නුබේ පතිනියයි 03

“දූ මාත් ඉස්සරහට යන්න…සදූ පුතේ වන්දනා එක්ක පොඩ්ඩ්ක් ඉන්න..අපි කතා කරාම වන්දනාව එක්ක එන්න”

“හරි නැන්දෙ. “තිලකා කාමරයෙන් පිටව ගිය පසු සදුනි තම මිතුරිය දෙස බැලුවේ සිනාසිසී

“ආ..කෙල්ලෙ..කොල්ල හැන්ඩිද දන්නෑ…”

“අනේ මන්ද සදූ.මම එයාව දැකලා නෑනේ”

“දැන් ඉතින් දකින්න පුලුවන්නෙ..කොල්ලට උබව දැක්කාම අදම උස්සන් යන්න හිතෙයිද දන්නෑ”

“උබටනම් පිස්සු”

“පිස්සු නෙමේ බන්..උබ මාර ලස්සනයි බන්…මට පිදුමයි උබ මෙච්චර කාලයක් කොල්ලෙක් එක්ක යාලු නොවී හිටිය එක ගැන.උබ ඉතින් තිලකා නැන්දගෙයි සුමනෙ මාමගෙයි අහිංසක සුවච කීකරු දුවනේ”

“අනේ පලයන් සදූ යන්න..උබ දන්නවනේ මම අම්මගෙයි අප්පච්චිගෙයි කීමට පිට යන්නෙ නෑ කියල..එයාල කවදාවත් මට වරදක් වෙන්න දෙන්නෙ නෑ…එයාලගෙ සතුට තමයි මගෙත් සතුට..”

“මට උබ ගැන පුදුමයි කෙල්ලෙ…ඇත්තටම උබ වගේ අහිංසක කෙල්ලෙක් ලබන්න ඒ කොල්ලා පින් කරන්න ඕනේ..”

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

මහේන්ද්‍ර එන්න ඇතුලට…”සුමනතිලක් අමුත්තන්ව පිලිගත්තේ සතුටිනි

“සුමිත්‍රා ,පුතා මෙහෙන් ඉදගමු…ගොඩක් වෙලා ගියාද මහේන්ද්‍ර..කීයටද ගෙදරින් පිටත් වුනේ”

“අපි ගෙදරින් අටට විතර පිටත් වුනා සුමනේ…පැය දෙකක් විතරනෙ ගිහින් තියෙන්නෙ”

“මහන්සිත් ඇතිනෙ..අපි මොනවහරි බීලම කතා කරමුනේද…”

“දැන්ම ඕනෙ නෑ සුමනෙ අපි මගින් තේ බිව්වා..කෝ මේ අපේ මනමාලි…”

‘ඒකනේ…මටනම් දුව බලනකම් ඉවසිල්ලක් නැතුව හිටියෙ…තිලකා දුව කෝ”සුමිත්‍රා එසේ අසද්දී

“හිටින්න.මන් දූව එක්ක එන්නම්..”යැයි පවසා තිලකා වන්දනා කැටුව ඒමට කාමරයට ගියා

“පුතා දැන් මොකද කරන්නෙ”සුමනතිලක දේව්ගෙන් එසේ අසද්දී

“මම තාත්තා එක්ක බිස්නස් කරනව අංකල්”

“ආහ්…බොහොම හොදයි…”

“අන්න එනව අපේ මනමාලි”සුමිත්‍රා අසුනෙන් නැගී සිටියේ සිනාසෙමින්

“ඇස් වහක් කටවහක් නෑ සුමනා ඔයාගෙ කෙල්ල අද හරිම ලස්සනයි..ඇත්තටම උඩරට මැණිකෙ කෙනෙක් වගේ…”මහේන්ද්‍ර එසේ පවසුවේ වන්දනා දෙස බලමින්

“ඒකනේ අපේ මහත්තයා..මට මේ කෙල්ලව අදම අපේ ගෙදර එක්ක යන්න හිතෙනවා”සුමිත්‍රා එසේ පැවසුවේ වන්දනාගේ හිස අතගාමින්

“පුතේ අයියට ගිහින් බුලත් හෙප්පුව අල්ලන්න”තිලකා පවසද්දී වන්දනා දේව් අසලට ගියේ ගැහෙන හදින්..

වන්දනා දේව්ට බුලත් හෙප්පුව ඇල්ලුවේ වෙව්ලන දෑතින්..දේව් ඇගේ අතින් බුලත් හෙප්පුව ගත්තේ ඇය දෙස එකදු බැල්මක්වත් නොහෙලමින්

දූ එන්න ඔයා මෙතනින් ඇවිත් ඉදගන්නකො”සුමිත්‍රා පැවසුවේ ඇය අසල ඇති අසුන පෙන්වමින්

සුමිත්‍රා අසලට ගිය වන්දනා ඇය අසලින් අසුන් ගද්දී
“ඇත්තමයි තිලකා මේ කෙල්ල දැක්කාම මට ලෝබ හිතෙනව….ඉටි රූපයක්.වගේ…”සුමිත්‍රා පැවසුවා

“ඔය ඉතින් අපිට ඉන්න එකම වස්තුව…මහ ගොඩක් අපිට නෑනෙ සුමිත්‍රා ඔච්චරයි අපිට ඉන්නෙ..අපේ දූව අපි හැදුවෙ මලක් වගෙ..මගෙ දුව හින්දා කියනව නෙමෙයි ඇත්තටම වන්දනා හරිම අහිංසකයි.අපේ වචනෙන් පිට කවදාවත් ගිහින් නෑ.අපිට හරිම ලෙන්ගතුයි”

“ඒක අපි දන්නවා තිලකා.ඔයාලගෙ ගතිගුන දරුවටත් ඇති..”

“අපි කතා කරනව මිසක් මේ ලමයි දෙන්න වචනයක්වත් කතා කරන්නෑනෙ….”මහේන්ද්‍ර එසේ පවසද්දී

“ඒක ඇත්ත. පුතා දේව්..නංගි එක්ක පොඩ්ඩක් එලියට ගිහින් කතා කරන්න…මේ දෙන්නත් අදුරගන්න එපායැ.පොඩිකාලෙ දැක්කට දෙන්නට මතකයක් නැතුව ඇතිනේ”සුමිත්‍රා එසේ පවසද්දී දේව් එලියට ගියේ තරහ සිතින්

“මොන කරදරයක්ද මන්ද..අපේ අම්මලත් ආපු වෙලේ ඉදන් මේ කෙල්ලගෙ හොදම කියන්නෙ..චික්..එන්නැතෑ දැන් ආවම කියන්නම්කො මම හොද දෙකක්”දේව් සිතින් වන්දනාවට බනිමින් එලියට යද්දී වන්දනාත් ඔහු පසු පසින් ඇදුනා

“තමුන්ගෙ නම මොකද්ද”දේව් ඇසුවේ බිම බලා සිටි වන්දනාගෙන්

“වන්දනා නෙතුමිණී ඉරුගලබණ්ඩාර”වන්දනා එයට පිලිතුරු බැන්දේ සිහින් හඩින්..

”එතකොට තමුන් ජොබ් එකක් කරනවද”

“ඔව්”

“කොහෙද වර්ක් කරන්නෙ”

“මහජන බෑන්ක් එකේ”

“හ්ම්…යුනිවර්සිටි ගියෙ එතකොට..”

“ජපුර.”

“අහ්..එහෙනම් තමුන්ට බෝයි කෙනෙක් ඇතිනේ” දේව් එසේ අසද්දී මෙතෙක් වෙලා බිම බලා සිටි වන්දනා දේව් දෙස බැලුවේ පුදුමය පිරි දෑසින්

දේව් මෙතෙක්වෙලා ඇය සමග කතා කලද ඇයගේ මුහුණ දුටුවේ දැන්..ඇය දුටු දේව්
“හරි අහිංසක කෙලලෙක් වගෙ..පුදුම ලස්සනක් තියෙන්නෙ..මම මේ කෙල්ල්ව මැරි කරලා කරන්නෙ වරදක්නේද”සිතිම් සිතුවේ ඇයගේ මුහුණ දෙස බලමින්

“නෑ මම කවදාවත් බෝයි කෙනෙක් එක්ක සම්බන්දයක් ඇතිකරගන නෑ.”

“එතකොට තමුන් දැන් මට කැමතිද”

දේව් එසේ ඇසුවත් වන්දනා තාමත් නිහඩයි
“කැමතිද කියලා අහනවනේ..අම්මෝ පුදුම නපුරෙක් තමයි.මෙච්චරවෙලා කතා කරා හරියට සී අයිඩී ප්‍රශ්න කරනවා වගේ”වන්දනා සිතින් එසේ දොඩමලු වෙද්දී

“මම ඇහුවේ තමුන් මට කැමතිද කියලා”

“අම්මයි අප්පච්චි කැමතිනම් මමත් කැමතී මහත්තයා”

“මේ මම මහත්තයා නෙමෙ මගෙ නම දේව්නාශ්..හරි දැන් කියනවා මොක්ද්ද මගෙ නම”

“දේ…දේව්..”

‘මොකද හලෝ ගොත ගහන්නෙ..තමුන්ට මාත් එක්ක ජීවත් වෙන්න ඕනෙනම් මම කියන විදියට ඉන්න ඕනේ..තේරුනානෙ..දැන් කියනවා නම”

“දේව්නාශ්”වන්දනා පැවසුවේ බිදුනු හඩින්

“ඕක්..ගුඩ්…වන්දනා ..මැරි කරාට පස්සෙ තමුන් ජොබ් එකට යන්නෙ නෑ”දේව් එසේ පැවසුවේ වන්දනාගෙ මුහුණ දෙස බලමින්

වන්දනාගෙ දෑසට කදුලු පිරුනේ දේව්ගේ නපුරුකම් දරාගන්න නොහැකි නිසා

ඇගේ දෑසේ කදුලු දුටු දේව්.
“මේ මන් තමුසෙට දැන් අඩන්න දෙයක් කිවේ නැනෙ..මම කැමති නෑ මගෙ ගෑනි ජොබ් වලට යනවට…තේරුනාද”

“ඔව්..”

“හ්ම්…තමුන්ට මොකද මගෙ ගැන දැන් හිතෙන්නෙ..”දේව් එසේ ඇසුවේ වන්දනාගෙ මුහුණට එබෙමින්

වන්දනා දේව්ගේ මුහුණ දෙස බැලුවේ තාමත් කදුලු පිරි දෑසින්..
වන්දනාගේ හා දේව්ගේ දෑස් එකිනෙක පැටලුනේ ඔවුන්ටත් රහසෙ..

😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

දේව්ගේ නපුරුකම් නිසා වන්දනා දේව්ට බෑ කියයිද…😁😁😁😁
ලයික් කමෙන්ට් කරන ඔක්කොටම ගොඩක් ස්තූතියි.. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *