*****පළිගු*****  02

මං වොශ් එකක් දාගෙන පල්ලෙහාට එද්දිමයි අපේ අයියණ්ඩිගෙ අනිත් නෑනා උත්තරා අක්කා ගෙට ආවෙ.

“ආ ආරාද්‍යා ඇවිත් නේද.”

“හ්ම්.ඔව් අක්කි.”

“කෝ ආදිත්‍ය ගෙදරද….?”

“මං එනකොට නන් හිටියා ඊටපස්සෙ කොහෙද ගියා.”

“ගනන් ගන්න එපා නංගි ආදිත්‍ය කැමති නැතුව ඇති ඔයා ආව එකට.”

‘මට පේන්නෙ අයියට වැඩිය අකමැති මෙයාද කොහෙද.ඒත් ඉතින් මං ඉන්නෙ මෙයාගෙ ගෙදර නෙවෙයිනෙ.

“එයාගෙ කැමැත්තෙන් මට වැඩක් නෑ අයියෝ මට එන්න කිව්වෙ නැන්දිනෙ.අනික මේක නැන්දගෙ ගෙදර මිසක් එයාගෙ නෙවෙයිනෙ.එයා මං ඉන්නවට අකමැති නන් එයා ඔය කොහෙ හරි යයිනෙ.”

“එහෙම කියලා බෑනේ ආරාද්‍යා.ඒක නෙවෙයි ඔයා හෙට ස්කූල් ගියාට පස්සෙ ආදිත්‍ය අයියවත් මංවත් ඔයාගෙ කසින්ලා කියලා කියන්න එපා හොදද.අයියා ඒකට කැමති නෑ.”

“එයා වගේ බකුස්සෙකුයි ඔයා වගේ සරුංගලේකුයි මගෙ කසින්ලා වෙනවා කියලා කියන්න මටත් ආසාවක් නෑ උත්තරා.”

ඒක කිව්වා විතරයි මේකි මටත් ගස්සගෙන උඩට ගියේ නැතැයි.

—————–

මං පහලට ඇවිත් නැන්දට උදව් කරන්න කුස්සියට ආවෙ නැන්දා මහන්සි වෙන නිසා.අද නැන්දා ඔක්කොම හදන්නෙ මං ආසම කෑම.

“අයියෝ ඔච්චර කෑම ගොඩක් හදන්න එපා නැන්දි මං මේ ගෙදරට අමුත්තෙක් නෙවෙයිනෙ අනේ.”

“ඒ උනාට දෝනි ආවෙ ගොඩ කාලෙකින්නෙ.”

නැන්දා එක්ක කතා කලාට මොකද මගෙ මීටරේ තියෙන්නෙ ඉස්සරහා දොර ලග.හතත් පහුවෙලා චුටි අයියා තාම නෑ .ආ මෙයා නන් මැරෙන්නෙ නෑ මතක් කලා විතරයි.මෙයා අපිවත් පහු කරගෙන උඩට යන්න හැදුවෙ අපිව නොදැක්කා වගේ.

“දන්නවද නැන්දි අපේ ගෙදරට අලුතෙන් බලු තඩියෙක් ගෙනාවා.ඌට තියෙන්නෙ පුදුම ආඩම්බර කමක් ඌ හිතාගෙන ඉන්නෙ ඌ ප්‍රින්ස් විලියම් කියලා.නැන්දි දන්නවනෙ මට බොරු සෝබන අල්ලන්නෑනෙ ඉතින් දුන්නා හොද පනිෂ්මන්ට් එකක් උගෙ ලස්සන බූල් ටික ඔක්කොම කපලා දැම්මා මං.ඊටපස්සෙ අනේ ඌ බලු නකුටා වගේ හිටියේ.වැඩේ කියන්නෙ නැන්දි අපේ බල්ලගෙයි සමහර මිනිස්සුන්ගෙයි අතර ලොකු වෙනසක් නැති එකයි.”

ඒක ඇහුනම චුටි අයියා උඩට ගියේ අඩි පොලවෙ හප්ප හප්ප.අනේ මට මොකෝ මට නන් රිදෙයි ඕවට.නැන්දත් හැරිලා බැලුවෙ මං එක පාරට කතාව වෙනස් කරේ ඇයි කියලා වෙන්නැති.අයියව දැක්ක නිසාද මන්දා නැන්දා ඉතුරු ටික තේරුම් ගන්නැති.

මතුසම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *