නුබේ පතිනියයි මා…සයවන දිගහැරුම

දේව් වන්දනා සමග විවාහ වීමට කැමැත්ත පල කල නිසා සුමිත්‍රා හා මහේන්ද්‍ර පසුවූවේ දැඩි සතුටකින්..

“මහේන්….වන්දනා ගැනනම් මට පුදුම ලෝබකමක් හිතෙන්නෙ….ලස්සන වගේම තමයි ගතිගුණත්..බලන්නකෝ කෙල්ල ඔසරියට කොච්චර හැඩද කියලා”සුමිත්‍රා පැවසුවේ ඉදිරිපස අසුනේ වාඩි වී සිටි මහේන්ද්‍රට

“ඒක් ඇත්ත සුමිත්‍රා ..වන්දනා හැමදේකින්ම පරිපූර්ණ කෙල්ලෙක්.ලස්සන හැදියාව .ඒ වගේද අත් ගුනේ..ඒ විතරක්යැ ඉගනීම…සුමනෙලාට උනත් ඒ කෙල්ල පණ ඇරල.අද කාලෙ ඒ වගේ කෙල්ලො හොයාගන්න අමාරුයි…දැන් ඉන්නෙ අර ශයිනිලා වගේ උඩැක්කියොනෙ ගොඩක්…”මහේන් කියන විට දේව් කාරය නතර කරේ මහේන්ද්‍ර දෙස බලමින්

“තාත්තා ඔයාලට ශයිනි ගැන මේ තරම් තරහ ඇයි කියලා මම දන්නෑ.ප්ලීස් එයාට දැන්වත් ඔහොම බනිනඑක නවත්තන්න.මම වන්දනාව මැරි කරන්න කැමතිඋනානෙ..දැන්වත් ශයිනිට බනින්න එපා”

“හරි හරි පුතේ ආයෙ තාත්තා ශයිනිට බනින්නෙ නෑ …අපි දන්නවා මගෙ පුතා මේ අම්මගෙ හිත රිද්දන වැඩ කර්න්නෑ කියල..ඔයාට කවදහරි තේරෙයි වන්දනා වගේ කෙල්ලෙක් ඔයාට අපි මැරි කරල දෙන්නෙ ඇයි කියල..මට විශ්වාසයි වන්දනා ඔයාව ගොඩක් ආදරෙන් බලාගනි..ශයිනිව ඔයාට මතක්වෙන එකක්වත් නෑ”සුමිත්‍රා පවසද්දී දේව් නිහඩවම නැවත කාරය පනගන්වා ගත්තා

“ඔයාලට කොහොම තේරුම් කරන්නද අම්මා මගෙ හිතේ ශයිනිට තියන ආදරේ….මට සමාවෙන්න අම්මා ඔයාලව මම රවට්ටනවා නෙමෙයි මම ගොඩක් අසරනයි..ඔයාල ශයිනිට කැමති උනානම්.මේ වගේ බොරුවක් මට කරන්න වෙන්නෙ නෑ…වන්දනා ගොඩක් හොද කෙල්ලෙක් වෙන්න ඇති..ඒත් මට එයාට ආදරේ කරන්න බෑ.මොකද මගෙ හිතේම ඉන්නෙ මගෙ ශයිනි විතරයි”දේව් එසේ සිතිම් සිතුවේ තමන් ඉදිරියට කෙසේ මුහුණ දෙන්නේදැයි කල්පනා කරමින්
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

අපේ මහත්තයා”තිලකා සුමනතිලකට කතා කරේ ඔහු දිගු කල්පනාවක සිටීනිසා

“මැණිකෙ..”

“මොනවදෑ ඔය හැටි කලපනා කරන්නෙ”

“මම මේ කල්පනා කරේ අපේ දූ ගැන..අපි කරේ හරි දෙයක් නේද මැණිකෙ”

“අපේ මහත්තයා මොකෝ එහෙම කියන්නෙ මටනම් දේව් පුතාගෙ වරදක් පේන්නෙ නෑ”

“මටත් එහෙමයි කියල වරදක් පේන්නෑ මැණිකේ.ඒත් දේව් පුතා බිස්නස් ගැන ගොඩක් උනන්දුයි වගේ.දැක්කනේ කෑමමේසෙන් නැගිටල ගියෙත් ඔෆිස් එකෙන් කෝල් එකක් කියලා..මට බය මගෙ කෙල්ලට අඩුපාඩුවක් වෙයිද කියල..මැණිකෙ දන්නවනෙ මම කෙල්ලව හැදුවෙ කොහොමද කියලා”

“එහෙම තමයි මහත්තයා බිස්නස් කරනකොට..මම හිතන්නෑ දේව් පුතා අපේ දූට වරදක් වෙන විදියෙ දෙයක් කරයි කියල..අපේ දරුවා ගුන යහපත් දරුවෙක් …දේව් පුතා අපේ දුවට ගොඩක් ආදරෙන් ඉදියි..අනික මහේන්ද්‍ර අයියලා උනත් දැක්කනෙ අද කෙල්ලටාඅසාවෙන් හිටපු හැටි..”

“ඒක හැබෑව ..මහේන්ද්‍ර කියන්නෙ උතුම් මනුස්සෙක්..නුවර දාල කොලබ ගියත්තිබ්බ යාලුකම නැතිකරගත්තෙ නෑ..මට අසනීප වෙලා හිටපු වෙලේ ඒ උදවිය කොච්චර උදව් පදව් කරාද…මහේන් අපේ දූ දැක්ක පලවෙනි දවසෙමයි මට මේ යෝජනාව ගැන කිව්වේ..”

“හ්ම්…මහත්තයා බය නොවී ඉන්න මහේන්ද්‍ර අයියයි සුමිත්‍රායි අපේ දුවට එයාලගෙම දරුවෙකුට වගේ සලකයි..අපි නැති අඩුව දුවට දැනෙන්න දෙන එකක් නෑ.දේව් පුතා උනත් දූට හොද මහත්තෙක් වෙයි..”

“එහෙම උනොත් හොදයි මැණිකෙ..වන්දනා කියන්නෙ මගෙ පණ ඩිංග..මගෙ කෙල්ල කාටවත් වරදක් කරලා නෑ…ඒ හින්දා මගෙ කෙල්ලට කවදාවත් වරදින එකක් නෑ.මට දුක ඉක්මනට මගෙ කෙල්ල අපිවදාල යන එක ගැන”

“මහ්ත්තයා..අපේ දූ කවදහරි අපිව දාල යනවා..දුවලා කියන්නෙ හරියට අපිට අයිති නැති වස්තුවක් අපි අවුරුදු ගානක් රැකගෙන අයිතිකාරයා ආවට පස්සෙ දෙන වස්තුවක් වගේ….මහත්තයා සතුටු වෙන්න අපි අපේ දුවව යවන්නෙ අපි දන්න හොද පවුලකට නිසා”

“හ්ම්..”

වන්දනා කාමරයේ සිට තම දෙමව්පියන්ගේ කතාවට සවන්දුන්නේ හඩමින්

“අප්පච්චි අම්මා මට ඔයාලව දාල යන්න බෑ.මට දුකයි ගොඩක්…මට දේව් තේරුම් ගන්න බෑ…එයා ගොඩාක් නපුරුයි මට වෙලාවකට හිතෙනවා එයා ඕනෙ කමින්ම මට නපුරු වෙනවාද කියලා…අනේ මට තේරෙන්නෑ මම මොනව කරන්නද කියලා..මගෙ අම්මගෙයි අප්පච්චිගෙයි සතුට මට නැතිකරන්න බෑ..දේව් මොන විදියෙ කෙනෙක් උනත් මට එයාව මැරි කරන්න වෙනවා..මහේන් අංකල් මගෙ අප්පච්චිට හාර්ට් ඇටෑක් එක උන වෙලේ කොච්චර උදව් කරාද..එයා මගෙන් ඉල්ලපු ඒ ඉල්ලීම මට අහක දාන්න බැ

“දුවේ මට දූගෙන් ඉල්ලීමක් කරන්න තියනවා..දූ මගෙ පුතාගෙ ජීවිතේ බේරලා දෙන්න” එදා එයා එහෙමයි මට කිව්වෙ..ඒත් මට තේරෙන්නෑ මම කාගෙන්ද දේව්ව බේරගන්න ඕනෙ කියල…අංකල් කිව්වෙ හැමදේම ඉස්සරහට කියන්නම් කියලා..අනේ දෙවියනේ මට පිහිට වෙන්න…”වන්දනා සිතත් සමග එසේ දොඩමලු වෙද්දී දේව්..

කාමරයට ආ දේව් වොශ් එකක් දාගන ඇදට වැටුනේ මහන්සිය නිසා..ඔහු ශයිනිට දුරකතන ඇමතුමක් ගත්තත් ඇයව සම්බන්ද කරගත නොහැකි වූයේ ඇය වෙන ඇමතුමක් සමග සම්බන්ද වී සිටි නිසා

“චික්..මේ ශයිනි ඇයි බිසී.කා එක්කද මෙච්චර වෙලා කෝල් කරන්නෙ”

දේව් එසේ සිතුවේ තරහින්…
ඔහුට නින්ද ලගා වූයේ මහන්සිය නිසා

“දේව්”

“ශයිනි”

“ඔව් දේව් මම ශයිනි..දේව් මම ලගට එන්න දේව්”

දේව් ශයිනිගේ අසලට ගිය පසු ඇය ඔහුගේ බඩට පිහියෙන් ඇන්නේ වියරුවෙන් සිනාසිසී.

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

ලයික් කමෙන්ට් කරන ඔක්කෝටම ගොඩාක් ස්තූතියි …ඔයාල ඔක්කෝගෙම කමෙන්ට් මම කියෝනව හැම එකටම රිප්ලයි කරන්න බැරිවෙනවට සොරී….😘😘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *