නුබේ පතිනියයි මා තිස් හත් වන දිගහැරුම.

දේව් කාමරයට ගිය පසු වන්දනා දේව්ගේ ෆොටෝ එකක් අතට ගෙන එය බැලුවේ ආදරයෙන්

“සුදු මහත්තයෝ..දන්නවද අද ඇයි මම පන්සල් යමු කීවෙ කියලා…ඔයාට කියන්න වැදගත් දෙයක් තියනවා “වන්දනා එසේ තම සිත සමග දොඩමලු වූයේ දේව්ගේ ෆොටෝ එක අතගාමින්..නමුත් එක් වරම ඇය අතින් ඔහුගේ ෆොටෝ එක බිම වැටී එහි වීදුරුව බිදී ගියා

“දෙවියනේ..”වන්දනාට හැඩුම් ආවේත් දේව් කාමරයට ආවේත් ඒ මොහොතේ..

“හිරූ.මොකද උනේ..”දේව් ඇසුවේ බිම වාඩි වී වීදුරු කටු අහුලමින් සිටින වන්දනාගෙන්

“අනේ දේව්.මහත්තයෝ .”වන්දනා ඔහුව බදාගෙන හඩන්නට වූයේ දේව්ට දුකක් ඇති කරමින්

වන්දනාගේ හිස අතගාමින්

“ඇයි මේ. මගෙ සුදු මැනික ඇයි මේ අඩන්නෙ ම්…”

එසේ අසද්දී

“දේව්..දේව්..”

“ඔව් ඇයි මැනික මේ..”

“මගෙ අතින් ඔයාගෙ ෆොටෝ එක බිම වැටිලා ඒක බිදුනා..”වන්දනා කීවේ හඩමින්

“අනේ වස්තුවේ අපි ඉතින් ඒකට අලුත් වීදුරුවක් දාල හදමු..ඕකටද මේ හොටු පෙරාගන අඩන්නෙ ආ..”

“නෑ දේව්.මට බයයි රත්තරන්..”වන්දනා පැවසුවේ තව තවත් දේව්ට තුරුල් වෙමින්

“බයයි.ඇයි බය හිරූ..”

“මම අහල තියනවා එහෙම ෆොටෝ බිදෙන්න හොදනෑලු..ඔයාට කරදරයක් වෙයි කියලා මට බයයි දෙයියෝ…”වන්දනාගේ නිකටින් එස වූ දේව් ඇගේ දෙතොලට කෙටි හාදුවක් තබා ඇගේ දෑස් දෙස බලාගෙන

“හිරූ ..ඔයා මම ලග ඉන්නකම් ඔයාගෙ ආදරේ තියනකම් මට කිසිම කරදරයක් වෙන්නෙ නෑ මැණික..දැන් අඩන්න එපා..ඔයා දන්නවනේ සුදූ මම ඔය ඇස් වල කදුලු දකින්න කැමති නෑ කියලා කෝ දැන් කදුලු පිහදාගන්න.. “දේව් එසේ පැවසුවත්

“ඒත් මහත්තයෝ ඔයා අද උදේ කියපු කතාවයි දැන් උන දේයි නිසා මගෙ හිතට ලොකු බයක් දැනෙනවා..අපි අද නොයා ඉමු..”

“අනේ පිස්සි..උදේ පාන්දර මාව ඇහැරලා දැන් නොයා එන්න මේ පොඩි දෙයක් නිසා..කෝ යන්න ගිහින් වොශ් එකක් දාගන ලෑස්ති වෙන්න ..මම මේ වීදුරු කටු ටික අස්කරන්නම්..”

“එපා ඉන්න මම අස්කරන්නම්.මම උදේම නෑවා දේව්…ඔයා ලෑස්තිවෙන්නකෝ..මම මේ ටික සුද්ද කරන්නම්..”

“හ්ම්..පරිස්සමින් . අත කපා ගන්නෙ එහෙම නෑ..”දේව් එසේ පැවසුවේ වන්දනාගේ නලලතට හාදුවක් තබමින්

“අනේ දෙවියනේ මගෙ දේව්ට කිසිම කරදරයක් වෙන්න එපා..මගෙ හිතට අද ඇයි මේ තරම් බයක් දැනෙන්නෙ. 😭😭“වන්දනා එසේ සිතමින් වීදුරු කටු අහුලන්නට වූවා

බිමට නැමී සිටින වන්දනා දෙස බලා සොටි දේව්

“සුදු මැණික…උබට නොකීවට අද උදේ ඉදන් මගෙ හිතට මහ බයක් දැනෙනවා…මහෙ ෆොටෝ එක බිදිලා ඔහොම අඩනවනම් මම නැති උන දාට උබ කොහොමද දරාගනීද රත්තරන්..”දේව් එසේ සිතුවේ වන්දනා දෙස බලමින්

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

හෙලෝ අජියා..”

“බොස් .උන් පිටත් උනා..”

“හරි උබ රෙඩිනෙ..”

“ඔව් බොස්..මම උන් දෙන්නව පරලොව යවලම කතා කරන්නම්..”

“හ්ම්..වැඩේ හරියට වෙන්න ඕනෙ අජියා..”

“හරි බොස්. බොස් බය වෙන්න එපාමේ අජියා වැඩක් දුන්නොත් ආයෙ ඒක වැරදිලා නෑ..”

“මට කයිවාරුවෙන් වැඩක් නෑ ..මට ඕනේ වැඩේ..”

“හරි බොස් හරි..”

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

හිරූ..කාරෙකට නැගපු වෙලේ ඉදන් කල්පනාව. ඇයි සුදූ මේ කතාවක් වත් නෑ..කතා පෙට්ටිය ගෙදර දාල ආවද මගෙ නෝනා..”දේව් ඇසුවේ වන්දනා දෙස බලමින්

“මොකුත් නෑ මහත්තයො”

“නෝනේ..උබට මට බොරු කරන්නම් බෑ ඔයාගෙ පුංචි වෙනසක් උනත් මට දැනෙනවා හිරූ..සුදු මැණික තාමත් හිතන්නෙ උදේ උනදේ ගැනද..”

“ඔව් දේව්.මගෙ හිතට මහ අමුත්තක් දැනෙනවා. “වන්දනා පවසද්දී ඇය දෙස බැලූ දේව් කාරය පසෙකට වෙන්න නවතා ඇය දෙසට හැරී

“හිරූ..ඔයාට නොකීවට මගෙ හිතටත් අද අමුත්තක් දැනෙනවා..”

“දේව්..’වන්දනා කීවෙ බියෙන්

වන්දනාගේ හිසෙන් අත තැබූ දේව්

“සුදු මැණික මම අද ඔයාට පොරොන්දු වෙනවා ඔයාගෙන් මාව වෙන්කරන්න මරනෙටවත් මම ඉඩ තියන්නෙ නෑ..මාව මැරුනත් ඔයා ලගින්ම මම ඉන්නව මැනිකේ…”

“අනේ දේව්.ඔහොම කියන්න එපා රත්තරනේ මට දරාගන්න බෑ..”වන්දනා පැවසුවේ දේව්ව තුරුල් කරගනිමින්

“පිස්සි මේක මහ පාර බන්….අඩන්න එපා හිරූ මම ඔයාට පොරොන්දු උනානෙ මම ඔයාව කවදාවත් දාල ය්න්නෑ කියලා..මේ දේව් කවදාවත් පොරොන්දු කඩකරන්නෙ නෑ..”දේව් ඇවසුවේ වන්දනාගේ හිස අතගාමින්

“කෝ දැන් අඩන එක නවත්තන්න..මෙහෙම තුරුල් වෙලා හිටියොත් මට පන්සල් නෙමේ යන්න හිතෙන්නෙ නෝනේ..කොල්ලව අවුස්සගන්න එප. “දේව් පැවසුවේ මනමාල හිනාවක් සමගින්

“අනේ යනව වලා..කොයි වෙලෙත් වල් කතාමයි..”වන්දනා පවසද්දී දේව් හයියෙන් සිනාසුනි

මම වලා..එතකොට උබ බබා. අනේ පලයන් කෙල්ලෙ කවුද දන්නෑ අනේ දේව්..මගේ දේව්..කිය කිය රෑට මාව අවුස්සන්නෙ..”දේව් කියද්දී වන්දනා ඔහුට රැව්වේ සිනාසෙමින්

“දැන් යමුද මැට්ටි..”දේව් අසද්දී

දේව්…”වන්දනා හයියෙන් කෑගැසුවේ ඉදිරිය පෙන්වමින්..
දේව් ඉදිරිය බලද්දී දුටුවේ තමාගේ කාරය ඉලක්ක කරගෙන පැමිනෙන ටිපර් රතයයි..ඔවුන්ට හිතන්නටවත් කාලයක් නොතියා එය ඔවුන් අසලට ලගා වූයේත් දේව් වන්දනාගේ ශීට් එකට පැන ඇයව ආවරනය කරගත්තේත් එකටමයි…

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

දේව්..දේව්..”වන්දනා දෑස් ඇරියේ අපහසුවෙන්..

ඇය දුටුවේ තමා අසල වටවීසිටින තමාගේ දෙමව්පියන් හා ගයාන්වයි

“දූ අනේ දෙවියන්ට පින්සිද්ද වෙනවා මගෙ කෙල්ලට සිහිය ආවා “තිලකා පැවසුවේ හඩමින්

“අම්මා..”

“ඔයා දවස් තුනක් සිහිය නැතුව හිටියා නංගා .”ගයාන් පවසද්දී

“දේව්..මගෙ දේව් කෝ ගයාන් අයියා මගෙ මහත්තයා කෝ..”වන්දනා ඇසුවේ කලබලයෙන්

“දෙව්ට කරදරයක් නෑ නංගා..එයා හොදින්..”

“හොදින් මට එයා බලන්න ඕනේ..”

“ඔයාට තාම සිහිය ආව විතරනේ රත්තරනේ අපි තව ටිකකින් දේව්ව බලන්න යමු..”සුමනෙ පැවසුවේ වන්දනාගේ හිස අතගාමින්

“බෑ..බෑ.මට මගෙ මහත්තයව බලන්න ඕනෙ මගෙ දේව් දේව්..”වන්දනා කෑගැසුවේ ඇදට බසින්නට උත්සහ ගනිමින්

ඇයව වැලැක්වූ ගයාන්

“වන්දනා ..දේව් තාම අයි සී යූ එකේ ..”යැයි පවසද්දී

“අයි සී යූ..මගෙ දේව්…”යැයි කෑගසමින් හඩන්නට වූවා

අනේ පුතේ අඩන්න එපා..”තිලකා පැවසුවේ හඩමින්

“අයියා.මට මගෙ දේව්ව බලන්න එක්ක යන්න පින් සිද්ද වෙයි මට මගෙ දේව් බලන්න එක්ක යන්න..”වන්දනා පැවසුවේ ගයාන්ට දෑත් එක්කර වදිමින්

“හ්ම්..එක්ක යන්නම්..”

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

ඩොක්ටර් මගෙ පුතාට මොකද ඩොක්ටර්..”සුමිත්‍රා ඇසුවේ හඩමින්

‘අපි උපරිම උත්සහ කරනව. “

“අනේ ඩොක්ටර කීයක් ගියත් කමක් නෑ මට මගෙ කොල්ලව බේරලා දෙන්නෙ..”මහේන් පැවසුවේ කදුලු පුරෝගන

“මම උත්සහ කරනව මහේන්..”

“අම්මා..”වන්දනාගේ හඩට සුමිත්‍රා හා මහේන් ඒ දෙසට හැරුනි

“දූ ඔයාට සිහිය ආවද රත්තරනේ..”සුමිත්‍රා වන්දනාව බදාගෙන හඩන්නට වූවා

“අම්මා මගේ දේව්..”
වන්දනා ඇසුවේ අයි සී යු එක දෙස බලමින්

“ඩොක්ටර්..ඉක්මනට එන්න..පේශන්ගේ හාට් එක නැවතුනා..”එතනට හා හෙදිය පැවසුවේ කලබලයෙන්..

සුමිත්‍රා,මහේන් වන්දනා ගයාන් මේ සියලු දෙනා බලා සිටියේ බියෙන්..

අයි සී යු එක දෙස බලා සිටි වන්දනා දුටුවේ මැශින් ගොඩකට යටවී සිටින දේව්වයි…
ඔහු වටා වෛදයවරුන් වටවී සිටි අයුරු වන්දනා බලා සිටියේ කදුලු පුරෝගන

විනාඩි කිහිපයකින් පිටතට ආ වෛද්‍යවරයාගෙන් දිස් වූයේ පරාජිත පෙනුමක්

“ඩොක්ටර් මගෙ පුතා..”

“අයිම් සොරි මහේන්..අපිට එයාව බේරගන්න බැරිඋනා..”

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මම මේ හැන්ගෙන්න තැනක් හොයන ගමන්..කට්ටිය මාව මරනවලුනෙ…😁😁😁
අඩන්න එපා වස්තුලා..සෑම කලු වලාවකම රිදී රේකාවක් තියනවනෙ..😁😁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *