*****පළිගු**** 11

මිතුලියි,මමයි,සෙනේශ් යි තුන්දෙනාම ස්කූල් ඇරිලා බුක් සෙන්ටර් එකට ආවා ස්කෝලෙට ඔනේ පොත් වගයක් හොයා ගන්න.ඉස්කෝලේ ඇරිච්ච ගමන්ම මේ දෙන්නව ඇදගෙන ආවේ වෙනදා වෙලාවට එන්න හිටියා නන් මේ ගමන එන්න වෙන්නෙ අර මල සමයම උත්තරා එක්ක තමයි.ඇයි ඉතින් චුටි අයියා මට තනියම කොහෙවත් යවන්නෑනේ එයාගෙ හෙන්චයියෝ මාත් එක්ක තරහින් ඉන්න නිසා.

“මොකෝ බන් ආරු කඩිකුලප්පුව හැදුනා වගේ අපිවත් ඇදන් දුවන් ආවේ.වෙනදා වගේ හිමීට එන්න තිබ්බනෙ.”

“ආ මන් ඒ දුවගෙන ආවේ මහසෝනාටයි,මාර දූතියෙකුටයි බයේ බන්.”

“කාටද….?”

“උඹ කටවහගෙන ඔය පොත් ටික තෝරපන්කො මිතූ නැත්තන් කටට මැස්සො යයි.”

“පල ඉබ්බි යන්න.මේ බලන්නකො සෙනේශ්.”

මේකි ඒ ගමන අපේ කතාවට සෙනේශ්වත් ඇදලා ගත්තා.

“මේ ඔය දෙන්නගෙ රණ්ඩු වලට මම නෑ හරිද.මං ඕවට අත දැම්මොත් අන්තිමේදි ඔයාලා හොදයි මං නරකයි.”

කතාවෙන් කතාවෙන් රණ්ඩු වෙවී පොතුත් අරං අපි එලියට ආවා.

“ආදී…………”

මගෙ නම කියනවා ඇහුනෙ හුරුපුරුදු කටහඩකින් නිසයි මං තප්පරේට හැටේ වේගෙන් හැරිලා බැලුවෙ.මං ඉස්සරහා සිටියෙ කලින් මගෙ මාමා වෙලා හිටපු මනුස්සයා.තනියම නෙවෙයි එයාගෙ අලුත්ම ෆැමිලි එකත් එක්ක.

“ආදී දුව….
කොහොමද මැනික ඔයාට….?”

අවුරුදු ගානක් විදවපු ඒවල කේන්තිය උඩට ආවේ ඉබේටමයි.චුටි අයියා අද ඉන්න තත්වෙටයි,නැන්දිගෙ ඇස් වලින් උනන කදුලු වලටයි වගකියන්න ඕනෙ මෙයා කියලා මතක් වෙද්දි මගෙ කේන්තිය වැඩි උනා.ඒ කේන්තියෙන්මයි මං කතා කරේ.

“ඔය කටින් මගෙ නම වත්,මට දුව කියලා වත් කියන්න එපා.ඔහෙ මගෙ කවුරුත් නෙවෙයි.මගෙ මාමා කියපු එකා මැරිලා ගොඩක් කල්.ඌ මැරුනෙ මගෙ නැන්දිටයි චුටි අයියටයි ගින්දර දීලා වෙන ගෑනියෙක් ලගට ගිය දවසෙ.”

මම කියෙව්වෙ ඉන්නෙ පාරෙ කියලවත් ගානක් නැතුව.

“මං දන්නවා දුව ඔයා ඉන්නෙ මාත් එක්ක තරහින්.ඔයා ඔයාගෙ නැන්දිටයි,අයියටයි ආදරේ කරන තරමටම මට වෛර කරන්න පටන්ගෙන නේද මැනික.ඒත් මට මං කරපු හැමදේකටම හේතුවක් තිබ්බා දරුවෝ.”

“ඔයාගෙ හේතු ඔයාම තියාගන්න.මොකද ඔයාගෙ හේතු වලට බෑ අර විනාස වෙච්ච ජීවිත දෙක ගොඩ ගන්න.ඉස්සර පන්සලක් තරමට අහිංසක මගෙ චුටි අයියා මේ වෙද්දි රස්තියාදුකාරයෙක්.හැමෝගෙන්ම ඈත් වෙලා ඒ අහිංසකයා විදවනවා.ඒවා දිහා බල බල නැන්දි ඊටත් වැඩිය පිච්චෙනවා.තමුන් තමයි ඒ හැම දේකටම වගකියන්න ඕනෙ.ආයෙත් අපේ දෑහැට පේන්න එන්න එපා ගිය දිහාවකම උන් එක්කම ඉන්න එකයි ඇත්තෙ….”

මං කියලා ඉවර වෙන්නත් මාමගෙ අලුත් වයිෆ් කතා කරන්නයි හැදුවෙ.

“මුකුත්ම කියන්න හදන්න එපා.මගෙ නැන්දගෙ ඇස්වල කදුලු පිරෙව්ව තමුන් වගේ ගෑනියෙක් එක්ක මට කිසිම කතාවක් නෑ.”

එහෙම කියලා මං එතනින් එන්න ආවේ ප්‍රශ්න කෝටියක් මූණෙ පුරවගෙන බලන් හිටර්අරුන් දෙන්නවත් එතන දාලාමයි.

______________________________________

“තමුසෙ මොන මගුලකද ගියේ කියනවා.”

ගෙට ගොඩ වෙන්න හම්බුනේ නෑ මාව රිදෙන්නම තදින් අල්ලගෙන චුටි අයියා බෙරිහන් දෙනවා.වෙච්ච දේත් එක්ක අද මට මෙයා එක්ක රණ්ඩු කරන්න තරන් මූඩ් එකක් නෑ.ඔක්කොටම හපන් මෙයා මාව මාලු කෑල්ලක් වගේ හොලව හොලවයි ප්‍රශ්න අහන්නෙ.

“කතා කරනවා.තමුසෙගෙ කටේ පිට්ටු හිර වෙලාද…?
නැත්තන් බීරී වෙලාද මං කියන ඇහෙන්නෙ නැත්තෙ…?”

මෙයාලගෙ වැඩ නිසා අවුරුදු ගානක්ම හිතේ හිරවෙලා තිබ්බ පීඩනය,දුක සේරම කදුලු වෙලා ඇස් වලින් උතුරන්න මහා වෙලාවක් ගියේ.මගෙ කදුලු දැකලද කොහෙද චුටි අයියත් ෂොක් උනා.එයා දන්නවා මං ලේසියෙන් මොනාටවත් කදුලු හලන්නෙ නෑ කියලා.

මගෙ කදුලු තරන් මෙයා දකින්න අකමැති තවත් දෙයක් නෑ.මං එහෙමම අඩ අඩම අයියව බදාගෙන තවත් ඇඩුවා.

“මගෙ බෝනික්කි ඇයි පැටියෝ මේ අඩන්නෙ…?”

මෙච්චර දවස් ප්‍රතිපත්තියක් වගේ කරපු නපුරුකම් මගෙ කදුලු ඉස්සරහා අමතක වෙද්දි චුටි අයියා ඇහුවෙ ගොඩක් ආදරෙන්.ඒත් මං ඔලුව උස්සලා බැලුවා විතරයි ආයෙත් සේරම මකත් වෙලා වගේ.මාව එතනම දාලා උඩට ගියා.

මතුසම්බන්ධයි

යාළුවනේ පොඩි ඉල්ලිමක් වගෙම පෙජ් එකේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් කරන ලොකු උදවුවක් කතාව රස විදින ඔයාලා like එකක් දාන්න වගේම කමෙන්ට් කරන්න අමතක කරන්න එපා එක පෙජ් එකෙ ඉදිරි ගමනට ගොඩක් වටිනවා ඉතින් අපි බලාපොරොත්‍තු වෙනවා පෙජ් එකට ආදරේ ඔයාලා අපිට උදවු කරයි කියලා

ස්තුතියි ඇඩ්මින් ආදරෙයි තවමත් 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *