නුබේ පතිනියයි මා එකොලොස්වන දිගහැරුම

දේව් රෝහලට එනවිට වන්දනා පසුවූයේ තද නින්දකය..නිදා සිටි වන්දනා දෙස බලා සිටි දේව්

“වන්දනා මම දන්නවා ඔයාට මම ගොඩාක් රිද්දනවා.එහෙම කරලත් ඔයා මට එක වචනයක්වත් කියන්නෑ.ඔයා ගොඩාක් අහිංසකයි.මට බෑ මගෙ පව්වලට ඔයාව හවුල්කරගන්න..ඒ නිසයි මම මේ තරම් ඔයාට නපුරු වෙන්නෙ.එතකොටවත් ඔයා මේ කසාදෙට බෑ කියයි..සමහර විට ශයිනි මගෙ ජීව්තේ හිටියෙ නැත්නම් මම ඔයාට ආදරේ කරන්න තිබ්බා.ඔයා ලග ශයිනි ගාව නැති හොද ගතිගුන ගොඩාක් තියනවා.ඒත් මට එහෙම කරන්න බෑ.මොකද මගෙ හදවතේ එන්නෙ ශයිනි විතරමයි.”දේව් වන්දනා දෙස බලා කල්පනා කරද්දී වන්දනා දෑස් ඇරියා

“දේව්”

“වන්දනා කොහොමද දැන්”

“දැන් ටිකක් අඩුයි..”

“හ්ම්..හොදට රෙස්ට් කරන්න.මට පරක්කු වෙනවා මම යනව”යැයි පැවසූ දේව් එතනින් පිටත් වුනේ වන්දනාට අසල සිටින විට තම හදවතට කුමක් හෝ සිදුවෙනවා දැනුනු නිසා

දේව් යන දෙස බලාසිටි වන්දනා

“දේව්…මට ගොඩාක් සතුටුයි ඔයා මාව බලන්න ආව එකට..ඔයාට මම ගැන පොඩිම හරි හැගීමක් තියනවා කියල මට දැන් දැනෙනවා..ඒක මට සහනයක්..මම.දන්නවා ඔයාට මට ආදරෙ කරන්න බැරි හේතුවක් ඇති..ඒත් මම ඔයාට ගොඩාක් ආදරේ කරනවා දේව්..මේ වෙනකම් වන්දනාගෙ හිත කා ලගවත් නතර වුනේ නෑ.ඒත් දැන් මේ හිතේ එන්නෙ ඔයා විතරමයි දේව්..ඔයා මට කොච්චර නපුරුකම් කරත් මට ඔයා ඕනේ දේව්…ඒ ඇයි කියලා මම දන්නෑ”

😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

සති ගානක් ගත වූවේ වන්දනාගේ හා දේව්ගේ විවාහයට එක් දිනක් පමනක් ඉතුරු කරමින්

“මගෙ දුවේ.ඔයා හෙට අපෙන් ඈතට යනවා.ඒත් මහේන්ද්‍ර අංකල්ලා පිට මිනිස්සු කියලා හිතන්න එපා..දුවේ කසාදයක් කියන්නෙ බැදීමක්..තමන්ගෙ මහත්තයාට දෙවි කෙනෙක්ට වගේ සලකන්න..ඕනෙම පවුල් ජීවත ඇතුලෙ ප්‍රශ්න තියනවා.ඒත් ගෑනු වෙච්ච අපි ඒ ප්‍රශ්න දරාගන්න ඕනේ..නැත්නම් ඒ විවාහ ජීව්තේ සාර්තක කරගන්න බෑ..දෙන්න අතර මත ගැටුම් ඇතිවෙයි..ඒත් මගෙ දුවේ දුව ඒව ඉවසීමෙන් විසදගන්න..ඔය දෙන්න අතර ප්‍රශ්නයක් ඇතිඋනොත් ඔයාල කතා බහ කරලා ඒව විසදගන්න..ගෙයි ගිනි පිටට දෙන්නත් එපා..පිට ගිනි ගේ ඇතුලට ගන්නත් එපා.දේව් පුතා නරක දරුවෙක් නෙමේ…ඔයා එයාගෙ අම්මටයි තාත්තාටයි අපිට වගේම සලකන්න..මගෙ දුවට තේරුනාද”තිලකා පැවසූවේ වන්දනාගේ හිස අතගාමින්

“මට තේරුනා අම්මා.මට දුකයි අම්මා ඔයාලව දාල යන්න.”වන්දනා පැවසූවේ හඩමින්

“හඩන්න එපා රත්තරනේ. ගෑනු වෙච්ච අපිට ගොඩක් උරුම දුක විතරයි පුතේ..කෙලෙක් කවදාමහරි එයාගෙ දෙමව්පියන්ගෙන් ඈත්වෙලා වෙනම පවුලකට සම්බන්ද වෙන්න වෙනවා.ඊටපස්සෙ අලුත් අම්මෙක් තාත්තෙක්..කෙනෙක්ගෙ බිරිදක් වෙනවා..ඊටපස්සෙ මගෙ දූත් අම්මා කෙනෙක් වෙනව.මේවා ගෑනු වෙච්ච අපිට උරුම දේවල් දුවේ..හිත හදාගනින් වස්තුවේ…ඔයාට පුලුවන්මෙ අපිව බලන්න එන්න.”තිලකාද පැවසුවේ කදුලි පිසදමමින්

“අඩන්න එපා කෙල්ලෙ..තිලකා ඇන්ටි කියන්නෙ.ඇත්ත..දේව් නරක කෙනෙක් නෙමෙයිනේ”සදුනි එසේ පැවසූවේ තම මිතුරියගේ හිස අතගාමින්

“දැන් නාඩ..දුවලා දෙන්නා නිදාගන්නකෝ..හෙට පාන්දරම නැගිටින්න ඕනෙනෙ..”තිලකා පැවසූවේ තම දියණියගේ හිස අතගාමින්
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

පුතා..”

“ඇයි අම්මා”

“මට පුතා එක්ක ටිකක් කතා කරන්න ඕනේ”

“කියන්න අම්මා”

“පුතා ඔයා හෙට අලුත් ජීවිතේකට යන්නෙ..වන්දනා කියන්නෙ ගොඩාක් අහිංසක කෙලලෙක්..ඔයා අපේ කැමත්තට මේ මගුලට කැමති උනේ කියලා මම දන්නවා.ඒත් පුතේ අපි ඔයාට වරදක් නෙමේ කරේ..දැන් ඔයා අකමැත්තෙන් කසාද බැන්දත් කවදහරිඔයා මේ අම්මටයි තාත්තටයි පින්දෙයි වන්දනා වගේ කෙල්ලෙක් පුතාටහොයලා දුන්නට..වන්දනා අතින් වැරදි වෙයි.ඒ ත් කෙල්ලට බනින්න හදන්න එපා..සුමනෙ අංකල් වන්දනාව හැදුවෙ මලක් වගෙ..ඒ දරුවට වැරැද්දක් කරන්න එපා…ඔයාට කාලයක් යනකොට වන්දනා ගැන ආදරයක් ඇති වෙයි දැන් නැති උනත්..ඔය ශයිනිව දැන් අමතක කරලම දාන්න.තේරුනාද”සුමිත්‍රා පැවසූවේ දේව්ගේ හිස අතගාමින්

“තේරුනා අම්මා..”

“හ්ම් දැන් නිදාගන්න..හෙට උදේම පිටත් වෙන්න ඕනෙනෙ”යැයි පැවසූ සුමිත්‍රා තම පුතුගේ හිස සිබ එතනින් ඉවත් උනා

දේව් හා වන්දනාගේ ජීවිතේ ඇරබුම හෙටයි..හෙට ඔවුන්ගේ විවාහයයි

😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

ලයික් කමෙන්ට් කරන ඔක්කොටම ගොඩාක් ස්තූතියි❤❤❤
ගොඩක් අය කතාව දිග මදි කියනවා..සොරි ලමයි මට පුලුවන් වෙලේ තමයි මෙටික හරි ටයිප් කරන්නෙ…sorry…. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *