***—–මාංචු—–***(03 කොටස)

***——-මතු සබැදිි——–***

කෙල්ලව දැක්කෙ නැති නිසාද මංදා කොල්ලා පාඩුවේ සිංදුව කියනවා.එතකොටම කල්පයා කොල්ලට වැලමිටින් ඇනලා පෙන්නුවේ කෙල්ලව.අන්න එතකොටම කොල්ල ලස්සනට තාලේ අල්ලන් ආපු සිංදුව එහෙමම හිනියට වගේ නැවැත්තුවා.කොල්ලෝ ටිකගේ සද්දෙත් නැවතුනේ සිරිවර්ධන සර්ත් ඉන්නවා දැක්කම.

“කවුද යකෝ මේ..”

“අඩේ පට්ට කෑල්ලක්නේ බැහැලා තියෙන්නේ..”

“බලපන් මුණ නිකන් වාත්තු කරලා වගේ.”

“කවුද යකෝ මේ සදවතිය”

සිරිවර්ධන සර් කෙල්ල ලග නිසා කොල්ලෝ ටික එක එකාට මුමුනලා වගේ කියා ගත්තේ කෙල්ල දිහා බලන ගමන්.එතකොට සිරිවර්ධන සර් කෙල්ලට මොනවද කිව්වා.

“පුතා ..මේකේ ඉන්නේ තරමක් දුරට ලොකු වැරදි කරපු ක‍ටිටිය.සමහරු නම් මේ බොරු වැරදි වලට පැටලිච්ච තරුණ කොල්ලෝ.පවු අහිංසක ජිවිත ඉතිං.හැමදේම තිරණය වෙන්නේ නඩුව කැරකෙන පැත්ත අනුව තමයි.”සිරිවර්ධනග‍ේ කතාවට ඇහුම්කන් දෙන ගමන් කෙල්ල බැලුවේ කොල්ලා දිහා.සුදු කොට ෂර්ට් එකක් වගේ බන්ධනාගාර ඇදුමට කොට කලිසම ඇදන් හිටපු කොල්ල උදේ දැක්ක කෙනා නේද කියලා කෙල්ල අදුරගෙන තිබ්බේ.ඒ ඇස් දිලිසෙනවා කෙල්ල දැක්කා.ඇස්වලින් මොනවද කියන්න වගේ කොල්ල වශි වෙලා බලන් හිටියේ.

“පුතාට කාටද කතා කරන්න ඕන..”

“අර ලස්සන කොල්ලට…”එහෙම කියන්න හිතුනත් කෙල්ල මොහොතකට ගොලු වුනේ බිම බලාගෙන කල්පනා කරමින්.

“ඉන්නකෝ පුතා එහෙනම්.හොද කොල්ලෙක් ඉන්නවා මං කතා කරන්නම්. පුතා ඔතන ලියන මේසේ තියන කාමරේට යන්නකෝ.”සිරිවර්ධන පෙන්නුවේ දයාරත්නගේ කාමරේ.දයාරත්න තමයි මේ සිරකුටියේ භාරකරු.දයාරත්න වැඩ වගේකට යන්න ගියේ කෙල්ලට වාඩ්වෙන්න කියාගෙනමයි.

වටපිට බලබලාම කෙල්ල බාගෙට වගේ පුටුවට බර වුනේ චකිතයක් හිතට ආරෑඩ කරගෙනමයි.එහෙමම ඇස් උස්සලා වගේ බලපු කෙල්ල ගැස්සිලා ගියේ දෙව්ගේ ඒ ඇස් තමා දෙසටම ලංවෙලා තියනවා දැක්කම.

“පුතා ඔන්න මේ කොල්ලා උදව් කරයි ඔයා‍ට.හිත හොද කොල්ලා.”එහෙමයි සිරිවර්ධන කෙල්ල ලගට ඇවිත් මිමිණුවේ.සිරිවර්ධන ලග අහිංසකයා වගේ හිටපු දේව් වාඩ් වුනේ සිරිවර්ධන කොල් එකක් ඇවිත් එළියට ගිය නිසා.කෙල්ල බැලුවේ බෝගම්බර හිරගෙදර අයිතිකාරයා වගේ ඇවිත් වාඩ්වුන කොල්ලා දිහාව.පැත්තකින් ඇතින් වගේ කොල්ලාව එක්ක ආපු බන්ධනාගාර සහකාර නිලධාරියත් වාඩ්වෙලා ඇහැ ගහන් හිටියේ කොල්ලා දිහාවට.

මංචු දාපු ඒ ලස්සන අත්දෙක මේසේ උඩට තියාගෙන කොල්ල හිටියේ කෙල්ල අහන්න යන දේ මොකක්ද කියලා හිතාගන්න බැරිව.

“මොනාද දැනගන්න ඕන.”

කෙල්ල ලත වෙනවා වගේ දැනුන නිසා දේව් කෙලින්ම ඒ ඇස් දිහාව බලගෙනම අහනවා.කෙල්ල හීතල වෙලා ගියා.මොනා වුනත් මේ ඉන්නෙත් අපරාධකාරයෙක් නේද කියලා කෙල්ලට හිතුවා.ඒත් යටි හිතනම් තාමත් ඒක පිලිගන්න ලැස්ති නැහැ.ඒකයි කෙල්ලගේ බය හිනියට පහවෙලා ගියේ.

“නම කියන්න..”

කෙල්ල ලියාගන්න වගේ පෑන අරන් අහනවා.කෙල්ලට පුදුම ඒ වචන ටික කටින් පැනපු එකට.

“යකෝ..මේකි. නම් ගම් විස්තර අහගෙන මාව තව නඩුවකට පටලන්නද දන්නෙ නැහැ හදන්නේ.බලමුකෝ මොකාටද එන්නේ කියලා.

“සදෙව්..”
කෙල්ල අකුරු බෝල කරලා ලස්සනට ලියා ගන්නවා.

“හිටියේ කොහෙද…”

“කොළඔ..”

“මොකටද දැන් මේවා අහන්නේ.”..එහෙම අහන්න හිතුනත් කොල්ල ආයෙත් නිකන් හිටියා.ඒත් කෙල්ල විස්තරේ ලස්සනට කියද්දි නම් කොල්ලා ගල් ගැහිලා වගේ අහන් හිටියේ වචන ගලපන ගමන් හැඩ කර කර කියන තොල් පෙති දිහා..කෙල්ල ඒක දැක්කා.එහෙමම කෙල්ල කියන්න ගිය එක ගිලිහුන නිසා කොල්ලාගේ දැහැන බිදුනා.

“ඇයි මිස් ..කියන්න..”ගානකට නොගෙන කොල්ල කියද්දි යන්තම් ඉතුරු වචනත් ගැටගහන් විස්තරේ කෙල්ල කියලා ඉවර කරා.දේව් ට ආසයි කෙල්ලගේ මේ වැඩේට.ඒකයි දේව් අහන හැම දේටම නොපැකිලි උත්තර දුන්නේ.ටිකක් ආඩම්බර කාර වගේම නපුරුත් නිසා කෙල්ලව බය වුනේ සමහර ප්‍රශ්න වලට කොල්ලා උත්තර කියපු විදියට.

මංචු අත් දෙක එක ලගට අරන් එකතු කර ගන්නවා දිග අරිනවා මිසක් කොල්ලට ඒ අත් දෙක නිදහසේ හසුරන්න නම් බැරිවුනා.කෙල්ලට තේරුණා කොල්ලත් ආසයි ඒ මාංචු දෙකෙන් ටිකක් නිදහස් වෙනවා නම් කියලා.එහෙම අත් එක තැන තියන් කතා කරන්න කොල්ලට බැහැ.කෙල්ලගේ මුණ දැක්කම ඒ තරම් කොල්ලට විසේ.

“කොහොමද ඕවා දාගෙන ඉන්නේ..”

“මේ දාගෙන ඉන්නේ ..මෙන්න මෙහෙම.”කෙල්ල එහෙම අහද්දි කොල්ල දගකාර විදියට අත් දෙක දික් කරලා පෙන්නනවා.ඒත් එ් ඇස්වල තිබේ නිදහස් වෙන්න ආසයි කියලා වගේ හැගීමක්.මොකක්‍කදෝ නිසා කෙල්ලට පවු කියලා හිතුනේ දේව් ගැන.මොනා වුනත් කොල්ලත් යෞවනය පසු කරන අවදියේ හිටපු නිසාත් දේව් මේවගේ තැනක ඉන්න ඕන කෙනෙක් නෙමෙයි කියලා සරුට හිතුනේ.

කවුදෝ ඇතුලට එනවා වගේ ඇහුන නිසා දෙන්නගෙම ඇස් ඒ පැත්තට ගියා.

“සරු ..දුව ඔයාගේ වැඩේ හරිද.දැන් තමයි ටිකක් ඔලුව ඉස්සුවේ..”අතුකෝරල ආවේ එහෙම කියන ගමන්.

ටිකක් දුරට ඉවරයි තාත්තේ ..කොල්ලා පුදුම වෙලා හිටියේ අතුකෝරලට තාත්තා කියලා කතා කරන කෙල්ල නිසා.

“තාත්තා..ඒ කියන්නේ.ඕ…මයි ගෝඩ්..ඔව් කොල්ලා පුදුම වෙලා හිටියේ මෙච්චර කල් මේ හිරගෙදර කොල්ලගේ දුක සැප බලලා ලගින් හිටපු අතුකෝරල දැකලා.අැත්තටම අතුකෝරල බෝගම්බරින් කොල්ලට හම්බුන හොදම තාත්තා..කොල්ලා ගොඩක් ගරු කරපු ආදරේ කරපු චරිතයක් .ඒකයි කොල්ලා තාමත් පුදුම වෙලා පුටුවෙනුත් නැගිටන් ඉන්නේ.

“අහ් ඉලංදාරියා ..මගේ දුවගේ වැඩේට සපෝට් එක ඕන දේව්..”
අතුකෝරල එහෙම කියද්දි කොල්ලා තමන් ලග තියන ලස්සනම හිනාව දාලා අතුකෝරලට දිහාව බැලුවා.

“සර් ඉතිං මං ගැන දන්නවනේ.මං කිව්වේ මගේ ජිවිත කතාවත්..”ඔව් ඉතිං පිටු ගනන් හරි ලියන්න තරම් අතුකෝරල දේව් ගැන දන්නවා.

කොල්ලා දැක්කා සරු මොනාද තාත්තතගේ කනට කරලා කොදුරනවා.කිසිදෙයක් තේරුම් ගන්න බැරිව කොල්ලා පොඩ් එකා වගේ බලන් හිටියේ කුතුහලයෙන්.

*****——මතු සබැදිි——- *****

වැරදි අඩුපාඩු ඇති .කියන්න හොදේ..වැරදි විවේචන එයි පුලුවන් හැම වෙලාවෙම කතාව දානවා සත්තයි.මෙන්ෂන් කරන්න බැහැ ඒ නිසා මගේ වොල් එකෙන් බලන්න.අන්න ඒකට නම් සොලි.

ආදලෙයි😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙 යාලු. 

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *