නිහඬ කටකාර ආදරේ …. 02

02 කොටස

ධනුශ් කියපු කතාවට චතුරත් හොල්මන් වුනා.
” අඩෝ , පොඩ්ඩක් ඉදපන් . උබ එදා මට පෙන්නපු එකීමද මේ 😮 ” චතුරත් කෙල්ල දිහා බලාගෙන කල්පනා කරා .
” ඔව් බං , ඒකි තමා . මට කවදාවත් අමතක වෙන්නේ නෑ ඒ ඇස් 😍 ” ධනුශ්ට මාර අවුල් , කවුද හිතුවේ මෙහෙම දෙයක් වෙයි කියලා ඉතින් 😞 .
ඒ අතරේ ශෙහාරා ගිහින් කැලුම්ට ඉස්සරහින් වාඩි වුනා . චණ්ඩියා වගේ ආවට දැන් නම් පොඩ්ඩක් ගැහෙනවා වගේ 😧 . නෙහාරා වගේ ඉන්න නම් ශෙහාරාට කොහොමත් බෑ . මොකද නෙහාරා කියන්නේ දඟ , කටකාර කෙල්ලෙක් 😉. ශෙහාරා ටිකක් නිහඬ චරිතයක් 😊 .
” Hi , කොහොමද ඉතින් ? ” කැලුම් කතාවට බැස්සා.
ශෙහාරා වාඩි වෙලා ඉන්න තැනට ධනුශ්ව හොදට පේනවා .
” ආහ් , හොදයි . වරදක් නෑ ” කෙල්ල shep එකේ වචන ටිකක් අහුලලා ගත්තා . නැත්නම් ඉවරයිනේ ඉතින් 😁 .
කැලුම්ට නම් දැන් ටිකක් අවුල් වගේ 😒 . ” යකෝ එදා නම් මේකිගේ කටට break තිබ්බේ නෑ . අද බලහන්කෝ ඉන්න හැටි . මොකාආආආආක් හරි අවුලක් තියනවා මෙතන 😐 ” කොල්ලා හිතුවා .
ශෙහාරා නිකමට වගේ ඉස්සරහ බැලුවේ කැලුම් දිහා කෙලින් බලන්න බැරි නිසා . කොහොමත් කෙල්ලට නෙහාරා වගේ ඉන්න බෑනේ 😶 .
කෙල්ල ඊලඟට දැක්කේ ධනුශ්ව . ශෙහාරා දිහා බලාගෙන ඉන්නවා . කෙල්ලට මතක් වුනා එදා library යද්දී එයා දිහා බලාගෙන හිටපු ඒ ඇස් 😍 .
” ඔව් , මේ එයාම තමා . එයා හිතයිද දන්නේ නෑ මේ මගේ boy friend කියලා . නංගි නම් මොනා කරනවද මන්දා 😠 .ඉක්මන්ට මෙතනින් පැනගන්න ඕනේ 😜 . ” ශෙහාරාගේ හිත කැමති වුනේ නෑ ධනුශ් හිතනවට කැලුම් එයාගේ කොල්ලා කියලා . මොකද දැනටමත් කෙල්ල ඒ ඇස් වල තියන ආදරේට ආදරෙයි ❤ .
කැලුම් නම් nonstop කතාව. මොනා කියෙව්වද දන්නේ නෑ , කෙල්ල අහගෙන හිටියෙත් නෑනේ මුකුත් 😜 .
” මේකාව නම් හරියන්නේ නෙහාරාටම තමා 😉 , දෙන්නම එකයි ” ශෙහාරා හිතුවා .
කොහොම කොහොමහරි ශෙහාරා කැලුම් එක්ක පොඩ්ඩක් කතා කරලා ගෙදර ගියා . කැලුම්ට නම් දැන් සැකයි වගේ මේ ගැන 😒 .
” ඒහ් මචං , මෙතන මොකක් හරි පොඩි අවුලක් තියනවා බං ” ශෙහාරා ගියාට පස්සේ කැලුම් එහෙම කියාගෙන යාලුවො ළගට ආවා.
” පොඩි ! පොඩි නෙවෙයි බොල , ලොකු අවුලක් තියනවා . ඉස්සෙල්ලා කාලා ඉදපන්කෝ 😅 , මන් පස්සේ පැහැදිලි කරන්නම් ” චතුර කිව්වා .
මූට ඉතින් මොකටත් කලින් කෑම තමා 😌 .
” එක්කෝ උබලා දෙන්නා හොද ලනුවක් කාලා ඉන්න එකේ ආය අමුතුවෙන් කන්න ඕනේ නෑ බං 😁 , දීපන් එපා නම් මන් කන්නම් ” අපෝ මූ වගේ එකෙක් නම් 😠 .
” ඊට වඩා නරකද උබ අපිව කෑවා නම් 😒 , මචං කැලුම් ඒ හිටියේ මන් එදා කියපු කෙල්ල බං 😞 ” ධනුශ් කෙලින්ම කිව්වා .
” නෑ !! සිරාවටමද බං 😮 , මටත් පොඩි අමුත්තක් දැනුනා . මොකද බං එදා මේකිට nonstop කියවන කටක් තිබ්බේ 😍 , ඒත් අද ම්හ්, no කතා . එතකොට මේ උබ කියන එකී නම් මන් කියපු පිස්සු හෝන්තුව කෝ බං 😮 ” දැවෙන ප්රශ්න ඉතින් දැන් කොල්ලො ටිකට 😧 .
” ඒක නම් මන් දන්නේ නෑ බං , හැබැයි මේ ආවේ නම් මන් කියපු කෙල්ලම තමා ” ධනුශ් කිව්වා .
” මචං , ඔය සෝස් බෝතලේ දීපන් මෙහාට 😜 “
මෙච්චර දැවෙන ප්රශ්නයක් තියද්දි මූ තව සෝස් ඉල්ලනවා 😠 .
” කොහොමත් බං මේ ලෝකේ එක වගේ දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්න බැරිකමක් නෑනේ බං ” පිඟානට සෝස් තලියක් හලා ගන්න ගමන් චතුර කිව්වා . මොලේ ඇති කතාවක් කිව්වමද කොහෙද 😂 .
කැලුමුයි ධනුශුයි මූණෙන් මූණ බලාගෙන ඊලඟට චතුර දිහා බැලුවා 😮 .
” ඇයි බං ඔහොම බලන්නේ 😧 , සෝස් බෝතලේ ඉල්ලුවා නම් දෙනවනේ ඉතින් . කන්න වගේ මගේ දිහා බලන්නේ 😶 ” 😂😂😂
*****************************************

” මේ මට නම් බෑ ආය මේ ගොන් වැඩ කරන්න . තමුසේ ඕන මගුලක් කරගන්නවා තනියම 😠 ” ශෙහාරා bag එකත් ඇඳට විසි කරලා දාලා ,ආපු ගමන් නංගිව අනුභව කිරීමට සූදානම් වුනා 😝 .
” ආහ් , වැඩේ කාලා ආවද ? මට හිතුනා . මේ ගොන් ගහ කොහෙද ඉතින් මන් වගේ ඉන්නේ එතන ගිහින් 😏 ” නෙහාරා දන්නවා ඉතින් අක්කිට ඒ වගේ නටන්න බෑ කියලා . එසේ මෙසේ දැඟලිල්ලක් ඇයි මේකිට තියන්නේ 😅 .
” මොකද දෙන්නා මේ බෙරිහන් දෙන්නේ අහ් , වටපිටාවේ මිනිස්සු නෑ කියලා හිතුවද 😤 “
අපොයි !!! හදිසි ප්රහාරක අංශේ දොර ළගටම ඇවිත් 😛 . එනකන්ම දන්නෙත් නෑ 😶 .
අම්මගේ සද්දෙට දෙන්නම කටවල් වහගත්තා 😑 . අක්කගෙයි නංගිගෙයි වැඩ දන්නවා නම් දරුකමෙනුත් අයින් කරයි 😉 .
” නෑ අම්මේ , අපි මේ පොඩි drama එකක් පුරුදු වෙනවා 😁 ” නෙහාරා පැනපු ගමන් කිව්වා . කොහෙන් කටට එනවද දන්නේ නෑ මේ බේගල් 😊 .
” ඔව් ඔව් මට පේනවා drama කෙසේ වෙතත් දෙන්නත් එක්ක හොද නැටුමක් නටන්න යනවා කියලා 😠 ” අම්මා එහෙම කියාගෙන යන්න ගියා.
” නැටුවා කියලා ඉතින් අම්මට බෑණලා දෙන්නෙක් හොයලා දෙන්නේ කොහොමද 😜 , මට ඉතින් තාලෙට අඩියක්වත් තියාගන්න බෑනේ කොහොමත් 😅 ” නෙහාරා අම්මා ගියාට පස්සේ කිව්වා .
” ඒක බැරි වුනාට ඊට වඩා වැඩ කරන්න නම් පුලුවන්නේ ඉතින් 😏 , මන් නම් නෑ ඕවට . අරයා මොනා හිතුවද දන්නේ නෑ 😍 “
ශෙහාරා කියාගෙන කියාගෙන ගිහින් අන්තිමට අර අරයා ගැනත් කියවෙලා තමා නැවතුනේ 😧.
” මොකාද බොලේ අරයා ? 😮 . සුදු අක්කී , කන පලාගන්නේ නැතුව මේ නංගිට කියනවා කොරයා ගැනද ඒ කිව්වේ කියලා 😠 ” නෙහාරා මරණ තරජන එල්ල කරා 😁 .
” දැන් ඉතින් ඉවරයි . මගේ කටටත් break නෑ වෙලාවකට මේකිත් එක්ක ඉදලා 😧 ” ශෙහාරා හිතුවා .
” ඒයි මොනාද කල්පනා කරන්නේ , කියනවා ඉක්මන්ට ” නෙහාරා පලමු කොට්ට ප්රහාරය ශෙහාරාට එල්ල කරා 😝 .
” හරි හරි කියන්නම් 😑 ” ඊලඟට මේකි මොකෙන් දමලා ගහයිද දන්නේ නෑනේ ඉතින් . ඒ තරම් සහෝදර ප්රේමය දෝරේ ගලනවා වෙලාවකට 😂 .
ඒ නිසා ශෙහාරා අර අරයා ගැන කියන්න පටන් ගත්තා ඉතින් 😊 “
****************************************

” මොනාද බං මේ ජීවිත , බලපන් මෙලෝ වැඩක් නෑනේ 😒 , මහ ලොකුවට උබලගේ කතාව නම් කසාද බඳින්න 😅 ” චතුර දේශනාව පටන් ගත්තා.
කට්ටිය එකතු වෙලා ඕපාදූප කියවනවා . වෙන වැඩකුත් නෑනේ ඉතින් ගෙවල් වල 😏 .
” අපි එහෙම හරි හිතනවා 😊 . උබ මොකද කරන්නේ , තියන තියන එක කකා ඉන්නවනේ 😛 , කෙල්ලෙක්වත් බලයිද ඉතින් 😁 ” කැලුම් එහෙම කිව්වා.
” ඒ වුනාට fb එකේ නම් තිබ්බේ කෙල්ලෝ කැමති චුට්ටක් බඩ තියන කොල්ලන්ට කියලා 😁 , කෝ උබලට තියනවද ? නෑනේ නෑනේ 😝 “
මූ කියන කතාව බලන්නකෝ 😂 . ඒක ඇත්තද කෙල්ලනේ ? ( නෑ නේද 😜 )
” අපි ඔහේ කාලේ කන එකේ trip එකක්වත් යමුකෝ බං . සසර කලකිරෙනවා බං මෙහෙම ඉද්දි 😑 ” දසුන් අලුත් idea එකක් දුන්නා.
” ඇයි බං අපි ගිය මාසෙත් trip එකක් ගියේ . උබට මතක නැද්ද 😜 ? ” චතුර ඇහුවා .
” ගිය මාසේ ? කවද්ද ? මට මතක නෑනේ 😮 ” දසුන් කල්පනා කරා ඌව දාලා මුන් ටික හොරෙන් ගිහින්වත්ද කියලා .
” උබට අමතක වෙනඑක සාදාරණයි බං 😌 . හැමෝම බස් , වෑන් වල trip යද්දි අපි ගියේ මොකේද දන්නවද , උබට හිතාගන්නවත් බෑනේ 😝 ? “
” අහ් , මොකේද උබලා ගියේ 😮 ? ” කොල්ලව දාලා කට්ටිය ගිහින් වගේ හොරෙන්ම . පවු ඉතින් කොල්ලා 😞 .
” කටින් යකෝ කටින් 😂 , අපි trip ගියේ කටින් ” අනේ ඇත්තට මේ වගේ එකෙක් නම් 😠 .
” හරි හරි බං . මේ අපි සිරාවටම යමු මේ පාර . ගිහින් ඇවිත් අපිට වැඩක් තියනවා ධනුශ් 😉 ” කැලුම් සීරියස් පිට කිව්වා .
” ඒ මොකක්ද ? 😮 ” ධනුශ් ඇහුවා .
” අර අපි ගොන්නු කියලා හිතාගෙන ඉන්න පිස්සු හෝන්තු දෙකට පාඩමක් උගන්නමු ” මේ පාර නම් නෙහාරාටයි ශෙහාරාටයි වැඩ වරදි වගේ 😧 .
” අනේ පලයං බං යන්න . මන් කිව්වේ නැත්නම් උබලා දෙන්නා කොහොමත් ගොන්නු දෙන්නා වගේ තමා වැඩ කරන්නේ 😁 , මල් තියලා වැදපන් මට 😌 ” චතුර දැන් වීරයා වෙලා 🙌 .
” එච්චරයි අඩු දැන් 😏 . මෙන්න මෙහේ වරෙල්ලා යන්න . අනිත් උන් ටිකත් set කරගෙන මේ පාරවත් trip එකක් යමු 😊 “
**************************************

” හෙලෝ , අක්කේ මන් වසන්ති “
නෙහාරාගේ අම්මා 4n එක answr කරලා කවුද කියලා බැලුවා . ” ආහ් , කියන්න නංගි . මුකුත් හදිස්සියක්ද ? “
” අනේ නෑ අක්කේ . පොඩි උදව්වක් ඕනේ 😊 . අපි ටික දවසකට ගමනක් යනවා සතියකට වගේ . එතකන් අපේ පොඩි පුතාව නවත්තගන්න පුලුවන් ද ? “
අපොයි !! හොද පොඩි එකා 😒 . ගිය පාරකුත් ඇවිත් ජනෙල් වීදුරු දෙකක් බිඳලා ගිය හැටි අම්මට මතක් වුනා 😧 . බෑ කියන්නත් බෑනේ ඒ වුනාට .
” අහ් , ඕක මොකක්ද 😁 . එවන්න එයාව. අපේ දුවලා දෙන්නත් ඉන්නවනේ 😉 “
අනේ ඉතින් මොකට කියනවද , අක්කයි නංගි මල්ලි බබාව හොදට බලාගනී , අපරාදේ කියන්න බෑ 😂 .
” හරි අක්කේ . ගොඩක් ස්තූති . කෙල්ලෝ දෙන්නව මතක් කරා කියන්නකෝ “
” හරි නංගි ” අම්මා 4n එක තියලා හැරෙනකොටම මෙන්න මුන් දෙන්නා ඔක්කොම අහගෙන ඉදලා 😝 . ඔව් ඔව් වෙන කවුද ඉතින් නෙහාරායි ශෙහාරායි තමා 😎 .
” අයියෝ අම්මා , අර පොඩි එකා ගිය පාරත් ඇවිත් වද දීලා ගියා මතක නැද්ද 😠 . අපිට නම් බෑ එයාව බලාගන්න 😏 ” නෙහාරා යුද්ධය ප්රකාශ කරා.
” එහෙනම් උබලා දෙන්නා පලයල්ලා එලියට 😠 . දෙන්නෙක් එක්ක දවසම ඔට්ටු අල්ලන මට , ඒ පොඩි එකා ආවා කියලා වෙනසක් නෑ ඉතින් 😒 ” එහෙම කියලා අන්න අම්මා ගස්සගෙන ගියා .
” පව් නංගි , මොනා වුනත් එයා හරි හුරතල් 😍 ” ශෙහාරාට ඒ පාර දුක හිතිලා 😛 . දරු සුරතල් 😝 .
” හොද හුරතල් , බටු ඇටේ වගේ හිටියට රබර් කණ දාගෙන ඉන්නේ හැම එකටම 😒 . අපේ plans ඔක්කොම ඉවරයි . ටින් ගානකොට අපේ අම්මගේ කණේ තියයි ඔක්කොම 😠 ” නෙහාරා නම් කැමතිම නෑ වගේ 😜 .
” ඒයි අක්කී , මෙහේ එනවකෝ ඉක්මන්ට ” ටික වෙලාවකින් නෙහාරා කාමරේ ඉදන් කෑගහන්න ගත්තා 😮 .
” sure එකටම බිත්තියේ ඉන්න මකුළුවෙක් දැකලා තමා කෑගහනවා ඇත්තේ 😂 , හොද වැඩේ ඇගට පැන්නොත් තියන විසේට 😅 ” ශෙහාරා හිනා වෙවී ගියා මොකද වෙලා තියන්නේ බලන්න 😉 .
මේන් මේකි ඇඳ උඩ නැගලා නට නටා ඉන්නවා 4n එකත් අතේ තියාගෙන 😛 .
” මේහ් මේ බලනවකෝ මේ fb පොස්ට් එක . අර පොඩි එකාගෙන් ගැලවෙන්න පුලුවන් මේ පාර නම් 🙌 ” නෙහාරා ඒ පාර මොකක්ද කරන්න යන මගෝඩි වැඩේ 😛 ???

මතු සම්බන්ධයි . 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *