~~~දෙව්දූ~~~~11 කොටස

‘හම්මේ බලපන්කො අපේ මොණරිගේ මල් හිනාව …මොකද උනේ …..මගදී අනංගයා ඊතලයක් වත් විද්දද උබට …’
මාව දැක්ක ගමන් මලිෂ් කියවන්න පටන් ගත්තා …. මලිෂ් අපේ සෙට් එකේ හිටිය කටකාරම කොල්ලා …ඌට කියවන්න ගත්තාම කවුරැ ඉන්නවාද නැද්ද නැහැ ඔහේ කියෝනවා …
‘ අන්න උබේ බෝක්කු කටට මැස්සෙක් රිංගන්න දගලනවා … ඉක්මනට වහගනින් …. මැස්සා කටට රින්ගුවොත් අමාෂගත වෙයි …’
මලිෂ්ට විරිත්තලා මම හිමායාගේ අතක එල්ලුනා …
‘ඔන්න ඔන්න උබ අපිට කොලේ වහනවා ….මොකක්ද කියපන්කො උනේ …’ අමාලි මගේ දිහා බලාගෙන හිටියේ මගේ කටින් මේ දැන් උත්තරේ පනියි කියලා වගේ ..
‘අනේ මේ බහුභූත කියවන්න එපා බන් අන්න ලෙචා ක්ලාස් එකට යනවා වරෙන් යන්න …හොද වෙලාවට මම දැක්කා අද උදේම ලෙක්චර් එක කරන සර් අපේ ක්ලාස් එක පැත්තට යනවා …මම හිමායාගේ අතකින් ඇදගෙන ක්ලාස් එක පැත්තට යද්දී අනිත් උන් ටිකත් අපි පස්සෙම ආවා …
ක්ලාස් එක ඇතුලට ඇවිත් වාඩිවුනාට පස්සෙත් එක එකා සැරින් සැරේ මගේ දිහා බලනවා මම දැක්කේ නැහැ වගේ සර් දිහාම බලාගෙන හිටියා …
සර් පාඩම කියලා දෙද්දී මගේ ඇග ක්ලාස් එකේ තියලා හිත තේමිය අයියා හොයාගෙන ඉගිල්ලිලා යනවා … කොච්චර පාලනය කරගන්න හිතුවත් හිත හරිම හිතුවක්කාරයි … මට ඊයේ හවස මතක් උනා එයා මාත් එක්ක කියවපු විදිහ හිනාවුන විදිහ මතක් වෙද්දී මගේ මුහුණ මටත් හොරෙන් හිනාවක් ආවේ …. එයා ගොඩක් හොද කෙනෙක් අද උදේ අර අම්මාට එයාට කන්න තිබ්බ බත් එක දෙන්න තරම් හොද හිතක් තිබ්බ එයා ගැන මගේ හිතේ පැහැදීමක් ඇතිවෙලා තිබ්බේ …
‘මොකද තනියම හිනාවෙන්නේ … ’
‘ඌයි යි යි ..’
අමාලි මගේ වම් අත හයියෙන් කොනිත්තද්දී මට හයියෙන් කෑ ගැහුනා මුළු ක්ලාස් එකේම ඇස් මගේ ලග නවතිද්දී හිමායාගේ හිනාව චිකිස් ගාලා එළියට පැන්නා ….
‘මොකද කුසු කුසු ගාන්නේ …. කට්ටියම එකතුවෙලා මේ පැත්ත බලනවාලා ..’ සර් එක පාරම එහෙම කිව්වම කට්ටියම හිනාවෙන එක නවත්තලා සර් හිටිය පැත්ත බැලුවා ….

***
දවල් වෙනකන් මට තිබුනේ පුදුම හදිස්සියක් .. ඒ තේමිය අයියගේ මුහුණ දකින්න තිබ්බ ආශාවට .. දවල් දොළහ වෙද්දී මම එළියට බැස්සේ තේමිය අයියා මාව හොයාගෙන එයි කියන බලාපොරොත්තුවෙන් හිත පුරවාගෙනමයි …ඒත් තේමිය අයියා පේන තෙක් මානෙක නැති නිසා මගේ හිතට ආවේ දුකක් … එයා සමහර විට එන්නේ නැති වෙයි මගේ හිත එහෙම කිවුවා
‘මොකද ඔච්චර වෙලා හිනාවෙවී ඉදලා දැන් මුහුණ බේරී කරගත්තේ …’
කට්ටියටම මගේ වෙනස දැනිලා මගෙන් අහන්න ගද්දි මම යාන්තම් හිනාවුනා …

සෙට් එකම ඕපාදුප කියවා කියවා අක්බාර් කැන්ටින් එක පැත්තට ඇවිදගෙන යද්දී මම කිසිම දෙයක් කියන්නේ නැතිව ඔහේ ගෑටුවා … පුංචිම පුංචි දෙයකදී හිත මේ තරම් රිදෙන්න තරම් තේමිය අයියා මගේ හිතට රිංගුවේ කවදාද කියලා මම දැනගෙන හිටියේ නැහැ ..

‘මොකද බන් දාහට අරන් සත පහට දීලා වගේ ඉන්නේ … ’ හිමායා හාරා හාරා ආයේ ආයේ අහනවා … මම මොකුත්ම නොකියා පුටුවක් ඇදලා වාඩිවෙලා බෑග් එක ඇතුලේ තිබ්බ බත් එක අතට අරන් දිග ඇරියා ..

‘ශා අද කෙල්ල බත් එකක් ගෙනල්ලා ..වාව් පොලොස් ඇබුල් තියෙනවා ….ඇත්තමයි බන් අම්මා බෙදලා දෙන බත් එක මතක් වුනා ..’ ජනිත් එහෙම කියලා බත් එකට අත තියද්දි තේමිය අයියා මතක් වෙලා පපුව හෝස් ගාලා පිච්චුනා ..
‘අපත් ආසයි ෆෙෂා ගෙදරින් ගෙනාව බත් එකක් කන්න ..’
මම අනලා කටට ලංකරගත්ත බත් කට අතේම තියාගෙන ඔළුව උස්සලා බැලුවා …අපි ඉස්සරහා හිටගෙන හිටියේ තේමිය අයියලාගේ බැච් එකේ සෙට් එක තේමිය අයියා එතන ඉන්නවා දැක්කාම මටත් හොරෙන් මගේ මුහුණට හිනාවක් ආවේ ….

‘අඩා මෙන්න මෙච්චර වෙලා අපිට ඔරවා ඔරවා හිටිය එක්කෙනා හිනාවෙනවා …’ බිනුර අනිත් උන්ට මාව පෙන්නනවා …
ආවේ ගෙදර සිට ඩිග්‍රිය අරගන්න
කෑවේ පාන් අප හට නැත බත් කන්න
කොක්කක් ගැහුවොතින් හැක මට බත් කන්න
කවුරුද කැමති මට බත් අම්මා වෙන්න .
එහෙම කියන ගමන් කෙල්ලෝ සෙට් එක දිහා බලාගෙන මල් හිනාවක් දාගෙනම බත් එකට අත තිබ්බාම තේමිය අයියා පැත්තකට වෙලා බලාගෙන හිටියා …මම හැමෝටම හොරෙන් එහා දිහා බලලා ඇස් වලින් බත් එක පෙන්නලා කන්න කියලා කිවුවා …. එයා කලේ ඔළුව හොලවලා බෑ කියපු එක …
‘තේමිය උබ මාව ඇදගෙන ඇවිත් කන්නේ නැතිව පැත්තකට වෙලා ඉන්නේ මොකද ..’ චමත් අයියාට යාලුවා මතක් වුනේ බත් කටක් දෙකක් බඩ ඇතුලට ගියාට පස්සේ ..
‘මට කන්න බැහැ බන් …හැබැයි කවුරු හරි කැවුවොත් නම් කන්න පුළුවන් …’
‘ හා හා උබට ඕන කාට හරි කියලා බත් කවාගන්න නේ …හරි මම දෙන්නම් විසදුමක් ….නංගි උබ කවපන් තේමියට බත් කටක් …’
චමත් අයියා පෙන්නුවේ මාව … මගේ හිතත් එක්කම අතත් ගැහෙනවා …. මුළු ඇගම ශීතල වෙලා .. ඩක් ඩක් මහා සද්දෙට හිත ගැහෙනවා ….. මට චමත් අයියට බෑ කියලා මගේ හිත රවට්ටා ගන්න ඕන උනේ නැහැ … මේ ටිකට කපුටෝ ටික වගේ කට්ටියම බත් එක කාලා …ඉතිරිවෙලා තිබ්බ එකම බත් කට ඉස්සර වෙලා කන්න කියලා අනාගත්ත බත් කට …. තේමිය අයියා මගේ ලගට මුහුණ පාත්කරාම මම ඒ බත් කට එයාගේ කටට ලංකරා … මම බත් කට එයාට කවලා අත ගද්දි එයා ලාවට මගේ ඇගිල්ලක් හැපුවා … පොඩ්ඩක් රිදුනත් කාටත් හොරා එයා කරපු දග වැඩේට රවලා බැලුවා මිසක් මම මොකුත්ම කිව්වේ නැහැ ….
‘මම කෑව රසම බත් කට …. ’ කාටවත් ඇහෙන්නේ නැතිවෙන්න මගේ කනට ලංවෙලා එයා කියද්දී මගේ කන් දෙකෙන් පටන් ගත්ත දැවිල්ල යටිපතුල් වෙනකන් පැතිරිලා ගියා ….
‘ඒ මොණරි උබ කෑවේ නැහැ නේද .. අනාගත්ත බත් කටත් මුට කැවුවා නේ ..’ චමත් අයියා එහෙම අහලා මගේ මුහුණ දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා ….බත් එකෙන් භාගයක් එහෙම කාලා මගේ මුහුණ කන්න වගේ බලාගෙන ඉන්නවා තව මාන්දමා මම හිතින් එහෙම කියලා චමත් අයියාගේ මුහුණට හිනාවුනා
‘මට බඩගිනි නැහැ ..’ මම බිම බලාගෙන එහෙම කියද්දී කට්ටියම බක බක ගාලා හිනාවුනා …
‘මොකද බඩගිනි නැත්තේ …උදේ කෑව කිරිබත් කෑල්ල විතරයි නේද .. මොනවා හරි කන්න ’ කාටත් හොරෙන් එයා මට එහෙම කියද්දී මම බිම බලාගෙන හිනාවුනා …
‘මට කන්න බෑ ..’
‘ඉන්න මම කන්න මොනවා හරි ගේන්නම් ….’ එයා මම එපා කියද්දී තරවටු විදිහට මගේ දිහා බලලා කෑම පෝලිමට ගිහින් ටික වෙලාවකින් පාන් භාගේකුයි පරිප්පු හොද්දකුයි උස්සගෙන ආවා …
පානුයි පරිප්පුයි මතුවට බුදු වේවා ..
ලුනුයි පානුයි සැරියුත් මුගලන් වේවා
මලකඩ වතුර නේරංජන ගග වේවා
අකබාර් මුදලාලි අජරාමර වේවා …

‘අඩෝ මෙච්චර කාලෙකට බුවා අපිටවත් මෙහෙම ආදරෙන් පාන් භාගයක් ලගට ගෙනල්ලා දීලා නැහැ නේ …ආ … මොකක්ද මහත්තයෝ මේ වෙනස ..’
චමත් අයියා මේසෙට තඩි ගහ ගහ මහා හයියෙන් කියද්දී තේමිය අයියා පාන් කෑල්ලක් කඩලා පරිප්පුවල පොගවලා මගේ කටට ලංකලා ..හැමෝම අපි දිහා බලාගෙන ඉන්නවා කියලා මෙයාට අමතක වෙලාද කොහෙද …
‘අඩේ කොක්කක් වගේ ..අපේ තේමිය කොක්කක් දාගන්න වගේ යන්නේ …. ශල ලල ලා ….පට්ටයි …පදිරියි …’
චමත් යකඩ කටක් හයිකරගෙන වාගේ කෑ ගහද්දි කැන්ටිමේ හිටපු ඔක්කොම ළමයි අපි දිහා බලාගෙන ඉන්නවා කටවල් එහෙම භාගෙට ඇරගෙන…

මතු සම්බන්ධයි . 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *