****පළිගු **** 10

මං ආකාශ් අයියත් එක්ක කතා කරකර එනවා දැකපු චුටි අයියගෙ පාප මිත්‍රයො සෙට් එකගෙ ඇස් නලලෙ.ඇයි ඉතින් මෙයත් එයාලගෙ යාලුවෙක්නෙ.

“ආකාශයා උබට මොකද්ද මේකිත් එක්ක තියෙන කතාව…..?”

“මං දැන් ඒක උබලට එක්ස්ප්ලේන් කරන්න ඕනෙද…?”

“යකූ ඕකි අපිටයි,ආදියටයි චැලේජ් කරපු එකියෙක්.අපි මේ කුමාරිහාමි ට පාඩමක් උගන්නවා ලගදිම.”

ආකාශ් අයියා මන් දිහා බැලුවෙ මුන් කියන ඒවා ඇත්තද කියලා අහනවා වගේ බැල්මක්.මාත් ඉතින් හරි හුරතලෙන් ඔලුව වනලා ඔව් කිව්වා.ආකාශ් අයියගෙ මූණෙ ඇදුනෙ දගකාර හිනාවක්.

“මොකද උබ හිනාවෙන්නෙ….?
අපි කිව්වෙ හිනාවෙන්න තරන් දෙයක්ද….?”

“මේකයි මචං……”

ආකාශ් අයියා හැදුවෙ නෑකම දිගාරින්න.ඊට කලින් මං එයාගෙ අතින් අල්ලගත්තා.ආකාශ් අයියා හැරිලා බැලුවෙ ඇස් පුංචි කරගෙන.මාත් ඉතින් තොල් වලින් විතරක් ‘මුකුත් කියන්න එපා.’ කියලා කිව්වා.

“උබලා මේ කේස් එකෙන් ඈත් වෙලා හිටපන්.එච්චරයි කියන්න තියෙන්නෙ.මේ කෙල්ලට සීරිමක්වත් වෙලා තිබ්බොත් ආදියම උබලගෙ බෙල්ල මිරිකන්න බැරි නෑ.”

ආකාශ් අයියා මාත් එක්කම ක්ලාස් එකට ඇවිත් මගෙ පුටුව ඉස්සරහින්ම වාඩි උනා මදිවට අතින් ඇදලා ලගම තිබ්බ පුටුවෙන් මාවත් ඉන්දුවා.පන්තියේ උන්ට ඉතින් මැජික් වගේ.සෙනේශ් යි මිතුලි යිත් ඇස්දෙක කටේ දාගෙන බලන් ඉන්නො.

“හා සුදු නංගා දැන් කියන්නකො බලන්න අරුන් අර තරන් කුලප්පු වෙන්නතරන් ඔයා පෙරලපු බාල්දිය මොකද්ද කියලා.”

මාත් ඉතින් දැහැමෙන් සෙමෙන් වෙච්ච දේ විස්තර කලා.

“උන් ගැන නන් බයවෙන්න දෙයක් නෑ ආදි.අරූ කොහොමත් ඔයාට කරදරයක් වෙන්න දෙන්නෙ නෑ කියලා නන් මං හොදටම දන්නවා.”

“ඒක මමත් දන්නවා අයියේ මට තේරෙන්නැත්තෙ චුටි අයියා ඇයි මේ තරන් මගෙන් ඈතට යන්න හදන්නෙ කියලා.මාමි කරපු දේවල් වලට මගෙ වැරැද්දක් නෑනේ.”

“හේතුව ඒක නෙවෙයි ආදි.දැන් මෙතන හැමෝම අපි දෙන්නව ගිලින්න වගේ බලන් ඉන්නෙ ඒ නිසා මං දැන් යන්නන්.අපි මේ ගැන හවසට ගෙදරදි කතා කරමු නංගි.”

“හරි අයියේ එහෙනන් ඔයා දැන් යන්නකො මට තියෙනවා ප්‍රශ්න පත්තරේකට පිලිතුරු සපයන්න.”

මං කිව්වෙ හිනා වෙවී.මං කිව්ව පොල්ලෙන් ගැහුවා වගේ තේරිච්ච නිසාද කොහෙද ආකාශ් අයියගෙ මූණටත් ආවේ ලස්සන හිනාවක්.මං ඉතින් එහා පැත්ත හැරුනෙ ඊලඟ ජවනිකාවට සූදානම් වෙන්න.ඔය කවුදත් කියලා තියෙන්නෙ ජිවිතය රගමඩලකි අපි එහි රගන නලු නිලියෝ වෙමු කියලා.😉😉😉

______________________________________________

“හෝව් හෝව් ඔය දෙන්නටමයි මේ කියන්නෙ අහන්න තියෙන ඒවා ඔක්කොම එකපාර අහන්න එපා.ප්ලිස් වන් බයි වන් අහන්න හොදේ.’

එයාලගෙ මූණෙ තියෙන ප්‍රශ්න කෝටිය දැක්කම මං ඉතින් හිනාවෙලා කිව්වා.

“ඔයාගෙ හතුරො එක්කත් ඔයා දැන් යාලු වෙලාද ආරු….?”

“ඔයාලා ඔය අහන්නෙ ආකාශ් අයියා ගැන නන් එයා කවදාවත් මගෙ හතුරෙක් වෙලා හිටියෙ නෑ ඉස්සරහට වෙන්නෙත් නෑ කියලා සීයට සීයක් ම ෂුවර් කරලා කියන්න පුලුවන්.”

“ඒ කියන්නෙ ඔයා ඔය ආකාශ්ව කලින් දන්නව කියන එකද…?”

“ඔව් මං ආකාශ් අයියව දන්නෙ දනගාන කාලෙ ඉදලා.”

“එහෙනන් ඒකත් එක අතකට හොදයි ආරු.”

මිතුලි එහෙම කියද්දී මං ඒකිගෙ මූණ බැලුවෙ එහෙම කිව්වෙ ඇයි කියලා අහන්න වගේ.

“මෙකනෙ ආරු ඔය සෙට් එකෙන් හොදයි කියන්න පුලුවන් කෙනෙකුට ඉන්නෙ ඔච්චරයි.ඔයා එයාව ඔය තරම් අදුරන එකේ එයා ඔයාට කරදරයක් වෙන්න දෙන එකක් නෑ.”

මං ඉතින් ඒකට හිනා උනා විතරයි.ඕකට උත්තර දෙනවා නන් බර්ත් සර්ටිෆිකට් එකේ ඉදලා ඩෙත් සර්ටිෆිකට් එක වෙනකම්ම කියන්න වෙනවනෙ.

මතුසම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *