නුබේ පතිනියයි මා විසිඑක්වන දිගහැරුම

දේව් දෙස බලා සිටියේ වෙන කවුරුත් නොව ශයිනිය..

දේව් හා වන්දනා අසලට ආ ශයිනි දේව්ව වැලදගෙන
”හැපි වෙඩින් ඩේ ඩාලින්”යැයි පැවසුවේ ඔහුගේ කොපුලට හාදුවක්ද දෙන ගමන්.

මේ දෙස බලා සිටි වන්දනාට දැනුනේ තම පපුවට යමකින් අනිනවා වැනි වේදනාවකි

“මේ දේව්ගේ යාලුවෙක් වෙන්න ඇති..ඒත් එයා හග් කරනකොට ඇයි මට මේ.තරම් දුකක් දැනෙන්නෙ..”වන්දනා එසේ සිතින් සිතමින් සිටියදී ශයිනි ඇය ලගට ආවා.

ඇයව වැලද ගත් ශයිනි ඇගේ කනට කර
“වන්දනා තමුන් මගේ දේව්ගෙන් ඈත් වෙලා ඉන්නව..තමුන්ව මැරි කරා කියලා එයා තමුන්ගෙ වෙන්නෙ නෑ..එයා අයිති මේ ශයිනිට..මේ මට විතරයි..”යැයි පැවසද්දී වන්දනාගේ දෑසින් කදුලු කඩා හැලුනි

මේ දෙස බලා සිටි දේව් ශයිනි අසලට ගොස්
“ශයිනි ඔයා දැන් යන්න..තාත්තයි අම්මයි ඔයාව දැක්කොත් අවුලක් යනවා.අනික ඔයා වන්දනාට මොකුත් කියන්න එපා..ඒ කෙල්ල අහිංසකයි..”

“ඕ..දේව් මයි ඩාලින් ඇයි ඔයා මට යන්න කියන්නෙ…මම අද මෙතන ඉන්නම ඕනෙනෙ පැටියො..ඔයාට දුකයිද ඔයාගෙ වයිෆ් ගැන…ආ..”

“ශයිනි ශටප්…අපි පස්සෙ කතා කරමු..අනික ඔයා දැන් ඉන්නෙ කතා කරන්න පුලුවන් තත්වෙක නෙමේ..බලන්න ඔයා හොදටම ඩ්‍රින්ක් අරගන..”දේව් පවසද්දී

“ඔව් මම ඩ්‍රින්ක් ගත්තා..ඒ මගෙ හිතේ දුකට..බොරුවට හරි මට ඔයා වෙන ගැනියෙක්ගෙ වෙනවා බලන්න බෑ.”ශයිනි පැවසුවේ දේව්ගේ වතට හේත්තු වෙන ගමන්.මෙය දුටු ගයාන් එතනට දිව ආවේ මෙය කව්‍ රුත් දැකීමට නුසුදුසු නිසා

“ශයිනි..තමුන්ට පිස්සුද ආ මෙතන මගුල් නටන්නෙ.එනව යන්න.”යැයි පැවසූ ගයාන් ඇයව ඇදගන ගියා

“ගයියා..පරිස්සමට එක්කයමන්.”දේව් පවසද්දී වන්දනාට දැනුනේ තමාගෙ හදවත ගැලවී ගියාක් මෙන් හැගීමක්..ඉනපසු දේව් හා වන්දනා අතර වදනක්වත් හුවමාරු නොවිනි

විවාහ මංගල්‍යේ අවසාන මොහොත ලගා වූයේ කාගෙත් දෙනෙත් වලට කදුලක් එක් කරමින්.වන්දනා තම දෙමව්පියන් බදාගන හඩන්නට වූයේ අද සිට ඔවුන්ගේ සෙවනේ සිටින්නට නොහැකි නිසා..කෙල්ලෙක්ට කවදා හෝ තම දෙම්ව්පියන්ගෙන් වෙන් වී අලුත් පරිසරයකට යාමට සිදුවේ…එය ගැහැනුන් සියල්ලටමපොදු කරුනකි..

වන්දනා කුඩා කල සිට තම මවට හා පියාට බොහෝ ලැදිව හැදුනු යුවතියක්..ඉතින් ඇයට අද මෙම දුක දරාගැනීමට අපහසු විය

“අනේ අම්ම..”වන්දනා තිලකා බදාගන හඩද්දී තිලකාද තම දියණියව බදාගෙන හඩන්නට වූවා

“අඩන්න එපා මගෙ රත්තරනේ..අපි මගෙ දුව බලන්න එනවනේ..නාඩා ඉන්න මගෙ දෙයියෝ’තිලකා පැවසුවේ තම දියණියගේ කදුලු පිසදමමින්

“අඩන්න එපා දෝනි..අම්මා කියන එක ඇත්ත..අපි දූව බලන්න එන්නම්..දූ යන්නෙ අපි නොදන්න තැනකට නෙමේනෙ රත්තරනේ..”සුමනෙ පැවසුවේ තම දියනියගේ හිස අතගාමින්

“අනේ අප්පච්චි..මට බෑ ඔයාලව දාල යන්න.”වන්දනා ඉකි ගසමින් හඩන හැටි දේව්ගේ සිතට දුකක් ඇතිවිය..ඇය අසලට ගිය දේව් ඇයව තම ලගට ගෙන
“අඩන්න එපා වන්දනා..අපි අම්මලව බලන්න යමු පුලුවන් හැමවෙලේම”’

”අනේ පුතේ මේ ඉන්නෙ අපි දෙන්නගෙ පන ටික..මම පුතාට වැදල කියන්නම් මගෙ කෙල්ලව පරිස්සමින් බලාගන්න..අපිට ඉන්නෙ මෙච්චරයි.”තිලකා එසේ හඩමින් පවසද්දී

“අඩන්න එපා අම්මා.මම වන්දනාව අම්මල වගේම හොදට බලාගන්නම්..”යැයි දේව් පැවසුවේ ඇගේ හිස අතගාමින්

“ඔව් තිලකා..සුමනෙ..ඔයාල ඇයි මෙහෙම දුක් වෙන්නෙ.මේ අපේ ලේලි නෙමේ අපේ දුව…ඔයාල මෙච්චරකල් දුවව බලාගත්තටත් වඩා හොදට අපි අපේ කෙල්ලව බලාගන්නවා..”සුමිත්‍රා පැවසුවේ තිලකාගේ හිස අතගාමින්

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
වන්දනා හා දේව් විවාහ වී අදට සතියක් ගත විය

වන්දනා හා දේව් ලෝකයාට පෙනෙන්නට සැමියා හා බිරිද ලෙස සිටියද ඔවුන් අතර එහෙම සම්බන්දයක් නොතිබුනි

දේව්ගේ හා ශයිනිගේ සම්බන්දතාවය මේ වන තෙක්ද පැවතුනි

“හෙලෝ දේව්..”

“කියන්න ශයිනි..”

“බබා අපි අද ඩිනර් අවුට් එකකට යමුද..ගොඩක් දවසකින් ගියෙත් නෑනේ.”

“ඕ..සොරි ශයිනි..අද නම් යන්න වෙන්නෙ නෑ..අද වන්දනාලගෙ අම්මලා එනවා කීවා..මම යන එක හරි නෑනේ..අපි හෙට යමු..”

“ඕ..මොකද්ද දේව්. හැමවෙලේම වන්දනා.වන්දනා.ඔයාට දැන් මාව මතක්වෙන්නෙත් නෑ..ඔයා මට දැන් ආදරේ නෑ..කොයි වෙලෙත් අර ගොඩේ කෙල්ලමයි..”

“මොනාද ශයිනි ඔයා මේ කියන්නෙ ඔයාටනෙ මම ආදරේ..ඔයා දන්නවා වන්දනායි මායි අතර කිසිම රිලේශන් සොප් එකක් නෑ කියල..ඒක අපි දෙන්න දන්නව වුනාට එයාලගෙ අම්මලා දන්නෙ නෑනෙ..අනික සුමනෙ අන්කල් හාට් පේශන් කෙනෙක්..එයා අද මම හිටියෙ නැති උනොත් අවුල් ගනී..තේරුම් ගන්නකො”

“ඉතින් අපිට මොකද දේව් හාඩ් පේශන් උනාම ..ඒ මිනිහා මැරුනත් මොකද දේව්.”

“ශටප්…චික් ඔයා ඔය තරම් ආත්මාර්තකාමීද..”

“ඔව්..ඔව්..ඔයාට දැන් මගෙ වැරදි නේ පේන්නෙ…”

“ශයිනි ඉනෆ්..මම හෙට එන්නම් ඩිනර් අවුට් එකකට යන්න…අද බෑ..”..

“ඕනෙ නෑ.ඔයා හෙට එන්නත් එපා.බායි.”යැයි පැවසූ දුරකතනය විසන්දි කර දැමුවා

දේව් නැවතවරක් ඇයට ඇමතුම් ගත්තද දුරකතනය ක්‍රියාවිරහිත කර තිබූ නිසා ඇය සමග සම්බන්ද විය නොහැකි විය

වන්දනා දේව්ගේ කිරිඑක රැගෙන ආවේ මේ මොහොතේ

“දේව් මේ.කිරිඑක..”
වන්දනා දේව්ට කිරි කෝප්පය දික් කරේ එසේ කියමින්..කිරි එකට අතින් ගැසූ දේව්

“ඔය කෙහෙල්මල මට එපා අයිසේ..චික්…මෙතනින් යනවා යන්න..”යැයි කෑගැසුවේ වන්දනා බියවී බලාසිටියදී

බිදුනු කිරි කෝප්පය දෙස බලා සිටි වන්දනා නිහඩවමවීදුරු කටු අහුලන්නට වූයේ දෑසින් නැගෙන කදුලු පිසදාගමිනි

“පුතා මොකද්ද ඒ සද්දේ..”සුමිත්‍රා කාමරයට එන විට දුටුවේ වීදුරු කටු අහුලමින් සිටින වන්දනාවයි

“ඕ..මයි ගෝඩ් මොකද්ද දුව උනේ..”

“මගෙ අතින් කෝප්පෙ ලෙස්සුවා අම්මෙ. “වන්දනා පවසද්දී

“ඒකට කමක් නෑ දූ..පුතාට තව කිරිඑකක් මම හදල ගෙනත් දෙන්නම් ඔයා ඕක ඔහොම තියන්නකො..සුමනට කියල මම ඕක අස්කරන්නම්..”

“කමක් නෑ අම්මා..සුමනම්මා උයනවනෙ..මම අස් කරන්නම්..”එසේ පැවසූ වන්දනා නිහඩව වීදුරු කටු අහුලන්නට වූය..දේව් මේ දෙස බලාසිටියේ හිත් පිත් නැත්තෙකු ලෙසින්

“ආව්..”

“ඕ…මයි ගෝඩ් කපාගත්තා නේද අත “සුමිත්‍රා පැවසුවේ වන්දනාගේ අත දෙස බලමින්

“තමුසෙට සිංහල තේරෙන්නැද්ද වන්දනා..අම්ම කීවනේ සුමනා ඕක අස් කරයි කියල..බැරි මගුල් කරන්න යන්නෙ.”දේව් පවසද්දී.

“පුතා ශටප්…”සුමිත්‍රා කෑගැසුවා

වන්දනා හඩමින් පහලට දිව ගියේ ඇයට දැනුනු වේදනාව නිසා

“පුතා ඔයා මොක්ද්ද ඒ කරේ..ඔයා කොහොමද ඒ දරුවට කතා කලේ අ…😠😠“සුමිත්‍රා දේව්ට බැන වදිද්දී

“අනේ අම්ම මෙතනින් යනවද පින්සිද්දවෙයි..”

“හරි මම යන්නම් හැබැයි එකක් මතක තියාගන්න දේව්. ඔයා ඔය කරන වැඩේ බොහොම වැරදි..හිතුවද අපිට ඇස් කන් පේන්නෑ කියල..තමුන් වන්දනාව මැරිකරාමවත් මම හිතුව අර ශයිනි කියන උඩැක්කිය අමතක කරයි.කියලා..ඒත් නැ වගේ පුතා ඔයා එකක් මතක තියාගන්න..මේ අම්ම ඉන්නකම් උබට ඕනෙ විදියට නටන්න මම ඉඩ තියන්නෑ.”

කෝපයෙන් එසේ පැවසූ සුමිත්‍රා එතනින් පිටව ගියා.

😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

ලයික් කමෙන්ට් කරන ඔක්කොටම ගොඩක් ස්තූතියි❤❤❤

2 Comments

  1. hey there and thank you for your info – I’ve certainly picked up anything new
    from right here. I did however expertise some technical issues using this website, as I experienced to reload the site many times previous to I
    could get it to load properly. I had been wondering if your hosting is OK?

    Not that I am complaining, but slow loading instances times will very frequently affect
    your placement in google and could damage your quality score if
    ads and marketing with Adwords. Anyway I am adding this RSS
    to my email and can look out for much more of your respective interesting content.
    Make sure you update this again soon.. Escape roomy lista

Leave a Reply

Your email address will not be published. Required fields are marked *