***—–මාංචු—–***(12 කොටස)

“මචං සමියා උඔ ..”

“අප්පා..මං වැරදි වෙලාවකද මංදා ආවේ දේව්.”

“මෙහෙ වර යකෝ..උඔ හිතන තරම් දෙයක් නැහැ.”

“අඩේ ..කවුද දේව් මේ කෑල්ල.”

සමිත ඇහුවේ කොල්ලා ලගටම කිට්ටු කරලා කොදුරලා වගේ ඒකයි ටිකක් කොල්ලා පිටිපස්සෙන් හිටපු චුට් කෙල්ල පුදුම වෙලා වගේ බලන් හිටියේ.

“යකෝ ..අදුරන නංගි කෙනෙක් බං.”

කොල්ලත් කොදුරලම උත්තර දුන්නේ සමිතයාගේ කනට ලං කරලයි.මොකද උගේ කට ඇවිස්සුනොත් බෙංගාල බොක්ක කැලඔුනටත් එහා කියලා කොල්ලා අත්දෑකීමෙන් දන්න නිසා.සමිත කල්පනා කරේ “මුට කොහෙන් හම්බුන නංගියෙක්ද යකෝ මේ” කියලා.

සමිතව කොල්ලට හම්බුනේ හොටෙල් එකේ කොල්ලාගේ තාත්තාගේ හොදම යාලුවගේ පුතා නිසා.දෙන්න ගජ යාලුවෝ.ඊටම හොද සහෝදරයෝ.
කොල්ලව නඩුවෙන් නිදහස් කරගන්නත් සමිතයා ෆුල් සප් එක දුන්නේ බොක්කෙන්මයි.

ඒ කොහොම වෙතත් නෝන්ඩි කිරිම් වලදි නම් සමිත ලිස්ට් එකේ අංක එකෙන්ම දේව්ට හිටිය යාලුවෙක්.සමිතගේ කටත් ඒකටම හරියන්න තිබ්බා ඉතිං.කොල්ලාගේ තාත්තා වගේම හොටෙල් එක වෙනුවෙනුත් සමිත කැප වෙලා වැඩ ටික කරා.කොල්ලා එච්.ආර් මැනේජර් විදියට “දුහුල් සේයා අරණ “දැවැන්ත හෝටලේ වැඩ භාරගෙන කරන් ගියේ ආසාවෙන්.සේවයට කැප වෙච්ච සමිත ඒකයි මේ දැනුත් ෆයිල් තොගයක් බදාගෙන දේව් ගෙන් අත්සන් ගන්න දුවගෙන ආවේ.

“අඩේ මචං ඉක්මනට මේ ටිකේ සයින් ටික ගහලා ඕන..”

“හා උඔ ඒ පාර හොටෙල් එකේ වැඩත් මෙහෙට උස්සන් එන්න ගත්තද..”

“අනේ බං එහෙම කියන්න එපා යකො..”

දේව් කෙල්ලවත් අඩගහගෙන සමිත එක්ක ඔෆිස් කාමරේට ගියා.සමිතගේ ඇස් තිබ්බේ ලස්සන සදවතියක් වගේ හිටපු කෙල්ල දිහාට.දේව් දැක්කා සමිත පැණි හලනවා.ඒකයි දේව් සමිතට තරවටු බැල්මක් හෙලුවේ.හරියට නිකන් “ඒකි මගේ යකෝ” කියන්න වගේ.හැබැයි කෙල්ලට හොරෙන් තමා සේරම සිද්ධ වුනේ.

කෙල්ල ලැජ්ජාවට බිම බලන් ඉද්දි කොල්ලා ලගට අඩගහගත්තා.දේව් ආසයි තමන් කරන වැඩ දිහා කෙල්ල බලන් ඉන්නවට.හරියට නිකන් “මේවත් ඉගන ගන්න ඉස්සරහට ඕන වෙයි “කියන්න වගේ කොල්ලා ඒ ඇස් දිහා බලලා කියනවා.

සදෙව් කියලා ද අකුර පල්ලෙහාට ඇදලා ලොකුවට දේව් කියන එක ඉස්මතු කරලා ලස්සනට කොල්ලා සයින් කරනවා. බලන් ඉන්න ආසයි.හරියට නිකන් ලොකු බිස්නස් මන් කෙනෙක් වගේ එහෙම කරද්දි කොල්ලට මාරම ලස්සන වැදගත් පාටක් ගෙනාවේ.හිරේ විලංගුවේ වැටිලා හිටියදවත් කියන්න බැරි තරම් කොල්ලා වෙනස්.දේව් දැන් ඒකට හුරුවෙලා වගේ.

“අනේ මචං මං යනවා එහෙනම්.”

“ඒ හිටපං මොනාහරි බොමු..”

“තැන්ක්ස් බං.යන්න ඕන. කා එක පාර අයිනේ හෙට මීට් වෙමු.බායි මචං .බායි නංගි.

එහෙම කියාගෙනම සමිත කඩියා කෑවා වගේ දිව්වා.දෙන්නම බලන් හිටියේ ෆයිල් ටිකත් උස්සන් හැල්මේ දුවන සමිතයා දිහා.
සමිත ගියාට පස්සේ දෙන්නම ඔෆිස් රෑම් එකේ තනි වුනා.

“කැමති නැද්ද බිස්නස් පැත්තට..”

කොල්ලා කැරකෙන පුටුවෙන් කෙල්ල ලගට ගියේ කැරකිලා එහෙමත් කියාගෙන.කෙල්ලගේ ලගටම අැවිත් කොල්ලා එහෙම අහද්දි කෙල්ලට ලජ්ජයිත් එක්ක.ඒත් කෙල්ලට ආසයි දේව්ගේ ලගින් එන සුවද දැනෙද්දි.

“මං ආසයි ගොඩක්..ඒකනේ කොමස් කරෙත්.”

කෙල්ල ඇස් නටවලා වගේ එහෙම කියද්දි ඒ සුදු මූණ ආසාවෙන් පිරෙනවා දේව් දැක්කා.සරූ ආසයි දේව් එක්ක එකතු වෙලා වැඩ කරන්න.කොල්ලා ඒ තරම් පිළිවෙලට වැඩ කරනවා ඉතිං.ඒත් සරූ කැමති බවක් ඇගෙවුවේ නැහැ.අගවන්න තරම් කෙල්ලට ඒක තේරුන්නේ නැහැ.කෙල්ල ඒකයි බිස්නස් වලට විතරයි ආස කියලා නතර කරගත්තේ.

“කැමති නැද්ද හොටෙල් ෆීල්ඩ් එකට..”

“ආසයි..”

“ආසයි බයයිද..”

ඇත්ත ඉතිං කෙල්ලට බය නම් තිබ්බා.ස්කූල් එකෙන් අවුට් වුන ගමන් ජොබ් එකක් නොකරපු කෙල්ලට ඒක අලුත්ම අත්දෑකීමක්නේ.ඒකයි කෙල්ල බිම ටයිල් එකේ කෝලම් රටා අැන්දේ.

“බය වෙන්න එපා කෙල්ලේ.කාලයත් එක්ක ඒකට හුරු වෙනවා.”

කෙල්ල එ් මූණ දිහා හොරෙන් වගේ බලනවා.කොල්ලා ආදරෙන් ඒ ඇස් දිහා බලන් කෙල්ලව සනසනවා.කෙල්ලට ඒ බැල්ම දරාගන්න අමාරුයි.මොකද ඒ ගෑනු හිත කොල්ලගේ ඇස් ලග මොකක්දෝ වෙනවා.

තාත්තා එද්දි දෙන්නම ලිවින් එකේ ටිවී බලන ගමන් හිටියේ.පස්සේ තාත්තා එක්කම කට්ටිය බීම බිව්වා.කොල්ලා අලුතින් වැඩට ගත්ත නෝන අම්මා ගෙනත් දීපු බීම එකනම් රසටම තිබ්බා.කෙල්ල මැනන්ස් පවා අමතක කරලයි බීම වීදුරුව හිස් කරේ.ඒකයි කෙල්ල එක උගුරට බීම ටික බීලා තොල් දෙකත් හකුලන් රස මතක් කරන්නේ.ඒ තරමට ඒක රසයි ඉතිං.

කොල්ලා බලං හිටියේ ඒ ලස්සන තොල් පෙති දිහාව.බීම එක මුලින්ම බීපු නිසාද මංදා කෙල්ල කිචන් එකට ගියේ නෝන අම්මට බීම වීදුරුව දෙන්න.කෙල්ල යද්දි නෝනා අම්මා දවල්ට කන්න උයනවා.

අතුකොරලට වැඩ නිසා දවල්ට කන්නෙත් නැතුවමයි දෙන්නා යන්න ගියේ.කොල්ලා දවල් කෑමට ඉන්නත් කිව්වා.ඒත් වැඩක් තිබ්බ නිසා අතුකොරලට යන්න වුනා.ඉතිං සරූ ටත් දේව්ගෙන් සමු ගන්න වුනා.කෙල්ලට නම් යන්න ආසාවක් තිබ්බෙම නැහැ.ඇයි කියන්න දන්නේ නැහැ කෙල්ලට දේව් එක්ක ඉන්න ලෝභ කමේ හිටියේ.ඒත් කෙල්ල ඒ ඇස් මග ඇරලා කා එකට නැගලා යන්න ගියේ දේව්ට පාලුවක් ඉතුරු කරලා.

*****************************

පහුවදා කෙල්ලට තාත්තා ඉන්ටර්වීව් එකකට ලැස්ති වෙන්න කියද්දි කෙල්ල ටිකක් බය වෙලා හිටියේ.කෙල්ලට මතක් වුනේ දේව් ව.

“අපරාදේ මට එයාට කියලා එයාගේ හොටෙල් එකේ ජොබ් එකකට අැප්ලයි කරන්න තිබ්බේ.අනේ මට නම් බෑ මේ නොදන්න තැනක ජොබ් එකකට යන්න.අයියෝ “

කෙල්ල පසු තැවුනේ එහෙම හිතමින්.ඒත් තාත්තා වැරදි දෙයකට කෙල්ලව යොමු කරන්නේ නැති විත්තිය කෙල්ල දැනන් හිටියා.දනහිසට වඩා ටිකක් උස කලු ඔෆිස් ස්කර්ට් එකට කෙල්ල ලස්සන ලා දම් පාට සිලික් බෙල්ල ලගින් පටියක් ගැට ගහපු බ්ලවුස් එක අඅදලයි හිටියේ.ඒක සරූට පුදුමම ලස්සක් ගෙනත් දුන්නේ .ඒ වගේම දාලා තිබ්බ අඩි උස සෙරප්පු ජෝඩුවත් ඒකටම කියාපුම එක වුනා.ඇත්ත ඉතිං කෙල්ලෙක්ට ආකර්ෂණීය බැල්මක් දෙන්න නම් ලස්සන සෙරප්පු ගොඩාක් උදවු වෙනවා.ලස්සන ඔෆිස් නෝනා කෙනෙක් වගේ කෙල්ල එනකොට අම්මාට වගේම තාත්තටත් ආඩම්බර හිතුනේ සුදු දෝණි ගැන.දහ දුක් විදලා මේ තත්වෙට නොගෙනාවත් ගුණ ධර්ම ,
ගැහැණුකම,වගේම හොද සමාජ ධර්ම උගන්වලා කෙල්ලව මේ ඉන්න තැනට ගෙනාපු නිසාත්, කෙල්ල අද ඉන්න විදිය දැක්කමත් දෙන්නටම සරූ ගැන ආඩම්බර වීම පුදුමයක් නෙමෙයි ඉතිං.

“අනේ දෝණි ලස්සනයි..”

අම්මා ලෝභ නැතුවම වර්ණනා කරලා.කෙල්ලව බදා ගත්තේ හිතේ උපන් අසීමිත මව් සෙනෙහස දෝරේ ගලද්දි.අම්මා කෙනෙක් කියන්නේ කවදත් ලොභ නැතුව දරුවන් වර්ණනා කරන්න පුලුවන් කෙනෙක්ලුනේ.ඒකමයි කෙල්ල මොහොතක් ඒ ආදරේට නතු වුනේ.

අතුකොරලට කෙල්ල ගැන ලොකු ආදරයක් දැනෙද්දි එහෙමම අතුකොරල කෙල්ලට අඩගැහුවේ පරක්කු වෙන නිසා.තාත්තලා එහෙමයි ආදරේ හංගගෙන ඉන්න පුදුම දස්සයෝනේ.මේ දැනුත් ඒකයි වුනේ.බදාගෙන අම්මා වගේ සිප වැලද නොගත්තත් අතුකොරල කෙල්ලගේ කර වටේ අත යවලයි කෙල්ලව එක්ක ගියේ.

නුවරම තිබ්බ ලොකු කම්පැණියක් ලග කා එක නතර කරලා තාත්තයි දුවයි ගියේ ඉන්ටර්වීව් එක තියන කාමරේ ඇතුලට යන්න.අතුකොරලට නම් මේ තැන නුපුරුදු වුනේ නැහැ.කෙල්ල යනකොටත් කට්ටියක් ඉන්ටවීව් කරලා.තමන්ගේ වාරේ එනකම් කියලා කෙල්ල සහතික ෆයිල් ටිකත් තුරුලු කරන් බලන් හිටියේ චකිතයකුත් පෙරදැරිවයි.එතකොටම අතුකොරලගේ ෆෝන් එක නාද වුනා.

“අහ් ඔව් පුතා කියන්න.ඔව් ඔව්…”

එච්චරයි කෙල්ලට ඇහුනේ තාත්තා එතනින් නැගිටලා එලියට ගිහින් කෝල් එකේ ඉතිරි ටික කතා කරේ.එතන ඩිස්ටර්බ් වෙන නිසා ද මංදා අතුකොරල එලියට ගියත් කෙල්ලට හිතුනෙම කතා කරේ දේව් කියලා.

කෙල්ලගේ වාරේ ආපු නිසා කෙල්ල එහෙමම ඇතුලට ගියා.

*****—-මතු සබැඳී—– *****

කතාව දාන්න පරක්කු වුනා ඉතිම්.මේ දවස් ටිකේ ලොකු වැඩක හිටියේ.වැඩ එක්ක හිතට අදහස් එනවා අඩුයි.හිත සුට්ටි නිසාද මංදා ලිියන්න අදහස් ආවේ නැහැ.කනගාටුයි ඒ නිසා.කොහොම හරි මෙන්න දැම්මා.කතාව නම් කැත ඇති.ඒකට සොලි.අඩුපාඩු කියන්න.මං ආසයි ඒවා කියනවට.කතාව ලියන්න දිරි ගන්වන යාලුවන්ට හදපිරි ස්තුතිය පුද කරමි.අනික් කතාව හෙට දාන්නම්.

ආදලෙයි😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙යාලු 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *