***** පළිගු **** 06

මං අද ස්කූල් යන්න ලෑස්ති උනේ සිද්ද වෙන ඕනෙ දේකට මූණ දෙන්න බලාගෙන.චුටි අයියා ෂුවර් උනාට මොකද එයාගෙ නසරානි යාලුවො ගැන කිසිම ෂුවර් එකක් තියන්න බෑනේ.ගෙදරින් එලියට බහින්න හැදුවා විතරයි චුටි අයියාගෙ තරහව පිරිච්ච වොයිස් මාව ඇමතුවෙ නැතැයි.

“ආදි…….”

ගෙදර අය ආදිත්‍ය අයියට වගේම මට කිව්වෙත් ආදි කියලා.ආදි කියලා කතා කරාම අපි දෙන්නම හැරිලා බලනවා.මෙයා මට ආදි කියලා කතා කලේ කලින් වගේ බෝනික්කි කියලා කතා කරන්න අකමැති නිසා වෙන්නැති ඉතින් මං නෙවෙයි හැරිලාවත් බැලුවෙ.

“ආදි කිව්වා නේද එක පාරක් ඉන්නවා ඔහොම තමුසෙට කලින් ගිහින් හම්බවෙන්න මොකෙක්වත් නැතුව ඇතිනෙ.උත්තරා එක්ක යන්න ඉන්නවා.”

උත්තරා ගෙ මූණ ඇබුල් උනා ඒක ඇහුවම.අනික බොරුවට ඔහොම තර්ජනය කරන්න ඕනෙ නෑනේ මාව තනියම යවන්න බයයි කිව්වා නන් ඉවරනෙ ආඩම්බරකාරයා.

“ආ මං සෙනේශ් එක්ක යන්නෙ චුටි අයියේ.”

මෙයාව තරහා ගස්සවන්න තියෙන ආසාව නිසාම මාත් කියලා දැම්මා.

“මොකෙක් එක්කවත් යන්නෙ නෑ තමුසෙ යනවා ගෙට උත්තරා එනකන් ඉන්නවා ගිහින්.”

මොන යකෙක්ද මේ තරම් සැර කරන්නෙ.මාත් බුම්මගෙන ඇවිත් ඇතුලෙන් වාඩි උනා.අර මල සමයමත් ආවට පස්සෙ තමයි ගෙයින් එලියට බැස්සෙ.

ස්කූල් බස් එකේ ෆුට්බෝඩ් එකේ එල්ලිලා හිටියේ අයියණ්ඩිගෙ අසහාය පාප මිත්‍රයො කැල.මං මෙයාලත් ලගින් එනවා දැකලා වෙන්නැති උන් ටික බලන් හිටියෙ ඇස් කටේ දාගෙන.

“ආ කුමාරිහාමි ඊයේ අපෙන් බේරිලා ගියාට අද නන් බේරෙන්න වෙන්නෙ නෑ.”

එහෙම කියාගෙන බසෙකෙන් බැහැපු එවුන් ටික මං එද්දි චුටි අයියා උන්ට ලාස්ට් වෝර්නින් එක දුන්නා.

“උබලා එකෙක් අත තියන්නෑ මේකිට.”

“මචං ආදී ඒත්……….”

“මේකිට කරන්න ඕන දේ මම බලාගන්නම් උබලා පැත්තකට වෙලා හිටපන්.”

චුටි අයියා එහෙම කියද්දී උන් මගෙ දිහා බැලුවෙ මහා කින්ඩි හිනාවක් මූණෙ තියාගෙන හරියට ‘දැන් නන් උබ ඉවරයි’ කියන්න වගේ.මමනෙ ඔය කිව්වට චුට්ටක් තර්ජනය කරනවා ඇරෙන්න චුටි අයියා මට වෙන කරදරයක් කරන්නෑ කියලා.

කොහොම මේ මාරයොත් එක්ක ස්කූල් බස් එකේ ආවේ නෑවිත් බැරි කමට.ස්කූල් ගේට් එකෙන් ඇතුලට ආවත් හරි ඊයේ සිද්දිය නිසා හැම එකාම මං දිහා බලන්නෙ අගහරු ලෝකෙන් ආව එකෙක් දිහා බලන ගානට.

“පළිගු…..”

මං පුදුමයෙන් හැරිලා බැලුවෙ මගේ උප්පැන්න සහතිකේට විතරක් සීමා වෙච්ච මගේ අනිත් නමෙන් කතා කලේ කවුද කියලා බලන්න.ටිකක් ඈතට වෙන්න මගෙ දිහා බලාගෙන හිනාවෙවී හිටියේ අශේන් සර්.සර් මං කලින් ගිය ස්කූල් එකෙත් උගන්නන්න හිටියා.දැන් අවුද්දකට විතර කලිනුයි සර් ට්‍රාන්සර් එකක් අරං ස්කූල් එකෙන් ගියේ.මගේ හිනාව කන් දෙක ලගටම දික් වෙන්න ඇති.

“අශේන් සර්…..
සර් කොහෙද මෙහෙ…?”

“මම කොහොමත් මෙහෙනෙ පළිගු.මං ඔයාගෙන්නෙ අහන්න ඕනෙ ඔයා මොකද මෙහෙ කියලා.”

“මගෙ නැන්දි මෙහෙනෙ සර්.ඉතින් මං මෙහෙ ආවා.”

“ආව දවසෙම හොද අඩව්වකුත් ඇල්ලුවලු නේද….?
මං ඊයේ ඉස්කෝලේ ආවෙ නෑ.හිටියා නන් ඇවිත් කනෙන් ඇදන් යන්නෙ කොල්ලොත් එක්ක රණ්ඩුවට යනවට.”

“ඒ ටිකට සර්ත් ඒ ගැන දැන ගත්තද…..?”

“ඉස්කෝලෙ ඉන්න නමගිය රස්තියාදුකාර සෙට් එකට චැලේජ් කරා වගේ නෙවෙයි පරිස්සමින් පළිගු.”

“සර් දන්නවනෙ මං බය නෑ කියලා.

“හ්ම් දන්නවා හොදට චන්ඩි කෙල්ල දුවපිය ක්ලාස් එකට.”

“තරහයි අශේන් සර්.”

සර්ටත් එහෙම කියාගෙන එන්න හැරෙද්දි දැක්කේ අයියගෙ සෙට් එක වගේම සෙනේශ් ත් බලන් ඉන්නවා කියලා.මං සෙනේශ්ව ගනන් නොගෙනම පන්තිය ඇතුලට ගියා.

———————————————–

“ආරු……..
ඔයා අශේන් සර්ව කලින් දන්නවද…..?
එයා ඔයාට පළිගු කියලා කතා කරේ ඇයි….?”

මේ යකා ඇවිත් ප්‍රශ්න පත්තරයක්ම මගෙ ඔලුවට ඇතෑරියනෙ.

“කොයි ප්‍රශ්නෙටද ඉස්සෙල්ලා උත්තර දෙන්න ඕනෙ සෙනේශ්…?”

“ආරු විහිලු නැතුව උත්තර දෙන්න.”

අපොයි මේ එක දවසට චුටි අයියටවත් නැති ලෙඩක්නෙ මෙයාට හැදිලා තියෙන්නෙ.

“අශේන් සර්ව මං දන්නෙ සර් මං කලින් ඉස්කෝලෙ ටීච් කරපු නිසා.පළිගු කියන්නෙ මගෙ අනිත් නම.”

“හ්ම්.”

“මොකද ඒ පාර බස්සෙක් උනේ…?”

“ආරු තාම තරහද ඊයේ වෙච්ච දේට…?”

“මං ඒක ඊයෙම අමතක කරා සෙනේශ්.”

“තෑන්ක්ස් ආරු.”

මතුසම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *