නිහඬ කටකාර ආදරේ … 06

06 කොටස

කැලුම් කෑගහපු පාර ධනුශ් වාහනේ නතර කලා මොකද වෙලා තියන්නේ කියලා බලන්න . මිනිස්සු ගොඩක් වටවෙලා පාරෙන් පහල ප්රපාතේ දිහා බලාගෙන ඉන්නවා.
කොල්ලෝ ටිකත් වාහනෙන් බැහැලා ළං වෙලා බැලුවා .
අපොයි දෙයියනේ , බස් එකක් පෙරලිලා පාරෙන් පහලට. තුවාල උන අයව මිනිස්සු උඩට ගන්නවා.
කැලුමුයි , ධනුශුයි බය වෙලා වගේ බලාගෙන ඉන්නවා.
” මචං , කෙල්ලො ටික ආපු බස් එක නේද මේ ? ” දසුන් කිව්වා.
එච්චරයි කියන්න හම්බවුනේ ධනුශ් කට්ටියවත් තල්ලු කරගෙන පහලට බැස්සා. කැලුමත් ඒ පස්සෙන් ගියා .
” අඩෝ , අපිත් යමන් ” චේතියත් ඉස්සර වුනා.
චතුරත් කොහොමහරි ගියා ඉතින් හෙමීට . රෝල් වෙලා ගියොත් ඊට වඩා එකක් වෙයිනේ එතන 😉 .
හැමෝටම වගේ තුවාලයි .සමහර අය තාමත් බස් එකෙන් එලියට එන්න බැරුව හිර වෙලා.
ධනුශ් , කැලුම් එක්ක හතර වටේ බලනවා කෙල්ලෝ දෙන්නට මොකද වුනේ කියලා . ඒ අතරේ දිලුම් ධනුශ්ට කතා කරලා කාවදෝ පෙන්නුවා.
හැමෝම බැලුවා ශෙහාරාව හරි නෙහාරාව හරි දකින බලාපොරොත්තුවෙන් .
ඒත් එතන හිටියේ රිශිනි . ධනුශ් දුවගෙන ගියා එතන්ට . රිශිනි එතකොට තමා ඔලුව උස්සලා බැලුවේ . කෙල්ලටත් ගොඩක් තුවාලයි .
රිශිනි දැනගත්තා කොල්ලෝ ටික හොයන්නේ කවුද කියලා . රිශිනි ඊලඟට අත දික් කරේ පෙරලිලා තිබුන බස් එක දිහාට .
දෙයියනේ ! එයාලා තාම ඒක ඇතුලෙද ?
කැලුම් කැඩුන ජනේලෙකින් බස් එක ඇතුලේ බැලුවා. මිනිස්සු ටික දෙනෙක් ඇතුලට ගිහින් කට්ටියව එලියට ගන්න try කරනවා .
ඒ වෙනකොටත් ධනුශ් බස් එක ඇතුලට ගිහින් ඉවරයි .
ඊලඟට දැකපු දේත් එක්ක කොල්ලට මුකුත් හිතාගන්න බැරි උනා.
ශෙහාරා වැටිලා ඉන්නවා. කෙල්ලට සිහිය නෑ වගේ. මූණ විතරයි යන්තන් පෙනුනේ , bag වලටයි කැඩිලා තියන ශීට් වලටයි කෙල්ලව වැහිලා . ඒ නිසාම කවුරුත් එයාව දැකලා නෑ වගේ .
ධනුශ් එතන තිබ්බ හැමදේම විසි කරලා යන්තන් ශෙහාරාව එතනින් එලියට ගත්තා .
දිලුම් , දසුන් , චේතිය එක්ක චතුරත් තුවාල වුන අයව එලියට ගන්න අනිත් මිනිස්සුන්ට උදව් කරා .
ඒ අතරේ කැලුම් තාමත් නෙහාරාව හොයනවා . මේ කෙල්ලට මොනා වුනා ද ???
ධනුශ් , ශෙහාරාව උස්සගෙන බස් එකෙන් එලියට ආවා .ඒත් නෙහාරාව නම් කැලුම්ට හොයාගන්න බැරි වුනා . කෙල්ලට මුකුත් කරදරයක්වත්ද ?
ශෙහාරාව හොයාගෙන කියලා දැකපු යාලුවෝ ටික ධනුශ් ළගට ආවා .
” උබලා කවුරුත් නෙහාරාව දැක්කේ නැද්ද බං ? ” කැලුම් ඇහුවා .
ම්හ්, කවුරුත් දැකලා නෑ .
කැලුම් , රිශිනිගෙන් අහන්නම් කියලා කලින් එයා හිටපු තැන බැලුවත් එයත් නෑ දැන් එතන .
” ටික දෙනෙක් hospital එකට යැව්වා කියලා කවුද කියනවා මට ඇහුනා . සමහරවිට නෙහාරාත් ඒ අතරේ ඇති ” චේතිය කිව්වා .
” මෙයාවත් අරන් අපි ඉක්මන්ට යමු එහෙනම් van එකේම ” දසුන් කිව්වා .
ධනුශ් කෙල්ලව වඩාගෙන van එක ළගට යන්න ගියා .
ශෙහාරාව ශීට් එකෙන් දිගා කරලා ධනුශ් වතුර බෝතලේ අරන් මූණට ඉස්සා ටිකක් . ඔලුවත් පොඩ්ඩක් තුවාල වෙලා නළල ළග . ලේ ඇවිත් , ඒවා එහෙම්ම වේලිලා .
ධනුශ් කෙල්ලගේ ඔලුව කකුල් දෙක උඩින් තියාගෙන වතුර ටිකක් ගෑවා මූණේ . ශෙහාරා යන්තන් ඇස්පිය ගහනවා දැක්කම තමා කොල්ලට පොඩි හරි සහනයක් දැනුනේ .
” මචං , උබ ඔතනින් ඉදපන් , මන් drive කරන්නම් ” දිලුම් එහෙම කියලා driving ශීට් එකට නැග්ගා .
කැලුම් තාමත් පාර අයිනට වෙලා පහල බලාගෙන ඉන්නවා . නෙහාරාට මොකද වුනේ ?
” දැන් යමු බං අපි . කෙල්ල hospital එකේ ඇති ” චතුර ඇවිත් කැලුම්ව van එකට එක්කන් ආවා.
කැලුම් වාහනේට නැගලා ශීට් එකෙන් ඔලුව තියාගත්තා .
තාම වචනෙකින් ආදරෙයි කිව්වේ නෑ තමයි . ඒත් හිතේ තිබ්බ ආදරේ කොච්චරක්ද කියලා කොල්ලට ඒ වෙලාවේ හිතුනා . එදා shop එකේදි nonstop කියව කියවා හිටපු ඒ කටකාර කෙල්ල 😍 . ” අනේ , කරදරයක් නම් වෙන්න එපා මගේ පිස්සිට ” කැලුම්ගේ ඇස් වලට කදුලු ආවේ දන්නෙම නැතුව .
ශෙහාරාට නම් දැන් සිහිය ඇවිත් , ඒත් තාම අමාරුයි වගේ.
ධනුශ් කෙල්ලගේ ඔලුව අතගෑවා . පොඩි එකෙක් වගේ බලාගෙන ඉන්න විදිහ . නංගි තරම් දඟ නෑ තමා , කටකාරත් නෑ . ඒත් ධනුශ් කැමති ඒ නිහඬ ආදරේට ❤.
” මචං , බැහැපන් . Hospital එකට ආවා ” දිලුම් වාහනේ නැවැත්තුවා විතරයි කැලුම් බැස්සා.
එතන පුදුම කලබලයක් තිබ්බේ . Ambulance වලින් ගේන අයව ඉක්මනින් ඇතුලට අරන් ගියා.
ධනුශ් ,ශෙහාරාවත් උස්සගෙන ඇතුලට ගියා.
” Accident එකෙන් ගෙනාපු අය කොහෙද ඉන්නේ ? ” කැලුම් එතන හිටිය nurse කෙනෙක්ගෙන් ඇහුවා .
” ඔතනින් ඇතුලට ගිහින් දකුණට හැරෙන්න . Doctor එයාලව check කරනවා ” nurse කියපු දිහාට කොල්ලෝ ටික ඉක්මනින් ගියා.
කැලුම්ගේ ඇස් හැම තැනම හෙව්වේ කටකාර කෙල්ලව . ඒත් කෝ මෙයා ???
එතන හැමෝම වගේ හිටියේ කෙල්ලෝ දෙන්නගේ යාලුවෝ . රිශිනිත් හිටියා . Doctor හැමෝවම check කරගෙන ආවා. ධනුශ් nurse කෙනෙක්ගේ උදව්වෙන් ශෙහාරාවත් එතන තිබ්බ ඇඳකින් තියලා ළගට වෙලා හිටියා .
කැලුම් එතන තිබ්බ හැම ඇඳක් දිහාම බැලුවත් බලාපොරොත්තු වුන කෙනාව නම් දකින්න ලැබුනේ නෑ .
ඒ අතරේ doctor ශෙහාරා ළගටත් ආවා.
” ම්ම්ම් …. බරපතළ තුවාල නම් නෑ . පොඩි පොඩි සීරීම් ටිකක් තියන්නේ . මන් ඒවට බෙහෙත් දෙන්නම් . අද ඉදලා හෙට වගේ යන්න පුළුවන් ” doctor එහෙම කියලා දෙන්න ඕනේ බෙහෙත් nurse ට ලියලා දීලා ඊලඟ කෙනා ළගට ගියා.
ඇඟට අමාරු නිසා ශෙහාරාට එහෙම්ම නින්ද ගිහින් .
කැලුම්ට නම් දැන් ඔලුව අවුල් වෙලා ඉන්නේ.
” මචං , මේ හරියේ තව hospital එකක් තියනවද දන්නේ නෑ . සමහරවිට නෙහාරාව එහෙටවත් යවලද දන්නේ නෑ . ” චතුර කිව්වා.
ඉදලා හිටලා වැදගත් අදහස් එනවා ඉතින් මේ කොල්ලට 😅 .
” මිස් , මේ හරියේ වෙන hospital එකක් තියනවද ? Accident එකෙන් ගෙනාපු හැමෝම ඉන්නේ මෙහෙද ? ” චේතිය , එතනින් ගිය nurse කෙනෙක්ගෙන් අහලා බැලුවා .
” ආහ් , මේ ළගක තියන්නේ නම් මේ hospital එක විතරයි , ඒ නිසා හැමෝම ගෙනාවේ මෙහෙට තමා . මොකක් හරි ප්රශ්නයක් ද ඔයාලට ? “
බය වෙලා වගේ ඉන්න කොල්ලෝ ටික දිහා බලලා nurse ඇහුවා .
” නෑ මේකයි මිස් , අපේ තව යාලුවෙක් හිටියා එයා accident එක වුන තැන හිටියෙත් නෑ , මෙහෙත් නෑ . ඒකයි ” කැලුම්ට කතා කරගන්න සිහියක් නැති නිසා දසුන් කිව්වා .
” ඕහ් එහෙමද , මන් හිතන්නේ ඔයාලා මේ හොයන්නේ මෙහෙට ගෙනත් ඊට පස්සේ ආය නුවර hospital එකට මාරු කරලා යවපු දෙතුන්දෙනා ගැන වෙන්න ඕනේ ” nurse ටිකක් කල්පනා කරලා කිව්වා .
” ආහ් , ඒ මොකද මිස් , එයාලට ගොඩක් අමාරුද ? “
” ම්ම්ම් …. ඔව් . මන් හිතන්නේ එතන තුන් දෙනෙක් හිටියා . Girl කෙනෙකුයි boys ලා දෙන්නෙකුයි . Girl ගේ නම් කකුලට ගොඩක් damage වෙලා . ඔයාලගේ අනිත් යාලුවෝ දෙන්නා ගැන නම් හරියටම කියන්න දන්නේ නෑ මන් . ඔයාලට එහෙට ගිහින් බලන්න පුළුවන් වෙයි ” Nurse කිව්වා .
එයාගේ හිතේ මේ හොයන්නේ කොල්ලෝ දෙන්නා ගැන කියලා .
” හරි මිස් , thank you . අපි එහෙට ගිහින් බලන්නම් ” චේතිය එහෙම කිව්වම nurse හිනා වෙලා එතනින් ගියා .
” දැන් මොකද අපි කරන්නේ , ශෙහාරාව මෙහේ දාලා යන්නත් බෑනේ “
” උබලා වාහනේ අරන් පලයං . මන් මෙහේ ඉන්නම් ” ධනුශ් කිව්වා.
” එහෙනම් මචං මෙහෙම කරමු . කැලුම් උබ දසුනුයි චේතියයි එක්ක වාහනේ අරන් පලයං . අපි ධනුශ් එක්ක මෙහේ ඉන්නම් ” දිලුම් කිව්වා .
” හරි එහෙනම් , අපි ගිහින් එන්නම් ” එහෙම කියලා එයාලා ගියා.
” අපි එතකොට අද රෑ ඉන්නේ hospital එකේද ? ” චතුර ඇහුවා .
” පිස්සුද බං , ඇයි උබට බබා හම්බෙන්නද ලෙඩක් නැතුව මේකේ ඉන්නේ 😂 ? . මේ ළග hotel එකක් තිබ්බා මන් දැක්කා. අද රෑ ඒකේ ඉමු . ධනුශ් මොකද කියන්නේ ? ” දිලුම් ඇහුවා .
කෙල්ලව දාලා යන්නත් දුකයි , ඒත් ඉතින් එහෙම කියලා ඉන්නත් බෑනේ .
දැනටමත් වෙලාව හවස 4 ට විතර ඇති . ධනුශ් ටිකක් වෙලා ශෙහාරා දිහා බලාගෙන ඉදලා එතනින් ආවා.
එතකොටම ඉස්සෙල්ලා කතා කරපු nurse වාට්ටුවට ආවා.
ධනුශ් nurse ළගට ගියා. ” මිස් පොඩි උදව්වක් කරන්න පුලුවන් ද ? “
” මොකක්ද ? ” එයා හිනා වෙලා ඇහුවා .
” මේ අර අතන ඉන්න ……… ” ධනුශ් , ශෙහාරාව පෙන්නලා කියන්න ගියා .
” හරි හරි මට තේරුනා . ඔයාලා ගිහින් එන්න . මන් එයාව බලාගන්නම් ” nurse කිව්වා .
” thank you මිස් , අපි ගිහින් එන්නම් ” ධනුශ් කිව්වා .
” මන් මේ කියන්නමයි හිටියේ බං ” එතනින් ආවට පස්සේ චතුර මොකක්ද කියන්න දැගලුවා.
” මොකක්ද ? කියපන් බලන්න ” දිලුම් ඇහුවා .
” ලස්සන nurse කෙනෙක් නේද බං 😍 “
චතුර ඔයා නම් …. 😅 .

මතු සම්බන්ධයි . 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *