නුබේ පතිනියයි මා 49 අවසානයට පෙර

සති දෙකකට පසු…

ඔව්..අද ගයාන් හෙවත් ගයියාගේ වෙඩින් එක…ලමායි මමනම් වෙඩින් එකට යන්න රෙඩි වෙනෝ ඔන්න..😀😀😀දේව් වන්දනාත් එක්ක මාත් මේ ලෑස්ති වෙනෝ…

අම්මේ මගෙ කෙල්ලගෙ ලස්සන..”දේව් පැවසුවේ වන්දනාගේ හැඩ බලමින්

“අනේ නිකා එන්න මහත්තයෝ..මේකප් එකක්වත් දැම්මෙ නෑ.ලස්සනයිලු..කියන බොරු..”කන්නාඩිය අසලට වී හිස පීරමින් සිටින වන්දනා එසේ පවසද්දී ඇයව පිටුපසින් තුරුල් කරගත් දේව්

“මේකප් මොකටද බන්..මේ ඉන්නෙ මගෙ මැණික දෙව්දුවක් වගේ. ඇත්තමයි සුදූ ඔය ගවුමට ඔයා හරි ලස්සනයි..බංඩි ගෙඩියත් උස්සගෙන…”දේව් පැවසුවේ වන්දනාගේ කොපුලක් සපමින්

“මගෙ මහත්තයත් අද ගොඩාක් ලස්සනයි…”

“මම දන්නවා මේ දේව් කවදත් හැන්ඩියා කියලා..අද කෙල්ලො කී දෙනෙක් ඇස් දෙකෙන් මාව ගිලීද දන්නෑ නේද වස්තු…”

“අනේ අම්මපා මේ කොල්ලනම්…යමු යමු අපි පරක්කු වෙලා ඇති…”

“නෑ බන් තාම පහයිනේ…හයට පිටත් වෙනවා කීවේ අනුරාදපුරේටත් යන්න එපැයි..හිරූ තව සතියයි මැණික .ඔයාට අමාරුවක් වෙයිද රත්තරන් එච්චර දුර ය්ද්දී..”දේව් ඇසුවේ වන්දනාගේ කුස අතගාමින්

“නෑ මහත්තයෝ කා එකේ ඉදගන යනඑකේ අමාරුවක් වෙන්නෙ නෑ..තව සතියක්ම තියේනෙ..බය වෙන්න එපා..”

“ඒ උනාට ඔයා ඊයේ රෑත් කෙදිරිගෑවා…නින්ද යනකම් මම ඔලුව අතගගා හිටියේ..”

“අනේ මගෙ මහත්තයා රෑ ඇහැරලද හිටියේ.. මම කෙදිරිගෑවද..”

“ඔව් හිරු..ඔයා ගොඩක් වෙලා කෙදිරි ගගා හිටියේ..”

“දැන් ලගයිනේ ඒ නිසා වෙන්න ඇති යමුද අම්මයි නැන්දයි අප්පච්චි පොඩ්ඩයි දැන් ලෑස්ති වෙලා ඇති”

“හ්ම් යමු….”

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

දේව් අයියයි නංගි අද ගොඩාක් ලස්සනයි නේ…”

“ඔව් මැණික…ගයියා අද නිලමෙ කිට් එකට පට්ට ගති නේ..”

“හ්ම්…”වන්දනා පෝරුවේ සිටින මනාල යුවල දෙස බලා සිටියේ ආසාවෙනි..ඇයට ඇගේ මංගල දවස මතක් වී සුසුමක් හෙලුනි..

“හිරූ ඇයි රත්තරන්..”

“මොකුත් නෑ දේව්..”

“මොකුත් නැති වෙන්න බෑ මැණික..ඔයාට අමාරුවක්ද…කියන්නකෝ..”

“නෑ දේව් මට අපේ වෙඩින් එක මතක් උනා..”

හ්ම්..”

“අනේ මහත්තයෝ ඔය ඉතින් මූන එල්ලගත්තා මම නිකම් ඒක කීවේ. මට මතක් උනා ඉතින් අපි දෙන්නත් මෙහෙම හිටියනේ..එදා ආදරේ නොකලට මගෙ මහත්තයා දැන් මට ගොඩාක් ආදරෙයිනේ…”

“නෑ මම ආදරේ නෑ..”

“මම දන්නවා ඔය නෑ කිව්වට මගෙ මහත්තයා මට ගොඩාක් ආදරෙයි කියලා..”

“අනේ පිස්සි..”දේව් හා වන්දනා එසේ කතා කරමින් සිටින දෙස සුමිත්‍රා හා මහේන් බලා සිටියේ ආසාවෙන්

අපේ මහත්තයා..”

“සුමිත්‍රා..”

“අපිට දැන් නිදහසේ මැරෙන්න පුලුවන්..බලන්න මගෙ පුතා අද කොච්චර සතුටෙන්ද..”

‘ඔව් සුමිත්‍රා…අද වන්දනා දුව නිසා අපි හැමෝම සතුටෙන්..ඒ සතුට තව ටික දවසකින් දෙගුන තෙගුන වෙයි..අපේ පුන්චි දේව් ආවම..”

ඔව් මහේන්…ඒක ඇත්ත… තව සතියයි…මම කෙල්ල ගැන ඇහැ ගහගන ඉන්නෙ..කියන්න බෑනේ කොයි වෙලේ අමාරු වෙයිද කියලා..”

“ඔව්…ඒක ඇත්ත…”
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

ගයියා දෙව්මිනී නංගි මේක මගෙනුයි වන්දනාගෙනුයි..”දේව් පැවසුවේ ගයාන් දෙසට ෆයිල් එකක් දික් කරමින්

“මචම් දේව් මොනවද මේ..”

“උබම කියවලා බලපන්කෝ..”

“ඔව් අයියා මේක ඔය දෙන්නට මගෙනුයි දේව්ගෙනුයි ගිෆ්ට් එකක්..”
වන්දනා පවසද්දී ගයාන් ෆයිල් එක කියෙව්වේ පුදුමයෙන්

“උබට පිස්සුද දේව්..මට මේ හොටෙල් එක දෙන්න පිස්සු කෙලින්න එපා යකෝ..”ගයාන් පවසද්දී දෙව්මිනී ඔහු දෙස බැලුවේ පුදුමයෙන්

“බලන්නකෝ මැණික ඔයත් කියවලා..”ගයාන් දෙව්මිනී අතට දුන්නේ එසේ කියමින්

“ගයියා..උබ එපා කීවත් ආයෙ ඕක මම ගන්නෙ නෑ..අපි ආසාවෙන් දෙන දේ ගනින්..අනික මායි මගෙ කෙල්ලයි අද මෙහෙම සතුටින් එන්නෙ උබ නිසා..”දේව් පැවසුවේ වන්දනාව තමා අසලට ලන්කරගනිමින්

“ඒත් බන්..මෙච්චර දෙයක්..”

“වචනයක්වත් කියන්න එපා ගයාන් අයියා ඔයා මේ ගිෆ්ට් එක බාර ගන්න ඕනේ.නැත්නම් ආයේ මා එක්ක කතා කරන්නඑපා..”වන්දනා පවසද්දී

“අනේ මන්දා බන් උබලනම්..”

“ඒ විතරක් නෙමේ ගයියා..අපි උබල දෙන්නට හොද හනිමූන් ටුවර් එකකුත් ඕර්ගනයිස් කලා..ඒද මැණික..”දේව් පැවසුවේ වන්දනා දෙස බලමින්

“ඔව්…සිංගප්පූර්..හොදයි නේ..”වන්දනා පැවසුවේ සිනාසෙමින්…දෙව්මිනීගේ මුහුන රතු වෙන සැටි දේව් බලාසිටියේ සිනාසෙමින්

“මොකෝ කෙල්ලෙ දැන්ම මූන රතුවෙලා..කොල්ලෝ අපේ පොඩි එකීව උබ බය කරන්නෙ එහෙම නෑ..”දේව් පවසද්දී

“අනේ පල..මගෙ කෙල්ලව මම බය කරයිද නේද මැණික..”ගයාන් පැවසුවේ දෙව්මිනීට ඇසක් ගසමින්..ඇය ලැජ්ජාවෙන් බිම බලාගත්තේ ඔවුන්ගේ මේ කතා වලටයි…

“අනේ පව් අප්පා මේ කෙල්ල රතු වෙලා..ඔයාලගේ මේ කතා වලට. ඕව ගනන් ගන්න එපා නංගි..මෙයාල කීවොත් ඔය වගේ කතා තමයි..”වන්දනා පවසද්දී

“මම දන්නවා අක්කා..”

දෙව්මිනී පවසද්දී වන්දනාට තම කොන්ද දෙසින් දැඩි වේදනාවක් දැනුනි..උදේ සිට එම වේදනාව පැමිනියද ඇය එය එවසා සිටියේ තවමත් වෙඩින් එක අවසන් වී නොමැති නිසා…නමුත් මෙවර ඇයට එය ඉවසා සිටිය නොහැකි විය

“අනේ දේව්…ආහ්..”

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

ලයික් කමෙන්ට් කරන ඔක්කෝටම ගොඩාක් ස්තූතියි..අද මොකුත් කියන්නෙ නෑ මම්..😢😢😢😢

Leave a Reply

Your email address will not be published. Required fields are marked *