නුබේ පතිනියයි මා පහලොස්වන දිගහැරුම

වන්දනාව දුටු දේව් එක්වරම ගැස්සී ගියේ ඇය තමාගෙ කතාවට සවන්දුන්නාද යැයි සිතා..

“මොකද ඔතනට වෙලා කරන්නෙ ආ..”දේව් ඇසුවේ කෝපයෙන්

“නෑ..මොකුත් නෑ “වන්දනා කීවේ කදුලු පිසගනිමින්

“මොකුත් නැත්නම් අඩන්නෙ “

“ඇහැට රොඩ්ඩක් ගියා..”

“තමුන්ගේ ඇහැට හැමවෙලේම රොඩු යනවද වන්දනා”දේව් අසද්දී වන්දනා නිහඩව පසු වුනේ කීමට තරම් දෙයක් නැති නිසා..

“මොකද කටේ පිට්ටුද..කතා කරන්න බැරිද…ලැජ්ජා නැද්ද හලෝ අනිත් අයගෙ කෝල්ස් වලට හොරෙන් ඇහුම්කන් දෙන්න..”
දේව් ඇසුවේ වන්දනා ලගට යමින්..පසු පසට ගිය වන්දනා බිත්තියට හේත්තුවූවේ තවත් ඉන් එහාට යා නොහැකි නිසා

වන්දනාව මැදි වන්නට බිත්තියේ දෙපසින් දෑත් තැබූ දේව්

“වන්දනා මම කියන දේ හොදින් අහගන්නවා..මම තමුසෙව මැරි කරේ මගෙ අකමැත්තෙන්..තමුසෙ දැන් හැමදේම අහන් හිටියා කියලා මම දන්නවා.ඒ කතා කරේ ශයිනි…ශයිනි කියන්නෙ මගෙ පන මගෙ ආදරේ …මම තමුන්ව මැරි කරේ අපේ අම්මලාගෙ උවමනාවට ….තමුන් මේ දේ හොදට මතක තියාගන්නවා තමුන්ගෙයි මගෙයි මැරේජ් එක නිකම් කොලේක අත්සන් කරපු එකක් විතරයි…අපි අතර කිසිම සම්බන්දයක් ඇතිවෙන්නෙ නෑ..මේ මගුල් හනිමූන් එක මම ආසවෙන් ආවෙ නෑ..අනික ආව කියලා වැඩකුත් නෑනේ…තමුන්ට කියන්න ඕනෙ උනේ මට මෙච්චරයි.තමුන් මාව මැරි කරා කියලා මගෙ ලයිෆ් එකට ඇගිලි ගහන්න එන්න එපා..තේරුනානේ..මට ආයෙ මේක දෙවතාවක් කියන්න තියන්න එපා..”දේව් පවසද්දී වන්දනාගේ දෑසින් කදුලු කඩා හැලුනේ ඉකියක්ද සමගිනි

“තව දෙයක් මම මේ කියපු කිසිම දෙයක් කාටවත් කියන්න තහනම්..😠😠“දේව් එසේ පවසා කාමරයෙන් පිටව ගියා

සිටි තැනම බිම ඉදගත් වන්දනා හයියෙන් හඩන්නට ගත්තේ හිතේ තිබූ වේදනාව නිසා

“මම.මොනවද දෙවියනේ මේ අහන්නේ..දේව්..ඇයි ඔයා මට මෙහෙම කරේ..😭😭මම කොහොමද මේක දරාගන්නෙ..මාත් ගෑනියෙක් දේව්..මේ තරම් මට නපුරුකම් කරත් මටඔයා ගැන ආදරයක් තියනවා දේව්..ඒත් ඔයා ආදරේ කරන්නෙ ශයිනිටලු…අනේ දේව් ඇයි ඔයා මට මෙහෙම කරේ..මේක මගෙ අම්මයි අප්පච්චි දැනගත්තොත්..දෙවියනේ මේ දේ කාටවත් දැනගන්න තියන්න හොදනෑ..මට පිහිට වෙන්න දෙවියනේ..මට මේ දුක කියන්න කවුරුත් නෑ😭😭😭“වන්දනා හැඩුවේ එසේ සිතමින්..ඇය කෙතරම් හැඩුවද ඇගේ සිතේ වේදනාව බිදක්වත් අඩු නොවුනි…

දේව්ට යලිත් කාමරයට යාමට හිත නොදුන්නේ වන්දනාට මුහුන දීමට අපහසු තාවයක් දැනුනු නිසා

“චික්..මම මොනවද මේ කරේ…ඇයි මම ඒ වගේ දෙයක් ඒ කෙල්ලට කීවෙ..මම ඉක්මන් උනා වැඩිද..”දේව් එසේ සිතුවේ තමා කල දෙය ගැන පසුතැවිලි වෙමින්

පැය කිහිපයක් ගතවූ පසු දේව් කාමරයට ගියේ වන්දනාට බඩගින්නේ ඇතැයි සිතූ නිසා..ඔහු කාමරයට ඇතුලු වෙන විට දුටුවේ ඇද විට්ටට හිස තබා නින්දේ පසුවී ඇති වන්දනාවයි..වන්දනා අසලට ගිය දේව් ඇය ඔසවා ඇදෙන් තැබුවේ තමා කල වරද ගැන පසුතැවිලි වෙමින්

දේව්..”වන්දනා නින්දෙන් දේව්ගේ නම කියන විට දේව්ගේ දෑස් පුදුමයෙන් විශාල වුනි..

වන්දනාගේ මුහුන දෙස මොහොතක් බලාසිටි දේව්ගේ අත ඇගේ හිසට ගියේ ඔහුටත් නොදැනීමය..වන්දනාගේ හිස අතගෑ දේව්ට දැනුනේ ඈගේ හිස බොහෝ සෙයින් රස්නය බවයි..ඇගේ ගෙලට අත තැබූ දේව්

“දෙවියනේ..මේ කෙල්ලට හොදටම උන නේද..ඕ මයි ගෝඩ්..”දේව් ඉකමනින් නැගී සිටියේ කලබලයෙනි..

ඔහු වන්දනාට රෙද්දක් පොරවා දොරද ලොක් කර පහලට දිව ගියා

රිසෙප්ශන් එකට දිව ගිය දේව්
“Excuse me mis”

Sir what the problem”

“මගෙ වයිෆ්ට හොදටම උන..පුලුවන්නම් ඩොක්ටර් කෙනෙක්ට කෝල කරනවද..”

“ඕකේ..සර් රූම් එකට යන්න අපි ඩොක්ටර් කෙනෙක් එවන්නම්”

“තෑන්ක්…පුලුවන් ඉක්මනට එවන්න..”

“ඕකේ..”
දේව් ආපසු තම කාමරයට ගියේ වන්දන ගැන දුකින්..ඇය අසලින් හිද ගත් දේව් ඇගේ හිස අතගෑවේ දුකින්

“මට සමාවෙන්න වන්දනා..කෙල්ලෙක්ගේ ජීවිතේ අද දවස ගොඩාක් සතුටු හිතෙන දවසක්..ඒත් මම ඔයාට අද ලොකු දුකක් දුන්නෙ..මම ඔයාව මැරි කරලා ගොඩක් ලොකු වරදක් කරේ ඔයාට..මට සමාවෙන්න.. “දේව් එසේ සිතුවේ වන්දනාගේ හිස අතගාමින්..ඔහුට ශයිනිගෙන් දුරකතන ඇමතුමක් ආවේ මේ මොහොතේ..ඔහු ඇගේ කෝල් එක කට් කර ෆෝන් එකද ඕෆ් කර දැමුවේ මේ මොහොතේ ඇයට කතා කිරීමට තරම් තම සිත නිදහස් නොවූ නිසා

විනාඩි කිහිපයක් ගිය පසු වෛදයවරයා පැමින වන්දනාට ප්‍රතිකාර ලබා දුන්නා

“මිස්ටර් දේව්..මට හිතෙන විදියට මෙයාට ලොකු ශොක් එකක් වෙලා තියනව ඒ නිසයි මේ විදියට උන ගත්තේ…”

“ඩොක්ටර්..”

“But..don’t worry..මේ බෙහෙත් දෙන්න වෙලාවට එතකොට උන බහී…මෙයාට සීතල දැනෙන්න දෙන්න එපා..දේශගුනේ වෙනස් උන නිසාත් වෙන්න පුලුවන් උන ගැනෙන්න ඇත්තෙ..මේ බෙහෙත් ටික වෙලාවට දෙන්න..”

“Ok..docter…thanks..”

වෛද්‍යවරයා ගිය පසු දේව් රිසෙප්ශන් එකට කෝල් කරේ තම රූම් එකට කෑම එවන්න යැයි පවසමින්

ඔහුට අවශය වූයේ වන්දනාට කෑම දී බේත් ටික පෙවීමටයි

😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

ලයික් කමෙන්ට් කරන ඔක්කොටම ගොඩාක්ස්තූතියි 

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *