නිහඬ කටකාර ආදරේ …. 01 – Nethali Ahinsha

නිහඬ කටකාර ආදරේ …. ❤️
01 කොටස
” නෙහාරා කෝ කොහෙද ඉන්නේ , මෙහේ එනවා ” 😠
” මොකද අම්මා කෑගහන්නේ 😒 ” පේර ගහ උඩ ඉදන් නෙහාරා කෑගහලා ඇහුවා .
” මෙහෙට එනවද නැද්ද ? ” අම්මට ඩෝන් ගිහින් වගේ 😮 .
” මන් මුකුත් ගොන් වැඩක් කරාද අක්කි ? 😧 ” ගහ පාමුල හිටපු ශෙහාරාගෙන් නෙහාරා ඇහුවා .
” ගිහින් බලනවා , කරොත් ඉතින් කොහොමත් ගොන් වැඩක්නේ 😝 “
” මොකද අම්මා වෙලා තියන්නේ 😮 “
” මොකද ? මොකද තමා , බලනවා ගිහින් කාමරේ හැටි . පිස්සන් කොටුව වගේ . ගිහින් අස් කරගන්නවද නැත්නම් ඇදලා එලියට විසි කරන්නද ඔක්කොම . 😤 “
” අහ් මගේ ඒවා මන් අස් කරලා තියන්නේ , අක්කිගේ ඒවා වෙන්න ඇති ඔය තියන්නේ 😋 “
” ඔව් ඔව් අවුරුදු 25 විතර උබලා දෙන්නා එක්ක ඉදලා මට තාම අදුරගන්න බෑ කියලා හිතුවද දෙන්නාගේ වැඩ , යනවා ගිහින් කාමරේ අස් කරගන්නවා 😠 “
නෙහාරා බැනුම් අහගෙනම කාමරේට ආවා. අපෝ ! පිස්සන් කොටුව හොදයි වගේ 😉 , හැබැයි ඉතින් මේක අස් කරන්න වැඩි වෙලාවක් යන්නේ නෑනේ 😅 .
කෙල්ල බිම වැටිලා තියන ඇදුම් අනන් මනන් ඔක්කොම ගත්තා , ඊලඟට කෙලින්ම අක්කිගේ අල්මාරියට එබුවා 😅 . හරි අස් කරලා ඉවරයි 😉 .
” මොකද අම්මා කෑගැහුවේ ” නෙහාරා වැඩේ ඉවර කරලා හැරෙනකොටම ශෙහාරා කාමරේට ආවා එහෙම අහගෙන.
” අහ් , මුකුත් නෑ . ප්රශ්නයක් නෑ 😝 . ” දත් 32 ම එලියට දාලා නෙහාරා කපටි හිනාවක් දැම්මා 😁 .
” හ්ම් එහෙමද , බලමුකෝ ” ශෙහාරා දැනගත්තා නංගි මොකක් හරි මගෝඩි වැඩක් කරලා ඇති කියලා .
” මන් library එකට ගිහින් එන්නම් ” ශෙහාරා එහෙම කියලා යන්න ගියා .
*************************************

“ඒහ් ඒහ් අර බලපන්කෝ 😮 ” ධනුශ් චතුරට කාවදෝ පෙන්නනවා.
” කවුද , ආහ් කැන්ටිමේ ඇන්ටි නේ බං 😂 “
” ඒහ් ඒ මගුලක් නෙවෙයි යකෝ 😠 , අර අර පැත්තේ ” ධනුශ් චතුරගේ ඔලුවට එකක් ඇනලා පෙන්නුවා .
” අප්පා ! කවුද බං ඒ සුරංගනාවී 😍 ” චතුරත් ධනුශ් පෙන්නපු කෙල්ල දිහා බලාගෙන කල්පනා කරනවා .
” මන් දන්නවා නම් ඉතින් උබෙන් අහනවා ඇයි 😒 , බස් එක ආවා යමන් දැන් ” ධනුශ් චතුරවත් එක්කන් ගියා.
ධනුශ් ආයෙත් ඒ කෙල්ල දිහා හැරිලා බැලුවේ දැකපු මුල් තත්පරේම හිතට අමුත්තක් දැනුන නිසා. කෙල්ලත් බලාගෙන ඉන්නවා පුදුමෙන් වගේ .
***********************************

” දැන් උබ කියන්නේ අපි ගෙයින් ගෙට ගිහින් ඒකිව හොයමු කියලද “
” පිස්සුද බං , කොහේ කියලා හොයන්නද එහෙම . මූට පිස්සුනේ එක පාරක් පාරෙදි දැකපු කෙල්ලෙක් හොයන්න. “
පහුවෙනිදා යාලුවො ටික set වෙලා ඊයේ ධනුශ් දැකපු කෙල්ල ගැන මේ කතාව. කොහෙද ඉතින් එකෙක්වත් නෑනේ support එකට 😏 .
” ඒහ් බං දැක්ක ගමන් උබට feeling එකක් ආවනම් මචං , මන් නම් කියන්නේ බං හොයමු 🙌 ” ඇති යන්තන් එකෙක් හරි ඔහොම කිව්වා 😉 .
” කැලුම් ,එහෙනම් මචං උබ ධනුශ් එක්ක set වෙලා ඕන මගුලක් කරගනින්. එක දවසක් දැකලා කොහොමද බං හොයගන්නේ ? 😐 ” චතුර කිව්වා .
” දෙයක් වෙන්න තියනවා නම් අනිවා ඒක වෙනවා බං , බලපන් කොහෙන් හරි ඕකිව හොයාගන්න පොටක් පෑදෙයි. ” කැලුම් ධනුශ්ට අලුත් බලාපොරොත්තුක් දුන්නා .
” අපි බලමුකෝ බං 😊 ” ධනුශ් එහෙම කිව්වේ ආයෙත් එයාව දකින්න ලැබේවා කියලා හිතාගෙන 😍 .
” මන් අක්කා එක්ක ටවුන් එකට යන්න ඕනේ බං . උබලා පලයල්ලා එහෙනම් ” කැලුම් එහෙම කියාගෙන ගියා.
************************************

” නෙහාරා , ලෑස්ති වෙනවකෝ shopping යන්න. නෙතූ අක්කිගේ wedding එකට ඇදුම් ගන්නත් එපැයි ” ශෙහාරා කිව්වා .
” අම්මෝ මාත් මේ බල බලා හිටියේ කොයි වෙලාවෙද shopping යන්නේ කියලා . යමු යමු 😋 ටින් ගාලා wsh එකක් දාගෙන එන්නම් සුදු අක්කී 😘 ” නෙහාරා ,ශෙහාරාවත් පෙරලගෙන දිව්වා. පුදුම දැගලිල්ලක් මේකිට තියන්නේ 😂 .
නෙහාරායි ශෙහාරායි දෙන්නම ටවුන් එකට ආවා.
” මේ අර කඩේට යමු ඉස්සෙල්ලාම ” ශෙහාරා මුකුත් කියන්නත් කලින්ම නෙහාරා කෙල්ලව ඇදගෙන ගිහිනුත් ඉවරයි . මේකි වයසින් නංගී වුනාට වැඩ කරන්නේ නම් ලොකු අම්මා වගේ 😁 .
” නංගි , ඔයා අර පැත්තේ බලන්න. මන් මෙහේ බලන්නම් , දෙන්නම එකම විදිහට අදිමු 😍 ” ශෙහාරා එහෙම කියලා නෙහාරාව යැව්වා.
” ම්ම්ම්ම් … දැක්කම ඔක්කොම ගන්න හිතෙනවනේ . මොකක් තෝරගන්නද කියලා හිතාගන්න බෑ . ” ශෙහාරා එහෙම හිත හිතා ඇදුම් තෝරනවා.
දන්නවනේ ඉතින් කෙල්ලෝ ඇදුම් තෝරන්න ගියාම 😝 .
” Excuse me , මේ dress එකේ වෙන colour එකක් නැද්ද ? “
” මොකාද යකෝ ඒ , මාව මේකේ වැඩ කරන girl කෙනෙක් වගේද පෙන්නේ 😠 ” ශෙහාරා හැරිලා බැලුවා කවුද මේ කියලා .
” ආහ් , මාත් ආවෙ ඇදුම් ගන්න තමයි 😬 , වෙන කෙනෙක්ගෙන් අහනවද ? ” කෙල්ල පොඩ්ඩක් ඔරවලා වගේ ඒ කොල්ලට කිව්වා .
” අපොයි ! විනාසයි . ” කොල්ලට ලැජ්ජාවේ බෑ.
” අහ් , sorry ” කොල්ලා එහෙම කියලා ගියා. අඩි දෙකයි තිබ්බේ තිබ්බ කලබලේට ඊලගට හැප්පුනේ ඩමියක 😂 .
” sorry ” මේන් මූ ඒකටත් sry කියනවා 😅 .
ශෙහාරාට බකස් ගාලා හිනා ගියා ඒකට නම් , ” පිස්සු කොල්ලෙක් ” .
” අයියෝ අක්කේ , ඔයත් එක්ක ආවොත් නෝන්ඩි වෙන වැඩක්මයි වෙන්නේ 😒 . ” කැලුම් අක්කා ළගට ගිහින් චුරු චුරු ගානවා .
” මොකද හලෝ , මන් ඉතින් තමුසෙට කිව්වද ඇදුම් තෝරන්න කියලා . මන් තෝරගන්නම් ” අක්කත් ඒ පාර මගුලක් කියවනවා 😠 .
” අහ් , එහෙමද . මටත් එයිනේ අවස්තාවක් 😏 . අපෝ මේ කෙල්ලොත් එක්ක ඇදුම් තෝරන්න එනවට වඩා හොදයි බෙල්ලේ ගලක් ගැටගහගෙන මුහුදේ පනිනවා 😬 ” කැලුම් බැන බැන පැත්තකට වෙලා හිටියා. නිකන් නෝන්ඩි වෙන්න බෑනේ ආය අක්කට උනත් 😑 .
ඒ අතරේ කොල්ලා බැලුවා අර කෙල්ල කෝ කියලා . කාලය අපතේ යවන්න හොද නෑනේ ඉතින් 😝 .
“ඈහ් , මේකි ඉස්සෙල්ලා ඇදන් හිටියේ නිල් පාට ගවුමක්නේ , දැන් කොහොමද යකෝ රෝස පාට ගවුමක් ඇදන් ඉන්නේ 😮 . “
කැලුම්ව දැක්කේවත් නෑ වගේ පහු කරගෙන ගිය කෙල්ල දිහා බලාගෙන කොල්ලා කල්පනා කරනවා.
” හායි , ඇදුම් තෝරනවද ? ” කොල්ලා ගිහින් කෙල්ලව පොඩ්ඩ්ක් chat එකට අල්ලගන්න බැලුවා.
” නෑ , එලවළු තෝරනවා. පේන්නේ නැද්ද ? 😒 ” අපොයි ! ආයෙත් නෑවනේ ඉතින් 😂 .
” මොකාද බොලේ මේ වදුරා . ම්ම්ම්ම් …. වදුරා කිව්වට ඉතින් පොඩි ලස්සනකුත් තියනවා. සැබෑ ආදරේ ඇදුම් කඩේකදි වුනත් හම්බවෙන්න පුළුවන් නේ ඉතින් 😝 ” ඔහොම හිත් හිතා නෙහාරා බලාගෙන හිටියා මූ මොකාටද මේ එන්නේ කියලා .
” නෑ ,මේ මන් කතා කරේඑ ඉතින් නිකන් . මන් ඉස්සෙල්ලාත් ඔයාට වැරදිලා කතා කරානේ , මෙතන වැඩ කරන කෙනෙක් කියලා හිතලා . ඒ ටිකට අමතක වුනාද මාව 😮 ” කොල්ලා එහෙම කිව්වව නෙහාරා බැලුවා මූ මොනාද මේ කියවන්නේ කියලා .
” ඕහ් , sure එකටම මූ අක්කිට තමා කතා කරලා තියන්නේ . කොහේ අදුරගන්නද ඉතින් දෙන්නම එක වගේනේ 😝 . දෙන්න ඕනේ හොද බයිට් එකක් ” නෙහාරාටත් ඉතින් මේක මදැයි , කෙල්ල ඕවට නම් දක්ශයි 😅 .
” අහ් , ඔව්නේ . මතකයි මතකයි 😉 . ඉතින් ඔයාගේ වැඩේ ඇදුම් තෝරන කෙල්ලොන්ට help කරන එකද 😁 .
” හේ , නෑ නෑ . මන් අපේ අක්කා එක්ක ආවේ. දෙවනි පාර ඔයාව දැක්කම මට පොඩි ප්රශ්නයක් ආවා. ඒකයි ඉතින් කතා කරේ 😊 ” කැලුම් කිව්වා .
” මේකා ප්රශ්න පත්තරයක්ද කොහෙද , අක්කිත් එක්ක එකතු වෙලා කරන්න ඕනේ හොද වැඩක් . ” නෙහාරා දැන්මම plan එක ගහනවා වැඩේට 😋 .
” අහ් , මොකක්ද ප්රශ්නේ 😮 “
” ඔයාව ඉස්සෙල්ලාම දකිද්දී ඇදන් හිටියේ නිල් පාට ගවුමක්නේ , දැන් ඒක රෝස පාට වුනේ කොහොමද 😮 ” දීපන්කෝ උත්තර .
” අහ් , මේකේ පාට මාරු වෙනවනේ . නිල් , රෝස පාට දෙකම තියනවා . ” මේකිත් ඒ පාර මාර කතාවක් තමා කිව්වේ 😅 .
යකෝ එහෙම ඇදුමුත් තියනවද , ඔව් ඉතින් කෙල්ලොන්ට තියන ඇදුම් කන්දරාවේ හැටියට එහෙම ඒවා තියෙන්න බැරි කමකුත් නෑ තමා 😮 .
” මේකිට නම් පිස්සු ” කැලුම් එහෙම හිතලා හිනා වෙවී , ” ආහ් එහෙමද , මේ මගේ no එක . මන් කැලුම් , පස්සේ දවසක ආය meet වෙමුකෝ ” කියලා no එකත් shep එකේ දීලා යන්න ගියා 😊 .
” අම්මෝ හොද වෙලාවට මූ ඉද්දී අක්කි ආවේ නැත්තේ මෙතන්ට , නැත්නම් ඉවරයි 🙏 . ” නෙහාරා දෙයියන්ට පින් දිදී ගියා ශෙහාරාව හොයාගෙන .
” අක්කී , ඇදුමක් ගත්තද ? ඉක්මන්ට යමූ , වැඩක් තියනවා අපි දෙන්නට කරන්න 🙌 . ” මේකිටත් ඉතින් හදිස්සිය අර කොල්ලව මෝඩයා කරන්න 😉.
******************************************

” හයියෝ බං , උබ එහෙනම් ඩමියකටත් sorry කිව්වා එහෙනම් 😂 ” කැලුම් කියපු කතාවට චතුර එහෙම කියද්දි කට්ටියම හිනා වුනා 😅 .
” ඩමිය කෙසේ වෙතත් බං කෙල්ල නම් පට්ට . කටකාර හැඩකාර කෙල්ලෙක් 😍 ” කැලුම්ට හිත ගිහින් වගේ .
” එහෙනම් උබත් ධනුශ් වගේ හොයන්න පටන් ගනින් ඒකිව රට පුරා 😒 “
” පිස්සුද බං , මන් ඒකිට no එකත් දීලා ආවේ , ඕකි අනිවා කතා කරයි බලපන්කෝ . ඒත් බං මට තාම ගවුමේ පාට වෙනස් වුන එක හිතාගන්න බෑනේ බං 😮 ” කැලුම් කල්පනා කරන්න ගත්තා .
” උබට වර්ණ අන්ධතාවෙනේ බං කොහොමත් 😅 ” චතුරට ඒකත් ඇති ඉතින් කොල්ලව බයිට් කරන්න .
” අඩෝ සිරාවට ඒකද දන්නෙත් නෑ බං 😮 ” දැන් ඒකත් සැකයි මෙයාට 😁 .
ඒ අතරේ කැලුම්ගේ 4n එක ring වෙනවා . ම්හ්, දන්නේ නැති no එකක් .” ඒහ් බං අර කෙල්ලද දන්නේ නෑ බං 😍 “
” කතා කරපන් , කතා කරපන් ” චතුර කිව්වා .
” හෙලෝ “
” හෙලෝ , මේ කැලුම්ද ” කෙල්ලෙක් කතා කරේ 😉 “
” අහ් , ඔව් මේ අර ඊයේ shop එකේදී meet වුන නංගි නේද ? ” කැලුම් කෙලින්ම ඇහුවා . නංගි කිව්වට මේකි අක්කා කෙනෙක්ද දන්නෙත් නෑ . විනාසයි එහෙම වුනොත් 🙏 .
” අහ් ඔව් ඔව් , ඔයා අදුරගත්තා නේද ? 😋 ” නෙහාරාත් ගානට වැඩේ දෙනවා වගේ .
යාලුවො set එකම මීයට පිම්බා වගේ සද්දයක් නැතුව ඉන්න නිසා දෙන්නගේ කතාව හොදට ඇහෙනවා කට්ටියටම.
මුන්ටත් ඉතින් ඕනේ නැති මගුලක් නෑනේ 😂 .
” ඒහ් මගුලත් හරි වගේ බං , අපි party යක් දාමු 😊 ” චතුර අනිත් උන් ටිකට හෙමීට කිව්වා.
” අපි බොමු ” ඔන්න ඒ පාර තව එකෙක් 😝 . එකෙක් මැරුනත් කමක් නෑ මුන්ට party දාන්න ඉතින් 😅 **********************************************

” අක්කී , ඔන්න මන් call කරලා පලමු අදියර සාර්ථකව කරා 🙌 . ඊලගට ඔයා ! ” නෙහාරා එයාගේ කුමන්ත්රණය ශෙහාරාට පැහැදිලි කරනවා මේ වෙලාවේ .
” පිස්සුද නංගි , පව් ඒ කොල්ලා . මන් දැක්කනේ අහිංසකකම 😝 . ” ශෙහාරා ඊලඟ පියවර කයි වගේ 😧 .
” අපෝ ඔය ඉතින් , මන් කියන විදිහට කරනවකෝ හලෝ . තමුසෙට එපා නම් මට හරි set වෙයිනේ 😝 . ” මේකි බලන්නකෝ කියන කතා . පව් අර කොල්ලා .
” හරි දැන් මොනාද කරන්න ඕනේ 😒 ” ඔන්න දැන් තමා ශෙහාරාත් වැඩේට බැස්සේ 😉 .
” ඔය තියන්නේ , මන් වෙනුවට අක්කි යන්න ඕනේ එයාව meet වෙන්න 😉 , ඉතුරු ටික පස්සේ ” නෙහාරා කිව්වා .
” අපෝ මට නම් බෑ ” ආයෙත් බෑලු ඉතින් 😠
” අනේ මොකක්ද අක්කි , පොඩ්ඩක් බයිට් කරමු ඉතින් ” නෙහාරාට නම් පිස්සු .
” හ්ම් , හාකෝ 🙌 ” ශෙහාරා කැමති වුනා.
***************************************

“දැන් මචං ඕකි අද එයි කියලා sure ද උබට 😮 ” ධනුශ් ,කැලුම්ගෙන් ඇහුවා.
” ඔව් බං , උබේ එකීව ආය දැක්කේවත් නැද්ද බං “
” නෑ බං 😔 ” ධනුශ් එහෙම කිව්වේ මාර අවුලෙන් .
” දැන් මචං අපිටත් උබේ කෑල්ලව බලාගන්න chance එකක් එහෙම නැද්ද බං 😉 ” චතුරටත් ඉතින් එහෙම හරි කමක් නෑ කෙල්ලෙක් නම් 😋.
” coffee shop එකේදි meet වෙමු කිව්වේ . උබලත් ඔය ළග තියන මේසෙක වාඩි වෙලා ඉදපල්ලකෝ “
ඒ මදැයි ඉතින් මෙයාලටත් . පිළිවෙලකට හිටියොත් හොදයි ඉතින් කට්ටිය 😝 .
වෙලාව 10ට විතර ඇති . කැලුම් coffee shop එකට වෙලා බලාගෙන ඉන්නවා කෙල්ල එනකන් 😍 .
ඉතුරු මාර සේනාවත් ඊට පිටිපස්සේ මේසෙක ඉන්නවා ඉතින් film එකක් බලන්න වගේ 😁 .
” මචං අපි මොනාහරි කමු ” පටන් ගන්නකොටම කෑම ඉතින් 😒 .
” මූට ඉතින් කන බනේමයි ” ධනුශ් එහෙම කියලා කෑම order කරා කෝකටත් කියලා .නැත්නම් මූ අරකි ආපු ගමන් කෑගැහුවොත් ඉවරයිනේ ඉතින් 😂 .
ටිකක් වෙලා යද්දි කැලුම් යාලුවන්ට ඇහෙන් පෙන්නුවා පාර පැත්ත .
කට්ටියම බැලුවා කවුද කැලුම්ගේ සුරංගනාවී කියලා .ධනුශ් එකපාරටම පුටුවෙන් නැගිට්ටුනේ හිතාගන්නවත් බැරුව.
” මොකද බං උබට වුනේ , වාඩිවෙයන් ” චතුර කිව්වා.
” යකෝ මේ අර කෙල්ල 😭 “

මතු සම්බන්ධයි . 

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *