***—–මාංචු—–***(04 කොටස)

කෙල්ලගේ රහස් කතාව ඉවර වෙද්දිම අතුකෝරල ගියේ ඈතින් හිටපු පොලිස් නිලධාරියා ලගට.පොලිස් නිළධාරියට මොනාදෝ කුටු කුටු ගාලා අතුකෝරල හිනියට කට කොනින් හිනා වුනේ සරු දිහා බලලා.

“දුව එහෙනම් මං අංකල් සිරිවර්ධනට එන්න කියන්නම්.වැඩ ටික ඉවර වෙලා එන්න මගේ කාමරේට.”

“හා තාත්තා..”එතකොටම දෙව් ලගට ආපු පොලිස් නිලධාරියා කොල්ලගේ අතක් අල්ල ගත්තා.සාක්කුවේ තිබ්බ යතුර අරන් මාංචුවල ලොක් එක අරිද්දි සරු ගේ ඒ සුට්ටි හිත මොකක්දෝ දෙයකින් පිරිලා ගියා.තාත්තා ගැන ලොකු ආදරයක් එක්කම ඉතිං.කිසිදෙයක් හිතාගන්න බැරිව දේ්ව් බැලුවේ ඒ ලස්සන දිලිසෙන නිල් තරු වගේ තිබ්බ ඇස් දෙක දිහා.හිනාවකින් තොල්දෙක ලස්සනට නලියන විදිහ දේව් දැක්කේ ඊටත් පස්සේ.අන්න එතකොටයි කොල්ලට තේරුණා සිද්ධියේ අග මුල.ගලවපු මංචු කුට්ටමත් අරන් ආපහු හිටපු තැනට ගිය පොලිස් නිලධාරියා පුටුවට බර වුනා.

කොල්ලා සතුටට අත්වල ඇගිලි පටලන් හිරි අරිනවා.ඇත්තටම මාරම නිදහසක් ඒ දෑත් වලට දැනුනේ.ඒකයි කොල්ල මේ සුට් කෙල්ලට ස්තුතිියි කරේ.කෙල්ල සතුටට හිනාවෙනවා.කෙල්ලත් අත් දෙක මේසේ උඩින් තියාගෙන තව කරුණු ටිකක් දැනගන්න කොල්ලගෙන් මොන මොනාදෝ අහනවා.කෙල්ලගේ නලියන තොල්පෙති දැක්කම කියන්න යන ඒවාත් කොල්ලට මතක නැහැ.ඒකයි සමහර ඒවාට කොල්ලා තබ්බීරි වෙලා වගේ බලන් හිටියේ.එතකොට නම් කෙල්ලත් ලොකු අපහසුතාවයකින් තමයි හිටියේ.මොකද කෙල්ලට ලැජ්ජායි.

“හොදට ඉගෙන ගන්න.”එහෙම කියලා කොල්ලග‍ේ ඒ අත ගියේ කෙල්ලගේ සියුමැලි අතේ පිටි අල්ල උඩට.හිනියට සිතල වෙච්ච කෙල්ලගේ අත දේව්ගේ ඒ සුවිශාල යටි අත්ලට තද වෙද්දි කෙල්ලගේ මුලු ඇගම සිතල වුනා වගේ දැනුනේ.නොසිතු වෙලාවක ඇති වුන ඒ පහසට ලෝභ හිතුනත් කෙල්ල ටක්ගාලා අත අරගෙන උකුලෙන් තියාගත්තා.

“උඔ කලබල වුනා වැඩ් යකෝ..හිටපිය ටිකක් ඉවසලා ගොන් හරකා..”දේව්ගේ හිත එහෙම කෑගැහුවා.කොල්ලා යන්න වගේ නැගිට්ටා.ඒකයි පොලිස් නිලධාරියා ලගට ආවේ.කොල්ලා අත්දෙක දික් කරේ මංචු දාන්න කියන්න.සරු බලන් හිටියේ මාංචු දාන කොල්ලා දිහාව.කෙල්ලගේ හිත කිව්වෙම තව ටිකක් තියාගන්න කියලා.කොහෙද මේ නපුරා ගිහිල්ලත් ඉවරයි කියන්නකෝ.කෙල්ලගේ හිත හිනියට දැවිල්ලක් වගේ ආවේ කොල්ලා ගියපු නිසා.ඒ හිත ලතවුනේ දෙව්ට තව සුට්ටක් ඉන්න කියන්න බැරිවුන එකට.

කෙල්ල එතනින් යද්දිත් කොල්ලා හිටියේ අහක බලන් තරහෙන්.කොල්ලගේ හිත දුකින් තිබුනේ.ඇයි කියන්න දන්නේ නැහැ කිසිම දුකක් ජිවිතේට අදාල කර ගත්ත නැති දේව් මේ කෙල්ල නිසා හිත සුට්ටක් රිද්දවගෙන තිබ්බේ.කල්ප දැක්කා කොල්ලා සෝක මුට් ගහන් ඉන්නවා.ඒකයි හිමීට දේව් ලගට කිට්ටු කරේ.ඒත් ඊට කලින් අනික් යාලුවෝ සැත්ත මැදට පැන්නා.

“ඒ දෙව් මල්ලි මොකෝ මේ..”

“හැපි එකේ ඉන්න එපැයි හු**.”

“ඒ සදවතිය උඔවනේ එළියට ඉල්ලුවේ .”

“ඒකනේ අපේ එකා වාසනාවන්තයා..”

“මල්ලි උඔට ඒකි අයි ලව් යු කිව්වා නේද ..නැ කියන්න එපා…”ඇග තුන හතරට නවන ගමන් හැඩ කරලා කොටුකිතයියා වගේ එකෙක් එහෙම අහද්දි අනික් උන් කෑ ගැහුවේ හරියට අයි ලව් යු කිව්වා වගේ පාටි ඉල්ලලා.

“පල යන්න..උඔලට පිස්සුද හු** ..ඒකී අතුකෝරල සර්ගේ දුව යකුනේ.” හිතේ තිබ්බ මොකක්දෝ දුක වේදනාව දේව් පිට කරේ කොල්ලන්ට කුණු හරප දෙක තුනකුත් කියලා තරහෙන්මයි.කල්පයා බැලුවේ දේව් දිහා .මුට මොන යකා වැහුනද කියලා.

“අඩෝ..ඇත්තටම ඒ කෙල්ල ගැන මුට……න් නැහැ නැහැ .පිත්තතුද හු***. ඒකී මූයි අහසට පොලව වගේ ඉතිං කොහෙමද එහෙම දෙයක් හිතන්නෙවත්.”කල්පයා තමාටම මුමුන ගත්තා.දේව් දැක්කා කල්ප තනියෙන් කියවනවා.

“මොකද ලොකු අයියේ බොට පිස්සු තනියෙන් කියවන්නේ.”

“මේ දෙව් මට අැත්තම කියපන්..මොකද වුනේ..ම්”කොල්ලෝ සෙට් එක එහාට මෙහාට වෙනකල් ඉදලා කල්පයා දෙව් ලගට කිට්ටු කරලා එහෙම අහනවා.එතකොට කොල්ලට උදේ සිද්ධිය මැව්ලා පේනවා.ඒකයි දේව්ට හිනියට හිනාවක් ගියේ.කොල්ලා නපුරු වුනාට ලොකු අයියා කල්පයට නම් පන ඇරලා.ඒ තරම් බොක්කේ ෆට් එක ඌ තමයි කොල්ලට නම්.අකුරක් නෑරම සිද්ධිය කල්පට කියලා දිගු සුසුමක් පිට කරලා කොල්ලා ලය සැහැල්ලු කර ගත්තා.

“අනේ හු**..උඔ මොන රෙද්දකටද අතින් අල්ලුවේ.ඒකී බය වෙන්නේ නැද්ද සද්දන්තයා වගේ එහෙම කරද්දි.”

“යකෝ අයියේ..මං අත විතරයි ඇල්ලුවේ කිස් එකක්වත් දුන්නෙ නැහැ .”

“අනේ ගොනෝ..ඒ ඇති.අත අල්ලලා ඒකී කැමැත්තෙන් හිටිය නම් උඔ කිස් එකකුත් දෙයි.උඹ එහෙමට මිනියනේ මං නොදන්නවයි උඔ ගැන.”

“අනේ පල .උඔ මං ගැන දන්න තරම් තමා ඔය.”කල්පයා ඒක විහිලුවට වගේ කිවිවේ.මොකද දෙව් දැනටමත් කෙල්ලට කැමති කියලා කල්පට ඒ ඇස් වලින් පෙනුනා.ඒකයි කොල්ලව ටිකක් බයිට් එකට ගත්තේ.

“මේ මෙන්න මු…”එච්චරයි කියන්න හම්බුනේ කල්පයාගේ කට වැහුනේ දේව්ගේ ශක්තිමත් දෑතට.

“හුත්*..උඔ මගෙන් මැරුම්කන්නෙපා.”දෙව් එහෙමම තරවටුවක් කරේ කල්පයා සරු ගැන කොල්ලෝ ටිකට කියන්න ගියපු නිසා.කොල්ලව බය කරන්න වගේ එහෙම කිව්වත් කල්පයා එහෙම කරන එකෙක් නෙමෙයි.ඒ දේව් බය වුනේ කොල්ලන්ගේ වාචාල කටවල් ඇවිස්සෙයි කියලා.කිව්වත් වගේ ඔව් යකෝ .කොල්ලෝ ටික ලගට දුවන් ඇවිල්ලත් ඉවරයි.ඒ තරම් සිරකාරයෝ වේගවත් ඒ වගේ ඒවට නම්.

ගෙදර ගියත් කෙල්ලට එක විදිහකට එක ඉරියව්වක් තියන් ඉන්න
බැරි වුනා.බිමට විසිකරපු පබලු ඇට ගොඩක් වගේ ඒ සුටි හිත උඩට වැට්ලා තිබ්බ හැගීම් සමුදායත් විසිරිලා වගේ තිබ්බේ.ඇද උඩ ඉදන් එහෙට මෙහෙට ඇඔරෙනවා ඇරෙනන් කෙල්ල ගෙදරට ආපු වෙලාවේ ඉදන් කරපු දෙයක් නැහැ.

“සරු..මොකද ලමයෝ ඔය.ආපු වෙලේ ඉදන් ඒ ඇදුම පිට්න්ම .කන්නෙත් නැහැ.මොනා වුනාද.”අම්මෙක් තරම් දුවෙක් ගැන දන්නෙ කවුද ඉතින්.ඒකයි අතුකෝරල නෝනට දුවගේ වෙනස තේරුණේ.

අම්මගේ ස්විට් වොයිස් එක කන ලග දෝංකාර දෙද්දි කෙල්ල ටකාරිය් ගාලා ටවල් එකත් අරන් බාත් රුම් එකට පැනගත්තේ මුණ බලලා අම්මා සත්තර කියන්න දන්න නිසා.කෙල්ලගේ මුණේ තියන පෙම් රේඛා දැකලා අම්මා හොරේ අල්ල ගන්නවා කියලා දන්න නිසයි කෙල්ල පැනගත්තේ.

නාගෙන ඇවිත් කෙල්ල උඩ්න් පල්ලෙන් වගේ ටිකක් කෑවා.

“මොකද ළමයෝ..”

“අම්මේ.හිරේ ඉන්න මිනිස්සු පව් නේද..”

“ඔව් දුව.ඇයි එ්කද බඩගින්නේ ඉන්නෙ මගේ කෙල්ල.ඉන්න මං කවන්න.”එහෙමම බත් පිගාන අරන් අම්මා කෙල්ලට කවනවා.ඒ අතින් කවද්දි බඩගිනි නැතත් කන්න ආස හිතෙනවා.අම්මාගේ සෙනෙහසත් බත් එක්කම මිශ්‍ර වෙන නිසාද මංදා කෙල්ලට පුදුම රසක් ආවේ.ඒත් සරුට මතක් වුනේ කොල්ලව.කොල්ලා කිව්වේ අම්මව කොල්ලා දැකලවත් නැහැ කියලා.දේව් ඉපදෙද්දිම කොල්ලව දාලා යන්න තරම් අම්මා හිත හයිය කරන් තිබ්බා.

“අපි කොච්චර අම්මට කියලා ආසාවෙන් කවාගන්නවද.පවු. එයා නපුරු වුනත් අම්මා අතින් කන්න ආස ඇති.”අම්මා දාලා ගියත් දෙව් ට නම් අම්මා ගැන කිසිම තරහක් තිබ්බේ නැහැ.කොල්ලා හිතුවේ තමන්ගේ අවාසනාවන්ත කමට එහෙම වුනා කියලා.ඒක දේව් කෙල්ලට කිව්වා.කෙල්ලට ඒකයි මේ දැන් කන වෙලාවේ ඒක මතක් වුනේ.

කෙල්ල හවස් වෙනකම්ම වැඩ කරා.ප්‍රෝජෙක්ටි එකේ මුල් ටික ලියනවා කියලා වැඩේ පටන් ගත්තේ ආසාවෙන්.ටිකක් ලියලා කෙල්ල ඉන්කොට ඒ අතගියේ කොල්ලගේ විස්තර ලියාගත්ත කොලේට.කොලේ හිමීට ලගට අරන් මුල ඉදන් අගට කියෙව්වා.දන්නෙම නැතුව ඇස් අස්සේ තිබ්බ කදුලක් කොපුල දිගේ ගලන් ඇවිත් කොලේ තිබ්බ අකුරකුත් බොද කරලා නතර වුනා.

අතුකෝරල එනකොට කෙල්ලට සිහිය නැහැ තාත්තා එක්ක කතා කරන්න.ඒකයි කෙල්ල නාගෙන එන තාත්තාගේ බාහුවෙන් අල්ලගෙන කාමරේට ඇදන් ආවේ.කොල්ලා ගැන විස්තර තාත්තා දන්න බව දේව් කිව්ව නිසා කෙල්ලට ඉවසිල්ලක් නැහැ ඉතුරු විස්තර දැනගන්නකම්.මාතෘකාවට එන්ටර් වෙන්න විදිහක් නැතුවයි කෙල්ල ලත වුනේ එතකොටයි.

*****——මතු සබැදිි——– **** 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *