නුබේ පතිනියයි මා. තිස් හතරවන දිගහැරුම

බෝනස් කතාංගය

ගයියා කතා කරේ..ඌ කියන ඒව්ට හිනත් යනව…”දේව් පවසද්දී

“ඇයි ගයාන් අයියා මොකද කීවේ..”

“කලින් ඇරියසුත් එක්ක දැන් අල්ලනවද කියලා ඇහුව..”දේව් පැවසුවේ මනමාල හිනාවකුත් සමගයි..

අනේ ඔයානම් දේව් හරි නරකයි..”වන්දනා පැවසුවේ ලැජ්ජාවෙන්

“ආ මම නරකයි එතකොට…කරනකොට හොදයි කියනකොට නරකයි.ඊයෙ රෑ මට දීපු වද “

“අනේ යන්න අනේ..ඔෆිස් යන්න ඕනේනේද..ඔහොම ඉන්න මම කෑම ලෑස්ති කරන්නම්..”වන්දනා නැගී සිටියදී දේව් ඇය දෙස බලා සිටියේ සිනාසෙමින්

වන්දනා දුටුවේ අවුරුදු විසිපහක් තිස්සේ රැකගත් තමාගේ පිවිතුරුබවේ සංකේතය වූ රත් පැහැති සලකුන හරි අපූරුවට ඇදෙහි සලකුනු වී ඇති බවයි..වන්දනාගේ දෑස් වලට කදුලු පිරුනේ සතුටට..වන්දනා දෑස් ඔස්සේ දේව්ගේ දෑසද ගියේ ඒ සලකුන වෙතටයි..වන්දනා අසලට ගිය දේව්

“හිරූ මට ගොඩක් සතුටුයි මැණික..ඔයා ඊයෙ මගෙම උනා..පිරිමියෙක් හැටියට මම මේ දේ බලාපොරොතුතු නොවුනා කීවොත් වැරදී…හිරූ මම ඔයාට අතීතෙ ගොඩක් වැරදි කරා මැණික..ඒත් මම පොරොන්දු වෙනවා අදින් පස්සෙ මගෙ කෙල්ලට පුංචිම දුකක්වත් මම දෙන්නෙ නෑ කියලා..අදින් පස්සෙ අපි දෙන්නා අතරට එන්න කාටවත්ම බෑ..”දේව් පැවසුවේ වන්දනාගේ නලලට හාදුවක් තබමින්..වන්දනා දේව්ගේ පපුවට බර වුනේ ඔහු වෙනුවෙන් තමාගෙ හිතේ උපන් ආදරයත් සමගයි

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

ගයියා..”

“ආ මනමාල කුරුල්ලා ආවද..”

“පල යකෝ කිංඩිය නොදා..”

“කොහොමද මල්ලි ඊයෙ රෑ..කෙල්ලව උබ ඉතුරු කරානේ..”ගයාන් පවසන විට දේව්ට සුන්දර සිනහවක් නැගුනි

“ආව්..ආව්…පොඩ්ඩක් හිටපන් උබගෙ මූනෙන් බේරෙන පැනි ටික එකතු කරගන්න මම කෝප්පයක් ගේනකම්..”

“අනේ මේ නිකම් ඉදහන්”

“මට හරි සතුටුයි බන් උබයි නංගයි එකතු උන එකට. උබ දැන්වත් ඇත්ත තේරුම් ගත්ත එක හොදයි..”

“ඔව් බන්..අවුරුදු ගානක් මම ශයිනිට රැවටුනා..මගෙ හිතේ ඒකි ගැන දැන් තියෙන්නෙ වෛරයක් විතරයි…හිරූ මට කොච්චර ආදරේද කියලා මම දැනන් හිටියා..මගෙ හිතත් එයාට දවසින් දවස ලන් උනා.ඒත් මම ඒක පිලිගන්න බය උනා..මොකද ඒකෙන් ශයිනිට වරදක් වෙයි කියලා හිතුන නිසා.මම කරේ දවසින් දවස හිරූව මගෙන් ඈත්කරන්න හදපු එක..ඒත් මම දවසින් දවස හිරූට හිතෙන් ලන් උනා..එයාගෙ අහිංසකකම එයාගෙ හිනාව ගතිගුන මේ හැමදේකින්ම එයා මාව එයාට ලන්කරගත්තා..උබ හිරූව උබලගෙ ගෙදර ගෙනියපුවාම මට පිස්සු හැදුනෙ නැති ටික විතරයි..එයා නැති ගෙදර මට දැනුනෙ සොහොන් පිට්ටනියක් වගේ ..මට ඒ දවස් ටිකේ තේරුනා මම හිරූට ආදරේ කරන්න පටන් අරන් කියල…ගයියා උබට ගොඩක් පින් මම වෙනුවෙන් කරපු හැමදේකටම..”

“උබ මට පින් දෙන්න ඕනෙ නෑ බන් මම කරේමගෙ යුතුකම .උබ මට යාලුවෙකුට වඩා සහෝදරයා..ඉතින් උබට හරි පාරට ගන්න එක මගෙ යුතුකම බන්..”

දේව් ගයාන්ව බදාගත්තේ සහෝදර හැගීමෙනි.

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

හෙලෝ අම්මා..”

“දුවේ..කොහොමද රත්තරනේ..”

“මම ගොඩාක් හොදින් අම්මා..අප්පච්චියි අම්මයි හොදින්ද..”.
.

“ඔව් පුතේ…කෝ දේව් පුතා..ඔෆිස් ගිහින්ද..”

“ඔව් අම්මා දේව් ඔෆිස් ගිහින්..”

“ඉතින් සුමිත්‍රා කතා කරේ නැද්ද .කවදද ලංකාවට එනව කීවෙ..”

“ඊලග සතියෙ එනවා කිව්වා අම්මා..”

“හ්ම්..මගෙ දූ සතුටින් නේද..දේව් පුතා හොදයිනේ..”

“අනේ ඔව් අම්මා .දේව් හරිම හොදයි..මම ගොඩාක් සතුටින්..”

“හ්ම්..සදුනි දුවත් ඊයේ මෙහෙ ඇවිත් ගියා..”

“අහ් සදූ මට හැමවෙලේම කෝල කරනව..”

“හරි හොද කෙල්ල..අපිව බලන්න හැමවෙලේම එනවා. “

ඔව් අම්මා සදූ අම්මලට ආදරෙයි..”

“ඔව්..ඉතින් ආයෙ දූ මේ පැත්තෙ එන්නෙ නැද්ද..”

“එන්නම් අම්මා..මේ සතියෙ එන්න බලන්නම්..මේ ටිකේ දේව්ට ඔෆිස් එකේ වැඩ ගොඩ ගැහිලා..”

“හා පුලුවන් වෙලාවක එන්නකෝ..එහෙනම් පුතේ මම තියන්නම්..”

“හා අම්මා බුදුසරණයි..”

‘බුදුසරනයි මගෙ දුවටත්..”

වන්දනා දුරකතනය තබනවාත් සමගම ඇමතුමක් ආවා

“හෙලෝ..”

“අම්මේ කා එක්කද මෙච්චරවෙලා මල් කැඩුවෙ බම්..”

“අම්මා කතා කරා දේව්..”

“අම්මා මොකෝ කීවෙ කෙල්ලෙ..”

“එහෙ එන්නෙ නැද්ද කියලා ඇහුවා..”

“අපි යමුකො මේ සතියෙ එහෙනම්..”

“හ්ම්..මොකෝ මහත්තයා මේ වෙලේ අද දැන් තුන්වෙනි කෝල් එක..”වන්දනා ඇසුවේ සිනාසෙමින්

‘මතක් වෙනවා බන් කෙල්ලෙ. මම තව ටිකෙන් එනව. “

“අම්මේ ඕකනම් ලෙඩක්..”
.”
😁😁😁මම නම් මොකුත් කරේ නෑ ඔන්න..”

“ඔව් ඉතින් උබ මොකුත් කරන්නෙ නෑ හැමඑකම මමනෙ කරන්නෙ..නේද සුදු මැණිකෙ..”

“අනේ ඔයා හරි නරකයි..තියන්න දැන් මම උයන්නත් ඕනෙ..”

“හා හා සුදු මැණික බුදු සරණයි..උම්මා..”

“බුදුසරනයි මහත්තයො..”

ගයාන් දේව්ගේ කැබින් එකට ආවේ මේ මොහොතේ.

“මොකද යකෝ උබ තනියම හිනාවෙන්නෙ. “.
“මොකුත් නෑ බන්..”

“උබටනම් හැදිල තියෙන්නෙ හොද කරන්න බැරි ලෙඩක් වගේ..”.

“ඔව් බන් මේ ලෙඩේ හොද වෙනවට මම කැමති නෑ..”දේව් පැවසුවේ සිනාසෙමින්

“දේව්..අපෙ අකවුන්ට් වල පොඩි කේස් එකක් තියනවා “

‘උබටත් ඕක මීටර් උනාද..මාත් චෙක් කරා..මට පේන විදියට කවුරුහරි ගේමක් දෙනවා වගේ .”

“හ්ම්..දේව් මම උබට කියන්න හිටියෙ නරකද නංගාව අකවුන්ට් සෙක්ශන් එකට ගත්තොත්..

හ්ම්..ඒක හොදයි මම හිරූට කියන්නම්..”

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *