***පළිගු***  23

“දෝනි අයියගෙ නම දන්නවද මැනික ඔයා ….?”මාමා මගෙන් අහන්නෙ හිනාවෙවි.මං ඉතින් නෑ කියන්න ඔලුව වැනුවා.

“දන්නවද දෝනි අයියගෙ නම ආරාද්‍ය.මමයි සදමාලියි කතා කරගෙන හිටියෙ පුතෙක් හම්බුනොත් ආරාද්‍ය කියලයි,දුවෙක් හම්බුනොත් ආරාද්‍යා කියලයි දානවා කියලා.ඒත් හැමදේම හිතපු නැති විදිහට වෙනස් උනා.මං ලොකු පුතා ගැන දැනන් හිටියේ නෑ ඒත් එයා පුතාට ආරාද්‍ය කියලා දාලා තිබුනා.ඔයා ඉපදිච්ච දවසෙ දෝනි මට දැනුනෙ මගේම දුවෙක් වගේ ඒකයි මං ඔයාට ආරාද්‍යා කියලා නම තිබ්බෙ.”

ඒක ඇහුවම නන් මගේ ඇස්දෙක එලියට පනින තරම් වෙන්න ඇති.නම් දෙකේ වෙනසට තිබ්බෙ සර්නේම් එකයි එක ඇලපිල්ලකුයි විතරයි.

“එහෙනන් ඉතින් අපිට දැන් ආදිලා දෙන්නෙක් නෙවෙයි තුන් දෙනෙක් ඉන්නවා.”ආකාශ් අයියත් කියන්නෙ හිනාවෙවි.

“දෝනි මැනික ලන්ච් එකට ඉන්නවා නේද පැටියෝ.”

“අනේ මට ඉන්න වෙන්නෙ නැ ආන්ටි.”මං එහෙම කිව්වා විතරයි එයාගෙ මූණ දුකෙන් පිරුනා.ඒ මං නැන්දා නොකියා ආන්ටි කිව්ව නිසාද ලන්ච් වලට ඉන්න බෑ කිව්ව නිසාද මන්දා.කොහොම උනත් කවදාවත් මට එයාට නැන්දා කියලා නන් කියන්න බැරි වෙයි.

“අනේ මුකුත් හිතන්න එපා ඔයාලා.මං කන්න ඉන්නැත්තෙ අකමැති නිසා නෙවෙයි.මං අනිවාර්යයෙන්ම වෙන දවසක ආන්ටි අතින් උයපුවා කන්න එන්නම්.අද මං චුටි අයියට ප්‍රොමිස් උනා හවස ක්ලාස් ඉන්නෙත් නැතුව ඉක්මනට එනවා කියලා.ලන්ච් ගන්නෙත් නැතුව බුම්මගෙන ඇද බදාගත්තු ගමන් ඇති මං එනකන්.පව්නෙ ඉතින් මගෙ අහිංසකයා අනික චුටි අයියා බඩගින්නෙ ඉද්දි මට කැවෙන්නෑ.”

“පේනවද අම්මා මෙයා චුටිට කොච්චර ආදරේ ද කියලා.අනේ ඉතින් පව් මං කවුරුවත් මට ඔච්චර ආදරේ නෑනේ.”ආරාද්‍ය අයියා කියවන්නෙ පුංචි එකාවගේ මූණත් හපුටු කරගෙන.

“අයියෝ ලොකු අයියේ ජෙලස් වෙන්න එපා අෆ්ෆා ඔයත් ඉක්මනට හොයාගන්න ලස්සන නෑනා කෙනෙක් ඉවරනෙ.”

“වෙන කෙල්ලො ආදරේ වෙයිද බබා.තමන්ගෙ ම නංගිවත් අයියට ආදරේ නැති කොට.”

“කවුද කිව්වෙ මං මගෙ ලොකු අයියට ආදරේ නෑ කියලා චුටි අයියට තරම් නැතත් ලොකු අයියටත් ආදරෙයි ඉතින් මං.”
ඇහැකුත් ගහලා මං ඒක කිව්ව තාලෙට හැමෝටම හිනා.

ටිකක් වෙලා ඉදලා හැමෝගෙන්ම සමු අරන් එලියට එද්දි කට්ටියගෙම මූණු අවුල් වෙලා.

“ඔයාලා මූණු නරක් කරන් ඉන්නෙ හරියට මට සදහටම නේන්න යනවා වගේනෙ.ඔක්කොමත් හරි ඔයාලා මහා අඩන බබාලනෙ මනුස්සයෙක් ගෙයින් එලියට බහිනකොට ඔහොම මූණූ එල්ලන් ඉන්න හොදද මං අහන්නෙ…?”

ඉනටත් අත්දෙක තියාගෙන මං ඒක කියපු තාලෙට කට්ටියගෙම මූණු වලට හිනාවක් ආවා.ඇති යාන්තම් නැත්තන් දිගටම මුණූ ටික එල්ලන් ඉදීවි.

______________________________________

යුනිෆෝර්ම් ගෙදරින් ගිය මං කැෂුවල් කිට් එකකින් ගෙදර එද්දි උත්තරාගෙයි,චුටි අයියගෙයි ඇස් නලලෙ.ආකාශ් අයියත් ඒ විදිහටම හිටපු නිසා ඒ ෆීල් එක ඩබල් වෙන්නැති.මූණත් රකුසෙක් වගේ කරන් චුටි අයියා කට ඇරියේ බනින්නද කොහෙද.ඊටකලින් මං ඉස්සර උනා.ඇයි යකෝ වැරැද්දක් නැතුව හැමදාම බැනුන් අහන්න පුලුවන් කාටද..?

“ප්ලීස් චුටි අයියේ බනින්න නන් එපා.ඔයාට කෑගහලා බනින්න තරම් දෙයක් මං කලේ නෑ.ස්කූල් නොගිය එක විතරයි.මං සේරම විස්තර කරන්නන් ඒත් මට චුට්ටක් හුස්ම ගන්න දෙන්න.උදේ ඉදන් මගේ හුස්ම වැටුනද කියලා මටම ෂුවර් නෑ.”

කෝච්චිය වගේ ඒ ටික කියාගෙන ගිහින් එහෙමම ගිහින් මං චුටි අයියට තුරුල් වෙලා ඇස්දෙක පියාගත්තා.

“මේන් වැන්දා මෙතන එයිටීන් ප්ලස් සීන් පෙන්නන්නැතුව උඹලා විසදගන්න දෙයක් කාමරේට ගිහින් විසදගනින් මෙතන ඉන්න පොඩි උන්ව නරක් නොකර.”

“දැන් මෙතන ඉන්න පොඩි එකා උඹද….?”චුටි අයියා ඒක ඇහුවෙ තරහෙන් වගේ.

“මොකද යකෝ උඹ මට පුප්පන්නෙ.සුදු නංගිගෙන් අහගනින් ගිහින් වෙච්ච දේවල්.මී හරකා ඊරිසියාවෙ මැරෙන්න හදනවා.උඹේ රෝස මල මං ගන්නෙ අහවල් රෙද්දකටද බන්.”යකා නැග්ග පාර ආකාශ් අයියගෙ කටින් පිටවෙච්ච දේවලට ලැජ්ජ හිතිලද කොහෙද චුටි අයියගෙ මූණ රතු උනා.

චුටි අයියා මාව උඩට ඇදන් ආවෙ කේන්තියෙන්.

“බෝනික්කි මට කියනවද ඔයා මේ කරන දේවල් වල තේරුම කියලා.”

“සේරම කියන්නන් චුටි අයියේ ඒත් ඊට කලින් ප්‍රොමිස් වෙන්න ඒ කියන දේවල් වලට ඔයා අවුල් වෙන්නෙවත්,තරහා ගන්නෙවත් නෑ කියලා.”

“බබා ඔයා…….”

“ප්‍රොමිස් වෙන්න මට ප්ලිස්.”

“හරි ප්‍රොමිස් දැන් කියන්න මට ඔයා කරපු දේවල්.”

මං ඒ ටු ඉසෙඩ් සේරම විස්තර කලා.

මතුසම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *