නුබේ පතිනියයි මා 50 අවසාන කොටස

ඇයි මැනික ඔයාට අමාරුද..”දේව් ඇසුවේ වෙව්ලන හඩින්

“අනේ දේව්..ආහ්..මට අමාරුයි දේව්..”වන්දනා පැවසුවේ හඩමින්

“පුතා මම වාහනේ ගන්නම්..ඔයා දුව ගන්න ඉක්මන් කරන්න.”මහේන් එසේ පවසද්දී දේව් වන්දනාව තම දෝතට ගෙන කා එකට දිව ගියා..ඔහු පසු පසින් ගයාන් හා දෙව්මිනී ඒමට සැරසෙද්දී

“පුතා අද ඔයාලගෙ වෙඩින් එක..ඒ නිසා ඔය දෙන්න එන්න එපා..බය වෙන්න එපා.. “සුමිත්‍රා එසේ පවසද්දී

“ඒත් ඇන්ටි නංගි..”
ගයාන් පැවසුවා

“ඔයාල ඉන්න.අපි කෝල් කරන්නම්..”එසේ කියා සුමිත්‍රා වාහනේට දිව ගියා..තිලකා හා සුමනතිලකද ඔවුන් පසු පසින් දිව ගියා…

අහ්.. අනේ අම්මා…”වන්දනා මෙසේ වේදනාවෙන් කෑගසන ආකාරය දේව් බලා සිටියේ කදුලු පිරි දෙනෙතින්

“ඉවසන්න මගෙ රත්තරන්…ඉවසන්න තාත්තා ඉක්මනට යමු..මගෙ කෙල්ලට අමාරුයි…”

“දේව්..මට බෑ ..😭😭😭අහ්…”

“ඉවසන්න දුවේ තව ටික දුරයි…මගෙ මැනික ඉවසන්න “

“අම්මා හිරූගෙ ඩිලිවරි එකට තව සතියක් තියනවනේ ඉතින් ඇයි මේ..”දේව් පැවසුවේ වන්දනාගේ වේදනාව දෙස බලමින්

“එහෙම තමයි දේව් පුතා..ඩේට් එක සමහර වෙලාවට වෙනස් වෙනවා..”තිලකා එයට පිලිතුරු බැන්දා…විනාඩි කිහිපයක් ඇතුලත ඔවුන් පෞද්ගලික රෝහලක් වෙත ආවා

වන්දනාව තම දෑතට ඔසවා ගත් දේව් ඇයව රෝහලට තුලට ගෙන ගියේ දිව යමින්

“ඩොක්ටර්.”

“නර්ස් මෙයාව ඉක්මනට ලේබර් රූම් ගන්න…මිස්ටර්..ඔයා අපේ හොස්පිටල් එකේ ෆෝර්ම් ටික පුරවලා එන්න..”වෛද්‍යවරයා පවසද්දී දේව්ට දැනුනේ කෝපයක්

“ෆෝම් පුරවන්න පුලුවන් ඩොක්ටර..මගෙ කෙල්ලට අමාරුයි..ප්ලීස් ඉක්මන් කරන්න…”

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

දේව්..මාව දාල යන්න එපා..”වන්දනා පැවසුවේ දේව්ගේ දෑත අල්ලාගනිමින්

“මම යන්නෙ නෑ මැනික…බය වෙන්න එපා..අපේ පැටියා පරිස්සමින් අපි ලගට එනව…”එසේ පැවසූ දේව් හිරූගේ නලලට හාදුවක් තැබුවේ ආදරයෙන්

ප්‍රයිවට් හොස්පිටල් එකක්නිසා දේව්ටත් ලේබර් රූම් එක තුලට යාමට හැකි වුනි..ඔහු වන්දනාගේ දෑතම අල්ලාගෙන සිටියේ හඩමින්..තමා පන මෙන් ආදරය කරන ඇය අද මෙසේ වේදනා විදින ආකාරය ඔහුට දරා ගත නොහැකි විය

“අහ්…අම්මා…..”වන්දනා වේදනාවෙන් කෑගසද්දී

දේව් ඇගේ නලලට තම නලල තියා ගත්තේ හඩමින්

“තව ටිකයි අම්මා..පුශ් පුශ් ඔයාට පුලුවන්…”වෛද්‍යවරයා පවසද්දී

“ඔයාට පුලුවන් මැණික…”දේව් ඇගේ හිස අතගෑවා

.අහ්…..අහ්…දේව්…”එක්වරම වන්දනාගේ කෑගැසීමත් සමග ඔවුන් බලාපොරොත්තු වූ මොහොත උදා වූයේ පුංචි දරුවෙකුගේ හැඩීමත් සමගින්

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

වසර තුනකට පසු

“අප්පත්ති…නැගිතින්නකෝ අලේ…බබා අද පාක් නන්න ඕනෙ..”

“අනේ වස්තුවේ තව චුට්ටක් දොයියගමු..එන්නකො..”

“බෑ බෑ…අප්පත්ති නැගිත්තෙ නැත්නම් මම අම්මිට ගිහින් කීනව..අම්මි කීලා තීන්නෙ දවල් වෙනකම් දොයියගන්නෙ නෝටි ලමයි කීල…හලියප්…නැගිතින්නකෝ..”

ර්…ර්….හිරූ…”දේව් කෑගසද්දී වන්දනා කාමරයට ඇතුලු වූයේ සිනාසෙමින්

“අම්මි බලන්නකෝ අප්පත්ති තාම දොයි..”

“ඒකනේ …දේව්..නැගිටින්නකෝ අනේ .බලන්න මේ පොඩි එකත් නැගිටලා..කෝ කෝ..”

“අම්මපා මේ අම්මත් එකයි පුතත් එකයි..මුන් දෙන්නටම මම නිදාගන ඉන්නව බලන්න බැරි හැටි..”දේව් එසේ මිමුනද්දී

“මොකද්ද දේව් කිව්වෙ..”වන්දනා ඇසුවේ සිනාසෙමින්

“මොකුත් නෑ වස්තුවේ මම මේ හිතුවෙ අම්මා රෑට මට නිදාගන්න දෙන්නෙ නෑ අනේ දේව් ..මගේ දේව් කිය කිය මාව අවුස්සනවා පුතන්ඩියා දැන් නිදාගන්න දෙන්නෙ නෑ..”

දේව්..ඔයානම්..”වන්දනා කීවේ ඔහුගේ උරහිසට පහරක් ගසමින්..ඇයව තමා අසලට ඇද ගත් දේව් ඇගේ නලලට හාදුවක් තැබුවේ ආදරයෙන්

“අප්පත්ති බබාට උම්ම නෑ..”
වන්දනාගේ හා දේව්ගේ පුංචි පුතු සතුශ් එසේ පවසද්දී ඔහුව වඩාගත් දේව්

“මගෙ පුතුට නොදී මම කාට උම්ම දෙන්නද සත්තලන්..”එසේ පැවසුවේ සතුශ්ට හාදුවක් දෙමින්

“මගෙ අප්පත්ති අම්මි ආදලෙයි..”එසේ පැවසූ සතූශ් දේව්ගේ ගෙල බදා ඔහුට හාදුවක් තවරද්දී වන්දනාද දේව්ට තුරුල් වූයේ ආදරයෙන්

“මැණික..”

“ම්…”

“අද ගයියලා එනවා කීවා..”

“අප්පත්ති මගෙ නෙතලි නංගිත් එනෝද..”සතූශ් එසේ පවසද්දී වන්දනාට හා දේව්ට එක්වරම සිනහ නැගුනි

නෙතලි ගයාන්ගේ හා දෙව්මිනීගේ දියනිය…

“ඔව් ඔව් ඔයාගෙ නෙතලි නංගිත් එනෝ..”දේව් පවසද්දී

“හුරේ…සෝයි සෝයි..අප්පත්ති මාව බිමින් තීන්න..මම නෙතලි නංගිත මගෙ අලුත් සෙල්ලම් කා එක පෙන්නන ඕනෙ..”එසේ පැවසූ පුංචි සතූශ් බිමට පැන දිව ගියේ සිනාසෙමින්..

වන්දනාව තුරුලට ගත් දේව්

“මැණික..”

“ම්…”

“අපේ චන්ඩියාට එයාගෙ නෙතලි නංගි නැතුව බෑ වගේ නේද..”

“ඔව්..දෙන්නට දෙන්න හරි ආදරෙයි..”

“හ්ම්..මැණික..”

“ම්.”

“සතූශ්ට නංගියෙක් ගේන්න කාලෙ හරි නේද..”දේව් ඇසුවේ වන්දනාගේ මුහුන තම දෝතට ගනිමින්

වන්දනා ලැජ්ජාවෙන් සිනාසී බිම බලාගත්තේ දේව් මහ හඩින් සිනාසෙද්දී…කාමරයේ දොර වැසූ දේව්

“අවුරුදු ගානක් ගිහිල්ලත් මගෙ කෙල්ලගෙ ලැජ්ජාවනම් අඩු වෙලා නෑ..කෝ බලන්න මූන..”එසේ පැවසූ දේව් ඇගේ මූන දෝතට ගෙන ඇයේ දෙතොල තම දෙතොලින් අල්ලාගත්තේ ආදරයෙන්

“ආදරෙයි වස්තු…මගෙ හුස්ම ඩිංග උබයි මගෙ කොල්ලයි..නොහිතපු වෙලාවක මගෙ ජීවිතේට ලන්වෙලා මට දීපු ආදරේ මට මැරෙනකම්.ඕනෙ මගෙ රත්තරන්..”

“මාත් ආදරෙයි මහත්තයෝ..”

“මේ කෙලලෙ..ආදරේ විතරක් නෙමේ..මට උබ වගේ සූටි රෝස මලක් ඕනෙ..”එසේ පැවසූ දේව් ඇයව ඇදට පෙරලාගත්තේ අනුරාගී හෝරාවකට අත වනමින්

කට ඇරන් බලන් ඉන්න එපා යකුනේ..කොටු කොටු පෙන්නන්නෑ….සික්.ටොපිලගෙ කැත ජිත😁😁😁😁.ඒ දෙන්නට පාඩුවේ ඉන්න දීලා අපි යමුනේ..

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පසුවදන..

වෙනත් තරුනියෙකුට ආදරේ කල ඔහු තම දෙමව්පියන්ගේ බල කිරීම මත ඇයව තම පතිනිය කරගත්තේ අකමැත්තෙන්..නමුත් ඇයගේ ආදරය හමුවේ ඔහුගේ සිත ඇය වෙතට නතු වූයේ ඔහුටත් නොදැනීම…කෙතරම් බාදක ආවත් ඇගේ ආදරය නිසා දේව්ගේ ආදරය දිනා ගැනීමට ඇයට හැකිවිය..සියලු රැවටීම් බාදක බිද දමා මොවුන් දෙදනාගේ ආදරය ගලා ගියේ ඔවුන් ඔවුන්ගේම සුන්දර ලෝකයක් තනාගත් නිසා….ගැහැනියකගේ ආදරයට මිනිසෙක් සම්පූර්නයෙන් වෙනස් පුද්ගලයෙක් කල හැක…වන්දනා දේව් ආදර කතාව මෙසේ නිම විය..

😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *