****පළිග****ු 01 – Maheshika Kaushalya

නැන්දි මං එනකන්ද කොහෙද මග බලාගෙන ඉන්නෙ මාත් ඉතින් වෙහිකල් එකෙන් බැස්ස ගමන් දුවලා ගිහින් එල්ලුනා නැන්දිගෙ බෙල්ලෙ.

“සුදු දෝනි මං උදේ ඉදලා බලන් ඉන්නෙ මැනික.”

“ගෙදරින් එද්දි ටිකක් පරක්කු උනා නැන්දි.කෝ අක්කියි අපේ බස්සයි නැද්ද..?”

“අක්කා නන් යාලුවෙක්ගෙ ගෙදර යනවා කියලා ගියා.අයියා නන් ඔය ඉන්නෙ කාමරේටම උදේ ඉදන් .”

“තාම අයියගෙ විදිහ එහෙම්මමද නැන්දි…?”

“කිසිවෙනසක් නෑ දෝනි එයා දැන් ජීවත් වෙන්නෙ හරියට හැගීමක් දැනීමක් නැති ගානට මැනික .ඔයාට විතරයි පුලුවන් ආවෙත් එයාව හිටපු තත්වෙට ගේන්න.”

“ප්‍රොමිස් නැන්දි මං ඒක කරනවාමයි.ඒත් දැන්ම නෙවෙයි.”

මං ගැන කියන්නත් ඕනෙනෙ මං ආරාද්‍යා දේවවංශ.මේ මගෙ අම්මගෙ නෑනා.අපේ පවුල් දෙක ඉස්සර ඉදන්ම ගොඩක් ලගයි.නැන්දගෙ එකම පුත්‍ර රත්නය ආදිත්‍ය රාජපක්ෂ.අයියගෙ චුටි බෝනික්කි තමයි මං ඒත් ඒ ඉස්සර මගෙ මාමා, නැන්දවයි අයියවයි දාලා ගිය දවසෙ ඉදන් එයා හැමෝගෙන්ම හැමදේකින්ම ඈත් උනා මට කියලා ඒකේ වෙනසක් උනේ නෑ.එයා ඊටපස්සෙ ලං කර ගත්තෙ රස්තියාදුකාර යාලුවො ටිකක් විතරයි.

—————————————————————————

මං ගෙට ආපු ගමන් ගියේ අයියගෙ කාමරේට.අයියා හිටියෙ ඇද බදා ගත්තු ගමන්.මාව දැක්කා විතරයි මං දිහා බැලුවෙ සංසාර වෛරක්කාරයෙක් දිහා බලන ගානට.

“තමුසෙට මැනර්ස් නැද්ද කොල්ලෙක්ගෙ කාමරේකට එන්න කලින් දොරට තට්ටු කරන්න.”

මේ යකා කඩා පැන්නෙ හරියට හපාකන බලු තඩියෙක් වගේනෙ.

ෂුහ්.. මං සැලෙයි ඕවට.

“කොල්ලගෙ කාමර වලට එන්න කලින් නන් දොරට තට්ටු කරන්න ඕනෙ තමයි.ඒත් මගෙ චුටි අයියගෙ කාමරේට එද්දි එහෙම කරන්න ඕනෙ නෑ.”

මේ යකා රකුසෙක් වගේ රව රව මගෙ උරහිස් වලින් ඇල්ලුවේ රිදෙන්නම.

“ආව් චුටි අයියේ අතාරින්නකො රිදෙනවා.”

“ආයි තමුසෙ මං ඉන්න පැත්තකටවත් ඇවිත් තිබ්බොත් මීටවඩා රිදෙයි.මෙහෙ ආවානන් ඒ විදිහට ඉන්නවා.”

කරන්න පුලුවන් හැම තර්ජනේම කරලා මාවත් තල්ලු කරලා මේකා එලියට ගියේ.

මතුසම්බන්ධයි 

2 Comments

  1. hey there and thank you for your information – I’ve certainly picked up something new from right here.
    I did however expertise some technical points using this site, as I
    experienced to reload the site a lot of times previous to I could get it to
    load properly. I had been wondering if your web hosting is OK?
    Not that I’m complaining, but slow loading instances times will sometimes affect your placement in google and can damage
    your high-quality score if advertising and marketing with Adwords.
    Anyway I am adding this RSS to my email and can look out for much more of your
    respective intriguing content. Ensure that you update
    this again very soon.. Lista escape room

Leave a Reply

Your email address will not be published. Required fields are marked *