~දෙව්දූ ~~41 කොටස

~~~~~දෙව්දූ ~~~~~~
41 කොටස
අතපය වාරු නැතිව මාව වැටෙන්න යද්දී විකුම් අයියා මාව එයාගේ ඇගට වත්තම් කරගත්තාම දරාගන්න බැරි වේදනාව නිසාම මට හයියෙන් ඇඩුනා …
‘දේව් …නංගි මිනිස්සු බල බල යනවා …අපි කොහෙට හරි ගිහින් කතා කරමු ..’
එයා එහෙම කියලා මාව වත්තම් කරගෙන ලග තිබ්බ රෙස්ටුවරන්ට් එකට ගියා ….. අනිත් ටේබල් වලින් ඈත්වෙලා පැත්තකට වෙන්න තිබ්බ ටේබල් එකක් ලගට ගිහින් විකුම් අයියා මාව පුටුවක වාඩි කෙරෙව්වා …. මගේ මුහුණ දිහා ටිකක් වෙලා බලාගෙන හිටිය විකුම් අයියා ටේබල් එක උඩ තිබ්බ මගේ අතක් උඩ එයාගේ අතක් තිබ්බා …..
‘හොදටම ශීතල වෙලා …’ හෙමිහිට තොල් මැතිරුව එයා … මොනවද අහන්න වගේ කට හැදුවත් …. ටික වෙලාවක් යනකන් එයාට කතා කරන්න අමතක වෙලා වගේ හිටියේ ….
මට දැනුනේ මම ගොඩක් අසරණ වෙලා කියලා …. මොනවා කරන්නද කියලා මගේ හිතට කිසිම අදහසක් ආවේ නැහැ …
‘දේව් … ’ විකුම් අයියා මගේ නම හෙමින් මතුරද්දී …මම එයාගේ මුහුණ දිහා බැලුවා ..ඒ ඇස් රතුවෙලා අඩන්න ලංවෙලා වගේ තිබ්බේ
‘දේව් ….. ඕනෑම දෙයකට මම ඉන්නවා ….හැමදෙයක්ම වෙන්නේ හොදට කියලා හිතාගන්න ..’
මොකුත්ම නොදැන මගේ හිතට ශක්තියක් දෙන්න එයා එහෙම කිව්වේ මගේ මුහුණින් ඇස් කරන්නේ නැතිවම යි …
‘මම නැති වුනා අයියා ….මම කොහොමද ඉස්සරහට එන ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ … අම්මි …තාත්ති මම ගැන මොනවා හිතයිද …. ‘’
ඉවරයක් නැතිව ඇස් වලින් ගලන කදුළු නවත්වා ගන්න මට උවමනා වුනේ නැහැ ….
‘කියන්න කවුද මේකට වගකියන්න ඕන ….තේමියද ..’ විකුම් අයියා එහෙම ඇහුවේ එයාගේ සැකය තහවුරු කරගන්න වෙන්න ඇති …
‘ ඔව් අයියේ තේමිය අයියා තමා … ’
‘ඌ ඔයාට කරදර කරාද … ‘’
‘නැහැ අපි දෙන්නාගේම කැමැත්තෙන් මේ දේ වුනේ …ඒ නිසා එයා වැරදි නැහැ .. මට පරිස්සම් වෙන්න තිබුනා … මට දුක මම ගැන නෙවේ මගේ තාත්තිලා ගැන ’
‘ අපි තේමිය හොයාගෙන ගිහින් එයාට පැහැදිලි කරලා දෙමු ….. එයා ඔයාට ආදරේ කරා නම් කවදාවත් ඔයාව අත අරින්නේ නැතිවෙයි …’
විකුම් අයියා අඩන මගේ හිත හදන්න හැදුවත් හදාගන්න බැරි විදිහට මගේ හිත දැන් විනාශ වෙලා ගිහින් ඉවරයි … මම ආදරේ කරපු කෙනා මාව විශ්වාස කරන්නේ නැහැ කියලා මට විකුම් අයියාට කියන්න ඕන උනත් මම මොකුත්ම කියන්නේ නැතිව එයා කියන දේවල් අහගෙන හිටියා විතරයි … අඩන හිතට පොඩි හරි ශක්තියක් ආවේ විකුම් අයියා මොන ප්‍රශ්නයක් ආවත් මම දාලා යන්නේ නැහැ කියලා ආයේ ආයේ මට පොරොන්දු දුන්න නිසා ….
‘ දැන් මම අම්මිට කොහොමද මුහුණ දෙන්නේ … මම කොහොමද අයියා මේ දේවල් හංගන්නේ ….’
විකුම් අයිය අපේ ගේ ඉස්සරහා නැවැත්තුවාම බිමට බහින්නේ නැතිව මම එයා දිහා බැලුවේ උත්තරයක් ඉල්ලලා
‘ටික දවසක් කාටවත් මේක දැනගන්න දෙන්න එපා ..අපි තේමිය හම්බවෙලා මේ ප්‍රශ්නේ කතා කරලාම ඉමු …එතකන් පරිස්සමින් ඉන්න ..’
විකුම් අයියා යන දිහා බලාගෙන ඉදලා මම ගෙට ගොඩ වෙද්දී අම්මි තාත්ති නංගි තුන්දෙනාම ඉස්තෝප්පුවේ වාඩිවෙලා බලාගෙන ඉන්නවා ….එයාලාට මුහුණ දෙන්න බැරි නිසාම මම බිම බලා ගත්තා .
‘දේව් …කොහෙද ගියේ …. ’ .
‘මේ විකුම් අයියා එක්ක එලියට ගියා …’ මම බිම බලාගෙනම කාමරේට ගිහින් වමනේ යනවාට ඩොක්ටර් දුන්න පෙත්තක් බිලා ඇදට වැටුනා ..
හදිස්සියේ වත් තේමිය අයියා මාව භාරගත්තේ නැතිවුනොත් මට මොනවාද සිද්ද වෙන්නේ … මම තාත්තා කෙනෙක් නැති දරුවෙක් මේ ලෝකෙට බිහිකලොත් ඒ දරුවාට මිනිස්සු අවජාතකයා කියලා කියාවි ….. අනේ දෙවියනේ මගේ කුසෙන් බිහිකරන දරුවෙක් ඒ විදිහට ලෝකේ ඉස්සරහා අසරණ කරන්න මට ඕන නැහැ … තේමිය අයියා ලග දණින් වැටිලා හරි මාව බදින්න කියලා එයාට කියන්න ඕන …මොන දේ උනත් මගේ දරුවට මේ ලෝකේ අසරණ වෙන්න දෙන්න බෑ ….
මම ගොඩක් වෙලා තීරණයක් ගත්තා …ඒ තේමිය අයියා හම්බවෙන්න ඕන කියන එක …
***
විකුම් අයියා එක්ක කතා කරගත්ත විදිහට අපි නුවර යන්න ලැහැස්ති වුනේ කැම්පස් එකේ වැඩකට කියලා අම්මිට බොරු දාහක් විතර කියලා …. ව්කුම් අයියා බර කල්පනාවකින් හිටියත් මාත් එක්ක වැඩි කතාවක් නැතිවම ඩ්‍රයිව් කරගෙන ගියා ….
‘මම ඔයාට වදයක්ද අයියා …’ විකුම් අයියා මාත් එක්ක කතා නොකරම ඉන්නකොට මගේ හිතට භයක් ආවේ …
‘කව්ද එහෙම කිව්වේ …’ එයා හිනාවෙන්න ට්‍රයි කරනවා මගේ දිහා බල බලා
‘මගේ හිත …’
‘හිතට වැරදිලා වෙන්න ඇති ….’
‘හ්ම්ම්ම්ම් වෙන්න ඇති ….. ’ මම ශටර් එකෙන් එළියේ පහුවෙලා යන දේවල් දිහා ඇස් තියාගෙන හිටියා ….කෑගල්ල …. මාවනැල්ල …. කඩුගන්නාව …පිළිමතලාව …තව ටිකකින් පොල්ගහමුල … ඊට පස්සේ පේරාදෙණිය …. අද හැමදෙයක්ම විසදා ගෙන මිසක් මම පල්ලම් බහින්නේ නැහැ මම එක හිතින්ම හිතුවා …
‘ දේව් …. කෑ ගහලා කරලා ප්‍රශ්න විසදගන්න බැහැ …අපි හෙමිහිට කතා කරලා ප්‍රශ්නේ විසදගමු ..’
තේමිය අයියලාගේ ගෙදර ලග පාරේ කාර් එක නවත්තලා බහින්න කලින් විකුම් අයියා මට අවවාද කරේ මම කෑ ගහලා පිස්සු නටයි කියලා හිතලා වෙන්න ඕන …. තේමිය අයියලාගේ ගෙදර මිදුලේ බෙන්ස් කාර් එකක් නවත්තලා … ඒ කියන්නේ අමුත්තෝ ඇවිල්ලා අද මෙහෙට ..අපි ආවේ වැරදි වේලාවකද මන්දා ..
මම ගේ පැත්තට යන ගමන් විකුම් අයියා දිහා බැලුවා බරපතල පෙනුමක් මුහුණේ තියාගෙන එයා මගේ පස්සෙන් ඇවිදගෙන ආවා …
‘දේව් අක්කි ….ඔයා ආවා අපිව බලන්න එහෙනම් ’ ගෙට ගොඩ වෙන්නත් කලින් මාව දැකපු සදෙව් මල්ලි ඉස්සරහට ඇවිත් මගේ එල්ලුනා ..
‘ඔයාලා බලන්නේ නැතිව කොහොමද මල්ලියෝ …’ මම පොඩි එකාගේ ඔළුව අතගාන ගමන් ගෙට ගොඩවුනා
ගෙදර විසිත්ත කාමරේ අදුරන්නේ නැති මුහුණු කීපයක් එක්ක තිබ්බ හුරුපුරුදු මුහුණක් දැක්කම ,මාව එක තැනම ගල් ගැහිලා ගියා .. එයා ලගම තේමිය අයියා වාඩිවෙලා ඉන්නවා … මාව දැක්ක ගමන් තේමිය අයියා මුහුණ කළු කරගත්තා ….
‘අනේ දේව් …. එන්න එන්න …ඔයා කිව්වේවත් නැහැ නේ අද එනවා කියලා ..’ වසන්තා ඇන්ටි මාව දැකලා ඉස්සරහට ඇවිත් මාව තුරුළු කරගත්තා …
‘මම ආවේ වැරදි වේලාවකද දන්නේ නැහැ …’ මම කතා කලේ උගුර යටින්
‘අනේ නැහැ දරුවෝ …ඔයා ආවේ හොදම වෙලාවට …එන්නකෝ ….එන්නකෝ … මගේ ලේලි අදුන්වලා දෙන්නා …’ වසන්තා ඇන්ටි මාව තුරුල් කරගෙනම අනුත්තරා ලගට එක්කන් යද්දී මට හිතුනේ මාව මරන්න දන්ගෙඩියට අරන් යනවා කියලා
‘අනු දුව මම කිව්වේ ඔයාට අපේ ගෙදර නැවතිලා ඉදලා කැම්පස් ගියා කියලා කිව්වේ මේ දේව් ගැන තමා … ඔයා දන්නවා ද මේයාව ..’
වසන්තා ඇන්ටි අනුත්තරාව මට අදුන්වලා දෙද්දී එයා තේමිය අයියාට ලන්වුනේ මට පේන්න වගේ ..
‘ දේව්ව මම අදුරනවා ඇන්ටි …ගොඩක් හොදටම …නේද තේමි …’ එයා තොදොල් වේවි තේමිය අයියාට තව තව ලංවුනා …
‘ දේව් …. මෙහෙ ඇවිත් තියෙන්නේ එයාගේ අළුත් බෝයි ෆ්‍රෙන්ඩ් එක්කනේ අනු ….අපිට වෙඩින් එක කියන්නද දන්නේ නැහැ ..’ තේමිය අයියා දුෂ්ට විදිගට එහෙම කිව්වම මගේ හිත රිදුනා ඕනෑවටත් වඩා .. විකුම් අයියා පැත්තක ඉදලා රැවුවේ තේමිය අයියට වෙන්න ඕන …
‘ම්ම්ම්ම් …. අපේ දේව්ට කලින් ලොකුට තමා වෙඩින් එක කියන්න වෙන්නේ ..’
ඒ කියන්නේ තේමිය අයියා අනුත්තරා බදින්න කැමති වෙලා …
‘ ඒ කියන්නේ තේමිය අයියා මැරී කරනවාද ලගදීම ..’
‘ඔව් …. දේව්….. ඒ ගැන කතා කරන්න අනුලා ඇවිත් තියෙන්නේ …’
තියාගෙන හිටිය අන්තිම බලාපොරොත්තුවත් නැත්තටම නැතිවෙලා යනවා වගේ මට දැනුනේ …. හැමදෙයක්ම තීරණය වෙලා ඉවරවුනාට පස්සේ කතා කරලා වැඩක් තියෙනවද තවත් … අනික තේමිය අයියා මගේ ආදරේ එපා කියලා වෙන කෙල්ලක් මැරී කරන්න යන්නේ ….
‘විකුම් අයියා මම දැන් මොකද කරන්නේ ….අපි යමු …මම වෙන දෙයකට මුහුණ දෙන්නම් …’
මම විකුම් අයියා ලගට ගිහින් එයා දිහා බැලුවේ තවත් ටික වෙලාවක් මෙතන හිටියොත් මගේ ඔළුව විකාර වෙයි කියලා හිතුන නිසා …
‘ඔයා පැනලා යන්නද යන්නේ … කතා කරන්නෙම නැතිව …’ විකුම් අයියා පුදුමෙන් වගේ ඇස් ලොකු කරලා මගේ දිහා බැලුවේ
‘ තවත් මොනවද කතා කරන්නේ අයියා …එයාගේ වෙඩින් එකට හැමදෙයක්ම ලැහැස්ති කරලා ඉවරයි .’
‘ඔයා වෙනුවෙන් නෙවෙයි …මෙයා වෙනුවෙන් පොඩ්ඩක් ඉවසන්න …. ‘ විකුම් අයියා මගේ බඩ ඇස් වලින් පෙන්නලා එහෙම කියද්දී මම එයා ලගින්ම වාඩිවුනා ….
‘තේමිය අයියා ….මට ඔයාට කතා කරන්න ඕන ..’ අමුත්තෝ ඔක්කොම පිටවෙලා යනකන් බලාගෙන ඉදලා මම කවුරුත්ම නැති වෙලාවක එයාට ලංවුනා … විකුම් පැත්තක ඉදලා අපි දෙන්නා දිහා බලාගෙන හිටියා ..
‘තවත් මොනවද අපිට කතා කරන්න තියෙන්නේ …’
තේමිය අයියා මාව ගණන් ගන්නේ නැතිව ඈත පේන හන්තාන කන්ද දිහා බැලුවා
‘අපිට කතා කරන්න මොනවත්ම නැතිද අයියා …’ මම එයාගේ උරහිස් දෙක අල්ලාගෙන ඒ මුහුණට එබුනා
‘කතා කරන්න තිබුනා …අර ඉස්සරලාම රැග්‍ සීසන් එකේ මගේ ඉස්සරහට ආව ඒ දේව් අද මෙතන හිටියා නම් ..’
තේමිය අයියා දුකින් උනත් තදට කතා කරේ …
‘මගේ දිහා හොදට බලන්න අයියා …මේ ඉන්නෙත් එයාම තමා …’
‘නැහැ ඒ ඔයා නෙවෙයි .. එයා .. හරිම දග අවංක කෙනෙක් …දැන් මගේ ඉස්සරහා ඉන්න දේව්‍ වංචාකාර රැවටිලිකාරියක් ..’
‘තේමිය අයියා මට ඔයාව ඕන …මම ඔයාව රැවැට්ටුවේ නැහැ … මට එක අවස්තාවක් දෙන්න ..මම වැරදි නැහැ කියලා මම ඔයාට ඔප්පු කරන්නම් … ප්ලීස් අයියා එකම එක වතාවක් මම කියන දේ අහන්න .. මම මගේ හැමදෙයක්ම ඔයාට දුන්නා කියලා මතකද ’
මම අත්දෙක එකතු කරගෙන එයා ඉස්සරහා වැද වැටුනා . මහා හයියෙන් අඩාගෙනම
‘මම එදා කිව්වා නේද මගේ ඉස්සරහට එන්න එපා කියලා ….. ඇයි මගේ ඉස්සරහාට ආයෙ ආයේ එන්නේ .. ඔයා මගේ ඉස්සරහට ඇවිත් මොනවා කිව්වත් ආයෙම මට ඔයාව එපාමයි ..’
තේමිය අයියා එයා කියන එක වචනයක්වත් වෙනස් කලේ නැහැ ..
‘තේමිය එක සැරයක් දෙව්දුට කන්දිපන් එයා වැරදි නැහැ කියලා උබට තේරෙයි .’
‘ප්ලීස් විකුම් උබ මට උපදෙස් දෙන්න එපා …උබ නෙවෙයි ශක්‍රයා ඇවිත් කිව්වත් මම මගේ තීරණේ වෙනස් කරන්නේ නැහැ …’
‘උබට දුක් වෙන්න වෙයි තේමිය ….උබට මැරෙනකම් විදවන්න වෙයි … උබට බැහැ දේව් අහක දාන්න …’
‘මම දැන් අහක දාලා ඉවරයි …දැන් උබ ඒකිව බලාගනින් …මම හපලා විසිකරපු චුයින්ගම් එකක් …කවුරු හරි කෑවා කියලා මට දුකක් දැනෙන්නේ නැහැ …’
තේමිය අයියාගේ ඒ වචන වලින් මගේ කන්දෙක පිරෙද්දී මගේ දකුණු අත තේමිය අයියාගේ කම්මුල උඩ චටාස් ගාලා නතරවුනා ….
‘තමුසේ මහා ජරා මිනිහෙක් …මට මන් ගැනම තරහයි ….අනේ මම ඔයා වගේ මිනිහෙක්ට ආදරේ කලානේ …. එන්නේ නැහැ තමා ….ආයේ එන්නේ නැහැ …තමුන් ඉදිරියට මම එන්නේ නැහැ …මැරෙන්න වැටිලා හිටියත් පාරක… ‘’
මම උගුර යටින් බෙරිහන් දෙද්දී තේමිය අයියා කම්මුලත් අල්ලාගෙන ඇස් ලොකුකරගත්තා …. එයා කවදාවත් හිතන්න නැතිව ඇති මම මේ විදිහට කෑ ගහයි කියලා ..
‘තේමිය …..දන්නවද …. දේව් …උබ නිසා ….. අ …’ විකුම් අයියා කියන්න යන දේ ඒ පව්කාර කන් වලට ඇහෙන්න හොද නැහැ මට ඒ වෙලාවේ හිතුනේ එහෙම
‘ විකුම් අයියා එපා …එපා …මොකුත්ම කියන්න එපා ….අපි යමු …’ මම විකුම් අයියාගේ අතින් ඇදගෙන තේමිය අයියලාගේ ගේට්ටුවෙන් එලියට ආවේ එයා ගල් ගැහිලා වගේ බලාගෙන ඉද්දි … මට තවත් එකසැරයක්වත් තේමිය අයියා දිහා බලන්න ඕන උනේ නැහැ …. සමහර විට ඒ මුහුණ දැක්කාම මගේ හිත ආයේ ආයේ රිදෙන්න පුළුවන් ..
‘ඔයා කලබල උනා වැඩිද මන්දා …’ විකුම් අයියා මගේ දිහා බැලුවේ දුක් ඇස් වලින් …
‘මම හරි තීරණයක් ගත්තේ …මාව පහත් කරපු මිනිහෙක් ලගට යන්න ඕන නැහැ මට ..’ මම ස්ථිර විදිහට එහෙම කිව්වම .. තවත් මොකුත්ම කියන්නේ නැතිව විකුම් අයියා කාර් එක ඩ්‍රයිව් කලේ ලොකු කල්පනාවකින් ..
අදින් පස්සේ මගේ ජීවිතේට මොනවා වෙයිද කියලා මම දන්නේ නැහැ .. හැබැයි මම ද දැනගෙනහිටියා ඕනෑම දුකක් දරාගෙන ජීවිතේට මුහුණ දෙන්න මගේ හිත ගොඩක් ශක්තිමත් කියලා ….. ‘
මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *