යන්න ගියා …..
තේමිය අයියා මට ඕන …මම එයාව කොහොම හරි යාලූ කරගන්නවා …. මම කොෆි හදන ගමන් කල්පනා කලේ කොහොමද එයාව යාලු කරගන්නේ කියලා …
‘මෙන්න කොෆි ගෙනාවා …’ මම පිළිවෙලට කට්ටියටම කොෆි දීලා අන්තිමට නතර වුනේ තේමිය අයියා ලග … එයා ලග හිටගෙන ට්‍රේ එක අල්ලගෙන ඉද්දි එයා මාව ගණන් ගන්නේ නැතිව එයාගේ පාඩුවේ ටීවී එක දිහා බලාගෙන ඉන්නවා ‘
‘තේමි අයියා කොෆි …’ මම හෙමින් එහෙම කිව්වාම එයා ඔළුව උස්සලා මගේ දිහා බැලුවා එයාගේ ඇස් වල ආදරේ වෙනුවට තිබ්බේ තරහක් …
‘මට එපා …දැන් කොෆි බොන්න බෑ ..’ අපෝ මෙයාගේ තියෙන ගණකම … බොරුවට මාත් එක්ක තරහා වෙලා ඉන්න හැටි උගුඩු ශේප් එකට මුහුණත් හදාගෙන .. නපුරා ….ඔයා නම් පලිගන්න දන්නේම නැහැ …
‘ඇයි පුතා කොෆි බොන්නේ නැත්තේ …බලන්නකෝ අපේ දේව් රසට කොෆි හදනවා …’
තාත්ති ගේ වචනේ අහක දාන්න බැරි නිසා වෙන්න ඇති එයා අන්තිමට කොෆි එක අතට ගත්තේ …. එයා හෙමින් හෙමින් කොෆි එක බොන ගමන් එයාගේ ඉස්සරහ හිටිය මගේ දිහා යාන්තමට බැලුවා … මම බලාගෙන ඉන්නේ කියලා දැක්ක ගමන් එයා කලේ අහක බලා ගත්ත එක ..

*****
පහුවදා උදේම තේමිය අයියා යන්න ගිහින් තිබුනේ මටත් නොකියා ….. හිතට දුකක් දැනුනත් ඇහැට කදුළක් ආවත් මම ඉවසගෙන හිටියා ….මාව තේරුම් ගන්නේ නැති මනුස්සයෙක් වෙනුවෙන් මම මෙච්චර දුක් වෙන එකේ තේරුමක් තියෙනවාද …
‘හෙලෝ තේමිය අයියා …’ මම වසන්තා ඇන්ටිලාගේ ගෙදරට කෝල් එකක් ගත්තාම එහා පැත්තෙන් ෆෝන් එක ආන්ස්වර් කලේ තේමිය අයියා ..
‘මොකද කතා කරන්න හිතුනේ …’ තේමිය අයියාගේ කටහඩත් නපුරු වෙලා
‘ඇයි අයියා ඔයා ඔච්චරම නපුරු …’
‘මාව නපුරු කරන්නේ ඔයා තමා දේව් …’
‘මම වැරද්දක් කලේ නැහැ ඔයාට …’
‘මගේ ඉස්සරහම කොල්ලෙක් එක්ක ගිහින් ඇවිත් වැරද්දක් කලේ නැහැ කියනවාද ..’
‘ඒ වෙලාවේ මට කරන්න දෙයක් තිබ්බේ නැහැ …අම්මි යන්න කීවාම මම කොහොමද නොගිහින් ඉන්නේ ..’
‘ඔයාට යන්නේ නැතිව ඉන්නයි තිබ්බේ දේව් ….. මම ඉද්දි ඔහොම යනවා නම් ..මම ලග නැතිවුනාම ඒ මිනිහා එක්ක කොහේ කොහේ යනවා ඇතිද ..’
තේමිය අයියා ගැන හිතට ආව කලකිරීම නිසාම තවත් මොකුත්ම කියන්නේ නැතිව මම රිසීවර් එක තිබ්බා .. ආදරේ කරන කෙනා ගැන විශ්වාසයක් නැති නම් අපි කොහොමද ඉස්සරහට එන ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ …
මම ඇදට වෙලා දවසම හිටියා මිසක් ඇදෙන් නැගිටලා අඩියක්වත් තිබ්බේ නැහැ … විකුම් අයියා දුන්න බර්ත්ඩේ ගිෆ්ට් එක මේසේ උඩ තිබ්බත් ඒක දිග ඇරලා බලන්නවත් මට හිතට ආශාවක් ආවේ නැහැ ..
‘අක්කි කෝල් එකක් ..’ .
‘මම ගෙදර නැහැ කියන්න ..’ නැගිටලා ගිහින් ෆෝන් එකට ආන්ස්වර් කරන්නවත් මගේ හිතේ කැමැත්තක් තිබ්බේ නැහැ ..
‘අක්කි මේ ..නිෂු ..අක්කි කතා කරන්නේ ..’ නිෂු කියන්නේ කොන්වන්ට් එකේ මට හිටිය හොදම යාලුවා …. ගොඩක් කාලෙකින් එයාට කතා කරන්න බැරි වුනා …
‘ඉන්න මම එනවා …’ මම ෆෝන් එක ලගට් දුවගෙන ගිහින් නංගිගේ අතේ තිබ්බ ෆෝන් එක ගත්තා
‘නිශුවෝ ..’
‘මතකද අපිව .. කැම්පස් ගියාට පස්සේ උබට ඔක්කොම අමතක වෙලා ’
‘අමතක වෙනවාද ඔයාව මට ..’
‘ඒක තමා මම කතා කරනකන් මතක් වුනේ නැත්තේ .’
‘මට ඔයාව හම්බවෙලා කියන්න ගොඩක් දේවල් තියෙනවා …නිෂු ..අපි හම්බවෙමු …’
‘එහෙනම් අපි විහාරමහා දේවි පාර්ක් එකට යමු ….. හරියට තුන වෙද්දී වරෙන් ..’
නිෂු ෆෝන් එක තිබ්බේ හවස හම්බවෙන විදිහත් කතා කරගෙනමයි …

*******
විහාරමහා දේවි පාර්ක් එකට වෙලා ඇවිත් පැය භාගයකටත් වැඩිවුණාට නිෂු තාම ආවේ නැති නිසා මගේ ඉවසීමේ සීමාවත් හොදටම පැනලා තිබ්බේ …

‘දේව් ….නංගි …’ බංකුවක් උඩ වාඩිවෙලා මග බලාගෙන හිටපු මම ගැස්සිලා හැරිලා බැලුවේ මගේ නම කියනවා ඇහිලා ….
‘විකුම් අයියා…’ විකුම් අයියා තව යාළුවො කීප දෙනෙක් එක්ක මගේ ලග හිටගෙන හිටියා
‘කොහෙද මේ ..’
‘මගේ යාලුවෙක් එනවා කිව්වා ….තාම නැහැ නේ ..’ මම අත් ඔරලෝසුව දිහා බලන ගමන් පාර දිහා බැලුවා
‘ අපි යන්නම් මචං ..ලේට් වෙනවා ’ විකුම් අයියාගේ යාළුවො ටික යන්න ගියාට පස්සේ අපි දෙන්නා විතරයි එතැන ඉතිරි වුනේ …
‘කැම්පස් පටන්ගන්නේ කවද්ද …’ විකුම් අයියාට යන්න හදිස්සියක් නැහැ වගේ මගේ ලගින්ම වාඩිවුනා
‘ තව සතියකින් පටන් ගන්නවා …’
‘ හ්ම්ම්ම්….දේව් බලන්න එන්න ඕන කියලා හිතුනත් …. ඔයාට වදයක් වෙයි කියලා හිතුන නිසයි මම ඒ පැත්තේ ආවේ නැත්තේ ..’
විකුම් අයියා ගොඩක් නිවුන විදිහට කතා කලේ
‘මට මොන වදයක් ද අයියා ….ඔයා මාත් එක්ක තරහද ..’ පව් අසරණයා …. වෙන කොල්ලෙක් නම් මේ කරපු දේට මගේ මුහුණවත් බලන්නේ නැහැ …
‘කවදාවත් තරහා නැහැ …’
‘දේව් …. මට ඔයාව ගොඩක් මතක් වෙනවා ….ඒ උනාට මම හිත හදාගන්නවා … ආදරයක් නැති හිතකින් ආදරයක් බලාපොරොත්තු වෙනවට වඩා තනියම ඉන්න එක හොදයි කියලා මම දන්නවා ….’
විකුම් අයියා මගේ දිහා බැලුවේ අනේ මට ආදරය කරන්න කියන්න වගේ ආයාචනාත්මක බැල්මකින්
‘ඔයා පව් අයියා ඒ උනත් …. මගේ හිතේ ඔයාට දෙන්න ඉඩක් නැහැ …’
‘කමක් නැහැ දේව් …මම ඉවසන්නම් …. ’
‘ඔයාට ආදරේ කරන කෙල්ලක් ඔයාට ලගදීම ලැබෙයි …’
‘ මට ආදරය කරන කෙල්ලක් හම්බ වෙයි …ඒත් මන් ආදරය කරන කෙනා වෙන්න නම් කවදාවත් එයාට බැරිවෙයි ….. ඔයාට මගේ පපුවේ තියෙන ඉඩ වෙන කෙල්ලකුට දෙන්න මගේ හිත හදාගන්න මට බෑ ..’
විකුම් අයියා වේදනාත්ම විදිහට එහෙම කියලා වාඩිවෙලා හිටිය තැනින් නැගිට්ටා ..
‘මම යනවා .. පරිස්සමින් යන්න…’
තේමිය බිමට් බරකරගත්ත ඇස් වලින් ඉස්සරහට ඇවිදගෙන යද්දී දරාගන්න බැරි බරකින් මගේ හිත පිරිලා යනවා වගෙයි මට දැනුනේ …

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *