D & S (නිම් හිම් සෙයා 02) 01 කොටස – Thathsarani Vithanage

01

මෙයාලා මාව දාලා ගියාද දන්නේ නෑ අයියයියෝ….

බෑග් එකකුත් එල්ලන් හැට් එකකුත් දාගෙන හිර ඩෙනිමට ශූශ් දාගෙන ටීශර්ට්ස් එකත් බැගී විදියට ඇදන් දුවන කෙල්ලො මෙ ඉන්න අය දැකලා නැද්ද මන්දා..මන් නෙ දන්නෙ මන් මෙ දුවන්නෙ කොහිටද කියලා

මන් ගම්පහ ස්ටේශන් එකේ ටිකට් කවුන්ට එකට ගියා…කවුන්ට එකෙ උන්නෙ සුදු අක්කි කෙනෙක්..ටිකක් නපුරු පාටයි..ඒත් මට මොකො..

කොච්චර වේගෙන් දුවන් ආවද කියන්නෙ මට තාම කතා කර ගන්න බෑ..ඒ අස්සෙ ට්‍රේන් එකත් යනවා කියලා එනවුන්ස් කරනවද මන්දා?

කොහෙටද

රඹුක්කනට

ටිකට් එකත් අරන් මන් දිව්වා..කෝ අප්පා ට්‍රේන් එක..තුනක් තියේ නේ..

අහ් කොළඹ පැත්තට නෙවෙ අනිත් පැත්තටනෙ යන්නේ..ඒක තියෙන්නෙ අනිත් ෆැලැට් ෆෝම් එකේ..එහෙනම් දැන් ආයෙම කකුල් වලට ගැම්ම දීලා දුවමුකෝ..

ඒ ගමන්ම මන් රශිනිට කෝල් එකක් ගත්තා…

හෙලෝ කෝ ශයි ඔයා…

මේ එනෝ..කියන්න්කො ට්‍රේන් එක යෙලො කලර් නේද

ඔව් ඔව්

ඔයාලා ඉන්නෙ කොයි බොක්ස් එකේද

අපි ඉන්නෙ දෙවනි බෙන්ච් එක ඉස්සරහා තියෙන එකේ.

ඕකේ ඕකේ…තියනවා

මල හත්වලාමයී..ඇද්දුවා නේද…හයියු මට නැගගන්න බැරි වෙයිද

දෙවනි බෙන්ච් එක..මේක..අනෙ දුවන් ගිහින් නගින්න පුලුවන් වෙයිද

හිමින් අද්දන්නෙ..මට බයයි..ඒත් යන්නම ඕනී…

මේ ..ම්ම්..නගින තැනම පිස්සෙක් පත්තර බල බල ඉන්නවා

ඒ මිස්ටර්

කොල්ලා ඔලුව ඉස්සුවා…රෙස්පට් පොරක් වගේ..

උගුඩුවා වගේ බලන් ඉන්නෙ..අත දෙනවකො නගින්න..මේක අද්දනවනී…

ඇත්තටම උගුඩෙවෙක් ගස් ගෙම්බෙක්..තව..තව මට මතක් වෙන්නෙත් නෑ

දෙනවකො අත..මන් මුද්දක් දාන්න නෙවෙ ඉල්ලන්නේ

ඒ පාර හිනාවෙනවා..ඕනි නෑ උදව් කියො කියො උන්නොත් මට නැගගන්න බැරි වෙනවා…

මන්ම එල්ලිලා නැග්ගා..දැන් ඉතින් මේකෙ එල්ලිලා යන්නැයි..හයියෙන් යනවත් එක්ක

අත දුන්නොත් නෑ දැන් ඉඩ දෙන්නෙත් නෑ…මන් බෑග් එක ඒ කොල්ලගෙ පැත්තට දාලා ඇස් වලින් ඔරෝලා කටත් ඇද කරලා ඇතුලට ආවා…

මේ බොක්ස් එක…

මන් ජිරාෆ් වගෙ බෙල්ල දාලා බැලුවා…හෑ කොල්ලො ගොඩායි…කෝ අපේ කට්ටිය…

හෙලෝ රශී…

අයියො ශයි ඔයා නැග්ගෙ වැරදි එකකට

අයියූ දැන් මොකො කරන්නෙ

ඔයා එන්න ඕනි අනිත් එකට..අහන්නකො..මේක හැමතැනම නවත්තන්නෙත් නෑනී…දන්නවනී..ඒ නිසා ආයෙ නැවතුතුව ගමන් මේකට නගින්න

මේකට කීවෙ

ඔයා නැග්ගේ අපි ඉන්න එකට පස්සෙ එක

හයියු ඇත්තද..ඒත් පොඩි පශ්නයක්

මොකක්ද

මේකේ කොල්ලො ගොඩායි

වාව් නියමයි නේ..පව්

කවුද

කොල්ලො ටික

ඇයි

උන්‍ට වැඩිය කොල්ලෙක්නෙ නැගලා ඉන්නෙ උන්ට දෙයියන්ගෙ පිහිටයි

විහිලු නෙවෙ බම් බයයි

හරි හරි උඹ ලේට් වෙච්චි නිසානි ඔක්කොම

හ්ම්ම් හ්ම්ම්..දැන් මට විසදුමක් කියහන්

ඕකට නගින තැන ඉදින් මිනිස්සුන්ට පේන තැනක

එතන බුකින්..ගස් ගෙම්බෙක් එල්ලිලා ඉන්නවා

ගස් ගෙම්බා නෑ නෑ ඒ කොල්ලා මන් දිහා බැලුවා

ඔව් ඔව් තමුන් තමයි..ගස් ගෙම්බා..කෙල්ලෙක් හෙල්ප් එකක් ඉල්ලුවම උගුඩුවෙක් වගේ ඉන්න

හ්ම්ම් පෝන් එක ඔන් කරන් ඉදහන්..අවුලක් ගියොත් ටක් ගාලා කෝල් එකක් දියන්..

හා හා…

දැන් ඉතින් ඇතුලෙන් ඉන්නවද…නගින තැනම ඉන්නවද..

මෙතන ඉන්නවා…හ්ම්ම්..මන් එතනට හේත්තු උනා…

කුඹුරු පහු කරන් කෝච්චිය ඇදෙනවා..සෙට් එකත් එක්ක උන්නනම් කොච්චර ෆන්ද…මාව උගුඩුවෙක් ලග හිර වුනානේ

හැන්ඩ් ෆ්‍ර්‍රී එක කනේ ගහන් උගුඩුවාට ඔරවන් මමත් එතනම හිටන් ආවා…

ස්ටේශන් තුනකට පස්සෙ ට්‍රේන් එක නැවත්තුවා

මන් රශිනිලා සෙට් එක ඉන්න කෝච්චි පෙට්ටියට නගින්න හිතන් එතනින් බහින්නයි හැදුවෙ..

ගස් ගෙම්බා මාව නැවත්තුවා…

පාත් වෙන්න

හෑ

ඔහොම කට බලියන් නැතුව කිව්වම අහලා පාත් වෙනවා

මන් බලන් උන්නු තැන ඒ කොල්ලම මාව එහෙම්ම බදන් පාත් උනා..

මන් කන් වහගත්තා…

වෙඩි වරුසාවක්…..

…….ඊලග සේයාවට……….

මතකද නිම්හිම් සේයා අවසාන කොටස…අපේ දගකාර සේයා නිම්නාදිටයි දෙනෙත්ටයි..ඒ කියන්නෙ ඩීඑනෙස් ටයි චූටි බබීලා පස් දෙනෙක් හම්බුනා ..මේ ඉන්නේ එයාලගේ හුරතලී…සේයාගෙ වදකාරී…ඩී එන් එස ගේ පණ..එයාට කලින් ඉපදුනු අයියලා හතර දෙනාගේ එකම නන්ගි බබා….සේයා වගේම මූණ තියෙන ඩී එන් එස් ගෙ නිල් පාට ඇස් තියෙන ඩී එන් එස් පවුලේ පුන්චි දගමල්ල…ශයිනි නිතිශ්කා…බලන්නකෝ මෙයා අම්මිට හපන්…

–====-======================
තවත් කතාවක් ඕනි කීවානි..දුක හිතෙනම කතා දෙකක් ලියපු එකේ ඔයාලා දන්න හදුනන ඔයාලා ආදරෙ කරන චරිත ටිකකට ආයෙම පණ දෙන්න හිතුනා..

එහෙනම් ඊලග කොටසින් බලමූ..අනිත් බබාලා හතර දෙනා ගැනයි..මේ ් පුන්චි දගමල්ලගේ දගවැඩයි….

…ඔයාලාම කීවානි දෙවනි කොටසක් ලියන්න කියලා එහෙනම් ඔන්න **නිම්හිම් සේයා -2 ””D & S “””…..

සවී විතානගේ 

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *