*****පළිගු ****03

මන් උදෙන්ම ස්කූල් යන්න ලෑස්ති උනේ අද ඒලෙවල් බැච් එකට ස්කූල් පටන්ගන්න පලවෙනි දවස නිසා.මං අඩියට දෙකට පඩිපෙල බැස්සා වෙනදා වගේ නටනට ඉන්නෙ නැතුව.

“ගුඩ් මෝර්නින් නැන්දි.”

“ගුඩ් මෝර්නින් දෝනි.තව ටිකක් පරක්කු වෙලා ගියා නන් අයියලත් එක්කම ස්කූල් බස් එකේ යන්න පුලුවන්නෙ මැනික.”

“අපොයි ඔය ආඩම්බර කාරයා කැමති වෙන එකක් නෑ නැන්දි මං එයාලත් එක්ක යන්න එනවට එයාලගෙ ලව් එකට ඩිස්ටර්බ්නෙ අයියෝ.ඊයෙත් මට තර්ජනය කරා එයා ඉන්න පැත්ත පලාතකටවත් එන්න එපා කියලා.”

“උත්තරා දුව එනවටවත් එයා කැමති නෑ දුව.ඒ දරුවනෙ පස්සෙන් එල්ලිගෙන යන්නෙ.”

“ෂ්….කෑගහන්න එපා හිමින් කියන්නකො නැන්දි නැත්තන් එයාට දුක හිතෙයිනෙ අයියෝ ඔයාගෙ වෙන්න ලේලිනෙ අෆ්ෆා.”

නැන්දි අතින් කටවහගෙන හිනාවෙනවා.මටම හරියන නැන්දා.

“අදට මන් පාරේ බස් එකේ යන්නන්කො නැන්දි හෙට ඉදන් ස්කූල් බස් එකේ යන්න පුලුවන්නෙ.”

“පරිස්සමෙන් මැනික බුදුසරණයි.”

————————————————

වැඩි කරදරයක් නැතුවම ගේට් එක ලග හිටපු ප්‍රිෆෙක්ට් අයියා කෙනෙක්ගෙන් අහලා 12 සයන්ස් ක්ලාස් එක හොයා ගත්තා.

“හා හා හෝව් හෝව් අලුත් ලමයෙක් නේද….?
ඔහොම ඉන්නවා එහෙම ලේසියෙන් එක එක්කෙනාට අපේ පන්තියට එන්න බෑ.”

ටිකක් හැන්ඩි ලුක් එකක් තියෙන කොල්ලෙක් ටිකක් සැරෙන් කියපි.ඒ පාර පන්තියේ ඔක්කොම ටික මං වටේ හිටගත්තෙ මුන්ට මාව පේන්නෙ ඒලියන් කෙනෙක් වගේද දන්නෙ නෑ.

“මේ හලෝ ඇවිල්ලා මේ ඩෙස් එක උඩට නගිනවා.”

පැත්තක හිටපු කෙල්ලෙක් කියපි.මාව රැග් කරන්න ආවට කවුද බලමුකො රැග් වෙන්නෙ එහෙම හිත හිත මාත් ඉතින් ඩෙස් එක උඩට නැග්ගා.

“අල්ල ගන්නවා කන් දෙක.දැන් කියනවා බලන්න හොද සිංදුවක්.”

මාත් උට්ඨාන වීර්යෙන් යුතුව ඇහි ‘ඇහි පිහාටුවක් යට පරිස්සමට ඔබ තියාගන්න ඇත්නම්’ සිංදුව කිව්වා.මං සිංදුව ඉවර කරලා වටපිට බැලුවෙ මෙයාලගෙ කිසි සද්දයක් නැති නිසා.මෙයාලට නින්ද ගියාවද්ද..?

“හරිම ලස්සනට සිංදුව කිව්වා.අපේ ගායිකාවගෙ නම කියමුකො එහෙනන්.”

“මං ආරාද්‍යා දේවවංශ.”

“අපි මෙයාට ලේසියට ආරු කියලා කියමු නේ.
එහෙනන් ආරු වෙල්කම් ටු අවර් කින්ඩම්.”

මං එහෙමම ඒ කොල්ලගෙ අතින් අල්ලගෙන බිමට බැස්සා.එතකොටයි දැක්කෙ පන්තියේ දොර ලග ඉදපු චුටි අයියව.ඒ ඇස්වල තිබ්බෙ තරවටුවක්.මං තවත් ටිකක් ඒ කොල්ලගෙ අතේ එල්ලුනා.ඔයාට ඔහොම ඊර්ෂ්‍යා හිතෙනවා නන් මොනවා කරන්න බැරිද මගෙ චුටි අයියේ.අයියා එතනින් ගියේ පුපුර පුපුර.

හැමෝම මාව ආදරෙන් පිලිගත්තා.මාව රැග් කරේ පන්තියේ හෙඩ් සෙනේශ්.කාට කියන්නද හෙඩ් මෙහෙම නන් අනිත් අය ගැන හිතා ගන්න අමාරු නෑ.දවස ඉවර වෙදිදි සෙනේශ්,මිතුලියි මගෙ හොදම යාලුවො දෙන්නා වෙලා තිබුනා.

මතුසම්බන්ධයි

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *