***පළිගු***  17

“චුටි අයියේ…..”

“ෂ්ෂ්ෂ්…..
මුකුත්ම කියන්න එපා බබා.මට මෙහෙමම ටිකක් ඉන්න ඕනෙ.”ආදිත්‍ය කොදුරන්නෙ කෙල්ලව තවත් තදින් තුරුල් කරගෙන.තුරුල් කරන් විතරක් නිකන් ඉන්නවා නන් බැරියැයි පරණ ඇරියස් වලට හරියන්නත් එක්කම චුටි අයියා මාව කිස් කරන්නෙ පිස්සුවෙන් වගේ.කොච්චර වෙලාවක් ගියාද කියලා චුටි අයියටවත් මටවත් සිහියක් නෑ.චුටි අයියා මාව ඇතෑරියෙ පහලින් ඇහිච්ච චුටි අයියගෙ යාලුවො ටිකගෙ කෑගැහිල්ල නිසා.

“මුන් නන් මාව කන්නම ඉපදිච්ච එවුන් ටිකක්.”චුටි අයියා හිනාවෙවි කියද්දී මං හිටියේ ලැජ්ජාවටම රතුවෙලා.

“අමේසින්…..
ඔහොම රතුවෙන්න එපා පැටියෝ පිස්සු වැටෙනවා මාව.මෙච්චර දවස් ලගට වත් ගන්නැතුව ඉවසන් හිටියට.දැන් මට මාවම කන්ට්‍රෝල් නැති වෙලා තියෙන්නෙ බොනික්කියේ.ඒ නිසා ඔහොම රතුවෙලා මාව අවුස්සගන්න එපා.”

එහෙම කියලා තවත් මාව තුරුලට ඇදලා ගත්තු චුටි අයියා තවත් දිග කිස් එකක් දීලා මාව ඇතෑරියා.මේ යන විදිහට ගියොත් මං මෙහෙ ඉන්න එක සෑහෙන ඩේන්ජරස්.හැයි යකූ මෙයාගෙ මෙ දැගලිල්ලත් එක්ක අපේ අම්මට බැරි වෙනවා නැන්දිට මාව යහතින් බාරදෙන්න.මෙයා යන්න ගිහිල්ලත් ආපහු හැරුනෙ ඇයිද මන්දා.මූණේ තිබ්බෙත් මහා ඕන්නැති හිනාවක්.

“ඔය රතුවෙලා තියෙන තැන් වැහෙන්න ඇදුමක් දාගන්නවා.අරුන් ටිකගෙ කටවල් ඇවිස්සුනොත් ඉන්න නෙවෙයි.”

ෂික් ඒක කියපු කැත මෝඩයා,මැට්ටා,බූරුවා.දන්න කියන ඔක්කොම නම් වලින් චුටි අයියට බැන බැන මං බාත් රූම් එකට ගියා.

______________________________________

වොෂ් එකකුත් දාගෙන පහාට ඇවිත් චුටි අයියා ඉන්නවා කියලවත් ගනන් ගන්නැතුව මං ගිහින් ආකාශ් අයියගෙ පුටු ඇන්ද උඩින් වාඩි උනා.චුටි අයියා වගේම ආකාශ් අයියත් බැලුවෙ ඇස් නලලෙ තියාගෙන.චුටි අයියගෙ ඇස්වල චුටි තරවටුවකුත් තිබ්බා ඉතින්.ඒත් මං නෙවෙයි ගානකටවත් ගත්තෙ.

“සුදු නංගි අතනින් ගිහින් වාඩි වෙයන්කො රත්තරනෙ අර බලපන් අරූ රවන හැටි.බයේ බෑ.”අකාශ් අයියා කිව්වෙ මට විතරක් ඇහෙන්න.මාත් ඉතින් ආකාශ් අයියට විතරක් ඇහෙන්න කෙදිරුවා.

“එතනින් වාඩි වෙන්න මට බයේ බෑ.”මං කියලා ඉවරවෙන්නත් කලින් බකස් ගාලා ආකාශ් අයියගෙ හිනාව එලියට පැන්නා.චුටි අයියා රවනවා ඉවරයක් නැතුව.මේක මාර ජෙලස් එකක්නෙ යකෝ.

“ඒකට කමක් නෑ මැනික උඹත් ආස නැතුව නෙවෙයිනෙ.අතනින් ගිහින් වාඩි වෙයන් අරූගෙ ඇස්වලට මාව පිච්චිලා අළු වෙන්න කලින්.”

“එයා චුට්ටක් ඔය ජෙලස් එකේ හිටප්වාවෙ අයියෝ මට රිද්දපුවටත් එක්ක.මේක නන් ජෝක් නෙවෙයි අයියේ සෙනේශ් ගැන පොඩ්ඩක් ටච් එකේ ඉන්න මට බයයි ආයෙත් චුටි අයියට මොකක් හරි කරදරයක් කරයි කියලා.”

මගෙයි ආකාශ් අයියගෙයි රහස් කතාව ඉවසගන්න බැරුවද කොහෙද චුටි අයියා නැගිටලා උඩට ගියා.පව් මගෙ ඊරිසියාකාරයා.ඒත් ඇත්ත කියලා මෙයාව තවත් කේන්ති කරන්න බැනේ.

“මමයි මුන් ටිකයි ඒ ගැන බලන්නම් සුදු නංගි.ගිහින් අරූව බලන්න මොන පිස්සුවක් නටයිද දන්නෑ.ඌ ඇත්තටම බයේ ඉන්නෙ ඔයාව නැතිවෙයි කියලා.”

“එයාට මාව නැතිවෙන්න නන් මං මැරෙන්න ඕනෙ ආකාශ් අයියේ.මං ගිහින් යාළු කරගෙන එන්නන් ඔය නපුරු මහාසෝනව.”

මතුසම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *