****පළිගු****  07

අපි ඉන්ටර්වල් එකට ටක් ෂොප් එකට ගිහින් එද්දි මගෙ ස්කූල් බෑග් එකම අවුස්සලා පොත් ටික සේරම ඉරලා තැන් තැන්වල විසි කරලා තිබ්බා.ඒක දැක්කා විතරයි අපි තුන්දෙනාගෙම ඇස් ලොකු උනා.මට යකා ආවේස වෙන්න තප්පරයක්වත් ගියේ නෑ ඇයි යකූ මං කොයි තරන් ආදරෙන්ද මගෙ නවල්ස් ටික පරිස්සන් කරන්නෙ මගෙ පනත් හරි නවල්ස් ටිකත් හරි මුන් ඉස්කෝලේ පොත් එක්කම ඒ ටිකත් ඉරලා දාලා.😜😜😜.

“කවුද මේක කලේ….?”

මම ඇහුවෙ පන්තිය දෙදරන්න තරම් කෑගහලා.ඒත් එකෙක්වත් හ්ම් සද්දයක් නෑ.

“එකෙක්ගෙවත් කන ඇහෙන්නෙ නැද්ද….?
නැත්තන් කටවල්වල පිට්ටු හිර වෙලාද….?”

“ආරු…….
කාම් ඩවුන් මුන්ට කෑගහලා වැඩක් නෑ.හිතාගන්න පුලුවන්නෙ කවුද කරන්නැත්තෙ කියලා.”

“අපොයි ඔව් හොදට පුලුවන්.”

“ඔය පටන් ගත්තා විතරයි ආරු.තව ඉස්සරහාට ඔයිට වැඩිය දේවල් වෙයි.”

මිතුලි කියද්දී මං ඒකි දිහාත් රවලා බැලුවා.ඇයි යකූ මුන් මේ තරම් බය නිසා තමයි උන් එච්චර කලර්ස් පෙන්නන්නෙ.

“උබ මට රවලා හරියන්නෑ ආරු ඒ උන්ගෙ හැටි.උන් කාත් එක්ක හරි තරහයි නන් එයා ඉස්කෝලේ දාලා යනකම්ම උන් එයාට වදදෙනවා.එක පාරක් අයිය කෙනෙක්ටත් මුන් එහෙම කලා.ඒ අහිංසකයව නොමරා මැරුවා.බැරිම තැන ඒ අයියා අස්වෙලා ගියා.”

“ඉතින් උබලා ඊයේ වගේ එදත් ඔහෙ බලන් හිටියා…. එහෙමද…..?
මෙහෙ ඉස්කෝලේ ටීචර්ස්ලා සර්ලා බුදිද බන්…..?”

“මුන්ට තියෙන බයට කවුරුත් ටීචර්ස්ලා ට සර්ලට කම්ප්ලේන් කරන්නෙ නෑ.ඉතින් ඕන දෙයක් වෙන්න ඇරලා එයාලත් බලන් ඉන්නවා.”

“එහෙනන් මම ඉස්සෙල්ලාම ගිහින් මේ ගැන කම්ප්ලේන් කරලා එයාලට එයාලගෙ ඩියුටි එක මතක් කරලා දීලා එන්නම්.”

“ආරු…..
යන්නෙ නෑ කොහෙවත්.”

එහෙම කියලා මේ සෙනේශ්කාරයා මාව අල්ලලා පුටුවෙන් වාඩි කෙරුවා.

“ඔයා කටවත් මුකුත් කියන්නෙ නෑ එච්චරයි.මේ දාගත්ත ලෙඩ හොදටම ඇති.”

“ඒත් සෙනේශ්…….”

“ජස්ට් ෂට් අප්.”

මේකා මෙච්චර සද්දෙට මට තර්ජනය කරන්නෙ කවුරු කියලා හිතාගෙනද දන්නෑ.මෙයාටත් චුටි අයියගෙ රාජකීය ඌෂ්නෙ වැදිලා වගේ.

————————————————————–

අපි තුන් දෙනා ස්කූල් ඇරුනම ගේට් එක ලගට එන්නෙ අනිත් අයට වඩා චුට්ටක් පරක්කු වෙලා.ඒ නිසා කෙන්ති ගිහින්ද චුටි අයියා මටත් රව රව එයාගෙ ගැන්සියත් එක්ක ගේට් එක ලග ඉන්නවා.

මං එනවා දැක්කා විතරයි මුං මගෙ පොත් වලට කරපු විනාසෙ ගැන පම්පෝරි ගහන්න පටන් ගත්තේ මහා හයියෙන් හිනාවෙවි.හරියට ලොකු හපන් කමක් කලා වගේ.

අමාරුවෙන් යටපත් කරලා තිබ්බ කේන්තිය ආයෙත් උඩට එන්න මහා වෙලාවක් ගියේ නෑ.සෙනේශ් මාව තදින් අල්ල ගද්දිම සෙනේශ් ගෙ අත් දෙකත් ගසලා දාලා මං උන් ලගට යන්න හැදුවේ.ඒත් කවදාවත් නැතුව උත්තරා මැද්දට පැනලා මාව ස්කූල් ගේට් එකෙන් එලියට බලෙන් වගේ ඇදගෙන ආවේ වෙච්ච අටවෙනි ලෝක පුදුමෙ නිසා මං ඇස් දෙකත් ලොකු කරන් ඉද්දි.

“උ…..උත්තරා ඇත්තටම මේ ඔයාමද…?”

“ඔව් මං තමයි.මං තමුන්ව ආසවට ඇදන් ආවෙ නෑ ආදිත්‍ය කිව්ව නිසයි කලේ.තමුසෙ දැන් වත් නාඩගම් නටන එක නවත්තනවා ඕවලින් ආදිත්‍යට යි ප්‍රශ්න ඇති වෙන්නෙ.”

කටර් එකක් වගේ ඒ ටික කියවන් ගිය උත්තරා මට එතනම ඉන්න ඇරලා ආයෙත් ඉස්කෝලේ ඇතුලට ගියා.මොකටද දන්නෑ අර ආඩම්බරකාරය මාව ඇදන් එන්න මෙයාට පැවරුවෙ.එයාටම කරන්න තිබ්බනෙ ඒක.

මතුසම්බන්ධයි

යාළුවනේ පොඩි ඉල්ලිමක් වගෙම පෙජ් එකේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් කරන ලොකු උදවුවක් කතාව රස විදින ඔයාලා like එකක් දාන්න වගේම කමෙන්ට් කරන්න අමතක කරන්න එපා එක පෙජ් එකෙ ඉදිරි ගමනට ගොඩක් වටිනවා ඉතින් අපි බලාපොරොත්‍තු වෙනවා පෙජ් එකට ආදරේ ඔයාලා අපිට උදවු කරයි කියලා

ස්තුතියි ඇඩ්මින් ආදරෙයි තවමත් 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *