~~~පිනි වරැසා 01~~~ – Hiru

සීතල වතුර බිංදු හිසේ සිට දෙපතුල දක්වාම
ගලාගෙන යද්දි කෙල්ල නැන්ද දිහා බැලුවෙ
උතුරා යන ලැජ්ජාවකින්…..

නැන්ද නාවද්දි බිමට වැටෙන සුදු මල් අතට
අරගත්තෙ හිතට දැනෙන අමුතුම හැඟීම්
නිසයි……

නාවන අතරතුරේ බිමට වැටෙන සුදු මල්
අතේ තියාගෙන මලුත් එක්ක හිනාවෙන කෙල්ල
දිහා සමිතා බලාගෙන හිටියෙ හරිම ආසාවෙන්….

මගෙ දූ…
ම්…..

මගෙ දූත් හරියට ඔය සුදු පාට මල් වගේ …..
හරිම ලස්සනයි …..
මල් වගේම පිරිසිදුයි…..
අද ඉඳන් මගෙ දූ පුංචි ලමයෙක් නෙමෙයි …..
දැන් ඉස්සර වගේ ජීවිතේ ගැන සැහැල්ලුවෙන්
හිතන්න බෑ ……

මගෙ දූව කවදහරි හොද පිරිමි ලමයෙකුට මං
බාරකරනකම් මේ හිටිය වගේම හොද ලමයෙක්
විදිහට හැදෙන්න ඕනෙ …..

වීදුරුවක් බිම වැටිල බිදුනොත් බිඳුනමයි දූ…
ඒවගේමයි ගෑනු දරැවෙකුත් කවදහරි තමංගෙ
මහත්තය ලඟට යනකම්ම පිරිසිඳුව ඉන්න ඕනෙ….

එතකොටයි පවුල් ජීවිතේ සාර්ථක වෙන්නෙ….
විශ්වාසය ,ආදරේ ,සමගිය පවුලෙ ඇතිකරගන්න
පුලුවන් ……

මගෙ දූ දැන් පුංචි ලමයෙක් නෙමෙයිනෙ …..
අවුරැදු දාහතක් වෙනව…..
එ්කයි මං දූට බය නැතිව මේ දේවල් කියා
දෙන්නෙ …..
මගෙ දූට තේරැනා නේද……

සමිත කෙල්ලගෙ ඔලුව අතගාල ඇහුවෙ
ගොඩාක් ආදරෙන් ……

කෙල්ල බිම බලාගෙන ඔලුව වැනුවෙ හරිම
ලැජ්ජාවෙන්….

ඇය නමින් විසිනි තෙරැන්යා….
වැඩිවියට පත්වුණේ ගොඩක් පරක්කුවෙලා….
මේ ගැන ඇඟේ නැන්දනිය වු සමිත හිටියෙ
ගොඩාක් බයවෙලා…..
දොස්තරලට පවා විසිනිව පෙන්නුවේ වැඩිවියට
පැමිණීම පමාවීම නිසා ……
දැන්නම් ඇගේ හිතට සැනසීම වගේම සතුටත්
ඉතිරෙන්න ලැබිලයි තියෙන්නෙ …..

සමිත දන්නව කෙල්ලට හැමදේම සමිත විතරයි
කියල ……
ඒකනිසා සමිත කෙල්ලගෙ හිතට කවදාවත්
දෙමව්පියන්ගෙ අඩුව දැනෙන්න දුන්නෑ…..

විසිනිට දෙමව්පියෝ කව්රැවත් නෑ ….
කෙල්ල ජීවත් වුනේ නැන්ද එක්ක …..
ඇය නැන්දගෙන් ඇහුවාම අම්මටයි තාත්තටයි
මොකද වුනේ කියල …..
ගොඩාක් වෙලාවට ඇය නිශ්ශබ්දයි…..
ඒත් කෙල්ලගෙන් බේරෙන්න බැරිමතැන ලඟකදි
කිව්වෙ අනතුරකින් දෙන්නම නැතිවුණා කියල…

ඒත් කෙල්ල ඒ ගැන කොච්චර විස්තර ඇහුවත්
නැන්දගෙන් කිසිම ප්‍රතිචාරයක් තිබුනෙ නෑ …
කෙල්ල ආයිමත් නැන්දගෙන් ඒ ගැන අැහුවෙ
නැත්තෙ නැන්ද ඒ ගැන අහනගානෙ ඇස්වල
කඳුළු පුරෝගෙන ඉකිබිදින නිසයි ……

සමිත කෙල්ලව නාවල ලස්සන රෝස පාට
ගව්මක් අැන්දුව…..
ඊට පස්සෙ කරාබු දෙකක් කනට දැම්ම ……

ඇහැට උනන කඳුලැලි ඉක්මනින් පිස දැම්මෙ
කෙල්ල දකියි කියල…….

මගේ නංගිත් අද හිටියනම් කොච්චර සතුටු වෙයිද
දෙයියනේ ……..

මුළු හිතම රිදුම් දෙද්දි සාරි පොටින් ගලන කඳුළු
පිහදා ගත්ත …..

කෙල්ල සමිත ලඟට ඇවිත් සමිතගෙ කඳුළු
පිහදාල ඇයට දන ගහල වැන්ද…..

රත්නත්තරේ පිහිටයි මගෙ කෙල්ලට……
මට කියන්න තියෙන්නෙ මෙච්චරයි…….
දූ හැමදාම සංවරව තමන්ගෙ චරිතෙ රැකගෙන
ජීවත් වෙන්න ……
මගෙ මැකිකට බුදු සරණයි …..
හැමදාම සතුටින් ඉන්න ඕනෙ …..

සමිත එහෙම කියල කෙල්ලගෙ දෙකම්මුල් සිප
ගෙන විසිනිව අතින් අල්ලගෙන ඉස්සරහට එක්කගෙන ගියා……

ඉස්සරහට යනකොට දැනුන ලැජ්ජාව නිසාම
කෙල්ල බිම බලාගෙන ගියේ…..

ඒත් ඔලුව උස්සනකොටම දැක්ක රෑපය නිසා
හිත ගැස්සිල ගියා…….

Likes ,comments වලට thanks
යාලුවනේ …..
හෙට දිග කොටසක් දාන්නම් …
cover එක ලස්සනට හදලා දුන්න Sam Nilu ගොඩක් ස්තුතියි ඔයාට 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *