~දෙව්දූ ~~43 කොටස

~~~~~දෙව්දූ ~~~~~~
43 කොටස
ගෙදරින් එළියට බැස්සා උනත් මට යන්න කියලා තැනක් තිබුනේ නැහැ ….. මගේ කියලා ඉතිරි වෙලා තිබුනේ ඇදන් හිටිය ඇදුම විතරමයි … අතේ සතයක්වත් නැතිව මම දැන් මොනවාද කරන්නේ .. තේමිය හම්බවෙන්න යනවාද … නැහැ …මට තේමිය අයියා ආයේ දකින්න ඕන නැහැ …එයා මාව එක සැරයක් නෙවෙයි කීප සැරයක් ප්‍රතික්ෂේප කළා ….තවත් එයා ඉස්සරහට ගිහින් එයා ඉදිරියේ පින්සෙන්ඩු වෙන්න නම් මට ඕන නැහැ …. තවත් මට මේ දේවල් දරාගන්න නම් බැහැ …
මට මතක් වුනේ හිමායා … එයාගේ ගෙදර තිබ්බේ කැලණියේ .. දැන් ඉතින් කරන්න තියෙන්නේ හිමායා හම්බවෙලා වෙච්ච දේවල් පැහැදිලි කරලා දීලා … උදව් ඉල්ලන එක ….. කාගෙන්වත් උදව් ඉල්ලන්න මගේ හිතේ කැමැත්තක් නැතත් … කරන්න තියෙන එකම දේ කාගේ හරි පිහිටක් බලාපොරොත්තු වෙන එක …
අතේ පිච්චියක්වත් තිබ්බේ නැති නිසා මට හිමායගේ ගෙදර යන්න තිබුනේ කකුල් දෙකේ පිහිට විතරයි …. මාස තුනක විතර බඩකුත් උස්සගෙන කකුල් රිදුම් දෙද්දී මම හිමායාගේ ගෙදර හොයාගෙන ගියා …
‘දේව් මොකද මේ ….. පිස්සියක් වගේ ..’
මාව දැක්ක ගමන් හිමායා පුදුම වෙලා වගේ මගේ දිහා බලාගෙන හිටියා ..කවදාවත් මම මේ විදිහට ඉන්නවා දකින්න හිමායා බලාපොරොත්තු වෙන්න නැතිව ඇති ….
‘මට වතුර එකක් දීපන් හිමා ….’ හිමා ඇහුව ප්‍රශ්නෙට උත්තරයක් නොදී මම නළලේ තිබ්බ දහඩිය පිහලා දැම්මා …..
‘ ඉස්සරලාම මෙතන වාඩිවෙලා හිටපන් …’
හිමායා ෆ්‍රීජ් එක ඇරලා ගත්ත ශීතල වතුර වීදුරුව මගේ අතේ තියන ගමන් විමසිල්ලෙන් මගේ දිහා බැලුවා …
‘කියපන් මොකද වුනේ …’ හිමායාගේ වචන වල තිබ්බේ කුතුහලයක්
‘මට හැමදෙයක්ම නැති වුනා හිමා .. තාත්ති මට ගෙදරින් එළියට බහින්න කිව්වා ..’ ලොකු කදුළු බින්දු දෙකක් කම්මුල උඩ නතර වෙද්දී මම හයියෙන් හුස්ම ගත්තා
‘මොන කුණුහරුපයක්ද බන් උබ කියන්නේ …. තේරෙන සිංහලෙන් කියපන් වෙලා තියෙන දේ ..’ හිමායා ගේ කටහඩේ තිබ්බේ බයක් ..
‘මට බඩේ බබෙක් …. ඒක දැනගත්ත වෙලාවේ තාත්ති මට ගෙදරින් එලියට බහින්න කිව්වා …’
මගේ කටහඩ ඒ වෙලාවේ ගොඩක් අසරණ වෙලා තිබ්බේ
‘මොන…#&&# මේ කියන්නේ …උබට බබෙක් හම්බවෙන්නේ හුලගෙන්ද ….’ හිමායාගේ කටහඩ පුදුමෙන් පිරිලා තිබ්බේ
‘නෑ බන් මම වැරද්දක් කළා … ඒ වැරැද්ද මට නිවැරදි කරගන්න බැරි එකක් කියලා මතක් වෙද්දී මම ගොඩක් පරක්කුයි .. ප්ලීස් …. මට ටික දවසකට මෙහෙ ඉන්න දීපන්…. මම ඉක්මනට ජොබ් එකක් හොයාගෙන යන්නම් ..’

හිමායාගේ අත්දෙකෙන් අල්ලගෙන ආයාචනා කරද්දී හිමායා මොකුත් කතා කරගන්න බැරිව වගේ ටික වෙලාවක් යනකන් කටවහගෙන හිටියා ..
‘දූ…..පොඩ්ඩක් මෙහෙ එනවාද ..’
හිමායාගේ අම්මාගේ කටහඩ කුස්සිය පැත්තෙන් ඇහෙද්දී .. මගේ අත්වල පැටලිලා තිබ්බ එයාගේ අත්දෙක ගලවාගෙන හිමායා කුස්සිය පැත්තට ගියා …
‘අම්මා ප්ලීස් …දේව් මගේ යාළුවා …එයා කවදාවත් මගෙන් උදව්වක් ඉල්ලලා නැහැ …මම කොහොමද කියන්නේ අම්මා කියන දේවල් ..’
කුස්සිය පැත්තෙන් හිමායාගේ කටහඩ උස් හඩින් ඇහෙද්දී මම ඒ දෙන්නාගේ කතාවට කන්දෙන්න ට්‍රයි කළා
‘උබ කොහොමද ඔය වගේ තනි තීරණ ගන්නේ … උබට බැදපු නැති අයියලා දෙන්නෙක් ඉන්නවා … උබ කොහොමද කියන්නේ ඔය යාළුවා උබේ අයියලා දෙන්නට බැල්ම දාන්නේ නැතිවෙයි කියලා ..’
‘අම්මා දේව් නරක කෙල්ලක් නෙවෙයි ..’
‘නරක කෙල්ලක් නෙවෙයි නම් …..කොහොමද බඩක් එන්නේ … තාත්තෙක් නැති දරුවෙක්ව බඩක තියාගෙන ඉන්නේ හොද කෙල්ලක් නිසාද ..’
‘ අම්මා කෑ ගහන්න එපා ….දේව්ට ඇහෙයි …’
‘ඇහෙන්න තමා කියන්නේ …… මේ ගෙදර මිනිස්සුන්ට පාරක බැහැලා යන්න පුළුවන් විදිහට වැඩ කරපන් …’
හෙමින් පටන් ගත්ත කුසුකුසුව බහින්බස් වීමක් වෙනකන් දුරදිග ගියේ හිතාගන්නවත් බැරි විදිහටයි …මම නිසා හිමායා අම්මා එක්ක එකට එක කියාගන්නවා …. ඉතින් තවත් මෙතන ප්‍රශ්න වැඩි කරනවට වැඩිය මෙහෙන් පිටත්වෙලා යන එක තමා හොද ..
හිමයාටත් නොකියා මම එයාලගේ ගේට්ටුවෙන් පාරට බැස්සා .. තව ටික කාලෙකින් මගේ බඩ ලොකු වෙන්න පටන් ගයි …. එතකොට මිනිස්සු මාව තවත් පහත් කරලා කතා කරයි … මට පද හදයි …මගේ දෙමව්පියෝ ,තේමිය අයියා , වගේම තවත් ගොඩක් අය මාව අහක දායි .. දැන් කරන්න තියෙන්නේ මේ දරුවාගෙන් නිදහස් වෙන එක ….ඒකට ක්‍රමයක් හොයාගන්න එක තමා දැන් තියෙන්නේ … මොනවා කරන්නත් සල්ලි ඕන …ඒත් කෝ මට සල්ලි … මගේ අත නිරායාසයෙන්ම ගියේ බෙල්ලට … පුංචි කාලේ තාත්ති මගේ කරට දැම්ම පංචායුදය උණුකරලා හැදුව කරමාලයට මම ගොඩක් ආශා කළා … මගේ කියලා වටිනා දෙයකම මම දැම්මේ ඒ පුංචි මාලේ විතරයි …
‘මට සමාවෙන්න තාත්ති …’ මම හිතින් මුමුණ මුමුණ උකස් බඩු කඩේකට ගොඩවුනා …
‘මේ මාලේ උකස් කරන්න පුළුවන්ද …’ මම අතේ ගුලි කරගෙන හිටිය මාලේ කැෂියර් ටේබල් එක උඩ තියද්දි එතන හිටිය වයසක මනුස්සයා මගේ දිහා බලන ගමන් චේන් එක අතට ගත්තා
‘මේකට පන්දාහක් දෙන්න පුළුවන් .. ’
‘ඕක ඊට වඩා වටිනවා නේ …’
‘ඒ වුනාට නෝනා දැන් රත්තරන් වල වටිනාකම ගොඩක් අඩුවෙලා තියෙන්නේ …. පන්දාස් පන්සියක් දෙන්නම් අන්තිම …’
‘එහෙම කරන්න එපා මුදලාලි මට රුපියල් දහදාහක් දෙන්න …’ මම බැගෑපත් වුනා …කවදාවත් දැනිලා නැති දුකක් මට මං ගැනම ඇතිවෙලා තිබ්බේ
‘යනවා යනවා … මම කිව්ව ගානට වැඩිය සතයක්වත් දෙන්න බෑ …’ මුදලාලි නෙක්ලස් එක මගේ පැත්තට තල්ලු කරලා එතනට ආව තව කෙනෙක් එක්ක කතාවට වැටුනා …
‘උබ හරිම පව්කාරයෙක් …. උබ බඩට ආවට පස්සේ මම කරන කියන දේවල් ඔක්කොම වැරදුනා ….. මගේ පවුලේ අය මාව අහක දැම්මා …උබේ තාත්තා මාව අහක දැම්මා …මම උබට වෛර කරනවා …’
මගේ කුසේ තියෙන කළලය ගැන මට දැනුනේ වෛරයක් … මගේ ජීවිතය කාලකණ්නි කරන්න ආපු පව්කාරයා …. කුසේ හිටිය දරුවා ගැන ද්වේෂයකින් හිත පිරිලා යද්දී මම උකස් බඩු සාප්පුවෙන් එලියට බැස්සා …දේව් උබ අඩන්න එපා ..මිනිස්සු උබව තලාවී පෙලාවී …ඒ උනාට කවදාවත් පරදින්න එපා ..උබේ ඇස් වලින් ගලන ඔය කදුළු අපරාදේ …ආයේ කවදාවත් උබ අඩන්න එපා … මිනිස්සු උබේ ඔය කදුළු වලට හිනාවේවී …. ඒ නිසා හැමදේටම අඩන දුර්වල ගැහැනියක් වෙන්න එපා .. හිතට ශක්තිය ගනින් … මම මගේ හිතත් එක්ක ගිවිසුම් ගැහුවා …..
හිතුවෙවත් නැති තරම් ඉක්මනට කොළඹ අහස කළු වුනා …මම නවතින්නේ කොහෙද කොහෙද කියලා නොදැනම කකුල් දෙක රිදෙනකන් පාර දිගේ ඇවිදගෙන ගියා …. දැන් කරන්න තියෙන්නේ නුවර යන එක ….අමාලි මාව අහක දාන එකක් නැහැ … මම කොටුව බස් හෝල්ට් එකට ආවේ ඉහින් කනින් දාඩිය පෙරාගෙන …
‘නුවර නුවර නුවර ….නුවර යන අය ඇවිත් නගින්න … එන්න නංගී නගින්න ෂිට් තියෙනවා …’ කොන්දා උගුර ලේ රහ වෙනකන් මහා හඩින් බෙරිහන් දෙනවා ..දෙපාරක් හිතන්නේ නැතිව මම නුවර බස් එකට නැග්ගා ….
‘ටිකට් …ටිකට් …ටිකට් ගන්න …’ කොන්දා මගේ ලග නැවතිලා හයියෙන් කෑ ගැහුවේ මම බිරෙක් කියලා හිතලා වගේ
‘ අයියේ ….මගේ පර්ස් එක වැටිලා ..’ මම බොරුවක් ගෙතුවා …
‘නංගි මේක පිං බස් සේවයක් නෙවෙයි ….පොත්ත සුදට තිබ්බාට හොර ගතිය මුහුණේ තියෙන්නේ බහිනවා බහිනවා බස් එකෙන් එළියට …’
මුළු බස් එකටම ඇහෙන්න කොන්දා බෙරිහන් දුන්නා …කවදාවත් මම මේ තරම් ලැජජාවට පත්වෙලා නැහැ …මුළු බස් එකේම මිනිස්සු මගේ දිහා බලනවා .. ලැජ්ජාව නිසාම බිමට ඔරවාගෙන මම බිමට බැස්සා
‘හිතන්න ඇති හොරට බස් එකේ යන්න …අනේ මෙහෙමත් කෙල්ලෝ ඉන්නවා නේ ..’
වටේ හිටිය මිනිස්සු කතා කියද්දී හිතට ආව තරහට මං දත්මිටි කන ගමන් බස් ස්ටේෂන් එකේ බංකුවක වාඩිවෙලා ඈත බලාගෙන හිටියා … ඒ වෙද්දී මම මුළු ලෝකෙටම වෛර කරන්න පටන්ගෙන තිබ්බේ …
‘ඇයි අම්මි ඔයාගේ දේව් අහක දැම්මේ …මට සමාව දෙන්න බැරි උනේ ඇයි ඔයාටවත් ….ඔයාගේ බෝනික්කි අද දුක් විදිනවා …මේ ලෝකේ හරි නපුරුයි අම්මි …. ඒත් ආයේ ඔයාගේ දේව් අඩන්නේ නැහැ මගේ අම්මි …. මේ කදුළු වලට කිසිම වටිනාකම් නැහැ … මගේ හිත ගලක් අද ඉදලා මේ ගල උනුවෙන්නේ නැහැ .. ’
මම හිතට ආපු දේවල් තනියම තොල් මැතිරුවා ….
‘කෙල්ලේ ගාන කියද …’ මම වාඩිවෙලා හිටිය බංකුවේ වාඩිවෙලා මගේ දිහා බලාගෙන හිටිය අවුරුදු හතලිහක විතර පෙනුමක් තිබ්බ මිනිහාගේ මුහුණේ තිබ්බ සල්ලාල කමක් …
‘මොන ගානද අංකල්…..’ මම ඇහුවේ මිනිහා ඇහුව දේ නොතේරුන නිසා …
‘මොකක්ද කෙල්ලේ …නොදන්න ගානට රගපාන්නේ … උබ ඉල්ලන ඕනෑම ගානක් දෙන්නම් …’ මිනිහා මම හිටිය තැනට ලංවෙලා වාඩිවුනේ මගේ ඇගේ ගෑවෙන නොගෑවෙන ගානට
‘අංකල් කියන දේවල් මට තේරෙන්නේ නැහැ …’ මම ටිකක් ඈත්වෙලා වාඩිවුණේ දැනුන සැර මත්පැන් ගද නිසා
‘උබ බබාද ….. අනේ මේ …මෙන්න මෙහාට වරෙන් …’ මිනිහා මගේ අතකින් අල්ලද්දී ඒ අත ගසලා දාලා මම එතැනින් ඉස්සරහට අඩියක් තිබ්බා …
‘නැවතියන් කොහෙද යන්නේ ….. ’ මිනිහා මගේ පස්සෙන් එනබව තේරුණත් මම පිටිපස්ස බලන්නේ නැතිවම පාරේ ඉස්සරහට දුවගෙන ගියා
කොළඹ ටවුන් එක ඒ වෙලාවේ දවල් කාලේ තරමටම ආලෝකමත් වෙලා තිබ්බත් කරදරයකදී නැවතිලා බලන තරම් සංවේදී හිතක් තියෙන මිනිස්සු මේ කොන්ක්‍රීට් වනන්තරේ ගොඩක් අඩුයි කියලා මම හොදටම දැනගෙන හිටියා …
මම හති වැටෙනකන් දුවලා දුවලා ගිහින් නැවතුනේ අර මිනිහා එන්නේ නැහැ කියලා හොදටම තේරුනාට පස්සේ …. තවත් නම් අඩියක්වත් මට ඉස්සරහට යන්න තරම් ශක්තියක් නැහැ … මම පේමන්ට් එක උඩ වාඩිවෙලා කකුල් දෙක උඩ මුහුණ හංගගෙන හති ඇරියා .. .. පාරේ ඉන්න කාලකන්ණි හිගන්නියකට දැනෙන තරම් පහත් දුෂ්ට හැගීම්වලින් හිත පිරිලා යද්දී මම මුළු ලෝකෙටම වෛර කරා …
‘වරෙන් යන්න … අපිත් එක්ක …. උබ හිතුවාද මගෙන් බේරෙන්න ….’ මගේ ඉස්සරහ නවත්තපු ත්‍රිවිල් එකෙන් බැහැලා ආවේ මගේ පස්සෙන් ආව මිනිහා මොකුත්ම කියාගන්න බැරි විදිහට මගේ කට අතකින් වහගද්දි හෙල්ලෙන්න බැරි විදිහට තවත් කවුදෝ මාව අල්ලගෙන වීල් එක අස්සට දාගත්තා .
‘හොටෙල් එකට යමු ….’
ත්‍රිව්ල් ස්ටාර්ට් කරලා ඉස්සරහට ඩ්‍රයිව් කරගෙන යද්දී … මගේ කට රෙදි කෑල්ලකින් බැදලා දැම්ම මිනිහා හෙල්ලෙන්වත් බැරි විදිහට මාව අල්ලාගත්තා … මොකක් හරි මහා විපතක් වෙන්න යන බව මගේ හිත කියද්දී මුළු හිතම නොදන්න බයකින් පිරිලා ගියා
‘මැඩම් ඉන්නවාද ..’
ගේට්ටුවෙන් ඇතුලට ත්‍රිව්ල් එක දාපු මිනිහා එතැන හිටිය සිකුරිගෙන් අහද්දී මිනිහා ඔළුව හෙල්ලුවා …
‘වරෙන් යන්න ඇතුලට …’ බලෙන්ම මාව ඇදගෙන හෝටලය ඇතුලට ගිය මිනිහා නතර වුනේ ඒ සි රූම් එකක් ඇතුලේ
‘සිරිල් …වරෙන් …වරෙන් …මම බලාගෙන හිටියේ එනකන් …මේයා ගැනද උබ කෝල් කරලා කිව්වේ …’ මගේ ඔළුවේ ඉදලා කකුල් වෙනකන් කෑදර බැල්මකින් බැලුව මහත ගැහැණි මගේ දිහා බැලුවා
‘ නියමයි සිරිල් හොද එකක් නේ අද උබ ගෙනල්ලා තියෙන්නේ …මෙන්න උබ ඉල්ලුව ලක්ෂෙන් පනස් දාහක් ඉතුරු එක මෙකි ජොබ් එක පටන්ගත්තාට පස්සේ …’
චෙක් එකක් ලියලා සිරිල් අතේ තිබ්බට පස්සේ සිරිල් යන්න ගියා
‘ජනිතා එවන්න … ’ මැඩම් කියන ගැහැණි ෆෝන් එක අතට අරන් කාටද කතා කරා …. ටික වෙලාවකින් කාමරේ ඇතුලට ආවේ කෙට්ටු උස රූමත් තරුණියක් ….
‘මැඩම් කතා කරාද …’
‘ආ …ඔව් ජනිතා මේ කෙල්ලව …හොදට ට්‍රේනින් කරලා ගනින් …මොකක්ද කෙල්ලේ උබේ නම ..’ මගේ මුහුණ අතකින් උස්සලා ගැහැණි මගේ දිහා බැලුවේ ජරා විදිහට …
‘මාව මොකටද මෙහෙ ගෙනාවේ …මට මොනවාද ට්‍රේනින් කරන්නේ ….’ මම මහා හයියෙන් කෑ ගහලා ඇහුවේ මට මේ දේවල් තේරුනේ නැති නිසා
‘ඒක ජනිතා කියලා දෙයි … ජනිතා මෙයාව එක්කන් යන්න ..’
මැඩම් එහෙම කිව්වම ජනිතා මාව එකතු කරගෙන කාමරයක් ඇතුලට ගියා … සුපෝඛභෝගී ගෙදරක් තරම් ලස්සනට නිර්මාණය කරලා තිබ්බ කාමරේ ඇතුලේ පුදුම තරම් ලස්සනක් තිබ්බත් …තැනින් තැන අලවලා ප්‍රසිද්ධ නිළියන්ගේ අඩ නිරුවත් පින්තුර මගේ හිතට අපුලක් ගෙනාවේ …
‘වොෂ් එකක් දාගෙන …මේක ඇදගන්න …’ ජනිතා මගේ අතේ තිබ්බ ගවුම ඇගේ කොටස් නිරාවරණය වෙන විදිහට අදින්න මහලා තිබ්බ එකක් …
‘මට මේක අදින්න බැහැ …’මම මුරණ්ඩු විදිහට එහෙම කියලා ගවුම විසිකරා …
‘මැඩම්ට ඇහුනොත් මොනවා වෙයිද දන්නේ නැහැ …එයා හරි සැරයි …ප්ලීස් ඕක ඇදගන්න ..’
ජනිතා ලොකු දුකකින් මගේ දිහා බලලා එහෙම කියද්දී මම කිසිම දෙයක් කියන්නේ නැතිව පැත්තක තිබ්බ පුටුවක වාඩිවුනා ….
‘ඔයා හින්දා මටත් බැනුම් අහන්න වෙයි …’
‘අක්කා …මේ මම ඉන්නේ කොහෙද … අනේ මොනවාද මට මේ කරන්න යන්නේ ..’
මම ගොඩක් අසරණ විදිහට එහෙම අහද්දී …. ජනිතා මගේ ලගින් ඇවිත් වාඩිවුනා
‘ඔයා ඉන්නේ කෙල්ලො මිනිස්සුන්ට ඇග විකුණන තැනක ….ඔයා දන්න විදිහට මේක ගණිකාවෝ ඉන්න තැනක් ….’ ජනිතා එහෙම කියද්දී මගේ මුළු ඇගම ශීතල වෙලා ගිහින් ක්ලාන්ත ගතියක් දැනුනේ …මම මේ මොන අපායකට වැටුනේ … මොන දෙයක් කරලා හරි මෙතනින් පැනලා යන්න ඕන …
‘මට ගණිකාවක් වෙන්න බෑ …. මම වදින්නම් මට උදව් කරන්න …. ’
මම අත්දෙක එකතු කරලා ජනිතා ඉස්සරහා පිංසේන්ඩු වුනා …
‘මම කොහොමද ඔයාට උදව් කරන්නේ ..මේක ඔයාගේ දෛවය කියලා හිතලා හිත හදාගන්න …’
ජනිතා එහෙම කිව්වේ ගොඩක් දුකින් ….
‘අක්කා …මට කරදරයක් වෙන්න දෙන්න එපා …මගේ බඩේ දරුවෙක් ඉන්නවා .. අනේ මට අනුකම්පා කරන්න ….’
‘ හ්ම්ම්ම් මට තේරෙනවා ඔයා කියන දේ …මම ඔයාට උදව් කොලොත් මැඩම් මාව ඉතිරි කරන එකක් නැහැ … හරි මම ඔයාට උදව්වක් කරන්නම් ඔයා පැනලා යන්න කොහොම හරි …’
‘ඒ කොහොමද අක්කේ ….ඔයාට පිංසිද්ද වෙයි ..’
‘මම ඔයාව එළියට යවනවා සර් කෙනෙක් එක්ක …කොහොම හරි ඔයා බේරිලා යන්න …දැන් හොද ළමයා වගේ ඔය ගවුම ඇදගන්න …’
‘ප්‍රොමිස් වෙන්න …’
‘ප්‍රොමිස් …’
ශීතල වතුරෙන් ඇග තෙමාගෙන ජනිතා දුන්න ගවුම ඇදගත්තාම මට මාව පෙනුනේ අදුරගන්න බැරි තරම් වෙනස් විදිහට ….. දණහිසටත් අගල් ගානක් උඩින් තිබ්බ ගවුම කලවෙන් භාගයක් විතර නිරාවරණය කරලා තිබ්බා ….
‘ජනිතා කෙල්ලව ලැහැස්ති කරාද ..’ මැඩම් කාමරේට ආවේ මම බාත්රුම් එකෙන් එලියට එද්දීමයි ..
‘ඔව් මැඩම් ..’
‘පිස්සු හැදෙනවා නේ …මොඩ්ලින් කරන කෙනෙක් වගේ …. උබට කොල්ලෝ පිස්සු වට්ටවන්න පුළුවන් බොඩි එකක් තියන්නේ …’
අර සල්ලාල ඇස් දෙකෙන් මැඩම් මගේ දිහා බලාගෙන හිටියේ ඇස් දෙකෙන් මාව නිරුවත් කරන්න වගේ ..
‘මැඩම් මිස්ටර් ජේමිස් අද කෙල්ලක් ඉල්ලුවා ….අලුත් කෙනෙක් ඕන කිව්වේ ..මෙයාව යැවුවොත් මොකද වෙන්නේ …’
‘ ආ … ගාන ඩබල් කරලා කියන්න …. මම කාර් එක ලැහැස්ති කරන්නම් ජනිතා කෙල්ලව ලැහැස්ති කරන එන්න ..’
මැඩම් කතා කරද්දී හිතට එන කේන්තිය අමාරුවෙන් පාලනය කරගෙන මම බලාගෙන හිටියේ …මොකුත් කිවොත් අපේ ප්ලෑන් එක අවුල් වෙයි කියලා හිතුන නිසා … මැඩම් කාමරෙන් ගියාට පස්සේ ජනිතා මගේ ලගට ලංවුණා …
‘බේරෙන එක ඔයා අතේ තියෙන්නේ … ’
මම ඔළුව හොල්ලලා ඒ අභියෝගය භාරගත්තා ….
‘දැන් යමු …’ මම ජනිතා අක්කා පස්සේ බිම බලාගෙන ගියා ….
*********
කාර් එක ගිහින් නතර වුනේ මුහුද අයිනේ තිබ්බ ලොකු ගෙදරක් ලග කියන එක මම දැනගත්තේ නවතින්නේ නැතිව ඇහෙන මුහුදේ රැල්ලේ හඩ නිසා ….
‘ඇතුලට යන්න …’ දොර ලගට මාව ඇරලුව ඩ්‍රයිවර් ඇතුලට යන මගේ දිහා බලාගෙන හිටියා … ගේ ඇතුලේදී මගේ ඉස්සරහට ආවේ නිල ඇදුමක් ඇදගත්ත සේවකයෙන් …
‘මැඩම් වාඩිවෙලා ඉන්න ….සර් පහලට එයි … ‘’
සර්වනට් එහෙම කියලා ගියාට පස්සේ මම කරන්න ඕන දේ තීරණය කළා….වටපිට බලලා කවුරුත්ම නැහැ කියලා දැනගත්ත ගමන් මම කලේ එලියට පනින එක …. ලොකු ගේට්ටුව ලග හිටිය සිකුරුටි නිසා එතනින් යන එක ගැන හිතන්න අමාරුයි …. තාප්පේ අයිනට වෙන්න තිබ්බ අබ ගහ …පැනගන්න තියෙන එකම මාර්ගය ඒක ….දෙපාරක් හිතන්නේ නැතිව මම ගහට අඩියක් තිබ්බා අබ අත්තක ඇමිණිලා බරාස් ගාලා ගවුම ඉරිලා ගියා කියලා දැනුනත් මම ඒ ගැන හිතන්න ගියේ නැහැ … තවත් ටික වෙලාවකින් තාප්පෙට අඩියක් තියලා දෙපාරක් හිතන්නේ නැතිව බිමට පැන්නට පස්සේ තමා මට මතක් වුනේ බඩේ දරුවෙක් ඉන්නවා කියන එක …
තවත් හිතන්න මට ඕන උනේ නැහැ .. හිතේ තිබ්බ මුළු ශක්තියම ඇගට අරන් මම වැල්ල දිගේ දුවගෙන ගියා …. ජීවත්වෙන්න තිබ්බ ආශාව නැත්තටම නැතිවෙලා ගිහින් තිබ්බත් මට සල්ලාලයෙකුට මගේ ඇග බිලිදෙන්න ඕන උනේ නැහැ …
ඉස්සරහට ආව කෙනෙකුගේ ඇගක වැදිලා මාව වැටෙන්න යද්දී ඒ කෙනා මගේ අතකින් අල්ලලා මාව වැටෙන්න දෙන්නේ නැතිව එයා ලගට ඇදගත්තා …. මාව බිලිගන්න අර යක්ෂයෝ ඇවිල්ලද …මරාගෙන මැරෙනවා මම … මම බේරිලා දුවන්න හැදුවේ හැප්පුන කෙනා දිහාවත් බලන්නේ නැතිව
‘මට යන්න දීපන් …’ මම උගුර යටින් මහා හයියෙන් බෙරිහන් දුන්නේ කවුරු හරි මාව බේරාගන්න එයි කියල හිතිලා ..
‘රිලැක්ස් වෙන්න ….ප්ලීස් රිලැක්ස් වෙන්න දේව්…කවුරුත්ම ඔයාට මොකුත් කරන්නේ නැහැ …’ මගේ කනට ඇහුනේ ශාන්ත කටහඩක් …. මුහුණ හෙමින් උස්සලා මම ඒ කෙනා අදුරගන්න ට්‍රයි කළා ..
‘විකුම් අයියා …. ’ මම එයාගේ පපුවට තුරුල් වුනේ කිසිම දෙයක් හිතන්නේ නැතිව … එකම කදුළක්වත් ඇස් වලට ඉනුවේ නැති වුනාට එයා ලගදි හිතට මහා ලොකු සැහැල්ලුවක් දැනුනේ …
‘ දේව් බයවෙන්න එපා ….මම ඉන්නව නේ ඔයා ලග …..මම ඉද්දි කාටවත් කරදර කරන්න බෑ …’
විකුම් අයියා මෘදු විදිහට මගේ කොන්ඩේ අතගෑවා …
‘අයියා මට ගොඩක් බයයි … අපි යමු මෙහෙන් ’
‘දැන් මම කිව්වානේ …බය වෙන්න එපා කියලා .. මම ඉන්නවා නේ …. දන්නවාද මම කොච්චර බයෙන්ද හිටියේ ඔයාව මට නැති වුනා කියලා හිතුනා මට … ‘’
‘ඔයා මාව හෙව්වද අයියා ..’
‘හවස ඔයාගේ නංගි කෝල් කරලා ඇහුවා ඔයා ආවාද කියලා ….මම කිව්වා නැහැ කියලා …කෙල්ල ඇඩුවා ඔයාව හොයලා දෙන්න කියලා ….එයා මට වෙච්ච දේවල් ඔක්කොම කිව්වා … ඔයාට තිබ්බා නේද මට එකම එක කෝල් එකක් දෙන්න …ඇයි මාව විශ්වාස නැති නිසාද මට කතා කරේ නැත්තේ .. මුළු කොළඹම ඔයාව හොයලා හොයලා අන්තිමේට මෙතනට ඇවිත් කල්පනා කර කර ඉද්දි තමා ඔයා ඇවිල්ලා මගේ ඇගේ හැප්පුනේ .. හරියට දෙවියෝ එව්වා වගේ … හිතේ තිබ්බ බර දැන් තමා නැතිවෙලා ගියේ ’
විකුම් අයියා වචන ගොඩක් බර කරලා කතා කරද්දී මට අපි දෙන්නා ගැනම දුකක් ආවේ …එයා මම වෙනුවෙන් කොච්චර දේවල් කරනවද ….ඒත් මම මොනවාද කලේ …

‘තාත්ති මට ගෙදරින් යන්න කිව්වා අයියා …මට ඒ වෙලාවේ හිතට මොකුත්ම ආවේ නැහැ … මට සමාවෙන්න …. බය හිතෙන දේවල් ගොඩක් වුනා ..’’ මම සිද්දවුන හැමදෙයක්ම කෙටියෙන් එයාට පැහැදිලි කළා

‘ඔයාට කරදර කරපු උන්ට හොද පාඩමක් උගන්වනවා ….. දැන් බය නැතිව ඉන්න … අද ඉදලා මම කියන විදිහට වැඩ කරන්න ඕන හරිද ..’
එයා එහෙම කියද්දී මට බෑ කියලා කියන්න බැරිවුණා
‘මොනවද මම කරන්න ඕන ..’
‘අද ඉදලා ඔයාගේ බඩේ ඉන්න දරුවාගේ තාත්තා මම … කාටවත් මොකුත්ම කියන්නෙපා … හැමදෙයකම වගකීම මට දෙන්න …’
විකුම් අයියා එහෙම කියද්දී මට අඩන්න ඕන උනත් එකම කදුලක්වත් හෙලන්නේ නැතිව එයාගේ පපුවට තුරුළු වෙලා හිටියා විතරමයි … මේ වෙද්දී අත්දැකීම් වලින් මම දැනගත්තා එකම එක දෙයක් …ඒ .. …පිරිමියෙකුගේ රැකවරණයක් නැතිව කෙල්ලෙකුට ජීවත්වෙන්න බැරිබව ….
මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *