නුබේ පතිනියයි මා 05

😘😘පස්වන දිගහැරුම😘😘

“හෙලෝ බබා”

“දේව් ඇයි අනේ මට කෝල් කරේවත් නැත්තෙ”

“ශයිනි මම වන්දනාලගෙ ගෙදර ඉන්නෙ”

“වන්දනා..ඒ කවුද ආ..”

“ඇයි බලන්න ආව මනමාලි ..”

“අහ්..නමත් දන්නවනෙ දැන්.”

“ඔව් ඉතින් මනමාලියෙක් බලන්න ආවම නම කොහොමත් දැනගන්නවනේ”

“හ්ම්..හ්ම්..”

“මොකෝ දැන් අවුලෙන්..ශයිනි ඔයාමයි මම මේ ගමන එන්න බෑ කීවම යන්න කියල බලකලේ.මම ඔයාට මේ දැනුත් කියන්නෙ අපි මැරි කරමු කියලා..මේ කෙල්ල ගොඩක් අහිංසකයි..මට මේ රගපෑම කරන්න බෑ”

“ලිසින්ටු මී දේව්..මේ දේ ඔයාට කරන්නම වෙනවා..අපි දෙන්නම වෙනුවෙන්..අහිංසකයි වගේ ඉන්න කෙල්ලො මහ කපටියි….ඔයා එයාව මැරි කරන්න “

“ඔයානම් පුදුම කෙල්ලෙක් ශයිනි..ඔයාට පුලුවන්ද මම වෙන කෙල්ලෙක් මැරි කරනවා බලන්න ආ..”

“එහෙම නෙමේ බබා.මන් දන්නවා ඔයා මැරි කරත් මට තියන ආදරේ අඩු වෙන්නෑ කියලා.ඔයාට අම්මලාගෙ හිත රිද්දන්න බෑනේ…ඒ නිසා ඔයා මුලින්ම ඒ කෙල්ලව මැරි කරන්න..පස්සෙ ඔයා මොකක් හරි ඒකිගෙ වැරැද්දක් පෙන්නලා ඩිවෝස් කරන්න..ඊටපස්සෙ අපිට මැරි කරන්න පුලුවන් බබා”

“ඒත් ශයිනි ඒ කෙල්ල අහිංසකයි”

“අයියෝ දේව් ඔයා මොනවද කෙල්ලො ගැන දන්නෙ..මේ බබා මම තියන්නම් හොදේ.ටානියා එනව කීව එයා ඇවිත් වගේ බෙල් කරනව..බායි .”

“ඕකේ..බායි”

දේව් දුරකතනය විසන්දි කලේ ශයිනි ගැන හිතේ නැගුනු තරහත් සමගයි..

“මේ ශයිනි.මට තේරුම් ගන්නම බෑ..”

දේව් නිවස තුලට යන විට සියල්ලන්ම සතුටු සාමිචියේ යෙදෙමින් සිටියා

“ආ මේ ආවෙ..කවුද පුතා කෝල් කරේ”මහේන්ද්‍ර ඇසුවේ සැකයෙන්

“ආ මේ ඔෆිස් එකෙන් තාත්තා..ඩොකියුමන්ට් වගයක් ගැන අහන්න…හිරුශ කෝල කරේ”

“හ්ම්ම්…දැන් හවස් වෙන්නත් කිට්ටු උනානේ..අපි යමුනේද…තිලකා,සුමනෙ අපි එහෙනම් ගිහින් එන්නම්”මහේන්ද්‍ර එසේ පැවසුවේ නැගී සිටිමින්

හොදයි මහේන් දැන් යනකොට රෑවෙයි කොහොමත්..පරිස්සමින් යන්නලා එහෙනම්…”

“හරි..අපි එහෙනම් ආයෙ එන්නෙ මගුලට දිනයක් දාගනමයි..කරපු සංග්‍රහ වලට ගොඩාක් ස්තූතියි…කෑම ටිකනම් පංකාදුයි..දූගේ පොලොස් ඇබුල තමා රසම”

“ඒකනම්.ඇත්ත අපේ මහත්තයා….කෙල්ලට අත් ගුනේනම් හොදට තියනව..එහෙනම් තිලකා අපි යන්නම්..”සුමිත්‍රා එසේ පවසද්දී වන්දනා පැමින මහේන්ද්‍රට හා සුමිත්‍රාට වැන්දේ ඔවුන්ගේ හිතේ ඇය ගැන ඇති වූ පැහදීම තවත් වැඩි කරමින්

ඉන්පසු ඇය දේව් අසලට ගොස් වැද වැටුනේ දේව් පුදුමයෙන් පුදුමයට පත්වෙද්දී..ඇගේ හිස අතගෑ දේව්
“බුදුසරණයි.”කියා පැවසද්දී ඇය නැගී සිටියේ සිනාසෙමින්..වන්දනාගේ සිනහව දේව් දුටුවේ පලමු වතාවට

“අහිංසක කම වගේම මේ කෙල්ලගෙ ගති ගුනත් කොච්චර හොදද…හිනාවෙන්කොට හරිම ලස්සනයි..මන් වන්දනාව මැරි කරලා කරන්නෙ වරදක්ද.මොක්ද්ද මම දැන් කරන්නෙ”දේව් සිතුවේ වන්දනා දෙස බලමින්

“පුතා අපි යමු නේද එහෙනම්”

“හරි තාත්තා අපි යමු…අංකල් ඇන්ටි අපි යන්නම් එහෙනම් “කියා පැවසූ දේව් ඔවුනට සමුදී කාරයට පැමිනියේ හිත කැලබීමට පත්කරගන

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

ලයික් කමෙන්ට් කරන ඔක්කොටම ගොඩාක් ස්තූතියි 😘😘😘

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *