නුබේ පතිනියයි මා හතලිස් පස් වන දිගහැරුම

දුරකතනය තැබු ගයාන් පසු වූයේ කැලබිලි ස්බාවයකින්

“ගයාන් අයියා..ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද..”දෙව්මිනී ඇසුවේ ඔහුගේ මුහුනේ කැලබුනු ස්වාබාවය දුටු නිසා

“ආ නෑ නංගා අවුලක් නෑ.ඔයා මේ ටික අබරන්නකෝ සුද්දි මම දේව්ව බලලා එන්නම්..”එසේ පැවසූ ගයාන් එතනින් ඉවතට ගියේ දෙව්මිනී බලා සිටියදී

“මොකෝ ඒ උනේ..කෝල් එක ආපු ගමන් අයියගෙ මූන වෙනස් උනේ .මොකක් හරි අවුලක් වගෙ..”දෙව්මිනී එසේ සිතින් සිතුවේ තමාට පිටුපා යන ගයාන් දෙස බලමින්

දේව් අසලට යන විට වෙදමහතා ඔහුගේ කකුලේ බෙහෙත් තෙල් ගල්වමින් සිටියා.ඒ අසලට වන්දනා හිද සිටියේ ඔහුගේ හිස අතගාමින්…

කාමරයට ආ ගයාන් අසල තිබූ පුටුවක හිදගත්තේ සුසුමක් හෙලමින්

දේව්ගේ කකුල් වල බෙහෙත් තෙල් ගැල්වූ වෙද මහතා එතනින් ඉවතට ගියේ

“අපි තව හෝරාවකින් විතර ඇවිදින්න උත්සහ කොරමු…මහත්තයා ඔහොම ඉන්නකෝ..යාලුවා එක්ක කතා කරගන්න දේවලුත් ඇතිනේ..”

වෙද මහතා පිටව ගිය පසු දේව් අසලට පැමිනි ගයාන්

“දේව්…”

“ගයියා උබ අව්ලකින් වගේ..”

“ඔව් අයියා මොකද උනේ. “වන්දනාද පැවසුවේ ගයාන්ගේ මුහුණ දෙස බලමින්

“මචන් දේව්..නංගා…ශයිනියි සංජයයි ඇක්සිඩන්ට් වෙලා එතනමලු බන්..”

“මොකක්..”දේව් ඇසුවේ පුදුමයෙන්

“ගයාන් අයියා ඔයා මොනවද මේ කියන්නෙ..”වන්දනාද ඇසුවේ තාමත් පහව ගිය පුදුමයෙන්

ඔව් මචන් දේව්…උන්ගෙ කා එක ඇක්සිඩන්ට් වෙලා තියෙන්නෙ එයාපෝට් එකට යනකොටලු…ඒත් ටිපර් එකකටමලු බන්..කා එක චප්පන් වෙලා ගන්න දෙයක් නෑලු බම්..”

“උබට කවුද කිව්වෙ. “

සහස් බන්..”

“සහස්..”

“ඔව් දේව්..මට උබගෙ ඇක්සිඩන්ට් එක ගැන සැක හිතුනා..ඒ නිසා මම ඌට ඒක බාර දුන්න..අපි පස්සෙ දැනග්ත්තේ මේක කරේ සංජය කියලා..අපි ඌව කොටු කරගන්න හදනකොට තමයි මේ දේ වෙලා තියෙන්නෙ..”

“එයාල කරපු පව් එයාලට පල දුන්නා අයියා..”වන්දනා පවසද්දී

“ඔව් නංගා..උන් මැරුනේ උන් කරපු පව් වලට..ඔය සංජය කියන්නෙ හොද මිනිහෙක් නෙමේ..ඌ ගෑනු ඩීල් කරනවා බන්. ඩ්‍රක්ස් බිස්නසුත් කරනවා කියලා සහස් කීවා..”

“එහෙමද…ගයියා මේක කවුරු කරන්න අතිද..”

“මේක ඇක්සිඩන්ට් එකක් කියලා තමයි බන් සහස් නම් කීවේ…”

“හ්ම්..”

“උබට තිබුනු කරදර ඉවරයි දේව්..ආයෙ උබල දෙන්නට උන් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.උබ දැන් ඉක්මනටම නැගිටින්න ඕනෙ..”

“ඔව් මචන් අද දැන් වෙදමහත්තයා කිව්වා ඇවිදලා බලමු කියලා..”

“ගුඩ්..”

“ගයාන් අයියා..”

“නංගි..”

“මට ඔයාගෙන් දෙයක් අහන්න තියනවා..”වන්දනා එසේ පවසන විට දේව් හා ගයාන් ඇය දෙස බැලුවේ එක්වරමයි

“හිරූ මොකද්ද මැණික ඔයා මුගෙන් අහන්න යන්නෙ..”

“දේව් අරක අනේ මම දැන් ටිකකට කලින් ඔයාට කිව්වෙ “වන්දනා පවසන විට

“ආ මොකද්ද උබල දෙන්න මට විරුද්දව රහස් කුමන්ත්‍රනයක්වත් කරාද..”

“මේකයි ගයාම් අයියා..ඔයා දෙව්මිනී නංගි ගැන හිතන්නෙ මොකද්ද..”වන්දනා අසද්දී දිගු සුසුමක් පිටකල ගයාන්

“නංගි මම ඔයාට ඇත්තම කියන්නම්…මට දෙව්මිනී දැක්ක වෙලේ ඉදන් මට දැනුනෙ මහ හුරු පුරුදු ගතියක්..මෙහෙ ඉදන් ගෙදර ගිය වෙලේ ඉදන් මට දෙව්මිනීව මතක් උනා..”

“ගයියා..”

“ඔව් දේව්..මගෙ හිතේ දෙව්මිනී ගැන විශේශ හැගීමක් තියනවා කියලා මට හිතෙනවා..ඒක ආදරේද කියලා මම දන්නෙ නෑ බන්..”ගයාන් පැවසුවේ අවංකවමයි

“ඒ ආදරේ තමයි බන්…උබටත් එහෙනම් ජයසිරි මංගලම් කිව්වලු ඈ. ගයියෝ එහෙනම් උබත් හිරේට නියම උනා..අනේ අපොයි..”සිනාසෙමින් දේව් එසේ පවසන විට වන්දනා ඔහුට රවා

‘හිරේ..”

“අනේ නෑ සුදු නෝනේ..මම මේ විහිලුවට කීවේ..”

දේව්ට හා ගයාන්ට ගස්සාගෙන් වන්දනා පිටතට ගියෙ සිතින් සතුටු වෙමින්

“දේව්.ගොඩක් කාලෙකට පස්සෙ මම අද ඔයාගෙ මූනේ හිනාවක් දැක්කා රත්තරන්..මගෙ පුතු තාත්ති ඉක්මනටම ඇවිදින්න පුලුවන් වෙයි..මගෙ පුතු අපි ගාවට ඉන්න කලින්…”වන්දනා එසේ සිතුවේ ඉදිරියට නෙරා ඇති තම කුස අතගාමින්

😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

හරි මහත්තයො දැන් නැගිට්ටනම්..බය වෙන්න කාරි නෑ යාලුවත් ලග එන්නවනෙ..”

“වෙද මහත්තයා මට නැගිටින්න පුලුවන් වෙයිද..”

“පුලුවන් බන් උබ බය නැතුව නැගිටපන්කො..වැටෙන්න ආවොත්මම අල්ලගන්නම්..”ගයාන් එසේ පවසද්දී දේව් අසලට ගිය වන්දනා

“දේව් මගෙ මහත්තයෝ..විශ්වාස කරන්න ඔයා ගැන..උත්සහ කරන්න රත්තරන් ඔයාට පුලුවන්..”එසේ පැවසුවේ ඔහුගේ හිස අතගාමින්..ඇගේ අත හා අනෙක් පසින් ගයාන්ගේ අත අල්ලාගත් දේව් හිමින් නැගී සිටියේ වන්දනාගේ දෑසට කදුලු එක් කරමින්

“බොහොම හොදයි..මහත්තයා දැන් හෙමින් සීරුවේ ඔය ලනුව අල්ලගන්නකෝ..”වෙදමහතා පැවසුවේ ගස් දෙකක් එක් කර බැද තිබූ කබයක් පෙන්වමින්

“බයවෙන්න කාරි නෑ ඕක හයියෙන් අල්ලාගන්න්..”වෙදමහතා එසේ කියූ විට දේව් කබය අල්ලාගත්තා

“බොහොම අපූරුයි දැන් ඔය ලනුව අල්ලගෙන පොඩ්ඩක් ඇවිද්දන්නම්..අඩියක් දෙකක්..”වෙදමහතා එසේ පවසන විට තම සිතට දෛර්‍ය ගෙන දේව් අඩි දෙකක් පමන ඇවිද්දා..නමුත් ඔහුට එක්වරම වාරු නැතිවී වැටෙන්නට ගිය නිසා ගයාන් පැන ඔහුව අල්ලාගත්තා

ඔහොම ටික ටික අපි ඇවිදින්න උත්සහ කරමු මහත්තයා… “

“හොදමයි…වෙද මහත්තයා..”

“හ්ම්..එහෙනම් ගයාන් මහත්තයා දේව් මහත්තයාව කාමරේට එක්ක ගියානම්..”

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

ලයික් කමෙන්ට් කරන ඔක්කෝටම ගොඩක් ස්තූතියි 😘😘අවසාන කොටස් පහ ලමයි… තව කොටස් පහකින් දේව්,වන්දනා,ගයාන් ඔයාලව දාලයනවා..දුකයි ගොඩාක්😭😭😭

2 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *