නුබේ පතිනියයි මා 48

හතලිස් අටවන දිගහැරුම❤❤

සුදු මැණික ඔයාව මම බලන්න ආව මුල්ම දවස ඔයාට මතකද…”දේව් ඇසුවේ වන්දනාගේ හිස අතගාමින්

“ඔව් මහත්තයෝ කොහොම අමතක වෙන්නද..ඒ නපුරු ඇස් දෙකෙන් මම දිහා බලන් හිටපු විදිය..”

“අනේ පිස්සි..මම එදා ඔයාව බලන්න ආවෙ කිසිම කැමැත්තකින් නෙමෙ..අම්මලගෙ බල කිරීමට මම ආවේ ඒත් ඔය අහිංසක මූන දැක්කාම ඔය අහිංසක ඇස් දෙක දැක්කාම මගෙ පපුවට මොකද්ද උනා..අන්න ඒ දේට මම ගොඩක් බය උනා..මොකද ඒ වෙනකොට ශයිනි මගෙ ගර්ල්..මට හිතුනා මගෙන් එයාට වරදක් වෙයි කියලා..ඒ නිසා ඔයා මාව මැරි කරපු දවසෙ ඉදන් මම ඔයාව ගොඩාක් රිද්දුවා..ඒත් රත්තරන් ඔයාව රිද්දන ගානෙ ඔය ඇස් වල කදුලු දකින් ගානෙ මගෙ පපුව ගොඩක් පිච්චුනා..”දේව් පවසන විට වන්දනා ඔහුගේ නිරුවත් පපුව සිප ගත්තේ උතුරා යන ආදරයෙන්…

වන්දනාගේ නලලතට හාදුවක් තැබූ දේව් නැවතත් ඇයව තුරුලට ගෙන

ගයාන් ඔයාට ආදරෙයි කියලා මට කිව්වා..”දේව් කියද්දී වන්දනා

“මොකද්ද..”වන්දනා ඇසුවේ පුදුමයෙන්

“ඔව් මැණික..මම ඔයාට රිද්දනවා ඌට බලන් ඉන්න බැරිඋනා..ඒ වගේම මම ශයිනිට රැවටෙනවා ඌට බලන් එන්න බැරිඋනා..ඒ නිසා ඌ කීව මම ඔයාව ඩිවෝස් කරනවනම් ඌ ඔයාව මැරිකරනවා කියලා..ඔයා දන්නවද මැණික ඌ ඒක කීවම මට දැනුනෙ මගෙ පපුවෙ කැල්ලක් ගැල්විලා ගියා වගේ වේදනාවක්..ඒ ඇයි කියලා මට තේරුනේ නෑ..ඒත් මම ඒ වෙලේ ගයියට හා කියලා කිව්වා..ඒත් එක හිතකින් නෙමේ එහෙම කිව්වෙ. ..ඊට පස්සෙ ගයියා ඔයා එක්ක එන්න හැමවෙලේම මට ඌට ගහන්න තරම් කේන්තියක් ආව . ඔයා ගයාන් එක්ක හිනාවෙලා කතා කරනකොට මට ඔයා ගැනත් දැනුනේ තරහක්..”දේව් පැවසුවේ හිරූගේ මුහුන තමා දෙසට හරවගෙන

“අනේ දේව්.මම කතා කලේ ගයාන් අයියා මගෙම අයියා කියලා හිතාගෙන..”වන්දනා පවසන විට ඇගේ දෙතොලට කෙටි හාදුවක් තැබූ දේව්

“මම දන්නවා මැණික…ඒත් මට ඒ වෙලේ ඉරිසියාවක් දැනුනෙ..මගෙ දෙයක් වෙන කෙනෙක් ගන්නවා වගේ …
ඒත් මම ඒ හැගීමට බය උනා..ශයිනිට මගෙ අතින් වැරැද්දක් උනා කීවම මට මම ගැනම දැනුනෙ කලකිරීමක්..ඔයාටත් මගෙ අතින් වැරැද්දක් වෙයි කියලා මට බය හිතුනා…මම අකමැත්තෙන් උනත් ඔයාව ඩිවෝස් කරන්න හිතුවා… ඒත් ඔයා ඩිවෝස් පේපර්ස් සයින් කරනකොට මට දැනුනු වේදනාව මට කියන්න තේරෙන්නෙ නෑ මැණික.ගයියා ඔයාව එයාලගෙ ගෙදර එක්ක ගියාම මට දැනුනෙ මුලු ලෝකෙම මාව දාල ගියා වගේ..මම මේ ලෝකෙ තනිඋනා වගේ මට දැනුනා… මට බලන බලන තැන පෙනුනෙ ඔය සුදු මූන…ඒත් ඔයා නෑ කියලා දැනගත්තාම මම පිස්සෙක් උනා..මම බොන්න පටන් ගත්තා…ඒත් ආයෙ ඔයා මා ලගට ආයෙ ආව මැණික..ගයියා ශයිනිගෙ හැම ඇත්තක්ම මට පෙන්නුවාම මම දුකක් දැනුනෙ නෑ කීවොත් ඒක බොරුවක්..මම අවුරුදු ගානක් ඒකිට ආදරේ කරා..ඒත් මට සතුටකුත් දැනුනා.මම ඒ ගෑනිගෙන් බේරුනා කියලා මට හිතුනා..මට ඇත්තටම ආදරේ කරන කෙල්ල මට ලැබුන නිසා මම ගොඩක් සතුටු උනා..සුදු මැණික මේ දේව්ගේ ජීවිතේ වෙනස් කලේ ඔයා..වෙන ගෑනියෙක් ඉවසන් ඉන්නෙ නැති ගොඩක් දේවල් ඔයා ඉවසුවා..ඒ නිසා මගෙ මැණිකව මට ලැබුනා රත්තරන්..ඔයා දන්නවද මගෙ මුලු.ලෝකෙම ඔයා මගෙ වස්තුවෙ ඔයා..මම ඔයාට ගොඩාක් වැරදි කලා..ඒත් දැන් එහෙම නෑ.මගෙ හුස්ම තියනකම් මම මගෙ මැනිකව මගෙ පැටව් ටික ඇස් දෙක වගේ රකිනවා..සත්තයි..උබ මට තවත් අම්මා කෙනෙක් වගේ බන්..ඒ තරම් මම දන්නවා මගෙ කෙල්ල මට ආදරෙයි කියලා..”දේව් එසේ පවසන විට ඔහුගේ දෑසින් ගලාගිය කදුලු වන්දනාගේ මුහුනට වැටුනා..වන්දනා හිස ඔසවා දේව් දෙස බැලුවේ පුදුමයෙන්

ඔහුගේ කදුලු පිස දැමූ වන්දනා
“අනේ ඇයි රත්තරන් මේ..අඩන්න එපා..”

“මම අඩන්නෙ නෑ කෙල්ලෙ..මට පොඩ්ඩක් ඇඩුනා.”

“පිස්සු කොල්ලා..”එසේ පැවසූ වන්දනා දේව්ට තව තවත් තුරුල් උනා

“හරියට තුරුල් කරගන්නත් බෑ මේ බංඩි ගෙඩිය හින්දා..සුදු මැණික මම මේ පැටියා එලියට එනකම් එන්නෙ…ඇරියස් ටික කවර් කරගන්න..”දේව් එසේ පැවසුවේ සිනාසෙමින්

“අනේ යන්න දේව් ඔයා හරි නරකයි අප්පා..”

“අනේ ඇත්තද මැණිකේ.යකෝ මෙහෙම තුරුල් කරගෙන ඉන්නෙ බොහොම අමාරුවෙන් බන්..”දේව් පැවසුවේ ඇසක් ගසමින්

“යනව යන්න වලා..”වන්දනා පැවසුවේ දේව්ගේ පපුව සපමින්

“මේ මේ ඔය එක එක තැන් හපලා කොල්ලව අවුස්සගන්න එපා..මම වල් වෙන්නෙ යකෝ මගෙගෑනි ඉස්සරහ මොකෝ මම වෙන ගෑනු ලග වල් වෙන්නද..”එසේ පැවසූ දේව් වන්දනාගේ දෙතොල් තදින් හැපුවා

“ආව්..ඒක රිදුනා මැට්ටෝ..”

“රිදෙන්න තමයි හැපුවේ..කච කචේ..ආයෙ කෑ ගැහුවොත් කනවා කට..”

“ර්.ර්ර්ර්ර්ර්ර්….ඔයා නම් දේව්…”වන්දනා පවසද්දී දේව් ඇගේ දෙතොල් තම දෙතොලිම් අල්ලා ගත්තේ සිනාසෙමින්…විනාඩි ගානක් ඇගේ දෙතොල් මත දග කෙරූ ඔහු ඇගේ රෑ ඇදුම උරහිසෙන් පැන්නා ඇගේ නිරුවත් පපුව සිප ගත්තේ ආදරෙන්..වන්දනාගේ පපුව මත හිස තබා ගත් දේව් ඇගේ කුස අතගාන්නට වූයේ ඇය ගැන දැනුනු දැඩි ආදරය නිසා

සුදු මැනික තව සති තුනයි නේද..”

“ඔව් මහත්තයෝ..”

“මට බයයි මැණික..”

“බයයි අනේ ඇයි ඒ …මමනෙ බයවෙන්න ඕනේ..මගෙ මහත්තයා මොකෝ මේ බයවෙලා..”

“මගෙ මැනිකට ගොඩක් වේදනාවක් දැනෙයි කියලා මට බයයි..”

තම පපුව බදාගෙන සිටින දේව්ගේ හිස අතගෑ වන්දනා

“එහෙම තමයි මහත්තයෝ..දරුවෙක් ලබන්න යන වේදනාවක් තරම් මේ ලෝකේ වෙන වේදනාවක් නෑ රත්තරන්..ඒකයි අම්මා කෙනෙක් කියන්නෙ මහත්තයෝ…තමන්ගේ දරුවා වෙනුවෙන් අම්මා කෙනෙක්ට ඕනෙම වේදනාවක් දරාගන්න පුලුවන්..අපේ පැටියා අපි ලගට ගේන්න මම ඒ වේදනාව දරාගන්නෙ ගොඩක් සතුටින් රත්තරන්..”

“මම දන්නව මැණික..ඔයා ඒ වේදනාව විදිනවා මට බලන් එන්න පුලුවන් වෙයිද..”

“සුදු මහත්තයාව බැරිනම් දුකයිනම් ඔයා ලේබර් රූම් එකට එන්න එපා රත්තරන්..”

“බෑ බෑ..මගෙ මැණික ලගින් මම ඒ වෙලේ ඉන්නම ඕනේ…”

“හ්ම්….දැන් නිදාගන්න හෙට ඔෆිස් යන්නත් තියනවා නේද..”

‘ඔව්…ආ හිරූ..”

“ම්….ඇයි මහත්තයෝ..”

“ගයියගෙ වෙඩින් එකට දෙන්න හොද ප්‍රසන්ට් එකක් කියන්නකෝ”

“අයියා..ගයාන් අයියා නැත්නම් අද අපි දෙන්න මෙහෙම එන්නෙ නෑ…ඒ නිසා මගෙ මහත්තයා ගයාන් අයියට හොද ප්‍රසන්ට් එකක් දෙන්න..ගයාන් අයියා නුවර හොටෙල් එකට කැමතී නේද. අපි ඒක දෙමුද…”

“ඒත් මැණික ඒක අප්පච්චි ඔයාටනේ දුන්නෙ..”

“කමක් නෑ මහත්තයෝ අපි ඒක දෙමු..අපිට මේ ගොඩක් තියෙන්නෙ..”

“හා සුද්දි අපි ඒක ඌට එහෙනම් ඒක දෙමු..”ඌත් තව සති දෙකෙන් හිරේ වැටෙනව.😀😀

හිරේ..”

“ඔව් මම වගේ ගයියටත් තව නිදහසේ ඉන්න තියෙන්නෙ සති දෙකයිනේ..”

“ආ දැන් ඔයා හිරේ වැටිලද ඉන්නෙ දේව්”

“නැත්නම්..මගෙ නෝනාගේ හිරේනේ😀😀

“යනවා යන්න මෝඩ උනුහපුලුවා..”

“මේකි යකෝ..ඉස්සර හ්ම් සද්දයක්වත් කරන්නැතුව ඉදපු එකී දැන් මට උනුහපුලුවලු…උනුහපුලුවා පෙන්නනවා මම මගෙ පැටියා බඩේ හිටියේ නැත්නම්..”

“..අපෝ ඔයානම් හරි වල් දේව්…හ්ම්..දැන් දොයියගන්න..දොලහත් පහුවෙලා..”

“හා …”එසේ පැවසූ දේව් ඇගේ දෙතොලට කෙටි හාදුවක් තබා ඇයව පරිස්සමින් තමාට තුරු කරගත්තා..

😘😘😘😘😘😀😀😀😘😘😘😘😘😘😘😘

ලයික් කමෙන්ට් කරන ඔක්කෝටම ගොඩාක් ස්තූතියි වස්තුලා…අවසාන කොටස් ත්‍රිත්වය වස්තුලා…ඔයාලගෙ කමෙන්ට් කියවනවා මම හැම එකක්ම ඒත් ඒ එකකටවත් ලයික් කරන්න බෑ බබාල..මගෙ අකවුම්ට් එක තාම අවුල..තරහ වෙන්න එපා බබාලා..ආදරෙයි ගොඩාක් 😘😘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *