නුබේ පතිනියයි මා අටවන දිගහැරුම

දේව්”ලේ විලක් මැද සිටි දේව් ලගට වන්දනා දිව ආවෙ හඩමින්

“දේව්කතා කරන්න දේව්..ඇස් අරින්න ඔයාට බෑ මාව දාල යන්න.දේව් “

“වන්…දනා”….

දේව් ගැස්සී ඇහැරුනේ තමා දුටු ඒ සිහිනය නිසාය

“මම මොකද්ද ඒ දැක්කෙ..වන්දනා මේ කෙල්ලව මට හීනෙනුත් පේන්න් අරගෙන ඒ ගමන්..චික්…”

😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

සති කිහිපයක් ගෙවී ගියේ වන්දනා හා දේව් ගේ විවාහ මංගල්‍යට දින නියම කරගෙන

“දූ

“අම්මා”

“හෙට දේව් පුතා එනවා කිව්වනේද ජුවලරි බලන්න යන්න”

“ඔව් අම්ම…”

“හ්ම්..එහෙනම් හෙට නිවාඩු ගන්න වෙයි නේද”

“ඔව් අම්මා මන් හෙට නිවාඩුවක් ගන්නම්..මන් ගිහින් එන්නම් අම්මා..”තම මවට වැද වන්දනා ගියේ ඇගේ පියා අසලට

“අප්පච්චී ..මම ගිහින් එන්නම්..”වන්දනා සුමනෙට එසේ වදින විට

“හා පුතේ බුදුසරණයි..පරිස්සමින් යන්න”

තම දෙම්ව්පියන්ට සමුදී වන්දනා පිටත් වුනේ තම රැකියා ස්තානය වෙතටයි..

“සදූ කොහෙද ඉන්නෙ කෙල්ලෙ..මම බස් හෝල්ට් එකේ”වන්දනා තම මිතුරිය වූ සදුනිට එසේ ඇමතුමක් දුන්නේ ඇය ප්‍රමාද වූ නිසා

මට විනාඩි පහක් දීපන්කෙල්ලෙ..මන් මේ ලග

වන්දනා බලා සිටියේ සදුනි එනතුරුය..නමුත් ඇයට දේව්ගෙන් ඇමතුමක් ආවෙ ඒ අතරතුරදීයි

“හෙලෝ දේව්”

“වන්දනා..කොහෙද ඉන්නෙ”

“මම මේ බැන්ක් එකට යන්න අපේ බස් හෝල්ට් එකේ ඉන්නෙ සදුනි එනකම්”

“හරි ඔතනම ඉන්න මම නුවර ඉන්නෙ.මට හෙට ජුවලරි බලන්න යන්න එන්න වෙන්නෙ නෑ..ඒ නිසා අද යමු”

“ඒත් දේව් මම අද නිවාඩු ගත්තෙ නෑනේ”

“මේ මට ඒකෙන් වැඩක් නෑ.තමුසෙට කොහොමත් මැරි කරාම ඕකට යන්න වෙන්නෑනෙ…ඒ නිසා ඒවගෙන් මට වැඩක් නෑ.මට හෙට ඉම්පෝටන්ට් මීටින් එකක් තියනව…ඒ නිසයි අද යන්න ආවෙ.මම තමුන්ගෙ අම්මට කෝල් එකක් දුන්නා..තමුසෙ ඔතනම ඉන්නවා මම එනකම්”දේව් එසේ කියා දුරකතනය විසන්දි කලේ වන්දනාගේ දෑසට කදුලු එක්කරමින්

“දේව්..ඇයි දේව් මට මේ තරම් නපුරුකම් කරන්නේ…මම මොක්ද්ද ඔයාට කරපු වරද”වන්දනා එසේ තම සිතින්ම.ඇසුවේ තමා ගැනම දැනුනු අනුකම්පාව නිසා

“වන්දනා කෙල්ලෙ”සදුනි වන්දනා අසලට ආවෙ මේ මොහොතේදී

“සදූ”

“ඇයි කෙල්ලෙ මේ ඇස් වල කදුලු”

“මොකුත් නෑ සදූ..ඇහැට රොඩ්ඩක් ගියා”

“ඒක මිසක් මම බැලුවා මොකෝ මේ කියලා..අපි යමු නේද”

“සදූ මට අද යන්න වෙන්නෙ නෑ…”

“මොකක්..”සදුනි ඇසුවේ පුදුමයෙන්

“ඔව් සදූ දේව් එනගමන්ලු ජුවලරි ගන්න යන්න එනව කීව..හෙටනෙ යන්න හිටියෙ හෙට එයාට එන්න වෙන්නෙ නැතිලු”

“ඒකත් එහෙමද…හරි එහෙනම් මම සර්ට කියන්නම් උබට අසනීපයි කියලවත්”..

“අනේ උබට ගොඩක් පින් සදූ”

ඔවුන් දෙදෙනා මෙසේ කතා කරමින් සිටින මොහොතේ දේව් ඇවිත් ඔවුන් අස්ල කාරය නතර කරේ වන්දනාට නගින්න යැයි පවසමින්

“මන් යන්නම් සදූ”

“හා බන්..පරිස්සමින්”

වන්දනා සමග දේව් ස්වර්ණමහල් එකට ගියේ ඇයට අවශ්‍ය ජුවලරි ගැනීම සදහා..

බහිනවා”
දේව් පවසද්දී වන්දනා කාරයෙන් බැස්සා

වන්දනාගේ දෑතින් අල්ලාගත් දේව් ස්වර්ණමහල් එක ඇතුලට ගියේ වන්දනා නිහඩව පසුවෙද්දී

මොනවද සර් බැලුවෙ..”
සේවිකාවක් ඇසුවේ දේව් හා වන්දනා දෙස බලමින්

“අපිට වෙඩින් රින්ග්ස්..ඩිසයින් ටිකක් පෙන්නනකෝ”

“ඕකේ..මේ අලුත්ම ඩිසයින් සර්”
සේවිකාව වෙඩින් රින්ග්ස් වගයක් ඔවුනට පෙන්වූයේ එසේ කියමින්

වන්දනා කෝකද හොද”දේව් එසේ වන්දනාගෙන් අසද්දී

ඔයා කැමති එකක් ගන්න දේව්..”

“මේක මගෙ විතරක් නෙමේ තමුසෙගෙත් කසාදෙ..ඒක හින්ද මම විතරක් තෝරලා හරියන්නෑනේ..”දේව් එසේ පැවසුවේ වන්දනාගෙ කනට කොදුරමින්

දේව් දෙස මොහොතක් බලා සිටි වන්දනා රින්ග් එකක් දේව්ට පෙන්වූවා
“මේක හොදයි”

“අපිට මේ රිනග්් දෙක දෙන්න”දේව් සේවිකාවට තමන් තෝරගත් රින්ග්දෙක දුන්න..

සර්ලා තව මොනවහරි බලනවද

“ඔව්…නෙක්ලස් එකක්..”

“ඕකේ සර් තව චුට්ටක් ඉස්සරහට යන්න..ඒ හරියෙ නෙක්ලස් තියනව..”

“ඕකේ තෑන්ක්ස්”

ඔවුන් ඉදිරියට යද්දී
“මචන් දේව්….”
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලයික් කමෙන්ට් කරන ඔක්කොටම ගොඩක් ස්තූතියි😘😘 — 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *