***පළිගු*** 21

ලගට ඇදලා මාව තුරුල් කරන් හිටියේ චුටි අයියගෙම කාබන් කොපියක්.වෙනසකට කියලා තිබ්බෙ ඔෆිස් යන්න ඇදලා හිටපු කිට් එකයි,චුටි අයියට වැටිය වැඩිමල් කියලා පේන ලුක් එකයි විතරයි.ඒත් වෙන කෙනෙක් නන් දැක්ක ගමන් මේ දෙන්නව පටලගන්නවා.මේකා මාවත් තුරුල් කරගෙන සෙනේශ් දිහා බැලුවෙ ගින්දර පිටවෙන ඇස්වලින්.

“මම එදත් උඹට කිව්වා නේද මගෙ නංගිගෙයි,මල්ලිගෙයි දිහා ඇහැක් ඇරලවත් බලන්න එපා කියලා.එච්චර ගුටි කාලත් උඹ හැදුනෙ නැද්ද යකෝ.කාගේ හයියක් අරන්ද උඹ මගෙ නංගිගෙ ඇගට අත තිබ්බෙ…?”

මොනවා වෙනවද මන්දා මේ.මට නන් දැනෙන්නෙ ෆිල්ම් එකක් බලනවා වගේ.චුටි අයියා වගේම උනත් මෙයා කවුද ඇත්තටම….?

“ආරාද්‍යාගෙ ඇගට අත තියන්න මට කාගෙවත් අවසර ඕනෙ නෑ.මං ආදරේ කරන කෙල්ලව මට ඕනෙ වෙලාවක අල්ලන්න පුලුවන්.”

තවත් කතා නොකර මාවත් ඇතෑරලා මෙයා සෙනේශ්ගෙ බෙල්ලෙන් අල්ල ගත්තේ ආයෙත් අම්මා මුත්තා මතක් වෙන්න නෙලන්නද කොහෙද.ජීවිතේට දැකලා නැති කෙනෙක් උනත් පොඩිමවත් දුරස්ථ බවක් නොදැනුන නිසාම මං ඒ අතේ එල්ලුනේ මොන දේ උනත් සෙනේශ්ට මං නිසා තවත් ගුටි කන්න දෙන්න බැරි නිසා.

“පේනවනෙ තමුසෙ මෙච්චර දෙයක් කරලත් මෙයා කැමති නෑ තමුසෙ මගෙන් මැරුන් කනවට ඒ යන දිහාවක පලයන් දැන්.හැබැයි උඹව ආයෙත් මෙහෙම අහු උනොත් යහතින් යවන්නෑ කියලා මතක තියාගනින්.”
පුදුමයි මං වචනයක්වත් නොකිව්වත් මෙයා මාව අන්තිම දශමෙටම තේරුම් අරන්.

සෙනේශ්ව පැත්තකට තල්ලු කරලා මෙයා මාවත් ඇදගෙන ආවේ රෙඩ් කාර් එකට ලගට.

“ස්කූල් යනවා කියලා ඇවිත් ස්කූල් කට් කරලා කොහෙද මේ යන්නෙ කියනවා.”මෙයාගෙ ගනකම බලපල්ලකො චුටි අයියා ඇරුනම තාත්ති වත් මට මෙහෙම සැර කරන්නෑ.

“මං යන්නෙ ආකාශ් අයියගෙ ගෙදර.”මෙච්චර දේවල් දන්න කියන එකේ මෙයා ආක්වයියවත් නොදන්නවා වෙන්න බෑනේ.

“ඒ මොකටද…..?”

“මට උත්තර හොයන්න ඕන වෙලා තිබ්බ ප්‍රශ්නෙකට උදව්වක් ගන්න.ඒත් දැන් යන්න ඕන වෙන එකක් නෑ.ඒ ප්‍රශ්න වලට උත්තර ටික ඔයාටම දෙතෑහැකි.”

මං ඒක කියපු විදිහ නිසාද කොහෙද ඔලුව ඇල කරලා මේකා ලස්සනට හිනාවෙනවා.චුටි අයියගෙ ඇක්ෂන්මයි හැයි යකු මාවත් කන්ෆියුස් වෙනවනෙ මෙහෙම උනාම.

“හරි බබා උත්තර දෙන්නම් සේරටම ඒත් දැන් නෙවෙයි.දැන් ඔයා ස්කූල් යන්න ඕනෙනෙ හවසට මං ඔයාව ස්කූල් එක ලගින් පික් කරගන්නන්.”

“හවසට නෑ මට මේ දැන්ම දැනගන්න ඕනෙ.”

“පුදුම හිතුවක්කාර කෙල්ලෙක් මේකි නන් චුටිට දෙවෙනි නෑ.”තරවටු හඩකින් කිව්වවත් මොකද ඒක පුරාම තිබ්බෙ ලොකු ආදරණීය බවක්.

“එහෙම තමයි මං.කෝ කියන්න ඔයාගෙ මහා ලොකු තොරණෙ විස්තරේ මට හදිස්සියි.”

“ස්කූල් යුනිෆෝර්ම් එකෙන් මෙතන මාත් එක්ක කතා කරලා ප්‍රශ්නයක් දාගන්නද ඕනෙ…?”

“ප්‍රශ්ණයක් ඉස්කෝලෙන් අස්වෙන්න බැරි යැයි.මේක දැනගන්න එක ඊටවඩා වටිනවා.”

“එහෙනන් ඉතින් කාර් එකට නගින්න මං සේරම කියන්නන්.”

______________________________________

“මගෙ අම්මා සදමාලි කරුණාරත්න…..”

ඒ නම ඇහෙද්දි ම මට දැනුනෙ වොට් තිස්තුන්දාහක කරන්ට් එකක් වැදුනා වගේ.ඒ තරහින්මයි මං එයා දිහා බැලුවෙ.මගෙ කේන්තිය තේරිච්ච නිසාද කොහෙද මේකා මගේ අත්දෙකෙන්ම අල්ලගත්තා මං කාර් එකෙන් බැහැලා යයි කියලා හිතාගෙන.ඔව් ඉතින් නොකරන කෙනෙක් නෙවෙයි මං.මෙයා නන් මං ගැන ඒ ටු ඉසෙඩ් දන්නවද කොහෙද.

“ප්ලීස් නංගි බබා කේන්ති නොගෙන මං කියන දේ අහන්න.මගෙ අහිංසක අම්මට ඔය තරම් වෛර කරන්න එපා මැනික ඔයාට පව් පිරෙයි.”මාත් ඉතින් මෙයාගෙ අත ගසලා දාලා සංසුන් වෙලා වාඩි උනේ මෙයාගෙ කතාව අහන්න.

“අප්පච්චි මගෙ අම්මට ගොඩක් ආදරේ කලා.ඒත් ආච්චි අපේ අම්මට කැමති වෙලා නෑ.ආච්චි බලෙන්මයි අප්පච්චිට චුටි මල්ලිගෙ අම්මව බන්දලා දුන්නෙ.ඒත් ඒ වෙනකොටත් මං අම්මගෙ බඩේ කියලා අප්පච්චිවත්,අම්මාවත් දැනන් ඉදලා නෑ.ඔයාලා මොනවා හිතුවත් බැන්දට පස්සෙ අප්පච්චි චුටිගෙ අම්මට කිසිම ද්‍රෝහි කමක් කලේ නෑ.මගෙ හැමෝගෙම සතුට ගැන හිතලා අප්පච්චිගෙන් ඈතට ගිහින් මාව තනියම හදාගත්තා.ගොඩක් දුක් වින්දා මං වෙනුවෙන් ඒ අහිංසක ගෑනි.ඒත් හිතපු නැති විදිහට දවසක් අප්පච්චි අම්මවයි,මාවයි දැක්කා.එයාට එයාගෙ ලේ අදුරගන්න වැඩිවෙලාවක් ගියේ නෑ.මගෙ අහිංසක අම්මට ඕනෙ උනේ නෑ ඔයාලගෙ ජීවිත වලට එන්න ඒත් හර්දසාක්ෂියක් තියෙන කිසි කෙනෙකුට බෑ තමන්ගෙ ආදරෙයි,තමන්ගෙම ලේ යි දුක් විදිනවා බලන්න අප්පච්චිට උනෙත් ඒක.අප්පච්චි ඕනෙ උනේ නෑ චුටිගෙ අම්මට ද්‍රෝහි වෙන්න.ඒත් එදා එයා දැක්ක දේ නිසා හැම දෙයක්ම හදන්න බැරි විදිහටම වැරදුනා.”

කතාව අහලා ඉවර වෙද්දි මගේ ඇස්වලින් වැටෙන කදුලු වලට සීමාවක් තිබුනේ නෑ.

“ඔයා තාම මටයි මගෙ අහිංසක අම්මටයි වෛර කරනවද බබා…?”

ඒකට උත්තර දෙන්න තරම් මං හිටියේ හොද මූඩ් එකක නෙවෙයි.

“මට යන්න ඕනෙ.”මං කිව්වෙ එච්චරයි.මට ඇහුනෙ එයා හූල්ලන සද්දෙ විතරයි.

“මම ඔයාව ගෙදරට දාන්නන් තනියම යන්න එපා.”

“ගෙදර නෙවෙයි මාව ආකාශ් අයියගෙ ගෙදරින් දාන්න.”මං කිව්වෙ එච්චරයි.

මතුසම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *