නුබේ පතිනියයි මා විසිහතරවන දිගහැරුම

ඕ..චික්..මම කීව ශලනි තමුසෙට ඔෆිස් එකට එන්න එපා කියලා..බලනව දැන් වෙච්ච දේ..”දේව් පැවසුවේ කෝපයෙන්

“ඉතින් දේව් මම මොනව කරන්නද..ඔයා ආව හම්බෙන්න ආවනම් මෙහෙම වෙන්නෙ නෑනේ..”

“හරි හරි දැන් මමයි වැරදිකාරයා.බලනව මම අද ගයියාටත් අත ඉස්සුවා තමුන් හින්දා..ඌ මගෙ සහෝදරයා වගේ..”

“ගයාන්..ඌව මට පේන්න බෑ දේව්…බලන්න මට කතා කරපු විදිය අද..”

“මේ ශලනි දැන්වත් යනවද මෙතනින්..”

“එතකොට අපි ලන්ච් ගන්න යන්නැද්ද..”

“ලන්ච්..ගෙනත් දෙනව මට වහ ටිකක් කන්න..😠😠😠බලනවා මම කොහොමද වන්දනාට මූන දෙන්නෙ දැන් ගිහින් අම්මලාට කියලනම් එහෙම..”

“අනේ මේ.දේව්…ඔයා මගෙ නැතුව වන්දනාගෙ නෙමේ..ඒකි අපි දෙන්නව දැකපු එකත් හොදයි. ..දැන්වත් තේරුම් ගනීනෙ..”

“මේ ශයිනි දැන්වත් මෙතනින් යනව මගෙ යකා අවුස්සන්නැතුව…”

“යනව තමයි..”ශයිනි එසේ කියමින් ගියේ කෝපයෙන්

😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

නංගා..ඔයාට මම කියපු දේ තේරුනාද..”

“ඔව් අයියෙ..”

“ගුඩ්…අපිට මේ රිස්ක් එක ගන්නම වෙනවා ..දේව් වෙනුවෙන්…ඔයාගෙ ආදරේ වෙනුවෙන්..”

“අයියා..”

“ඔව් නංගා මම දන්නවා උබ දේව්ට ගොඩක් ආදරෙයි කියල..දේව්ව දකිනකොට ඔය ඇස් දිලිසෙන හැටි මම දැකලා තියනව…”

“ඒත් එයා මට ආදරේ නෑ..😢😢

“නෑ වන්දනා ඒක වැරදී…දේව් උබට ආදරේ කරනවා.”

“නෑ..එයා ආදරේ ශයිනිට..”

“නෑ බන්…උබට තේරෙන්නෑ.මම ඌව පොඩිකාලෙ ඉදන් දන්න එකා…ඌ ශයිනි එක්ක අෆෙයා එකක් තිබ්බා තමයි..ඒත් මම හිතන්නෑ දේව්ගෙ හිතේ දැන් ශයිනි ගැන වෙනද තරම් ආදරයක් තියනව කියල..”

“ඒත් අයියා අද දේව් ශයිනි එක්ක..”

“වන්දනා..මේ අහපන් නංගියෙ..උබ දැකපු දේ මමත් දැක්කා..ඒත් පොඩ්ඩක් හිතපන් දේව් නෙමෙ ශයිනිව හම්බෙන්න ගියෙ..ඒකි දේව්ව හොයාගන ඇවිත් තිබුනේ…දේව් වෙනද හැමවෙලේම ශයිනි එක්කමයි ඒත් උබ මැරි කරාට පස්සෙ ඒක වෙනස් වෙලා..ඒකයි ඒ බැල්ලි දේව්ව හොයාගන එන්නෙ…ඒකිට ඕනෙ දේව්ව අල්ලෙ නටවන්න..අපේ එකත් ගොනා වගේ එකිගෙ පදේට නටනවා.”

“අනේ මට තේරෙන්නෑ..”

“වන්දනා උබට මේ අයියව විශ්වාසයි නේද..මගෙ ප්ලෑන් එකේ හැටියට වැඩ කරොත් දේව්ගෙ හිතේ ඔයා ගැන තියන ආදරේ වගේම ශයිනිගෙ කපටිකම් ටිකත් එලියට ගන්න පුලුවන්”

“ඔව් අයියා .මට ඔයා මගෙම අයියා වගේ..මට ඔයා විශ්වාසයි..දේව් වෙනුවෙන් මට ඕනෙ දෙයක් කරන්න පුලුවන්..”

“ගුඩ්..හොද කෙල්ල..එහෙනම් අපි හෙට ඉදන් වැඩේ පටන් ගමු..”

“හා..මම හෙට කීයටද එන්නෙ ඕනෙ…”

“මම.එන්නම්..ගෙදරට ඔයාව ගන්න “

“ගයාන් අයියා.මම මේක අම්මටත් කියන්නද නැත්නම් එයා මම ගැන වැරදියට හිතුවොත් එහෙම..”

“හා..ඇන්ටිට කියමු..දැන් යමුනේ..ඔය කදුලු පිහදාගන්න දැන්..”

වන්දනා තම කදුලු පිසදාගෙන සිනාසුනි

“ගුඩ්..හැමදාම ඔහොම හිනාවෙලා හිටපන් නංගි..”ගයාන් පැවසූවේ වන්දනාගෙ හිස අතගාමින්

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

දූ…ඔහොම පොඩ්ඩක් ඉන්න..”

“ඇයි අම්මා..”

“සුනිල් කීවා ඔයා ගයාන් එක්ක කොහෙද ගියා කියල..කොහෙද පුතේ ගියෙ “

“අම්මා මට අම්මට දෙයක් කියන්න තියනවා..අපි රූම් එකට යමුද..”

වන්දනා අද සිදුවූ සියල්ල සුමිත්‍රා සමග කීයද්දී සුමිත්‍රාගේ දෑස් කෝපයෙන් රතු උනි

“පට්ට බැල්ලි..ඕකි මගෙ කොල්ලට ඉන්න දෙන්නෙම නෑ..අපේ එකාටත් ලැජ්ජා නෑනේ…අද ආපු දෙන්කො ගෙදර .අර පොඩි කාලෙ ඉදන් ඉන්න ගයාන්ටත් මූ අත ඉස්සුවා එහෙනම්..ඒකත් අර බැල්ලි හින්දා”

“එපා අම්මා.දේව්ට අම්මා මොකුත්ම කියන්න එපා…අම්මා තව දෙයක් කියන්න තියනව. “

“ඒ මොක්ද්ද පුතේ..”

ඉන්පසු වන්දනා තමාගේ හා ගයාන්ගේ සැලැස්ම ඇයට හෙලි කරේ සුමිත්‍රා පුදුමයට පත් වෙද්දී

“ඒකනම් හොදයි පුතේ. අපේ එකාගෙ ඇස් එතකොටවත් ඇරෙයිනේ…ගයාන් අපේ එකාට හරි ආදරෙයි..ඒ දරුවා දේව්ට කවදාවත් වරදක් වෙන්න දෙන්නෙ නෑ..”

“ඔව් අම්මා..ගයාන් අයියා හරිම හොදයි මගෙම සහෝදරයා වගෙ..”.

“ඒක ඇත්ත…..යන්න පුතේ දැන් ගිහින් වොශ් එකක් දාගන කන්න යන්න…අන්න හසිදු ඔයා එනකම් බලාගන ඉන්නෙ…”
.

“ඒ ඇයි අම්මා..”

“ගනන් වගයක් තියනවලු..අහගන්න…පව් අහිංසක කොල්ලා..කොච්චර දුකක් විදල ඇත්ද පහු ගිය ටිකේ..”

“ඔව් අම්මා..ඒක ඇත්ත….”

“ආ..දූ ඔයා ආවද…අන්න මම පොලොස් ඇබුලක් හැදුවා දුව ආසයිනෙ කන්න..”කාමරයට ආ ශ්‍රියානි එසේ පැවසුවේ වන්දනාගේ හිස අතගාමින්

“ඇයි නැන්දා මහන්සි වෙන්නෙ..ඩොක්ටර් කීවනේ රෙස්ට් කරන්න කියල..”..

“මොන මහන්සියක්ද දරුවෝ..”

“එහෙනම් මම් වොශ් එකක් දාගන එන්නම්..අම්ම කෑවද..”..

“තාම නෑ පුතේ..අපි ඔක්කොම එකට කමු. දුව ගිහින් වොශ් එකක් දාගන එන්නකෝ”වන්දනා එතනින් ඉවත් වුනේ සිනාසෙමින්

“අක්කා..”
.
“ඇයි නංගි..”

“මට අක්කගෙන් දෙයක් අහන්න තියනව..”

“මොකද්ද..”

“වන්දනා කොච්චර හොද දරුවෙක්ද..ඒත් මට තේරෙන විදියට දේව් පුතා වන්දනයි අතර ප්‍රශ්නයක් තියනව. “

“ඔව්..ශ්‍රියා…”සුමිත්‍රා ශ්‍රියානි සමග සියල්ල හෙලි කරා

‘”අපොයි දෙයියනෙ මේ කොල්ලට පිස්සුද අක්ක..මේ වගේ දේකට පැටලෙන්න..”

“ඒක තමයි මාත් කියන්නෙ..මූට කියන සින්හලක් තේරෙන්නෑනේ..”
.

“අනේ මන්ද..වන්දනා කියන්නෙ රත්තරන් දරුවෙක්…පව් මේ කෙල්ල..”

“මටත් දුක ඒකම තමයි නංගි. “.

“ඒ උනාට අක්කා මට මෙහම හිතෙනවා..වන්දනා එක්ක ඉන්නකොට දේව්ටත් එයා ගැන ආදරයක් ඇතිවෙයි..දැන් බලන්නකෝ අක්කල උනත් ඒ දරුවට සලකන්නෙ ලේලිට වගේ නෙමේනෙ..දුවට වගේනේ..”

“ඔව්..ඒ දරුවා මට මගෙම දුව වගේ..”

“ඒකනේ..අපි කාලයට ඉඩ දීල බලා ඉමු…”

😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

දේව්..”

“ඇයි තාත්තා..”

“වොශ් එකක් දාගන ඉක්මනට පල්ලෙහාට එන්න..මට ඔයා එක්ක වැදගත් දෙයක් කතා කරන්න තියනව..”..

“හා..”

“මොකටද තාත්තා එන්න කීවෙ..වන්දනා ගිනි ගෙඩිය දීලවත්ද..”දේව් එසේ කල්පනා කරමින් කාමරයට ගියා..වන්දනා සිටියේ අල්මාරිය අස් කරමින්

“වන්දනා.’

“ඇයි.”.

“තමුසෙට ලැජ්ජා නැද්ද..චීත්ත වැඩ කරන්නෙ..”
දේව් ඇසුවේ කෝපයෙන්

“මම මොකද්ද කරේ දේව්..”

“මොකුත් නොදන්න තොත්ත බබා..අද ඔෆිස් එකේ උන දේ තාත්තට කීව නේද .”.

“ඔයා මොනවද දේව් මේ කියන්නෙ..මම කීවෙ නෑ.තාත්තට .”
.වන්දනා පැවසුවේ දෑසේ කදුලු පුරෝගන

“මේ හැම මගුලටම අඩන්න එපා …හරි මම බලාගන්නම්කෝ..”

එසේ පැවසූ දේව් කෝපයෙන් බාත් රූම් එකට ගියා.

“අනේ දෙවියනේ මට පිහිට වෙන්න…”වන්දනා එසේ සිතුවේ කදුලු පිසදාගනිමින්

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පුතා.”

“තාත්තා..”

“මෙතනින් ඉදගන්න..”මහේන් පවසද්දී දේව් සෝෆාවෙන් ඉදගත්තා

“පුතා..ආ මෙන්න..”

දේව් දෙසට ෆයිල් එකක් දිගුකරමින් එසේ කියද්දී

“මොකද්ද මේ…”

“ඔයාගෙ අයිතිය..”

“මගෙ අයිතිය..”

“ඔව්..මම අපේ හැම බිස්නස් එකක්ම ඔයාගෙ නමට පැවරුවා..දැන් අපිට නිදහසේ ඉන්න තියන කාලේ..නේද සුමිත්‍රා.”

“ආ..ඔව්..මහේන්..”

“නංගි..ශ්‍රියානි..ඔයත් මෙහෙට ආවනම්..”

“ඇයි අයියා..”

“ආ මෙන්න..”
.

“මොක්ද්ද අයියා.මේ.”

“මම අපේ නුවර හොටෙල් එක හසිදු පුතාගෙ නමට ලිව්වා.”

“අනේ ඇයි අයියේ මේ..කරන ඒව ඇති හොදටම..”ශ්‍රියානි පැවසුවේ දෑසේ කදුලු පුරෝගන

“උබට නෙමේ මම දුන්නෙ මගෙ කොල්ලට..කට වහගන මේක ගනින්..”

“අයියට පින්..”

“වන්දනා දූ ඔයත් එන්න..”

“වන්දනා..දූ ඔයාත් මෙහෙට එන්න..”

“ඇයි තාත්තා..”

“මෙන්න මේ ගෙයි ඔප්පුව..මේ ගෙදෙඅ අද ඉදන් ඔයාගෙ..තව බදුල්ලෙ හොටෙල් එකත් ඔයාට..”

“අනේ මට මේව එපා තාත්තා..ප්ලීස් මට එපා..”

“එහෙම කියන්න එපා දුව..ඔයා මගෙම දුව වගේ. ඉතින් මේව අයිති මගෙ දරුවන්ට..”

“ඔව් දුව..තාත්තා දෙන්නෙ ආසවෙන්නෙ..ගන්න..”සුමිත්‍රා පවසද්දී වන්දනා එය ගත්තා

හොදයි..ඔන්න අදින් අපි නිදහස්..දැන් මේව ඔයාලට බාරයි…මායි අම්මයි නැන්දයි අනිද්දට දබදිව යනව “මහේන් පවසද්දී දේව් පුදුම වී

“ඒත් තාත්තා..හදිස්සියෙන්ම”

“හදිස්සියක් නෑ..අපි හසිදුවක් එක්කගෙන යන්නෙ..දැන් ස්කූල් නිවාඩුනෙ.”

“හා..එහෙනම් පරිස්සමින් ගිහින් එන්න..මම රූම් එකට යනවා ඔෆිස් එකේ වැඩක් තියනව..”එසේ පැවසූ දේව් රූම් එකට ගියා..

වන්දනාද දේව් පසු පසින් කාමරයට ආවේ ඔහුගෙන් දෙයක් ඇසීමටයි

“දේව්..”

“ඇයි මොකද..”

“මම හෙට ගෙදර යන්නද..”

“හෙට බෑ මට බිසී..”

“කමක් නෑ ..මම ගයාන් අයියා එක්ක යන්නම්..”වන්දනා පවසද්දී දේව් පුදුමයෙන් ඇය දෙස බැලුවා
😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

ලයික් කමෙන්‍ට් කරන ඔක්කෝටම ගොඩාක් ස්තූතියි❤❤❤❤

2 Comments

  1. hello there and thank you for your info – I’ve certainly picked up anything new
    from right here. I did however expertise several
    technical issues using this website, since I experienced to reload the web site many times
    previous to I could get it to load properly.
    I had been wondering if your hosting is OK? Not that I’m complaining, but sluggish loading instances times
    will sometimes affect your placement in google and could damage your high quality
    score if advertising and marketing with Adwords.
    Well I am adding this RSS to my email and can look out
    for much more of your respective intriguing content. Ensure that you
    update this again soon.. Escape room

Leave a Reply

Your email address will not be published. Required fields are marked *