***පළිගු*** 12

කාමරේට ඇවිත් ඇද බදාගෙන මාත් කලේ හිතේ හැටියට අඩපු එක.අඩලා අඩලම මහන්සියට මට නින්ද යාගෙනයි ආවෙ ඒත් එක පාරම කවුරුහරි ඇද උඩින් වාඩි වෙනවා මට දැනුනෙ ලාවට වගේ.මේ මගෙ චුටි අයියා කියලා දැනගන්න මට ඇස් ඇරලා බලන්න උවමනා උනේ නෑ.මාත් ඉතින් නිදි වගේම හිටියා මෙයා මොනාද කරන්නෙ බලන්න.

ඇද උඩින් වාඩිවෙලා මෙයා මගෙ ඔලුව අතගානවා.මං නැගිටලා ඉද්දි මගෙ ලගටවත් එන්නෙ නැති මෙයා මං නිදිය ගත්තම ලගට වෙලා ඉන්නවා.

‘ඉන්නවකො චුටි අයියේ ඔයා ඔය හිතේ හිර කරන් ඉන්න ආදරේ එලියට ගත්තෙ නැත්තන් මං ඔයාගෙ බෝනික්කි නෙවෙයි.’

මාත් ඉතින් නිදිමතේ වගේ එහෙට මෙහෙට පෙරලිලා චුටි අයියගෙ ඔඩොක්කුවෙන් ඔලුව තියාගත්තා.අයින් කරයි කියලා හිතුවට මෙයා කලේ තවත් ටිකක් මාව එයාගෙ තුරුලට ඇදලා ගත්තු එක.මාව එහෙමම තුරුල් කරගෙනම මෙයා ෆෝන් එක කනේ තියාගත්තා.

“මචං ආකාශ් උඹ කොහෙද ඉන්නෙ….?”

මෙයා මේ ආකාශ් අයියට කෝල් කරන්නෙ ඇයි මේ හදිස්සියේ…?

“———————————“

“මොන වැඩක් තිබ්බත් කමක් නෑ ඒවා පැත්තකින් තියලා මෙහෙ වරෙන්.”

“—————————————————-“

“මගෙ කෙල්ල මොකක් හරි ප්‍රශ්නෙක ඉන්නෙ බන්.කවදාවත් නැතුව අද මාව බදාගෙන හොදටම ඇඩුවා.මට අහන්නත් බෑ හේතුව.”

“——————————————————“

“යකෝ මට බැරි නිසානෙ බොට එන්න කිව්වෙ.අර සෙනේශ් කියන එකා එක්ක රණ්ඩුවක්ද දන්නෙත් නෑ.උගේ අතේ එල්ලිච්ච ගමන්නෙ කොයි වෙලෙත්.”

“———————————————————“

“නෑ බන් මමත් හිතන්න කැමති නෑ මගෙ කෙල්ල වෙන එකෙක් ගැන හිතනවා කියන එක ගැනවත්.ඒත් මෙයාට මේ තරම්ම අඩන්න මං දන්න තරමින් වෙන හේතුවකුත් නෑ.හැබැයි වෙලා තියෙන්නෙ එහෙම නන් මං ඌව තියන්නෑ මගෙ කෙල්ලගෙ ඇස්වලට කදුලු දුන්නට.උඹ වරෙන් ඉක්මනට සමහරවිට උඹට කියයි සේරම.”

ඕ හෝ මෙයා හිතන් ඉන්නෙ මං සෙනේශ් එක්ක යාලුයි කියලද එහෙනන්.අනේ මගෙ ඊරිසියාකාරි චුටි අයියේ සෙනේශ් නෙවෙයි මාව අඩවන්නෙ ඔයයි.ඉන්නකො මං ඔයාට හොද පනිෂ්මන්ට් එකක් දෙන්නම් මේ කරන වැඩ වලට.

මං තව ටිකක් චුටි අයියට තුරුල් වෙලා ඇස් දෙක පියාගත්තා.ඇයි හත්තිලව්වේ මේ අවුරුදු කීයකට පස්සෙද මෙයා මාව මෙහෙම තුරුල් කරන් ඉන්නෙ.

______________________________________

කොයි වෙලාවෙ නින්ද ගියාද නන් මං දන්නෑ.ඒත් නැගිටිද්දි නන් මං හිටියේ චුටි අයියගෙ තුරුලෙ නෙවෙයි මගේ ඇද උඩ ටෙඩියවත් බදාගෙන.එයා මට ටෙඩියව තුරුල් කරවලා යන්නැති.

මං නිදිමතේ ම නොකා නිදාගත්ත නිසා තිබ්බ බඩගින්නට.මං පහලට එද්දිත් ආකාශ් අයියා ඇවිත් හිටියේ.

“ගුඩ් මෝර්නින් සුදු නංගි.”

මේ පට්ට හවස් ජාමේ මේකා ගුඩ් මෝර්නින් කියන්නේ මේකා බීලාවත් ද දන්නෑ වතුර කෝප්ප හත අටක්වත්.

“ඔයාගෙ ඇස් වලාකුළු වලින් වැහිලද ආකාශ් අයියේ…?”

“ඒ ඇයි බබා එහෙම අහන්නෙ….?”

“හවස උදේ වගේ පෙනිච්ච නිසා මං බැලුවෙ නමත් ආකාශ් නිසා ඇස්වල වලාකුළු පැටලිලාද කියලා.”

“පිස්සු කෙල්ල ඔයා නිදිමතේ ඇවිදන් ආපු හින්දයි එහෙම කිව්වෙ.”

“මට බඩගිනි මං කන්න යනවා.ආකාශ් අයියා කාලද ඉන්නෙ…?”

“මා යි,මූ යි දෙන්නම තාම කෑවෙ නෑ නංගි.එහෙනන් ඔයා අපිටත් එක්කම කන්න ලෑස්ති කරන්නකො.”

“හරි මං කෑම ටික මේසෙට තියන්නම් දෙන්නම ඇවිත් කන්න.”

මං කන්න පටන් ගනිද්දිම දෙන්නම ඇවිත් වාඩි වෙලා කන්න ගත්තා.චුටි අයියා නෙවෙයි වචනයක්වත් කතා කලේ.මමයි ආකාශ් අයියයි වල්පල් කියව කියව කෑවා.

සේරම අස් කරලා මං එලියට ගියේ පොතේ හැටියට දැන් ආකාශ් අයියා මාත් එක්ක කතා කරන්න එනවා කියලා දන්න.කිව්වත් වගේ මේ යකා නම් මැරෙන්නෑ ඔය එන්නෙ මොකකටද ඇදෙන මොකාද වගේ.

“සුදු නංගි ඔයාට තියෙන ප්‍රශ්නෙ මොකද්ද බබා….?”

“ඔයා ඕක අහන්නෙ දුවලා ගිහිල්ලා චුටි අයියගෙ කනේ තියන්න කියලා දන්නවා.ඒත් දැම්ම මේ ගැන චුටි අයියට කියන්න එපා ආකාශ් අයියේ.”

“නංගි ඔයා….?”

“මං දන්නවා චුටි අයියා ඔයාට එන්න කිව්වෙ ඒකට කියලා.අද මට දවල් මාමාව හම්බ උනා බුක් සෙන්ටර් ලගදි ඊටත් තනියම නෙවෙයි එයාගෙ අලුත් වයිෆුයි දරුවොයි එක්ක.”

“මොකද උනේ බබා…?”

මං ආකාශ් අයියට මුල ඉදන්ම සේරම විස්තර කරා.

“මේ ගැන දැනගන්න ඕනෙ නංගි.සමහරවිට අන්කල් කිව්වා වගේ එයාට සාධාරණ හේතුවක් තියෙන්නත් ඇති.අඩුම ගානේ ඒක සාධාරණ හේතුවක් නන් මූ අන්කල්ට වෛර කරන එකවත් නවතියිනෙ.”

“එවෙලෙ හිතට ආව තරහට මං ඒ දේවල් අහන්න නන් හිතුවෙ නෑ අයියේ.කොහොම උනත් මට ටික දවසක් දෙන්නකො ඒ ගැන මං හොයාගන්නන්.”

“ඔයා මේකට අතදාන්න එපා පැටියෝ.මේකෙන් ඔයාලගෙ හිත් තවත් පෑරෙන්න පුලුවන්.මම ම ට්‍රයි කරන්නන් අන්කල්ව කන්ටෑක් කරගෙන මේ දේවල් ගැන දැනගන්න ඔයා අප්සට් නොවී ඉන්න.ඔයා අවුල් වෙද්දි ඔයාට වඩා අර පිස්සා අවුල් වෙනවා.”

“මට නන් චුටි අයියත් එක්ක පුදුම තරහයි.මේ කොහෙවත් නැති ප්‍රශ්නයක් ඔලුවෙ තියාගෙන එයත් විදවනවා අනිත් මිනිස්සුන්ටත් රිද්දනවා.”

“මොන දේ උනත් ඌ ඔයාට පණටත් වැඩිය ආදරෙයි නංගි.මේ ඒක නෙවෙයි සෙනේශ් එක්ක මොකද්ද තියෙන කේස් එක ආ බබී අරූ ඊරිසියාවෙ මැරෙන්න හදනවා.”

“එහෙම කිසිදෙයක් නෑ ආකාශ් අයියේ සෙනේශ් කියන්නෙ හොද යාලුවෙක් ඊට එහා දෙයක් නෑ.ඒත් දැන් නන් මට හිතිලා තියෙන්නෙ ඊට එහා දෙයක් ඇති කරගන්න.”

“වට්….?
ආ යු මෑඩ්…?
අරූව පිස්සෙක් කරන්න ද හදන්නෙ…?”

“ඔව්.ඒක තමයි මට කරව ගන්න ඕනෙ.එහෙම ජෙලස් හිතිලා හරි කමක් මට ඕනෙ එයාම හදාගෙන ඉන්න ඔය ලිමිට් එක එයාම නැති කරලා දානවා දකින්න.මං සෙනේශ් ට ලංවෙලා ඉන්නවා දැක්කම එයාම ඒක කරයි.”

“උඹත් නංගෝ අනේ මන්දා බන් එකාට එකා දෙවෙනි නෑ උඹලා දෙන්නගෙ හිතුවක්කාර වැඩ.”

“ඔයාට වෙන අයිඩියා එකක් තියෙනවද එහෙනන් මෙයාගෙ විදවිල්ල නවත්තන්න පුලුවන්.”

“ඒකත් ඇත්ත.කොහොමත් ඔයාගෙ ආදරේට විතරයි පුලුවන් ඌව ආපහු හිටපු තත්වෙට ගේන්න.ආන්ටි යි මමයි ඒකට නොකල දෙයක් නෑ.ඒත් වැඩක් නැති උනා.එහෙනන් ඔයාගෙ ක්‍රමේට වැඩේ කරලා බලමුකො ම්ම්ම්.”

“දෙන් යු වේට් ඇන්ඩ් වොච් ආකාශ් අයියා වට් විල් අයි ඩු.”

ආකාශ් අයියා හිනාවෙනවා මගෙ හැටි දන්න නිසා.

“එහෙනන් දැන් ඉතින් ඔයා උඩට ගිහින් අරයට මොකක් හරි බොරුවක් කියන්න සෙනේශ් වත් පටලලා නැත්තන් පව්නෙ.”

මාත් ඉතින් එහෙම කියලා හිනාවෙවිම ගෙට ආවා.ආකාශ් අයියා තාම එතනට වෙලා ඉන්නවා චුටි අයියා පහලට එයි කියලා වෙන්නැති.බලමුකො චුටි අයියේ ඔයාගෙ බෝනික්කිගෙ ආදරේ ද,ඔයාගෙ මුරණ්ඩුකම ද දිනන්නෙ කියලා.පුංචි කාලෙදි වගේම ඔයාගෙ බෝනික්කිට පැරදිලා නම් පුරුදු නෑ තාම.

මතුසම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *