***පළිගු***  25

මාමාවයි,සදමාලි ආන්ටිවයි මේ ගෙදරට ගෙන්නන් නැන්දි අකමැති උන නිසාම අපි එහෙ යන්න ලෑස්ති උනා.ගේ ඉස්සරහටම ආවත් නැන්දි ගේට් එක ලගට හිටන් හිටියේ ඇතුලට යම් දෝ නොයම් දෝ කියලා හිත හිත.ඇත්තනෙ ඉතින් කොයි තරම් අමාරු තත්වෙකටද ඇතුලට ගියාම මූණ දෙන්න වෙන්නෙ.තමන්ගෙ සැමියා බලන්න සැමියගෙ කලින් ගර්ල්ෆ්‍රෙන්ඩ් ගෙ ගෙදර යනවා කියන්නෙ පොඩි වේදනාවක් නෙවෙයි.චුටි අයියා හිටියෙත් හොදටම අවුලෙන්.මං දෙන්නගෙම අතින් අල්ලගත්තා එයාලට ශක්තියක් වෙන්න වගේ.

“අම්මා,චුටි මල්ලි එන්න සුදු නංගිත් එක්ක ගෙට එලියට වෙලා ඉන්නැතුව.ආකාශ් වරෙන් උඹත්.”ආරාද්‍ය අයියා නන් නැන්දිට කටපුරා අම්මා කියලා කතාකරේ.ඒත් චුටි අයියට නන් කවදාවත් සදමාලි ආන්ටිට අම්මා කියලා කියන්න බෑ කියලා මං හොදටම දන්නවා.

“මට සමාවෙන්න නිර්මලා ඔයාට ද්‍රෝහි උනා නෙවෙයි මං.මට මගේම ලේ අමතක කරන්න බැරි උනා නිර්මලා.ඔයා දැන්වත් මට සමාව දෙනවද….?”

අපි සේරම හොදින් විසදුනා කියලා හිතන් හිටියට එහෙම නෑ කියලා දැනුනෙ නැන්දිගෙ කටින් ඊලඟට පිට වෙච්ච වචන නිසා.

“ඔයාට ඔයාගෙ ලොකු පුතාගෙ ඇගේ දුවන්නෙ ඔයාගෙ ලේ කියලා මතක තිබ්බට.මගේ අහිංසකයාගෙ ඇගේ දුවන්නෙත් ඔයාගෙම ලේ කියලා ඔයාට අමතක උනා වාසුල.ඔයා හොදටම දන්නවා පුතූ මටත් වැඩිය ලංවෙලා හිටියෙ ඔයාට.ඔයා පොඩ්ඩක් වත් හිතුවද ඔයා කරන කියන දේවල් ඒ අහිංසකයාට කොහොම බලපායිද කියලා.”

“මං දන්නවා නිර්මලා මගේ අතින් වැරැද්දක්…..?”

“තව වචනයක්වත් කියන්න එපා වාසුල හැමදාම කතා කලේ ඔයානෙ මං කලේ අහගෙන හිටිය හිටිය එක විතරයි.ඒත් අද කතා කරන්නෙ මම ඔයා අහගෙන ඉන්න.ඔයා කරපු දේ නිසා මගෙ අහිංසක දරුවා ගොඩක් විදෙව්වා.කාටවත් නොපෙනෙන්න හැමදාම හොරෙන් ඇඩුවා.ජීවිතේට නොකරපු හැම වැරැද්දක් ම කරන්න පටන් ගත්තා.මගෙ අහිංසකයා විනාස උනේ ඔයා හින්දා.සුදු දුව නොවෙන්න මේ වෙනකොට මගෙ දරුවා රස්තියාදුකාර මැරයෙක් වෙන්න තිබ්බා තමුන්ගෙ වැඩ නිසා.ඔයා මට කරපු දේට මං ඔයාට සමාව දෙනවා වාසුල ඒත් මගේ පුතා විදපු වේදනා වලට මං කවදාවත් ඔයාට සමාව දෙන්නෑ.”

“නිර්මලා මෙ අහන්න…..”

“ඔයා අපේ කතාවට අත දාන්න එපා සදමාලි.ඔයා එක්කවත් මේ දරුවා එක්කවත් මගෙ කිසි තරහක් නෑ.ඔයාලා වාසුල එක්ක ඔයාලගෙ ජීවිතේ සතුටෙන් ගෙවන්න.මං එයාව ඔයාලගෙන් උදුරගන්නෙ නෑ.මං වාසුලට ඩිවෝර්ස් එකත් දෙන්නම්.නැත්තන් ඒක ඉස්සරහට ලොකු පුතාට ප්‍රශ්නයක් වෙයි.මට මගේ දරුවාගෙයි ලොකු පුතාගෙයි කිසිම වෙනසක් නෑ.දරුවෝ අතර සහෝදරකම් වලට මගෙන් බදාවක් නෑ සදමාලි.ඒත් වාසුල ආයෙත් එහෙ එන්න ඕනෙ නෑ.”

“මන් කියන දේ අහන්න නිර්මලා වෙච්ච හැම වැරැද්දක් ම මං හරි ගස්සන්නම් මට එක අවස්ථාවක් දෙන්න.”

“ඔයාට ආපහු හැරෙන්න බෑ වාසුල ඔයා ඔය පාරේ දිගටම යන්න මං ගැනවත්,පුතා ගැනවත් වද වෙන්න එපා.පහුගිය කාලේ හිටියා වගේම ඉස්සරහටත් අපිට අපි ගැන බලාගන්න පුලුවන්.දැන් මං ඇස්දෙක පියාගන්න උනත් බය නෑ.මොකද මගේ පුතා ලගින් හෙවනැල්ලක් වගේ සුදු දුව ඉන්නවා කියලා මං දන්නවා.”

නැන්දිගෙ කතාවට හැමෝගෙම ඇස්වල කදුලු පිරුනා.

“ඔයා මොනාද නැන්දි මේ කියන්නෙ තාත්ත්වත් නැති වෙච්ච අහිංසකයට ඔයා අම්මවත් නැති කරන්නද හදන්නෙ…?
ඔයා එයාගෙන් ඈත් උනොත් මගෙ ආදරේටවත් එයාව ජීවත් කරවන්න බැරිවෙයි.වීකාර කියවන්න එපා ඔයාට එහෙම අපිව දාලා යන්න දෙන්න බෑ.”

මං නැන්දිට තුරුල් උනේ අඩාගෙනම.චුටි අයියා ඇවිත් අපි දෙන්නවම එක්කන් එලියට ආවේ මාමා දිහා බලන්නෙවත් නැතුව.පව් හරි ආසාවෙන් හිටියේ හැමදේම විසදිලා ආයෙත් මාමා ගෙදර එනවා දකින්න.

“චුටි පුතේ…..”

“මුකුත් කියන්න එපා තාත්තා.මං ඔයාට සමාව දුන්නා.ඒත් අම්මිගෙ අකමැත්තෙන් ඔයා එහෙ එන්න හදන්න එපා.සමහරවිට ඒකෙන් මට මගේ අම්මවත් නැති වෙයි.”හැරිලාවත් නොබලා ඒ ටික කියපු චුටි අයියා අපිවත් ඇදගෙන එලියට ආවේ ඇස්වලින් කදුලු වැටෙද්දියි.එලියට ඇවිත් නැන්දි අයියව තුරුල් කරගත්තෙ අඩ අඩ.

“මට සමාවෙන්න පුතු ආයෙත් පාරක් ඔයාට ඔයාගෙ තාත්තව අහිමි කරාට මේ අම්මට සමාව දෙන්න පුතේ.මේ දුක අපි විදගමු රත්තරන් ඒත් මොන හිතකින්ද ඒ කුරුලු කූඩුව කඩලා දාන්නෙ…?
මේ ආත්මෙ දෙවෙනි පාරටත් මට ඒ පාපකර්මෙ කරන්න බෑ පුතේ.”

“සමාව ඉල්ලන්න එපා අම්මා මොන දේ අහිමි වෙලා ගියත් ඔයාගෙ ආදරෙයි ,බෝනික්කියි මං ලගින් ඉන්නකන් මොන දේ නැති වෙලා ගියත් මම වැටෙන්නෑ අම්මා.ඔයාලා දෙන්නගෙ ආදරේ විතරක් හොදටම ඇති මට ජීවත් වෙන්න.”

මතුසම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *