***–මාංචු–***(අවසාන කොටස)

පොලිසිය හිටියේ දේව්ව වට කරගෙන.හැමෝම වගේ දේව්ගේ යාලුවෝ් හිටියේ.දේව්ගේ වෙලාවටම අතුකෝරළ ආවා එතනට.කට්ටියම තිළිණිව ඉස්පිරිතාලෙට එක්ක ගියා.පොලිසියවත් දේව් පිට වැරද්ද පටවන්න සුදානම් බවක් පෙනුනේ නැහැ.ඒකයි දේව් නිදැල්ලේ තිළිණි එක්කන් ගිය අය පස්සේ යන්න ගියේ.

“ගොඩක් අමාරුයි.පේෂන්ව ඔපරේෂන් එකකට ගමු…”

දොස්තරලාගේ අනුදැනුම මත තිළිණව ඔපරේෂන් එකට යොමු කරා.දේව් වගේම හැමෝම හිටියේ කලබල වෙලා.පොලිසියේදි කල්ප ලග හිටපු නිසාද මංදා තිළිණගේ කොලු පැටියා සිද්ධිය දැක්කේ නැහැ.කල්පටත් කවුරුත්ම ඒ ගැන කිව්වේ නැහැ.ඒත් කල්පට ඉවෙන් වගේ දෙයක් සිද්ධවෙනවා කියලා හිතුනා.

“ඩොක්ටර්….ලෙඩාට..”

පැය ගානක සැත්කමක් නිම කරලා එලියට එන දොස්තරලා අතරින් කෙනෙකුගෙන් අතුකෝරළ ඇහුවා.කොල්ලා හිටියේ වෙච්ච දේ හිතා ගන්න බැරිව.සරූ කොල් ගත්තත් ඒකයි දේව් ආන්සර් කරේ නැත්තේ.

“හලොව්…”

“දුව…බිස්නස් වැඩක ඉන්නේ.පස්සේ ගන්නම්”

අතුකෝරළ දේව්ගේ අතේ තිබ්බ ජංගම දුරකථනය උදුරලා වගේ අරගෙන සරූට කතා කරා.කෙල්ල ටිකක් කලබල වෙලා හිටියේ.ඒත් කෙල්ලට ඕන වුනේ ⁣දේව් එක්ක කතා කරන්න.වැඩක් කියලා අතුකෝරළ ඒක හෙමීට මග හැරෙව්වා.

දේව් ගේ හිත කිව්වේ තිළිණි මැරෙයි කියලා.ඒ ගැන හිතලා දේව් කනගාටු වුනා.ඒකයි දේව් එහෙමම පොලිසියට ආවේ.

“සර් …මං බාරවෙනවා..මට මාංචු දාන්න.”

ස්ව කැමැත්තෙන්ම භාරවුන නිසා පොලීසිය දේව්ට මාංචු දැම්මා.ඒත් අතුකෝරළගේ අදහස වෙනස් වුනා.අතුකෝරළ දේව් වෙනුවට මාංචු දාගන්න ලැස්තිවුනා.උසාවියෙන් කොල්ලට නඩුවක් ෆයිල් වුනේ කල්ප නිසා.කල්ප දේව්ට විරුද්දව නඩුවක් දාපු නිසා කොල්ලට ආයෙත් හිරේට යන්න නියම වුනා.කොල්ලා හිරේට ගියා.

***********************************

කාලය ගතවුනා.දහසක් බොරු කියලා සරූගෙන් මේ රහස හැංගුවත් ඒක වැඩි කල් හංගන්න බැරිවුනා.

එදා දේව් ට උසාවි දවසක්.සරූට විස්තරේ ආරංචි වෙද්දි දරු පැටවු දෙන්නත් එක්කම කෙල්ල උසාවියට ආවා.ඉෂුකි සරූගේ ගවුමේ එල්ලිලා බලන් ඉද්දි කිසි දෙයක් නොතේරෙන දේව්ගේ පුතා දැගලුවේ දෙව් ලගට යන්න.දෙව් හිටියේ සරූ මුලින්ම දැකපු දවසේ වගේ අත්වල මාංචු පටලවගෙන.කෙල්ල ලගින දෙව් යද්දි කෙල්ල දන්නෙවත් නැතුවම ඒ ඇස් එකිනෙක හසුවුනා.ඒදා ඒ පලමු හමුවිම වගේ අාගන්තුක ආදරණීය බැලමක් අදත් දෙන්නගෙම ඇස්වල තිබ්බා.

“මැණික මං ඉක්මනට එනවා.මගේ පැටවු දෙන්න බලාගන්න.”

කෙල්ල ඇඩුවා මිසක් ඒ ඇස් මග ඇරියෙම නැහැ.ජේලර්වරුන්ගේ ආරක්ෂාව මැද දේව් වේදනාවෙන් හිත පුරවන් ගියේ දරු දෙන්නගේ හුරතල් මූණත් අතගානගමන්.
කෙල්ලගේ ඔලුව අත ගෑවේ ඊටත් පස්සෙයි.කදුලු පිරෙන ඒ ඇස් මග ඇරලා දේව් ගියේ අඩන්න බැරිකමට.

දරු දෙන්නත් එක්කම සරූ ගෙදර ආවේ කදුලු සගවගෙන හිතත් හයිය කරගෙනමයි.දේව් වෙනුවෙන්, දරු දෙන්නා වෙනුවෙන් කෙල්ල හැමදේම ඉවසුවා.ඒත් දේ්ව් මතක් වෙද්දි සරූගේ අැස් අග කදුලු බිංදු පිරුණා.දරු දෙන්නට ඒ දුක නොදැනෙන්න සරූ ශක්තිමත්වුනා.

“අම්මි..”

“ඇයි ඉෂූ..”

“මේ…අම්මි…එතකොට මේ තාත්ති..”

“එතකොට කවුද මේ ඉරක් වගේ තියෙන්නේ.. මොකක්ද දු.. ඒ..”

“අම්මි ඒ මල්ලි බබා…”

“හික් හි හී….”

සරූට හිනා ..කෙල්ල දෝණි පැටියව තුරුලු කරන් හිනාවුනා.කෙලි පැටික්කිට හොදටම හිනා.දැන් ඉෂුකි පෙර පාසල් යනවා.දේව් නැතිවුනත් විදුර සේරම හොටෙල් එකේ වැඩ බැලුවා.ඒ නිසා හොටෙල් එකේ වැරදි වැඩ වුනෙත් නැහැ.දන්නෙම නැතුව අවුරුද්දකුත් ගෙවුනා.

“අම්මී…”

ඉෂුකි කලබල වෙලා චිත්‍රපොතේ ඇදලා තිබ්බ දේව්ගේ අත්දෙකේ රවුම් දෙකක් ඇන්දා.

“මොකද්ද දෝණි ඒ කරේ..”

“අම්ම්, තාත්ති එදා ඒවා දාගෙන හිටියේ.”

“ඒ වුනාට දුව..හෙට තාත්ති ඒවා ගලවලා දාලා චුටි දුව ගාවට එනවනේ..”

“මක්කේ කෝ…පවු එයාට ⁣ඒවා රිදෙනවා ඇති.මගේ තාත්ති හෙට එනකම් දෝණිට ඉවසිල්ලක් නැහැ.අම්මි ⁣දෝණිත් එනෝ තාත්ති එක්ක එන්න.හෙට මට පෙර පාසල් යන්න බා….”

එහෙම කියලා ඉෂුකි දිවත් කටින් එළියට දාගෙන ඇද කරගෙන මකනවා ..කෙලි පැටික්කි ඇදලා තියෙන්නේ මාංචු දෙකක් .දේව් හෙට නිදහස් වෙන නිසා කෙල්ල ඒවා මකලා දැම්මා.

“හා රත්තරං ….අපි යමු දැන් නිදාගමුකෝ ..”

*************************************

අද දේව් නිදහස් වෙනවා.කොල්ලට ඇප ලැබුන නිසා ⁣නිදහස්වෙන්න හම්බුනා.කල්ප තිළිණි මැරුණට පස්සේ දරුවත් එක්ක ඩුබායි ගියා.කල්ප දැන් එහේ සුද්දියක් එක්ක යාලුවෙලා කියලා විදුර තමා දේව් ට කිව්වේ.ජේලර්වරයෙක් දේව්ගේ මාංචු ගැලෙව්වා..ඉෂුකි එතනට දුවගෙන වගේ ඇවිත් මාංචු දෙක ඉල්ල ගත්තා.

“තාත්ති..මේ මොනවද..”

“මේ තමයි…මාංචු..වැරදි කරම දාන්නේ..”

“අනේ…නා…මගේ තාත්ති වැරදි කරන්නේ නා.මාංචු කියන්නේ තාත්ති නැතුව ඉන්න බැරිවෙන්න අංකල්ලා දාන රවුම් ඒවා..ඒවා දාන්නේ තාත්තිව අපෙන් අෑත් කරන්න.මේවා නිසා අම්මි රෑට හැමදාම අඩනවා.තාත්ති මතක්වෙලා..කවුරුත් දල්ලෑ ඒවා.

ඉෂුකි එහෙම කියලා තරහෙන් මාංචු කුට්ටම විසිකරේ රැස්ව හිටපු සියල්ලන්ම පුදුම කරමින්.සරූට කදුලු ආවේ ඉෂුකි ගේ හුරතල් වුත් අවංක කතාවට.දේව් බැලුවේ සරූ දිහා.දේව් වෙනුවෙන් හඩා වැඩුනු සරූගේ ඇස් ඉදිමිලා තියනවා දේව් දැක්කා.පැටික්කිව වඩාගෙන කොල්ලා ගියේ සරූ ලගට.සරූ හිටියේ ජනිතුව වඩාගෙන.

පුතු පැටියා එක්කම සරූව වැලදගත්ත දේව් එහෙමම කෙල්ලව පපුවට තද කරගත්තා.කෙල්ලගේ නලලේ සුමුදුවට හාදුවක් තියලා කොල්ලා එහෙමම තවත් සරූව වැලදගත්තා.

“මං නැතුව ගොඩක් දුක් වින්ද නේද මැණික.ආයේ කවදාවත් මේ මංචු දාගන්න තැනට වැඩ සිද්ධ වෙන්න මං ඉඩ තියන්නේ නැහැ රත්තරං .කවදාවත් මේ පැටුන්ව වත් මගේ මැණිකව වත් මං තනි කරන්නෙ නැහැ.මේක පොරොන්දුවක් මැණික.”

“ඔයා ඒක තේරුම්ගත්ත එකම ඇති මහත්තයෝ.මේ දු පැටියා ,ඔයාගේ පුතු පැටියා.ඒ කාවවත් තනි කරන්න එපා මහත්තයෝ.”

කෙල්ල හිටියේ රටක් රාජ්‍යයයක් හම්බුනා වගේ සතුටනින්. ඒකයි එහෙම කියලා දෙනෙතට නැගුන කදුලු අතරින් සරූ දේව්ව තවත් බදාගත්තේ.පුතු පැටියා දැගලුවේ දේව් ලගට යන්න.කොල්ලා පැටියවත් අනික් අතට ගද්දි කෙල්ල පස්සට වුනා.දේව් ඇස්වලින් කෙල්ලවත් ලගට අඩගහලා ගත්තා.

කාලය ගෙවිලා ගියා.කෙල්ලට තවත් චුටි පුතු පැටියෙක් හම්බෙන්න ඉන්නේ දැන්.ඒ ජිවිත වලට කාගෙවත් ඇස්වහක් නම් වැදුනේ නැහැ.ගොඩාක් ආදරෙන් පැටව් තුන්දෙනා එක්ක දේ්ව් සරූවත් බලාගත්තා.චුටි ඉෂුකිට සරූගෙන් තොර ලෝකයක් නැතිවුනා.දේව් වුනත් ගෙදර ආවම පැටවු ටිකයි සරූ යි එක්ක අමුතුම ලෝකෙක හිටියේ.ඒ තරම් ජිවිතේ රසවත් කියලා කොල්ලා දැනගෙන හිටියේ නැහැ.සරූ හරි ලස්සනට දේව්ට ජිවිතේ කියාදුන්නා.ජිවිතේ ලස්සන කරා.දේව් සරූගෙයි දරුවන්ගෙයි ජිවිත ලස්සන කරන්න කැපවුනා..ඒ ආදරේ මාංචු නැත්වම ලස්සනට ගලා ගියා.

******——අවසානයි——******

අවසානය තෙක් මං එක්ක හිටපු යාලුවෝ හැමෝටම තැන්කු වේවා. 

One Comment

  1. අද තමයි කතාව කියවලා ඉවරකරේ. හරිම ලස්සනයි ඔයාගේ කතාව. Good luck writer 🩷💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *