නිහඬ කටකාර ආදරේ … 10 අවසාන කොටස

අවසාන කොටස

” මේ කොහෙද මේ යන්නේ ? Hospital එකට යන්නේ අනිත් පාරෙන් නේ ? ” වාහනේ වෙන පාරකට හරවනවා දැකපු නෙහාරා කෑගැහුවා .
” කට වහගෙන ඉන්නවකෝ . අපි ඕන තැනට ගිහින් දාන්නම් ” දසුන් කිව්වා .
දසුන් එහෙම කිව්වම කෙල්ලෝ දෙන්නට හිතාගන්න බෑ මොකද මේ වෙන්නේ කියලා .
දෙන්නම බලාගෙන හිටියා මොකද මේ වෙන්නේ කියලා . ඒ අතරේ චේතියට call එකක් එනවා.
” හෙලෝ ” චේතිය cl එක answr කරා .
” ඔව් ඔව් , එනගමන් ” එහා පැත්තෙන් කියපු මොනාටහරි චේතිය උත්තර දුන්නා .
” හරි , තව 10 min වගේ අපි ඔතන , තියන්නම් එහෙනම් ” චේතිය එහෙම කියලා cl එක cut කරා .
” කවුද කතා කරේ ? මොකද වෙලා තියන්නේ ධනුශ්ටයි කැලුම්ටයි ” නෙහාරා ආයෙත් ඇහුවා .
” වැඩේ ටිකක් serious වගේ . Surgery එකක් කරන්න වෙයිලු ධනුශ්ට ” චේතිය කිව්වා .
” අනේ දෙයියනේ ! ඉක්මන්ට යමු එහෙනම් අපි ” ශෙහාරා කලබලෙන් කිව්වා .
” ඒත් අපි මේ යන්නේ hospital එක පැත්තට නෙවෙයිනේ ” නෙහාරා ආයෙත් වටපිට බලන ගමන් කිව්වා .
ඒත් දසුන්වත් චේතියවත් ඒකට උත්තර දෙන්න ගියේ නෑ .
වෙලාව 6 ත් පහු වෙලා . කලුවර වැටීගෙන එන නිසා දැන් නම් කොහේ යනවද කියලවත් හිතාගන්න බෑ කෙල්ලෝ දෙන්නට .
චේතිය කියපු විදිහටම 10 min විතර ආවට පස්සේ van එක නැවැත්තුවා .
නෙහාරා ඉක්මන්ට වාහනෙන් බැහැලා වටපිට බැලුවේ කොහෙටද මේ ආවේ කියලා දැනගන්න .
” මේ කොහෙද අනේ මේ ? මේක hotel එකක්නේ ? Hotel වල කවදා ඉදන්ද surgery කරන්න පටන් ගත්තේ ? ” ඉස්සරහින් පේන building එක දැකලා ශෙහාරා ඇහුවා .
” ඒවට උත්තර වෙලාවට ලැබෙයි . දැන් දෙන්නම ඇතුලට යන්න . ” දසුන් කිව්වා .
” ඇයි එතකොට ඔයාලා ? ” නෙහාරා ඇහුවා .
” කිව්වම අහලා යනවකෝ වදේ , ගිහින් බලාගන්නවා වෙලා තියන දේවල් . අපි පස්සේ එන්නම් ” චේතිය කිව්වා .
” මෙයාලා මොනාද අනේ මේ කියවන්නේ , කමක් නෑ . අපි යමුකෝ බලන්න ” ශෙහාරා , නෙහාරාට කිව්වා .
කෙල්ලෝ දෙන්නා කලුවරේම ඉස්සරහට ගියා . Hotel එකක් වුනාට මොකද මේ වෙලාවේ මේක ඇතුලේ පුංචිමවත් එලියක් නම් පේන්න තිබුනේ නෑ .
” අනේ මට නම් දැන් බයයි වගේ . බලන්නකෝ කවුරුත් පේන්නවත් නෑ . අඩුම තරමේ එලියක්වත් ” ශෙහාරා නැවතිලා කිව්වා .
” යමු යමු අක්කි . මෙතන මොකක් හරි වෙනවා අපි නොදන්න ” නෙහාරා එහෙම කියලා වහලා තිබුන දොර හෙමින් ඇරලා බැලුවා .
ඇතුලේ පෙනුනේ කලුවර විතරමයි . දෙන්නම ඇතුලට ආවත් සද්දයක්වත් නෑ . ශෙහාරා බයටත් එක්ක නෙහාරාගේ අතින් අල්ලගත්තා .
දඩාස් ! එක පාරම කෙල්ලෝ දෙන්නා බය වෙලා උඩ ගියේ දොර වැහුන සද්දෙට .
” අනේ අපි යමු නංගි ” ශෙහාරා බය වෙලා කිව්වා .
එතකොටම තවත් සද්දයක් ඇහුනා. ඒක නම් වීඳුරුවක් බිඳෙන සද්දයක් වගේ . ඒත් එක්කම නෙහාරායි ශෙහාරායි ඉන්න තැනට අඩි දෙක තුනක් ඉස්සරහින් එලියක් මතු වුනා . දෙන්නම ඒ දිහා බලාගෙන ඉන්න අතරේ ඊලඟට එක පාරම කවුදෝ පිටිපස්සෙන් ඇවිත් දෙන්නගේ ඇස් වැහුවා .
” අනේ අතාරින්න , කවුද මේ ” නෙහාරා කෑගහන්න පටන් ගත්තා .
කෙල්ලෝ දෙන්නගේ ඇස් අතෑරුනත් එක්කම දෙන්නම අමාරුවෙන් ඇස් ඇරලා බැලුවා මොකක්ද මේ වෙන්නේ කියලා .
කලින් තිබ්බ කලුවරත් එක්ක දැන් හොදටම එලිය වැටිලා තියන hall එක දිහා දෙන්නම බැලුවා . මුලු hall එකම ලස්සනට සරසලා . මෙන්න නෙහාරාගෙයි ශෙහාරාගෙයි යාලුවෝ එකා දෙන්නා ඒ අතරේ එලියට එනවා .
රිශිනි , සිතුමි එක්ක කෙල්ලෝ දෙන්නගේ හොදම යාලුවෝ ටික , ඒ අතරේ අපේ චතුර , දිලුම් , දසුන් එක්ක චේතිය එහෙමත් හිනා වෙවී ඉන්නවා .
එතකොට කෝ මේ කැලුම් , ධනුශ් දෙන්නා ???
නෙහාරායි ශෙහාරායි දෙන්නා එක පාරම පිටිපස්ස හැරිලා බැලුවේ කෝ මේ දෙන්නා කියලා බලන්න .
මෙන්න ඉන්නවා රෝස මල් දෙකකුත් අතේ තියාගෙන ලස්සනට 😍 .
( හැබැයි කලුවරේම ඇස් වහපු වෙලාවේ නම් දෙන්නට කෙල්ලෝ දෙන්නා මාරු වුනා කියලා කවුරුත් දැක්කේ නෑ 😂 )
” පිස්සු හැදිලද මෝඩයෝ . මෙහෙමත් බය කරනවද ? ” නෙහාරා , කැලුම් ළගට ගිහින් කොල්ලගේ පපුවට හෙමින් පාරක් ගහන ගමන් ඇහුවා .
” එහෙම තමා ඉතින් surprise මැට්ටි ” කැලුම් ඇහැක් ගහලා කිව්වා .
” මෝඩයා , ඉතින් මොකටද මේ party ? ” නෙහාරා ඊලඟට ඇහුවා .
” මෙන්න මේකට ” රෝස මල නෙහාරාට දික් කරපු කැලුම් ඊලඟට ” I Love You Nehara ” කියලා තමන්ගේ ආදරේ ප්රකාශ කරා .
රෝස මල අතට අරන් කැලුම් ළගට ගිය නෙහාරා , ” I Love You Too baby ” කියලා කොල්ලට තුරුල් වුනා .
යාලුවෝ කට්ටියම අත්පුඩි ගහලා හිනා වුන අතරේ ලස්සන romantic සින්දුවකුත් ඔන්න play වෙන්න ගත්තා .
” දැන් ඉතින් තරහා වෙලා හිටපු අයත් ආය යාලු වුනා නම් නේද හොද ” දසුන් එහෙම කියලා ශෙහාරායි ධනුශයයි දිහා බැලුවා .
” මන් දන්නවා ඔයා වැරදි නෑ කියලා . Sorry මන් කලබල වුනා ” ශෙහාරා හෙමීට ධනුශ්ට කිව්වා .
කොල්ලා ශෙහාරා ළගට ඇවිත් , ” ඒකට කමක් නෑ . අපි ඒවා අමතක කරමු දැන් ” කියලා අතේ තිබ්බ රෝස මල ශෙහාරාට දුන්නා .
” I Love You Shehara ” ධනුශ් එහෙම කියලා කෙල්ලව බදාගත්තා .
” I Love You Too ” කොල්ලගේ උණුහුමට තුරුල් වෙන ගමන් ශෙහාරා කිව්වා .
” ok , දැන් ඉතින් party එකේ surprise එක ඉවර නිසා කට්ටියටම තියන්නේ දැන් හොදට enjoy කරන්න ” චේතිය එහෙම කියනවත් එක්කම එකා දෙන්නා dancing floor එකට ආවා .
කට්ටිය සතුටු වෙන අතරේ ධනුශ් , ශෙහාරාව ඇදගෙන එලියට එක්කන් ආවා .
” මේ අහන්න දෙයක් තියනවා මට ” ධනුශ් කිව්වා .
” මොකක්ද ? ” ශෙහාරා පුදුමෙන් ඇහුවා .
” ඔයා කොහොමද දැනගත්තේ මන් වැරදි නෑ කියලා ” ධනුශ් , ශෙහාරාගේ අතින් අල්ලගන්න ගමන් ඇහුවා .
” ම්ම්ම් … එදා beach එකේදි වුන සිද්ධිය බලාගෙන ඉදලා තියන්නේ දේවින්ද විතරක් නෙවෙයි ” ශෙහාරා කිව්වා .
” එහෙනම් , ආය කවුද ? ” ධනුශ් පුදුම වෙලා ඇහුවා .
” රිශිනි ! එයා එදා beach එකේ ඉද්දි ඔයා තව girl කෙනෙක් එක්ක ඉන්නවා දැකලා තියනවා . ඒ අතරේ තමා දේවින්දවයි තව එයාගේ යාලුවෙකුයිත් ඉන්නවා දැකලා තියන්නේ . දේවින්දගේ වැඩ ගැන දන්න නිසා එයා හැමදේම බලාගෙන ඉදලා , මට කිව්වොත් කලබල වෙයි කියලා හිතලා නෙහාරාට msg එකක් දාලා තිබ්බා ” ශෙහාරා විස්තරේම කිව්වා .
” හැබැයි ඉතින් එයා ඒක කියද්දි ඔක්කොම දේවල් වෙලා එක්කෙනෙක් තරහා වෙලා ගිහිල්ලත් ඉවරයිනේ . කමක් නෑ , කොහොමහරි දැන් ඒක විසඳුනානේ ” ධනුශ් කිව්වා .
” උබලා දෙන්නට ඔතන වෙනම party ද ? යමන් ඇතුලට ” චතුර එහෙම කියාගෙන එලියට ආවා .
” ආහ් , මොකද උබට එලියට එන්න හිතුනේ ” ධනුශ් , චතුරගෙන් ඇහුවා .
” නෑ මේකයි . කෑම කන්න ලෑස්ති කට්ටිය . උබලා දෙන්නා කන්නේ නැද්ද කියලා අහන්න ආවේ මන් මේ “
” අනේ අනේ ආස ඇති නේ අපි මුකුත් කන්නේ නැතුව ඉන්නවා නම් . මෙයා ඒ ටිකටත් වැඩේ දෙයි එහෙනම් ” ශෙහාරා හිනා වෙවී කිව්වා .
” පිස්සුද හලෝ , මන් එහෙමත් කරනවද ? ” එයා එහෙම කරන්නේ නෑ හරිද 😅 .
” ආහ් ඔයා දන්නවද ඔයාලා ඉස්සෙල්ලා ආපු වෙලාවේ වීඳුරුවක් බිඳෙන සද්දයක් ඇහුනනේ , ඒකත් මෙයාගෙ ගොන් වැඩක් තමා ” ධනුශ් කිව්වා .
” ආහ් පොඩ්ඩක් ඇඟ හරවද්දි ඒක වැටුනා 😂 ” චතුර එහෙම කිව්වම දෙන්නටම හිනා .
” යමු යමු අපිත් ” ධනුශ් , ශෙහාරාවත් එක්කන් චතුරත් එක්ක ඇතුලට ගියා .
************************************

වසර කීපයකට පසු ,

” wow විනූ , මේක නම් සුපිරි . පුංචිත් ඒ කාලේ ඳඟ මල්ලක් වගේ නේද ? ” සිතුකි අතේ තිබ්බ පොත වහන ගමන් විනුකිට කිව්වා .
” ඔව් අනේ ශෝයි . මේ ඉක්මන්ට ඕක තිබ්බ තැනින් තියන්න නැත්නම් අම්මි ආවොත් එයාගේ පොත් ඇද්දා කියලා අපිට බනී ” විනුකි එහෙම කියලා ඉක්මන්ට සිතුකි අතේ තිබ්බ පොත ඇදලා අරන් මේසේ උඩින් තියන්න යනකොටම ,
” සිතූ , විනූ … මොකද කරන්නේ මගේ කාමරේට වෙලා . පොත් එහෙම අදින්නේ නෑ මේසේ තියන ” කියාගෙන කාමරේට ආවේ ශෙහාරා 😜 .
ඒ එනකොටත් පොත තිබ්බ තැනින් තියලා සිතුකි , විනුකි දෙන්නා හොද ළමයි වගේ ඇඳට ඇවිල්ලත් ඉවරයි .
” දෙන්නා මොනාද කරේ ? ඉන්න විදිහටම තේරෙනවා හොර වැඩක් කරලා කියලා ” ශෙහාරා එහෙම කියාගෙන ඇවිත් ඇඳ උඩින් වාඩි වුනා .
” අපි මුකුත් කරේ නෑ අම්මි ” විනුකි ගිහින් ශෙහාරාගේ බෙල්ලේ එල්ලුනා .
” අපි අර පොත කියෙව්වා ” සිතුකි පැනපු ගමන් කිව්වා .
” අපෝ මේකි නම් , ආය කොහොමද ඉතින් හොර වැඩක් කරන්නේ මෙයත් එක්ක 😠 ” විනුකි , ඔරවලා බැලුවා සිතුකි දිහා .
” මොන පොත ද ? ” ශෙහාරා ඇහුවා .
” ම්ම් …. Nehara & Shehara’ s Story ” දැන් ඉතින් තවත් හංගලා වැඩක් නැති නිසා විනුකි හිනා වෙලා එහෙම කිව්වා .
” අනේ අනේ මේ දෙන්නගේ වැඩ නම් . ඉන්නකෝ තාත්ති ආවම කියන්නම් මන් දෙන්නගේ දඟ වැඩ ” ශෙහාරා ටිකක් නපුරු වෙලා වගේ කිව්වා .
තමන්ගේ ආදර කතාව ළමයි දෙන්නා කියවලා කියලා දැනගත්තම එන හැඟීම ! 😂
” තාත්ති අපිට බනින්නේ නෑ . අපි කියෙව්වේ ඉතින් ඔයාලගේ කතාවනේ ” කෙල්ලෝ දෙන්නා ශෙහාරාට ළං වෙලා කිව්වා .
ඒ අතරේ ගෙදර bell එක වැදුනා . කවුද මේ ඇවිත් ඉන්නේ ?
” කවුරු හරි ඇවිත් වගේ , යමු ගිහින් බලමු ” ශෙහාරා ඉස්සර වුනා . සිතුකි , විනුකි දෙන්නත් ශෙහාරා පස්සෙන් එල්ලිගෙන ගියා .
” අනේ නෙහාරා පුංචි ! එන්න එන්න අපිට ඔයාගෙන් අහන්න ගොඩක් ප්රශ්න තියනවා ” දොර ළග ඉන්න නෙහාරායි කැලුමුයි දෙන්නා දැකපු ගමන් කෙල්ලෝ දෙන්නා ගිහින් නෙහාරාගේ අතේ එල්ලුනා .
” අද නම් බේරෙන්න වෙන්නේ නෑ නංගි . එන්න කැලුම් ඇතුලට ” කට්ටියම ඇතුලට එක්කන් එන ගමන් ශෙහාරා කිව්වා .
” ඇයි අක්කි , මොනාද දෙන්නා කරේ අද ” නෙහාරා ඇහුවා .
” ඔය ඉන්නේ , අහගන්නකෝ ඒ දෙන්නගෙන්ම ” ශෙහාරා එහෙම කිව්වම සිතුකි , විනුකි දෙන්නා නෙහාරාවත් ඇදගෙන කාමරේට ගියා . අද නම් නෙහාරා ඉවරයි 😉 .
” ධනුශ් තාම ආවේ නැද්ද වැඩ ඇරිලා ? ” කැලුම් , ශෙහාරාගෙන් ඇහුවා .
” නෑ කැලුම් . තව ටිකකින් එයි . කෝ පුතා ? දැක්කෙත් නෑ කාලෙකින් “
” ආහ් එයාට අද cricket practice . ඉවර වෙලා මේ පැත්තේ එන්නම් කියලා කිව්වා . ” කැලුම් කිව්වා .
” ම්ම් … ඉන්න . මන් බොන්න මොනාහරි හදාගෙන එන්නම් ” ශෙහාරා එහෙම කියලා ගේ ඇතුලට ගියා .
” හලෝ මචං , දැන් ගොඩක් වෙලාද ඇවිත් ” ධනුශ් ඇවිත් කැලුම් දැක්කෙත් නෑ .
” ආහ් නෑ , ටිකක් වෙලා . දැක්කෙත් නෑ එනකන්ම ” කැලුම් එහෙම කියාගෙන නැගිට්ටා .
” අම්මෝ මට නම් බෑ තවත් ඔයාලගේ ප්රශ්න වලට උත්තර දෙන්න .” ඒ අතරේ නෙහාරා කෑගහගෙන ඇවිත් එලියට ගියා හිනා වෙවී .
මෙන්න විනුකිත් දුවනවා නෙහාරා පස්සෙන් . ඊලඟට ආපු සිතුකි අතේ තිබ්බ පොත පුටුවක් උඩට දාලා එයත් දුවගෙන ගියා අර දෙන්නා පස්සෙන් .
මොනාද මේ වෙන්නේ කියලා ටිකක් වෙලා බලාගෙන හිටපු ධනුශ් අර පොත දිගෑරලා බැලුවා මූණට ආපු හිනාවත් එක්කම ධනුශ් , පොත කැලුම්ට දුන්නා .
අවුරුදු කීපයකට කලින් පටන් ගත්ත ඒ ආදරේ මතක් කරන ගමන් කැලුම් , ධනුශ් දෙන්නත් හිනා වෙවී එලියට ගියේ එදා තරම්ම ආදරේ හිතේ පුරවගෙන .

නිමි . 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *