නිහඬ කටකාර ආදරේ … 07

07 කොටස

කැලුම් , දසුනුයි චේතියයි එක්ක නුවර hospital එකට ගියේ නෙහාරාට මොකද වෙලා තියන්නේ කියලා දැනගන්න .
තුන්දෙනා නුවරට යද්දි රෑ 7 ට විතර ඇති .
” මචං , මේ වෙලාවට hospital එකට යන්න දෙන්නේ නැති වෙයි බං , අද රෑට කොහේ හරි ඉදලා අපි උදේම යමු . ” චේතිය කිව්වා .
කැලුම් අකමැත්තෙන් වුනත් ඒකට කැමති වුනා.
පහුවෙනිදා උදේම කට්ටියම hospital එකට ගියා.
” Excuse me , ඊයේ නුවරඑළියේ දි බස් එකක් පෙරලිලා accident එකක් වුනා. එහේ hospital එකෙන් මෙහෙට එවලා තියනවා අපේ යාලුවෙක් . අපිට එයාව බලන්න පුලුවන් ද ? ” දසුන් nurse කෙනෙක්ගෙන් අහලා බැලුවා .
” ම්ම්ම් … මොකක්ද ඔයාලගේ යාලුවගේ නම ? ” මෙයා නම් ටිකක් සැර පාටයි 😡 .
” ආහ් , නෙහාරා ” කැලුම් කිව්වා .
” ම්ම් .. ගෑනු යාලුවෙක් නේද ? යමු , doctor ත් මේ වෙලාවේ වාට්ටුවට ඇවිත් ඇති මන් හිතන්නේ ” 😎 කණ්ණාඩිය පහත් කරලා අමුතු බැල්මක් දාලා nurse නැගිටලා ගියා .
” අපි එයාගේ දුව දෙනවද ඇහුවේ නෑනේ බං , අපි දිහා එහෙම බැලුවේ 😒 . යමන් අපිත් ” දසුන් එහෙම කියලා තුන්දෙනත් එක්කම nurse පිටිපස්සෙන් ගියා .
වාට්ටුවට යනකොට nurse කිව්වා වගේම doctor ඇවිත් .
” අර ඉන්නේ බං කෙල්ල ” චේතිය , නෙහාරාව පෙන්නලා කිව්වා .
අම්මෝ ! ඇති යන්තන් , කෙල්ල හොදින් 😍 . ඒත් කකුල නම් bandage කරලා .
” අර බලපන් ඊට එහා ඇඳේ ඉන්න එකා ” දසුන් ඒ පාර තව එකක් කියවනවා.
” කවුද බං ? අම්මටසිරි ! අරූ නේද ? ශෙහාරාගේ පරණ කෑල්ලද කොහෙද කියපු එකා . එහෙනම් ඌවත් මෙහෙට එවලද , උගේ යාලුවෙකුත් ඉන්නේ අර එහා පැත්තෙන් ” චේතිය , දේවින්ද දිහා බලලා කිව්වා .
නෙහාරාත් එක්ක මෙහෙට එවපු අනිත් දෙන්නා තමයි දේවින්දයි , චාමරයි .
තුන්දෙනාම නෙහාරා ඉන්න තැනට ගියා. කෙල්ල හොදින් ඉන්නවා.
” කොහොමද ඔයාට ? දැන් හොදයි නේද ?කකුල ගොඩක් රිදෙනවා ද ? ” කැලුම් , නෙහාරා ළගට ගිය ගමන් අතින් අල්ලන් ප්රශ්න පත්තරේ එලියට දැම්මා.
” මන් හොදින් , කකුලට නම් මාර සනීපයි එකනේ මේ ඔතාගෙන ඉන්නේ , මෝඩයා 😝 ” කකුල කෙසේ වෙතත් කට නම් කලින් වගේමයි මේකිගේ 😉 .
” මේ ඒක නෙවෙයි , අනේ මගේ අක්කිට මොකද වුනේ ? එයා හොදින් නේද ? ” නෙහාරාට , ශෙහාරා ගැන දැනගන්න විදිහක් නැතුව හිටියේ .
” අනින්න හිතෙනවා ටොක්කක් මෙයාට ,ම්ම්ම් එය හොදින් . ධනුශ් ඉන්නවා එයා එක්ක hospital එකේ . අපි ආවේ ඔයාව බලන්න . ” කැලුම්ටත් happy ඉතින් දැන් කෙල්ල හොදින් නිසා.
” ඔයාලා මෙයාට බෙහෙත් දෙනවද ? නැත්නම් මන් දෙන්නද ? “
ඒ පාර මොකාද මැදට පැන්නේ ? පිටිපස්සෙන් ඇහුන ඒ කටහඬ නිසා කට්ටිය බැලුවා කවුද කියලා . ඉන්නේ කොහෙද කියලවත් මතක නෑනේ ඉතින් මෙයාලට.
අපොයි ! Doctor කාරයා නේද ? 😅 .
” ඒහ් මූ !! අඩෝ අපිව අදුරගන්න බැරිද යකූ . අපි එක පන්තියේ හිටියේ . දෙව්රම් , උබ එහෙනම් දැන් doctor නේ ? ” දසුන්ට hospital එක කියලත් අමතක වෙලා මෙන්න කෑගහනවා.
” මොකද අදුරගන්න බැරි මචං , ගොඩක් කාලෙකින් . මෙතන කතා කරන්න බෑනේ . අපි එලියට යමු , මේ කවුද එතකොට ඔයාලගේ ? ” දෙව්රම් , නෙහාරාව පෙන්නලා ඇහුවා .
” අපේ නම් නෙවෙයි බං , කැලුම්ගේ තමා ” 😉 චේතිය ඇහැක් ගහලා කිව්වා .
” ඕහ් really , ok ok ” එහෙනම් කතා කරලා එන්නකෝ එලියට ” දෙව්රම් එහෙම කියලා වාට්ටුවෙන් එලියට ගියා .
” හොද වෙලාවට අදුරන එකෙක් මෙතනදි set වුනේ . බලපන් ඌ දැන් doctor . අපි තාම cartoon බල බලා ගෙදරට වෙලා ඉන්නවා ” දසුන්ට සසර කළකිරිලා වගේ යාලුවා දැකලා 😅 .
” ඒහ් කියව කියවා ඉන්නේ නැතුව ගිහින් අහනවකෝ මට ගෙදර යන්න පුළුවන් ද කියලා ඔයාලගේ doctor යාලුවගෙන් “
” ඇයි උබ හිතුවද අක්කව වගේ කැලුමා උබවත් වඩාගෙන යයි කියලා . ඉදපන් ඔහොම සනීප වෙනකන් , අපි යනවා 😂 ” දසුන් හිනා වෙවී කිව්වා .
” ආහ් , ඒවා කොහෙද මාත් එක්ක . ඉන්නවකෝ මට ඇවිදගන්න පුලුවන් වෙනකන් ” නෙහාරා කිව්වා .
” කට නම් අඩු වෙලා නෑනේ මොනා වුනත් ” කැලුම් , නෙහාරාට ළං වෙලා කිව්වා .
” මේ උබලා දෙන්නා lv කරගනින් එහෙනම් , අපි යනවා doctor දෙව්රම් හම්බවෙන්න ” චේතියයි , දසුනුයි ආඩම්බරෙන් කියාගෙන ගියා .
දැන් ඉතින් මෙයාලට හරි ආඩම්බරයි යාලුවව දැකලා . හරියට නිකන් මෙයාලත් doctors ලා වගේ. චතුර හිටියා නම් දෙව්රම්ගෙනුත් ඉල්ලයි …… party 😝 .
” මේ මාත් ගිහින් කතා කරලා එන්නම් , ඔයාව එක්කන් යන්න පුලුවන් ද කියලත් අහගන්න එපැයි ” කැලුම් කිව්වා .
” අනේ , දැන්ම එපා . තව ටිකකින් යන්න ” නෙහාරාට ඒ පාර ලෝභ හිතිලා වගේ කොල්ලව යවන්න .
මේ දෙන්නා ඔහොම කෝලං කර කර ඉද්දි අනිත් ලෙඩ්ඩු කෙසේ වෙතත් දෙන්නෙක් නම් හොදට මේවා බලාගෙන හිටියේ .
නෙහාරාට ගෙදර යන්න අවසර ලැබුනත් ටික දවසක් යනකන් ඇඳෙන් බහින්න නම් අවසර ලැබුනේ නෑ .
ශෙහාරාටත් ගොඩක්ම අමාරු නැති නිසා අපේ කොල්ලෝ ටික මේ දෙන්නවම van එකේ ගෙදර එක්කන් ගියා .
මේ අතරේ trip එක ගිය අයට වුන කරදරේ ගැන දැනගන්න ලැබුනත් නෙහාරායි , ශෙහාරායි ගැන ආරංචියක් නැතුව අම්මා හිටියේ ගොඩක් දුකෙන් . ඒත් දවස් දෙකෙන් කොල්ලෝ ටික මෙයාලව ගෙදරට එක්කන් ආවා.
ආහ් , පොඩි හාදයත් තාම ගෙදර ගිහින් නෑ 😉 .
Van එකක් ඇවිත් මිදුලේ නවත්තපු සද්දෙට අම්මයි , පසිඳුයි දෙන්නම දුවගෙන ආවා.
” ඔන්න නැන්දා මන් දැන්ම කියන්නම් අර මෝඩ ජෝඩුව කොහේ හරි වැටිලා ඉදලා ඕකේ එක්කන් ඇවිත් ඇති කවුරු හරි “
Van එකේ දොර ඇරෙන්න ඔන්න මෙන්න තියෙද්දි පසිඳු අනාවැකිය කිව්වා .
ඉස්සෙල්ලාම වාහනෙන් බැස්සේ ශෙහාරා .
” අනේ මගේ දුව ” අම්මා ගිහින් කෙල්ලව බදාගත්තා . ” කෝ චූටි දූ ? ” අම්මා කලබලෙන් ඇහුවා .
කොල්ලෝ ටිකත් එක එකා වාහනෙන් එලියට ආවා . කැලුම්ගේ උදව්වෙන් නෙහාරාත් අමාරුවෙන් van එකෙන් බැස්සා.
Bandage කරපු කකුල දැකලා අම්මට නම් ගොඩක් දුක හිතුනා.
” දුවේ , ඔයා හොදින් නේද ? ” අම්මා , නෙහාරාගෙන් ඇහුවා .
” ඔව් අම්මා . කකුල හොද වෙයි ටික දවසකින් , බය වෙන්න එපා ” නෙහාරා , අම්මට තුරුල් වෙලා කිව්වා .
” ආහ් , ඒක නෙවෙයි අම්මේ . මේ අපේ යාලුවෝ ටිකක් . මෙයාලා නිසා තමා අපිට මෙහෙම හරි එන්න පුලුවන් වුනේ ” නෙහාරා අම්මට කට්ටියව අදුන්වලා දුන්නා .
ඒ අතරේ අපේ පොඩි ඩයල් එක මේ ජවනිකාව බලාගෙන තාම ඉස්සරහ දොර ගාවට වෙලා ඉන්නවා .
” අම්මෝ මෝඩ ජෝඩුව මාර සේනාවක්ම එක්කන් ආවද ? ” පසිඳු එයාගේ පැත්තටත් අවධානේ ගත්තා . නැත්නම් හරි නෑනේ ඉතින් 😊 .
” කවුද හලෝ මෝඩ ජෝඩුව , ඉන්නවකෝ ඔලුව හිල් වෙන්න ටොක්කක් අනින්න ” නෙහාරාට කකුල කරේ තියාගෙන යන්න හිතුනා ඒ වෙලාවේ නම් .
” ආහ් අල්ලයි මගේ නැට්ට . යනවා යනවා ගිහින් ඇඳට වෙලා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා ” නෙහාරාට දුවන්න බෑ කියලා දන්න නිසා දැන් ඉතින් මෙයා චණ්ඩියා 😜 .
” යමු යමු හැමෝම ඇතුලට ” අම්මත් හිනා වෙවී හැමෝවම ගෙට එක්කන් ගියා .
කොල්ලෝ ගොඩක් එක්ක කෙල්ලෝ දෙන්නා විතරක් ආපු එක ගැන අම්මගේ හිතට අමුත්තක් දැනුනත් ඒ වෙලාවේ මුකුත් කිව්වේ නෑ ඉතින් .
” මේ කවුද බං අර පොඩි එකා ” biscuit එකක් එහෙම්ම කටේ දාගන්න ගමන් චතුර ඇහුවා .
හොද වෙලාවට ගෙදර මිනිස්සු පේන්න නෑ , නැත්නම් හිතයි මූ ඉතියෝපියාවෙන් ආවා කියලා 😂 .
” පිලිවෙළකට කාපන්කෝ බං , කෙල්ලෝ දෙන්නගේ මල්ලි වෙන්න ඇති ” දසුන් කිව්වා .
” ආහ් , අයියලා . මන් ගැන වගේ කතාව ” ඔන්න ඉතින් කතා නායක ඇවිත් .
” ඔව් ඔව් ඔයා ගැන තමා අපි කතා කරේ ” ධනුශ් හිනා වෙවී කිව්වා .
” ඔයාගේ අක්කලා දෙන්නද නෙහාරයි ශෙහාරායි ” කැලුම් ඇහුවා . කෝකටත් shep එකේ තියාගන්න එපැයි මස්සිනාව.
” ආහ් , මගේ අක්කලා තමයි , හැබැයි ඉතින් මගේමත් නෙවෙයි ඇත්තටම ” පසිඳු පොඩ්ඩක් අගේ කර කර කිව්වා .
” මූ මොනාද මේ කියවන්නේ 😒 ” කියලා අහනවා වගේ බැල්මක් චතුර , ධනුශ් දිහාවට දැම්මා. කතා කරගන්න බෑ ළමායි , මොකද biscuit එකක් කටේ 😂 .
” ඒ කිව්වේ ඔයා එයාලගේ මල්ලි නෙවෙයි ද ? ” දිලුම් ඇහුවා .
” මේකනේ , මෙහේ ඉන්නේ මගේ නැන්දා . අපේ අම්මලා මාව දාලා රවුන් ගහන්න ගිය නිසා මට මේ මෝඩ ජෝඩුව එක්ක ඉන්න වුනා ” පසිඳු පැහැදිලි කලා.
” මේ අයියා මන් නිකමට මේ අහන්නේ . අර මෝඩ ජෝඩුව ගැන ඔයාලා කාගෙ හරි හිතේ අදහසක් එහෙම නෑනේ ” පොඩිකමටද මූ අහන ඒවා 😠 .
” ඇයි මල්ලි එහෙම ඇහුවේ ? ” පපුව හිරවෙන්න ආසන්න වේගෙන එද්දි කැලුම් ඇහුවා 😦 .
” මේකනේ , මන් කිව්වා කියලා කියන්න එහෙම එපා . අර කකුල කඩාගෙන ඉන්න එක්කෙනාට පොඩ්ඩක් විතර මොංගල් 😅 . අනිත් එක්කෙනාට කියලත් වෙනසක් නෑ ඉතින් twins ලනේ . ” ඔය කිව්වේ ඉතින් .
” පසිඳු මොනා කියවන්නේ ඔය ” ශෙහාරා බීම වීදුරු ටිකකුත් අරන් එතන්ට ආවා ඒ අතරේ .
” අහ් ඔයා කොහෙන්ද ආවේ ? නෑ , මන් මේ කිව්වේ අපේ වාසනාවට ඔයාලා දෙන්නව මෙයාලට හම්බවුණේ කියලා 😉 ” පසිඳු එහෙම කියලා ඉක්මන්ට එතනින් මාරු වුනා .
” ශෝක් පොඩි එකා ” දිලුම් කිව්වා .
” පුතාලා දවල්ට කාලම යන්න ඕනේ හරිද ? මන් කෑම ලෑස්ති කරනවා “අම්මත් ඉස්සරහට ඇවිත් කිව්වා .
” අනේ මහන්සි වෙන්න එපා ඇන්ටි , අපි ……. ” ධනුශ් කියාගෙන යද්දිම ,
” හරි ඇන්ටි අපි ඉදලම යන්නම් 😜 ” චතුර පැන්නනේ ඉතින් . කෑම කිව්වොත් පණ 😅 .

මතු සම්බන්ධයි . 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *