***පළිගු*** 19

ආදිත්‍ය නැගිටලා පල්ලෙහාට එද්දි කෙල්ල ආකාශ් එක්ක බැට්මින්ටන් ප්ලේ කරනවා.කොල්ලට චුටි ඊරිසියාවක් නොදැනුනා නෙවෙයි.කොල්ලා එහෙමම පිටිපස්සෙන් ඇවිත් කෙල්ලව තුරුල් කරගත්තා.කෙල්ලත් ඉතින් එහෙමම අනිත් පැත්ත හැරිලා කොල්ලගෙ බෙල්ල බදාගත්තා.

“ගුඩ් මෝර්නින් චුටි අයියේ.අර ඇද ලග තිබ්බ නෙල්ලි එක බීලද ආවේ…?”

කොල්ලත් පොඩි එකා වගේ ඔලුව කසනවා.

“ඒක තිත්තයිනෙ බෝනික්කි.ඔයා දන්නවනෙ මං ඕවා බොන්නෑ කියලා.”

“වෙනදට නොබිව්වට කමක් නෑ දැන් බොන්න ඕනෙ.”

“මොනාද පැටියෝ ඒවා තිත්තයිනෙ ගොඩක්.බොන්නම ඕනෙද….?”

“බොන්නම ඕනෙ නේද සුදු දුව.මෙන්න මං ගෙනාවා බොන්න මේක.සුදු දුව පුතාටමයි ඕක හැදුවෙ.”

“මොනාද අම්මා ඔයත් බෝනික්කිගෙ පැත්තෙද ඒ ගමන.”

“ඔයා දැන් අහන්නෙ දෝනි කියන දේවල් විතරනෙ ඉතින්.”

“අනේ එහෙම නෑ අම්මි.මං ඔයාට රිද්දුවා ගොඩක් සමාවෙන්න අම්මා.”ආදිත්‍ය අම්මගෙ තුරුල්ලෙ හුරතල් වෙනවා.ආරාද්‍යා අම්මගෙයි,පුතාගෙයි ආදරේ දිහා බලන් හිටියෙ ඇස්වල කදුලු පිරෙද්දි.

“මේ මේ අම්මගෙයි,පුතාගෙයි හුරතලෙන් කමක් නෑ.ඔයා මේක බොන්නම ඕනෙ.”

“අනේ බබා….”

“ඔයා මේක බොනවද නැද්ද…..?”ආරාද්‍යා එක පාරයි සැරෙන් ඇහුවෙ කොල්ලා පුංචි එකා වගේ මූණත් නරක් කරගෙන නෙල්ලි එක බිව්වෙ වහා බොනවා කියලා හිතාගෙන වගේ.

“වෙල්ඩන් සුදු නංගි.ඔහොම සැර නොකර මූ වගේ අපතයෙක්ව හදන්න බෑ.”සේරම දිහා බලන් හිටපු ආකාශ් කිව්වෙ හිනාවෙවී.

______________________________________

නැන්දායි,චුටි අයියයි,මමයි පන්සල් ආවා ගොඩ කාලෙකට පස්සෙ.උත්තරාට එන්න කියලා කිව්වත් බෑ කිව්ව නිසා අපි තුන්දෙනා විතරයි ආවෙ.අද නන් චුටි අයියගෙ රස්තියාදුකාර ලුක් එක නෑ.කලින් හිටපු අහිංසක කොල්ලා ආයෙත් ඇවිත්.

මල් පූජ කරලා වැදිලා සේරම ඉවර කරලා බුදුගෙට යන්න හදද්දි චුටි අයියා අතින් අල්ලලා මාව නතර කරගත්තා.

“චුට්ටක් ඉන්න බෝනික්කි මට ඔයා එක්ක කතා කරන්න ඕනෙ.සෙනේශ්ව බලන්න යන්න නොදුන්නට මාත් එක්ක තරහින්ද ඉන්නෙ පැටියෝ…?”

“තරහක් නන් නෑ චුටි අයියේ ඒත් මොන දේ උනත් සෙනේශ් මගෙ හොද යාලුවෙක් බලන්න නොගිය එච්චර හොද දෙයක් නෙවෙයි.ඒත් කමක් නෑ ඔයාගෙ හිත රිදෙන කිසිදෙයක් මං කරන්නෑ.”

“සොරි පැටියෝ මං ආත්මාර්ථකාමී උනා තමයි.එහෙම නොවී ඉන්න මට බෑ මැනික.අනික ඔයාට යන්න නොදුන්නට මං ආකාශ් එක්ක ඊයේ ඌව බලන්න ගියා.අඩුම ගානේ ඌවත් දන්නෙ නෑ ඌට ගහපු එකා කවුද කියලා.ඌව කලින් අදුරන එකෙක් නෙවෙයිලු.”

“ඒත් ගහන්න මොකක් හරි හේතුවක් තියෙන්නෙ එපැයිනෙ.අදුරන්නැති කෙනෙක් සෙනේශ්ට ගහන්නෙ ඇයි…?”

“එතන අපි නොදන්න මොකක් හරි අවුලක් තියෙනවා මැනික ගහපු එකා සෙනේශ්ට කියලා තියෙන්නෙ උගේ නංගිටයි,මල්ලිටයි පාඩුවෙ ඉන්න දියන් කියලා.මට තේරෙන්නැත්තෙ අපි දෙන්නට ඉන්න අපි නොදන්න අයියා කවුද කියලයි.”

“අයියා…..?
ඒක වෙන්න බැරි දෙයක්නෙ චුටි අයියේ.”

මතුසම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *