~~~දෙව්දූ~~~18 කොටස

‘ඔන්න ලෙක්චර් එක පටන් ගන්න තව විනාඩි පහක්ම තියෙනවා …… මම ලයිබ්‍රි එක පැත්තේ යනවා ’ තේමිය අයියා මාව ක්ලාස් එක ලගට ඇරලලා ලයිබ්‍රි එක පැත්තට යන දිහා මම බලාගෙන හිටියා …
‘අනු උබගේ ක්‍රෂ් එක බව දැනගෙනත් … එක්කෙනක් තේමිය අයියාගේ ඇගේ එල්ලෙන්න යනවා …’
ක්ලාස් එක ලග හිටිය කෙල්ලෝ රංචුවේ හිටිය සච්නි අනුත්තරාට එහෙම කියද්දී එයා මගේ දිහා බැලුවේ පිච්චිලා යන විදිහේ බැල්මක් …
‘ඔව් බන් හැටහතර දාලා ආව ගමන් සින්නෙක් අල්ලා ගන්න දගලන්නේ …දැක්කානේ ට්‍රිප් එක ගිහින් නටපු විදිහ තේමිය එක්ක ’
යාළුවො පොහොර දාද්දි අනුත්තරාගේ තරහා තවත් වැඩිවෙන්න ඇති … හිතට ආපු ආවේගය පාලනය කරගෙන මම එතනින් යන්න ගියේ මම කතා කරන්න ගියොත් ප්‍රශ්නේ දුරදිග යන නිසා … අනික එයාලා මට මේ චෝදනා කරන්නේ අනුත්තරාගේ බෝයි ෆ්‍රෙන්ඩ් වෙනුවෙන් නම් මට දිරවයි …. ඒත් කිසිම අයිතියක් නැති කොල්ලෙක් වෙනුවෙන් එයා මේ විදිහට චෝදනා කරන එක නම් ගොඩක්ම වැරදි
‘මොකද බන් නිකන් ඉඩෝරෙට අහුවුණ මලක් වගේ මැලවිලා ….’
මම බෑග් එක ඩෙස්ක් එකේ තියලා පුටුවක් ඇදලා වාඩිවෙන ගමන් මලිෂ් ඇහුව දේට හිනාවෙන්න ට්‍රයි කළා …
‘අවුලක් නැහැ බන් …’
මම එහෙම කියලා යාන්තම් හිනාවුනා …
‘අර සක්කරවට්ටම මොනවා හරි කිව්වා නේද …මම එද්දී මට ඇහුනා ඔයාගේ නම කිය කියා ඉන්නවා ’
ජනිත් අපි හිටිය තැනට ලන්වුනේ එහෙම කියාගෙනමයි …
‘අවුලක් නැහැ බන් ඇතිවෙනක් කියවයි …ඊට පස්සේ නවත්තයි ..’
මම එහෙම කියලා ඉවර වෙනකොටම ලෙචා ක්ලාස් එකට ආවා නිසා අපි කතාව නවත්තලා සර් ලග ඇස් කන් නතර කරගත්තා ….. සමහර ළමයි ලෙක්චර් එක මගදී ඇස් ඇරගෙනම නිදි …. සර් නම් එකෙක් මලත් ලෙක්චර් එක නවත්තන්නේ නැති ජාතියේ කෙනෙක් …
‘ වෙලාවකට ලෙචා කියන කිසිදෙයක් තේරෙන්නේ නැහැ බන් …..’
මලිෂ් එහෙම කියන ගමන්ම ඈනුමක් ඇරියේ ලෙක්චර් එක ඉවරවෙලා ක්ලාස් එකෙන් එළියට එන ගමන් ..
‘ඔව් බන් මටත් නින්ද ගියා …..අමා හොද ළමයා වගේ මට නෝට් ටික ලියලා දෙනවාද ..’
‘මොනවා කරන්නද ඉතින් ලියලා දෙන්නම් …..’ අමාලි මුහුණ නරක් කරගත්තේ අද රෑ නිදිමරාගෙන නෝට් ලියන්න වෙන නිසා වෙන්න ඕන ..

‘ හරි හරි ….අපි දැන් කන්න යමුද ….බඩේ පනුවෝ කෑ ගහනවා බන් ..’
‘අපි එහෙනම් ගෙම්බා එකට යමු …’ කට්ටියම ගෙම්බා එක පැත්තට ඇවිදගෙන යද්දී …මම වටපිට බැලුවේ තේමිය අයියා ලගපාතක ඉන්නවාද කියලා ..
‘අඩෝ අද ඉන්න වෙනවා පැයක් විතර පෝලිමේ අර බලපං පෝලිමේ දිග ….’
කෑම පෝලිම වෙනදාට වැඩිය දිග නිසා කට්ටියම මුහුණු කළු කරගත්තා …
‘මොනවා කරන්නද … ඉතින් …කට්ට කන එකේ කට්ටියම කට්ට වරෙල්ලා සෙට් එකම පෝලිමේ යන්න …’
බිනුර අපි තුන් හතර දෙනත් ඇදගෙනම කෑම පෝලිමට ගියා … පැය භාගයක් විතර කට්ට කාලා … කෑම පිගාන අරගෙන මේසයකට ඇවිත් කට්ටිය වාඩිවුණේ මුහුණු නරක් කරගෙනමයි ….
‘කුණු මාලුයි පරිප්පුයි බතුයි …..මේවා කනවාට අපිට ගානක් දෙන්න ඕන …’
හිමායා කෑම එකට අත තිබ්බේ කුණු කුණු ගාගෙනමයි …
‘අමාලියෝ ඊලග දවසේ ගෙදරින් එද්දී ලොකු බත් එකක් බැදගෙන වරෙන් … නැත්තම් මම නොකා නොබී ඉදලා මේ තියෙනවාටත් වැඩිය බොඩි එක ස්ලිම් වෙයි … ’
කෑම එකට බැන බැන උනත් කෑම ෆිනිෂ් වුනේ කට්ටියම බඩගින්නේ හිටිය නිසා
‘හා නංගිලා මල්ලිලා අනුභව කරනවා වගේ ..’ චමත් අයියා තේමිය අයියාත් එක්කම ඇවිල්ලා අපි ලගින්ම වාඩිවුනේ … කෑම කාලා ඉවරවෙද්දීමයි
‘ඔව් අයියලා කාලාද ඉන්නේ ..’ රැග් එක ඉවරවුනත් කට්ටිය සීනියර් අයියලාට තියෙන බය ගෞරවය අඩු වෙලා නම් නැහැ තාම ….එයාලා ඉස්සරහා බැචාලා ඔළුව පාත්කරගෙන වගේ තමා හිටියේ
‘ඔව් ඔව් බන් අපි අම්බානක කාලා ඉන්නේ ..දැන් මදි පාඩුවට කන්න කියලා කැන්ටින් එක පැත්තේ ආවේ ..’
චමත් අයියා එහෙම කියලා හිනාවුනේ කින්ඩියට වගේ ..
‘කවුද බොලේ අර ඇලිස් …ඉග සුග ගත හැකි මිටින …. රියසක වැනි පුළුලු කුල …..පට්ට කෑල්ල බන් ….කිරි ටොයියා වගේ ආසාවේ බැහැ .. ’
චමත් අයියා ඇහිපිල්ලමක්වත් ගහන්නේ නැතිව බලාගෙන හිටපු දිහා කට්ටියම හැරිලා බැලුවා … කැන්ටින් එකේ දොරින් ඇතුලට ආවේ අනුත්තරාගේ සෙට් එක …දනහිස ගාවටත් උඩින් නැවතිලා තිබ්බ අනුත්තරාගේ හිර සාය නිසා එයාගේ ඇග හැඩට පෙනුනා .. කැන්ටින් එකේ හිටිය කොල්ලෝ හැමෝම වගේ එයා දිහා බලනවා …
‘ඇයි බන් මතක නැද්ද අර ට්‍රිප් එක ගිහින් කකුල වලක හිරකරගත්තේ ඒ ගර්ල් නේ ..’ තේමිය අයියාට එයාව මතක තිබ්බ එක ගැන මගේ හිතට ආවේ ඉර්ශ්‍යාවක්
‘හරිම පින්පාට කෙලි පොඩ්ඩක් නේද …බලපන් ඇදුම උනත් කොච්චර සංවරද .. අපිත් ඉතින් හෙට අනිද්දා පවුලක් පන්සලක් වෙන්න ඕන එකේ බලමුද පොඩි ට්‍රයි එකක් දාලා …’
මේ මාන්දමා එයාට ඕන නම් අනුත්තරා එක්ක යාලු වෙන්න එපැය …මොකද ඒකට තේමිය අයියට කතා කරන්නේ …
‘ මචං අන්න අර කෑල්ල මේ පැත්තට එනවා …මගේ ගැන හිතක් පහල වෙලාද දන්නේ නැහැ නේ ..’ චමත් අයියා ඇස් අහකට ගන්නේ නැතිවම බලාගෙන ඉන්නවා මම දැක්කා ..
අනුත්තරා අපේ සෙට් එක වාඩිවෙලා හිටිය පැත්තට එන ගමන් හිටියේ … චමත් අයියා කට ඇදගෙන හිනාවෙන්න ලැහැස්ති වෙලා හිටියේ …
‘හලෝ අයියා ….මාව මතකද …’
අනුත්තරා තේමිය අයියා ලග නතර වෙලා එයාට කතා කරද්දී ..චමත් අයියා මුහුණ සත පහ වගේ කර ගත්තා …
‘හොද රතු ඇපල් කන්නෙම පනුවෝ නේ … මම වගේ හැන්ඩි කොල්ලෙක්ට ලව් කරන්න මේකිට චාන්ස් එක නැහැ .. ‘’ චමත් අයියා කුටු කුටු ගානවා …
‘මතකයි …කොහොමද දැන් තුවාලේ හොදද …’ තේමිය අයියත් ඉතින් අනුත්තරා එක්ක කතාවට යනවා ..
‘බෙහෙත් දැම්මා අයියා ..අයියා එනවාද අපිත් එක්ක කෑම කන්න …’ අනුත්තරා එහෙම අහලා හරි හුරතල් තාලේට හිනාවෙනවා …දත් තිස්දෙකම එළියේ … අනේ මට පුළුවන් උනා නම් මෙයාගේ දත් ටික බඩට යවන්න …. තව ටික වෙලාවක් මෙතන හිටියා නම් ඒකත් වෙයි ….

‘හොස්ටල් එකේ කෑම මතක්වෙද්දීත් වොමිට් වෙන්න වගේ එනවා .. වරෙන් මචං මුන්ගේ බත් එකට වැඩේ දෙමු … ’ චමත් අයියා තේමිය අයියාවත් ඇදගෙනම අනුත්තරාගේ මේසේ පැත්තට යද්දී මම පොත් බෑග් එකත් කරේ දාගෙන එළියට බැස්සේ තේමිය අයියා ගැන හිතට ආව තරහින්මයි ….අනුත්තරා නම් මට හිනාවෙනවා ඇති දැන් ….
‘මොකද බන් හිටපු ගමන් ගාල කඩාගෙන දුවන්න ගත්තේ …’ හිමායා දුවගෙන ඇවිත් මගේ අතක එල්ලුනා ….එයාලා දන්නේ නැහැ නේ මම ඒ ටික වෙලාව එතන හිටියේ කොච්චර අමාරුවෙන්ද කියලා තව ටික වෙලාවක් මම එතන හිටියා නම් ඉර්ශ්‍යාව නිසා මට හාර්ට් ඇටෑක් එකක් එනවා

‘හිමා …..මම දෙයක් කියන්නද …’
‘මොකක්ද දේව් කියපන් … උබ මොකක් හරි ප්‍රශ්නයකද ඉන්නේ ’
තවත් හිතේ තියාගෙන විදවන්න බැරි නිසාම තේමිය අයියා ගැන හිතේ තිබ්බ හැගීම් කාට හරි කියන්න ඕන කියලා මට හිතුනේ
‘හිමා … මම තේමිය අයියාට ගොඩක් කැමති …. මට හැමවෙලාවෙම එයාව මතක් වෙනවා …එයාව බලන්න ඕන කියලා හිතෙනවා …. එයා වෙන කෙල්ලෙක්ට ලංවුනාම මට ගොඩක් තරහා යනවා …මට තේරෙන්නේ නැහැ හිමා …උබ කියපන්කො මට එහෙම හිතෙන්නේ ඇයි කියලා …’

මම එක දිගට කියවගෙන යද්දී හිමායා කටත් ඇරගෙන පුදුම වෙලා වගේ තමා බලාගෙන හිටියේ …. මම කවදාවත් කොන්වන්ට් එකේ ඉද්දි කොල්ලෙක් ගැන නිකමටවත් කතා කරලා නැහැ …
‘මට පුදුමයි දේව් උබ ගැන … අපි කොන්වන්ට් එකේ ඉද්දි ….. කෙල්ලෝ එකතු වෙලා කොල්ලෝ ගැන කතා කරද්දී උබ හැමදාම මග ඇරලා ගිහින් පොතක් අතට ගත්තා …. කොල්ලෙක් උබ පස්සේ ආවත් උබ ඒ කොල්ලා දිහා හැරිලාවත් බැලුවේ නැහැ ..ඒත් අද උබ කොල්ලෙක් ගැන කතා කරනවා … මට හිතෙන්නේ උබ තේමිය අයියාට ආදරේ කරනවා කියලා . ..’
ආදරේ ..ආදරේ .. දෙවියනේ මම තේමිය අයියාට ආදරේ කරනවාද ..හිත ඇතුලේ අකුණුවිදුලි කොටනවා වගේ මට දැනුනේ …
‘දේව් … මම උබට දෙයක් කියන්නද …. උබ වගේ කෙල්ලෙක් ට තේමිය අයියාව ගැලපෙන්නේ නැහැ … ඌ කෙල්ලෝ එක්ක ඉද්දි උබ ඔහොම හිත රිද්දවා ගන්නවා නම් .. උබලා එෆෙයාර් එකක් පටන්ගත්තත් හැමදාම රණ්ඩු වෙන්න වෙන්නේ …. අනික කැම්පස් එකේ කොල්ලෝ කෙල්ලෝ එක්ක යාලුවෙන්නේ සිරාවට නෙවෙයි බන් …ගොඩක් උන් කැම්පස් එකෙන් අවුට් උනාම කරන්නේ කැම්පස් කෙල්ලව අමතක කරන එක …. කුප්පි ලව් , බත් ලව් , නෝට් ලව් …ඕවා තමා වැඩියෙන්ම මේ කැම්පස් එක ඇතුලේ තියෙන්නේ ….. උබ බොරුවට ආදරේ කරලා විදවන්න නම් එපා …..’
පිස්සු කේස් එකක් උන හිමායා ආදරේ ගැන මට ලෙක්චර් එකක්ම දුන්නා …. එයා කියන කතාව ඇත්ත කියලා මට හිතුනත් තේමිය අයියාව අමතක කරන්න බැරි තරමට මගේ හිතට කාවැදීලා කියලා මට දැනුනා …

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *