***—–මාංචු—–***(10 කොටස)

සුදෝ සුදු ලස්සන ළමා සරිය ඇදලා නෙලුම් මල් පොකුරක් අත දරාගෙන ගහලා තිබ්බ ෆොටෝ එක දැකලයි දෙව් පුදුම වුනේ.අවුරුදු පහක් හයක් කියන්න පුලුවන් වයසෙයි සරූ කෙල්ල ෆොටෝ එකේ හිටියේ.මේ ඉන්නේ ඒ සුන්දර රුවැත්තිය නේද කියලා කොල්ලා කල්පනා කරා.ඒ හිනාව ඒ විදියටම ලස්සනට සේයාවෙත් ඇදිලා තිබ්බා.

“හරිම පිං පාටයි…”

“ක ..කවුද..”

“අර ෆොටෝ එකේ ඉන්න ලස්සන කෙලි පොඩ්ඩ.”.

සරූ කියලා දැන දැනත් දේව් කිව්වේ වෙන කෙනෙක් අගය කරනවා වගේ.කෙල්ල රෝස කම්බුල් පුම්බගෙන හිනාවෙනවා.ඒත් කොල්ලාගේ ඇස් ඊලගට ගියේ කෙල්ලව වැලදගෙන ඉන්න කාන්තාවගේ ටිකක් විතර බොදවුන සේයා රූපේ දිහාවට.

“මේ කවුද සරූ…”

මොකක්දෝ හුරු බවක් දැනුන නිසා කොල්ලා අහනවා.ඒ අත හෙමිහිට සේයාව ලගට යද්දි නැවතුනේ ඒ තරුණ කාන්තාව ලග නිසාද මංදා කොල්ලට ඒ හුරු බව දැනුනේ.

“ඒ ගොඩක් ඉස්සර අපේ ගෙදර වැඩට හිටපු ගැනු ලමයා..සරූව පොඩ්කාලේ බලා ගත්තේ එයා තමයි පුතා”

කොහේදෝ ඉදන් ආපු අතුකොරල එහෙම කියද්දි සරූටත් ලාවට මතකෙට ආවා.ඒකයි කෙල්ල අතීතයට ගියේ.ගොඩක් ආදරේ කරපු ඒ චරිතේ කෙල්ලට දැන් මතකයි.

“මට දැකලා හුරුයි වගේ දැනෙන්නේ ඇයි..ඒත් කවුද මේ.ඇයි මෙච්චර හුරුපුරුදු බවක්…”

කොල්ලා සේයාවේ හිටිය තරුණ කෙනාගේ ඇස් දෙක දිහා බලන් එහෙම හිතුවත් කාටවත් කියන්න ගියේ නැහැ.

“ඇයි පුතා දන්නවාද…”

දේව් ඒක දිහා ඕනවටත් වැඩ්යෙන් බලන් ඉන්නවා දැක්ක නිසා අතුකෝරල අහනවා.

“න්..නැහැ සර්”

“පුතා ඔය සර් කෑලි එපා.දැන් පුතා අපිට ආගන්තුක නැහැනේ..අනික සර් කියන එක ගැලපෙන්නේ හිරගෙදරට.මෙහෙ බැහැ.හරිද පුතා”

“හා සර්..”

“ඔය ආයෙත්”

“ෂිට්.. මට එකපාරටම කියවුනානේ..”

ඔව් කොල්ලට ඒක නවත්ත ගන්න අමාරුයි.අවුරුදු ගානක් කියපු වචනයක්නේ.ඒ වචනේ අස්සේ තිබ්බේ අතුකෝරලට තිබ්බ සෙනෙහස,ගෞරවය කිව්වොත් හරි.ඉතිං ඒක වෙනස් කරගන්න කොල්ලට අමාරුයි ටිකක්.සර් කියන එක වෙනස් කර ගන්න බැරුව දගලපු කොල්ලගේ දිහා බලාගෙන සරූ හිනාවුනේ අතින් කටත් වහගෙන.දේව් දැක්ක ඒ සොදුරු හිනාව.පිරිමියෙක්ගේ හිත හිරිවට්ටන්න එ් හිනාවට පුලුවන් වුනා.ඒ තරම් හැගීම්බරයි.සුන්දරයි.

චුට්ටක් නපුරුවෙලා කොල්ල හෙලපු බැල්මට චුටි කෙල්ල බය වුනා.හිනාවෙලා අහුවෙන්න එපා වගේ තර්ජනයක් ඒ ඇස්වල තිබ්බේ.ඒකයි කෙල්ල හිනාව නැවත්තලා බිම බලාගත්තේ.

“අනේ හරකෝ උබේ ඔය ගොන් පාට්වලට බලපන් කෙල්ලත් බයවෙලා.ලස්සන හිනාවත් කෑවා තෝ”දේව්ගේ යටි හිත එහෙම කෑ ගහද්දි කොල්ලා ලතවුනේ ඒ හිනාව බලා ගන්න බැරිවයි.

අතුකෝරල නෝනා හදලා දිපු රසවත් දිවා භොජනයත් රසවිදලා අතුකෝරල ගෙනත් දුන්න අයිස් ක්‍රිම් කන්දත් කාලායි කොල්ලා කෑම මේසෙන් නැගිට්ටේ.කෙල්ල බත් කනවා නම් දැක්කේ නැහැ.ඒත් පෙරේති වගේ අයිස්ක්‍රිම් කොප්පයක් තොල ගානවා නම් කොල්ලා දැක්කා.රසවත් බවින් ඇස් කරකවන ගමන් තොල් පෙති නටවලා අයිස්ක්‍රිම් එක කන කෙල්ලව දැක්කත් බඩ පිරෙනවා.

“දෙයියෝ සාක්කි..ඔහොම කෑවොත් නම් හෙට බෙහෙත් බොන්න වෙන්නේ බබා.”

කෙල්ල හිනාවෙනවා.හරියට ලෙඩ ගනන් ගන්නේ නැහැ වගේ.එතකොටයි අතුකෝරල නෝනා ඈත එනවා දැක්කේ.

“මේ ලමයා බලන්නකෝ පුතා.අයිස්ක්‍රිම් කිව්වොත් බත් පිගාන පැත්‍තවත් බලන්නේ නැහැ.”

“පවු ඉතිං කෙල්ලගේ ආසාවනේ..”කොල්ලට එහෙමයි හිතුනේ .ඒකයි අතුකොරල නෝනට දිහා බලලා කොල්ලා හිනාවුනේ.

කොල්ලා අපු නවතම මාදිලියේ් හොනට් එකේම නැගලා යද්දි කට්ටියම කොල්ලට සමුදුන්නේ කොල්ලගේ ගෙදරත් එන්න පොරොන්දු පිටමයි.යන්න මොහොතකට කලිනුත් දේව් බැලුවේ ඒ ලස්සන ඇස් දිහව.කෙල්ල දැක්කා ඒ ඇස් දිලිසෙනවා.ඒකයි හොරෙන්ම දේව්ගේ ඇස්දිහාව බැලුවේ.

***************************

පහුවදා ඉරිදා දිනයක් නිසා අතුකෝරල පවුලේ සාමාජිකයින්ට නිවාඩු දිනයක් වුනා.ඒකයි අතුකෝරල පවුලම දේව්ගේ ගෙදර යන්න සුදානම් වුනේ.දෙව් උදෙත් කෝල් කරලා අතුකෝරලට එන්න කියලා පණිවිඩෙත් දිපු නිසායි කට්ටිය මේ යන්නේ.

නුවර ලක්ෂරි පන්නයට අති නවීන ලෙස සාදා නිමවා තිබු දෙමහල් නිවසක් ලග කා එක නතර කරද්දි අතුකෝරල කෝල් එකක් ගත්තේ දේව්ට.දේව් ෆෝන් එකත් කනේ ගහගෙනයි ඒ සුවිශාල ගේට්ටුව ඉදිරිපිට හිටගත්තේ.රිමෝඩ් එක ඔබලා ගේට්ටුව විවර කරද්දි අතුකෝරලා රැගත් වාහනය මිදුලට හරවලා පාක් කරලයි නැවත්තුවේ.හෙමීට බිමට අඩ්තියලා කා එකෙන් බහින යුවතිය දැකලා දේව් හිටියේ ගල් වෙලා වගේ.දෙන්නගෙම ඇස් දෙක එකට ගැටුනා.කෙල්ලගේ ඇස් මොනවද කියන්න යනවා කියලයි දේව්ට හිතුනේම.

“හද කලබා ගිය ඇසිල්ලේන් ඔබ කුමක්දෝ මේ කියන්නේ.”

කොල්ලා එහෙම මුමුනම්න් ඒ ඇස් කියන්න යන දේ හෙව්වා.

ඒ දෑසින් මිදිලා උදාවු වසන්තේට ආසාවෙන් කෑ ගහන කොවුලන්ගේ හඩට කෙල්ල වටපිට බැලුවේ විශාල මිදුල දිහා.ඒ මල් එක්ක බලද්දි නුවරඑළිය පේරාදෙණිය මල්වත්තට ආවා වගේ හැගිමකින් කෙල්ලගේ සුදු මුණ ආසවෙන් පිරිලා ගියා.කොල්ලා දැක්කා මල් දැකලා පුදුමෙන් විසල් වුන ඒ ඇස්දෙක.

“හලෝ පුතා..මාරම ලස්සන ගෙයක්නේ..”

“තාත්තගේ උත්සාහයේ ප්‍රතිඵල තමා මේ.තාත්තාගේ හොටෙල් එකත් එහෙමයි..”

දේව් එහෙම කියලා චුට්ටක් අවුල් ගැහුවේ තාත්තා සමරදිවාකරව මතක් වෙලා.නොගැලපෙන ආදරයත් විවාහයත් නිසා සමරදිවාකරව දාලා ගිය අම්මා නිසායි අද මේ වගේ දියුණුවක් දක්වා සමරදිවාකර දේව්ට මං මාවත් හදලා දුන්නේ.

තාත්තා සමරදිවාකර කොල්ලා වෙනුවෙන් මේ හැමදේම කරේ දවසක කොල්ලා රජෙක් වගේ ජිවත්වෙනවා දකින්නයි.අද ඒ බලාපොරොත්තු ඇස් පනාපිටම දිස් වුනත් ඒ ලස්සන දකින්න සමරදිවාකරගේ ඇස්වලට පිං මදිවුනා.

“පුතා යමුකෝ අපි..”

කොල්ලා අවුලෙන් කියලා දැනුන නිසා අතුකෝරල කොල්ලගේ කර වටේ අතදාගෙන ගේ ඇතුලට අරන් ගියා.සරූ වත්ත වටේ ඇවිදිනවා.කට්ටිය ඇතුලට යනවා දැකලා කෙල්ලත් පස්සෙන් දුවගෙන ගියා..

“ෂා..ලස්සන “

එච්චරයි කියන්න හම්බුනේ දේව්ගේ ශක්තිමත් දෑතට ඒ චුටි මුව වැහෙද්දි කෙල්ලගේ ලස්සන ඇස් විතරක් ලොකු වෙලා ඒ අත උඩින් ලස්සනට පෙනුනා.

“ඇස්වහ වදී කෙල්ලේ..ඔහොම හුල්ලන්න එපා.”

අත පැත්තකට අරන් දේව් හිනාවෙනවා.අතුකෝරල යුවල ඒ සුවිසල් නිවසේ උඩ මහලට ගියේ සිරි නරඔන්න.කෙල්ලත් උඩට යන්න දිව්වේ ඒ ඇස්වලට මුණ දෙන්න බයේ.කෙල්ල දේව්ගේ පහසට මොනාදෝ වෙලයි හිටියේ.ඒකයි ඒ ආදරය කොල්ලට පෙන්නේ නැතිවෙන්න සරූ දුවන්න හැදුවේ.

දුවන්න හදපු කෙල්ල ඇදිලා වගේ ඇවිත් කොල්ලගේ පපුවට හිරවුනා.හදවතේ ඉතිරි පලුවත් සෙට් වුනා වගේ හදවත් එකට යාවෙද්දි කෙල්ල ලැජ්ජාවෙන් ඇඔරුනා.

“ආදරේ හංගන්න එපා.ඇස්දෙක මට හැමදේම කිව්වා.”

ඇත්ත ඉතිං. කෙල්ල මහගොඩක් ආදරෙයි.ඒත් මොකක්දෝ හේතුවකට සරූ ඒ ආදරේ හංගන්න හැදුවා.දේව් ඒ ඇස් කියෙව්වා.ඒකයි දේව් කෙල්ලව බිත්තියට තියලා තදකරගත්තේ.කොපුලක් දිගේ සීතල අතැගිලි යවද්දි කෙල්ලගේ හිතම සීතල වුනා.ලස්සනට මුණට වැටිලා තිබ්බ කෙස් රොද අතැගිලි වලින් අල්ලගෙන මොහොතක් ඒ ගැහෙන ඇස් දිහා ආදරෙන් දේව් බලන් හිටියා.

අතපයවත් දිග ඇරගන්න බැරිවයි කෙල්ල ලතවුනේ.කෙස් රොද කන අස්සේ රදවලා කොල්ලගේ අතැගිලි හෙමීට ලා රෝස තොල්පෙති අතර නතර වෙද්දි කෙල්ලගේ මුලු ශරීරයම හිලිපොලා ගියා.තෙත් බවින් පිරිපුන් ඒ තොල්පෙති උණුසුම් වෙන්නට ආසාවෙන් දගලනවා වගෙයි දෙව් දැක්කේ.ඒකයි ඒ සුන්දර ගෑනුකම ලග දගකාර කොල්ලගේ හැගිම් ඇවිස්සුනේ.

***——-මතු සබැදිි——–***

යාලුවෝ කියන අඩුපාඩු එක්ක ඉස්සරහට ලියන්න තීරණය කොලා.අඩුපාඩු කියලා දුන්න යාලුවන්ට වගේම කතාව කියවන යාලුවන්ටත් තැන්කු .කතාව බෝරින් වගේ නම් කියන්න වෙනස් කරමු.හාද

ආදලෙයි😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙 යාලු 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *