***පළිගු***  20

ඉස්කෝලේ යන්න ලෑස්තිවෙන්න ඕනෙ උනත් ඇදෙන් නැගිටින්න හිතුනෙ නෑ.මගෙ හිතේ තිබුනේ අපිත් නොදන්න අපිට ඉන්න අයියණ්ඩි කවුද කියලා.දිගට හරහට පෙරලලා හිතලා බැලුවත් නෝ අයිඩියා.අකමැත්තෙන් උනත් ඇදගෙන පහලට ආවා චුටි අයියා නොගියත් මම යන්න ඕනෙනෙ.උත්තරා නන් බලෙන්ම නැවතුනානෙ චුටි අයියව බලාගන්න කියලා ඉතින් මං මොකටද නිකන් ස්කූල් නොගිහින් ඉන්නෙ.

“අනේ චුටි දෝනි අද ඉස්කෝලේ යනවද මං හිතුවෙ අද ඉදී කියලා.”

“උත්තරා අක්කි බලෙන්ම බාරගත්තනෙ නැන්දි චුටි අයියව බලාගන්න එක.ඉතින් මාත් ඉස්කෝලේ නොගිහින් නතර වෙන එක තේරුමක් නෑනේ.මං ගිහින් අයියට මිස් වෙන නෝට්ස් ටික ලියලා ගෙනත් දෙන්නන්.”

මං එහෙම කිව්වා විතරයි චුටි අයියගෙ මූණ කොරහක් වගේ උනා.

“එහෙනන් දෝනි පරිස්සමට ගිහින් එන්නකො.දෝනි යනවා කියලා කලින් කිව්වා නන් අර ආකාශ් පුතාටවත් එන්න කියනවා දෝනිව එක්ක යන්න.”

“අනේ ආකාශ් අයියට කරදර කරන්න ඕනෙ නෑ නැන්දි මට තනියෙන් යන්න පුලුවන්.අනික මෙයාගෙ ගැන්සියටත් මාත් එක්ක අවුලක් නෑනේ දැන්.”

මං එහෙම කියලා යන්න හදද්දි චුටි අයියා අතින් ඇදලා මාව ලගට කරගෙන එහෙමම තුරුල් කරගත්තා.

“ඉක්මනට එන්න ගිහින් එන්න බෝනික්කි.මට පාලුයි ඔයා නැතුව.”

යන්න එපා කියන්න බැරිකමටද කොහෙද ගිහින් ඉක්මනට එන්න කියද්දී ඇස්වලට කදුලුත් ආවා.ඉතින් කොහොමද මේ අහිංසකයව දාලා යන්නෙ.ඒත් අද නන් නොගිහින් බෑ අපිවත් නොදන්න මේ අයියණ්ඩිව හොයාගන්න නන් අද මං ගෙයින් එලියට යන්නම ඕනෙ.

“හරි මගෙ චුටි මහත්තයො ඉක්මනට එන්නම් ප්‍රොමිස්.හවස ප්‍රැක්ටිස් ඉන්නෙත් නැතුව.”

______________________________________________

ගෙදරින් ස්කූල් යන්න කියලා එලියට බැස්සත් මං මේ යන්නෙ ආකාශ් අයියගෙ ගෙදර මේ ප්‍රශ්නෙ තනියම විසදන්න බැරි නිසා.ඒත් වැඩි දුර යන්න හම්බුනේ නෑ සෙනේශ් ඉස්සරහට ආපු නිසා.

“සෙනේශ් ඔයා මෙහෙ….?
කවද්ද ඩිස්චාර්ජ් කෙරුවෙ….?
ඔයාට හොදයි ද දැන්…..?”
මං අහපු ප්‍රශ්න වලට උත්තර නොදී මේන් මේකා හිනාවෙනවා.පිස්සන් කොටුවෙවත් ගිහින් දාන්න වෙයිද මන්දා.

“ඔය අහපු කොයි ප්‍රශ්නෙටද ඉස්සෙල්ලාම උත්තර ඕනෙ ආ පැටියෝ.”

“මං එදත් කිව්වා නේද පැටියෝ කියන්න එපා කියලා.අහපු ප්‍රශ්න වලට උත්තර නැතත් කමක් නෑ මං යනවා යන්න.බායි.”

“ඔහොම ඉන්න මං ඉස්කෝලේ ලගට යනකන් එන්නන් ඔයාගෙ තනියට මට අරුන්ව විශ්වාස නෑ තාම ඔයාට කරදරයක් කරයි.”එහෙම කියද්දී නන් කෙල්ලට සෙනේශ් ගැන දුක හිතුනා.

“සෙනේශ් ප්ලිස් මෙහෙම මං ගැන වදවෙන එක මට ආදරේ කරන එක නවත්තන්න.මං අයිති වෙන කෙනෙක්ට ප්ලීස් තේරුම් ගන්න.ඔයාගෙ ඔය ආදරේට මං සුදුසු නෑ.”

“මං ආදරේ කරන දෙයක් මං ලේසියෙන් අතෑර ගන්නෙ නෑ ආරු.”එහෙම කියලා අතින් ඇදලා මේකා මාව ලගට ගත්තේ නැතැයි.ඒත් ඊටත්වඩා ඉක්මනට තවත් කෙනෙක් මාව ලගට ඇදලා ගත්තා.මං ඇස් උස්සලා බැලුවෙ ඒ පාර මොකාද කියලා දැනගන්න.

‘ම…මගෙ දෙයියනේ.ඉන්න කෙනා දැක්කම මට හුස්ම ගන්නත් අමතක උනා.මේක වෙන්න පුලුවන් දෙයක්ද….?😮😮😮

මතුසම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *