***පළිගු*** 28

මොනවා වෙන්න යනවද මන්දා චුටි අයියා එහෙමම මාව ආරාද්‍ය අයියගෙ තුරුලෙන් ඇදලා එයා ලගට ගත්තා.මාව සෙල්ලම් බඩුවක් වගේද අෆ්ෆා මෙයාලට පේන්නෙ.

“ආදිත්‍ය අතෑරපන් ඔය කෙල්ලව.”

“මගේ ගෑනි වෙන්න ඉන්න එකීව මං අල්ලන් ඉන්නෙ.ඒකට උඹෙන් අවසර ඕනෙ නෑ ආරාද්‍ය.”

“පළිගුව උඹට ලියලා දීලා නෑ.උඹ තමයි මගේ ජිවිතේ හැමදේම උදුරගත්තෙ.මගෙ අම්මා සැහෙන දුක් වින්දා උඹගෙ අම්මා අපෙන් අප්පච්චිව උදුරගත්ත නිසා.අප්පච්චිගෙ ආදරේ මට නැති කලේ උඹ.උඹ මගෙන් උදුරගත්ත ඒ සේරටම හරියන්න මං පළිගුව උඹෙන් උදුරගන්නවා.ඒකිගෙ ආදරේ අයිති මට විතරයි.මං උඹට ඒකිව අයිතිකරගන්න දෙන්නෙ නෑ.උඹ මොනවද හිතුවෙ සහෝදරයා උඹට තියෙන ආදරේට මං සෙනේශ්ට ගැහුවා කියලද…..?
උඹට වැරදිලා මං එහෙම කලේ ඌව මගෙ පළිගුගෙන් ඈත් කරන්නයි,පළිගුගෙ විශ්වාසෙ දිනාගන්නකනුයි විතරයි.”

දෙයියනේ මට මේ ඇහෙන්නෙ මොනවද…?මේ තරම් කපටි වෙන්න පුලුවන්ද මිනිස්සුන්ට.බලන් ගියාම සෙනේශ් මීට වැඩිය දහස් ගුණයක් හොදයිනෙ.මාව අල්ලන් හිටපු චුටි අයියගෙ අත ගසලා දාපු මං අඩියට දෙකට ආරාද්‍ය ලගට ගිහින් ආරාද්‍යගෙ කම්මුලට ගැහුවා.ආරාද්‍ය මං දිහා බැලුවෙ පුදුම වෙලා වගේ.

“ඔයා මට අත ඉස්සුවේ මූට තියෙන ආදරේ හින්ද්ද ආආ බබා…?”

“ඔව් ආදරේ තමයි.හොදට අහගන්නවා ආරාද්‍ය මං හිතුවෙ තමුසෙ මගෙ ලොකු අයියා කියලා.ඒත් මට වැරදුනා මේ මොහොතෙ ඉදන් ඒ සහෝදරකන් සේරම ඉවරයි.මං ඊයේ ආදරේ කරෙත් චුටි අයියට විතරයි හෙට ආදරේ කරන්නෙත් චුටි අයියට විතරමයි.ඔයා වගේ දහයක් ආවත් ඒ ආදරේ වෙනස් වෙන්නෙවත් , අඩුවෙන්නෙවත් නෑ.මගෙ චුටි අයියට තමුන් නිසා පුංචි රිදීමක් හරි උනොත් මං කවදාවත් තමුසෙට සමාවක් දෙන්නෑ.”

“ඔයාගෙ සමාව මට එපා බබා මට ඕනෙ ඔයාගෙ ආදරේ.ඒක මං හොදින් හරි නරකින් හරි ගන්නවා.”

“ඒකට නන් උඹට කරන්න වෙන්නෙ එලොව ගිහින් තමයි යකෝ.අපි ඉන්නකන් ආදිත්‍යට වත්,චුටි නංගිටවත් මුකුත් කරන්න උඹට ඉඩතියන්නෑ බ***.”

හත්තිලව්වේ චුටි අයියගෙ පාපමිත්‍රයො ටික මෙතෙන්ට කොහෙන් කඩා වැදුනද මන්දා.චුටි අයියා මාවත් ඇදගෙන පැත්තකට යද්දි එයාලා ආරාද්‍යව වටකරගත්තා.

“චුටි එයාලා මොකද්ද අර…..?”

“අරූ මැරෙනවට ඔය තරම් අකමැති නන් උගේ තුරුල්ලටම යනවා.නැත්තන් කටවහගෙන මාත් එක්ක එනවා.”

______________________________________________

චුටි අයියා ඉන්නෙ පුදුම තරහාකින්.එන මග දිගටවත් වචනයක්වත් කිව්වෙ නෑ.මාවත් ඇදගෙන කාමරේට ඇවිත් එහෙමම දොරත් ලොක් කරලා මාව ඇදට තල්ලු කරා.

“කියනවා මොනවද මේවල තේරුම කියලා.”අතේ තිබ්බ ෆෝන් එක මගේ ලගට විසි කරලා චුටි අයියා කෑගැහුවෙ ආවේස වෙලා වගේ.ෆෝන් ස්ක්‍රීන් එක දැක්කම මගේ හුස්ම හිර උනා වගේ.එදා ආරාද්‍ය සෙනේශ් එක්ක රණ්ඩු කරපු දවසෙ මාව තුරුල් කරන් හිටපු ටික ෆොටෝ ගහලා ඒ මදිවට කොෆි ෂොප් එක මගෙ අතින් අල්ලන් ඉන්න ෆොටෝස්‍ වගේම මට තුරුල් වෙලා අඩපු ඒවල ෆොටෝසුත් තියෙනවා.ඒ සේරම එවලා තිබ්බෙ ආරාද්‍යගෙ නම්බර් එකෙන්.යකෝ මූව මැරුවත් මදිනෙ.චුටි අයියගෙන් මාව ඈත් කරන්න මෙච්චර ලොකු මාස්ටර් ප්ලෑන් එකක්…?

“චුටි අයියේ මේ ෆොටෝස් බොරු කියලා මං කියන්නෑ.ඒත් ඔයා මේවා තේරුම් අරන් තියෙන විදිහ වැරදියි.මං කියන්නෙ බොරු කියලා හිතෙනවා නන් අර දොර කඩන්න හදන ආකාශ් අයියව ඇතුලට අරන් එයාගෙන් අහන්න මේ දේවල් ගැන ඔයා කලබල වෙයි කියලා ඔයාට නොකිව්වට මේ හැමදෙයක් ගැනම ආකාශ් අයියා දන්නවා.මං මේ දැන් ගිය ගමන පවා ආකාශ් අයියට කියලා ගියේ.”

“මං ඔයාව අවිශ්වාස කරනවා නෙවෙයි මැනික.මං කොහොමද මේ වගේ දේවල් දකිද්දි ඉවසන්නෙ.කියන්න බබා.මගෙ කෙල්ල වෙන එකෙක්ගෙ තුරුල්ලෙ ඉන්නවා දකිද්දි ඉවසන්නෙ කොහොමද… ?

මතුසම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *